(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ.
පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර ඇත.
කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මිය වේ.
තුෂාරා විලියම්ස් මහත්මිය කොළඹදී උපත ලබා ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇත. තුෂාරා විලියම්ස් මහත්මිය 1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර තිබේ.තුෂාරා මහත්මිය 2001 වසරේදී කැනේඩියානු සිවිල් සේවයට බැඳී ඇති අතර ඇය සමාජ, ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් බහුල කාන්තාවකි.
තුෂාරා මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට පෙර තනතුරු ගණනාවක් හොබවා ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක් දියණිකයට කැනඩා රජයේ ලොකු පුටුවක්
පිටිගල මිලානෝ Wednesday, 28 June 2023 12:26 PM
අරගල සමයේ ඔබ ගෝල්ෆේස් පිටියේ කළ වැදගත් කතා අප ඇසුවෙමු. ලංකාව ගැන ඔබට ඇති උනන්දුව බොහෝ අයට නැත. යහපත් පාලනයක් සඳහා බැදි අත්වැල අතනොහරිමු...
nimalWednesday, 28 June 2023 05:04 PM
කැනඩාව සුදුස්සාට සුදුසු තැන ලබාදෙන, දක්ෂයින්ට අවස්ථාව ලබාදෙන රටක්, ජාති බේද, ආගම්බේද, කුලබේද, දේශපාලන ගේම් නැති රටක්... ඉතින් රට දියුණු වෙනවා හැමෝම වැඩකරනවා. ලංකාවේ පාර්ලිමේන්තුවේ දේශපාලකයින්ගේ දරුවෝ 160 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් කැනඩාවේ ඉන්නවා. ලංකාවේ මිනිස්සු රැවටිලා තට්ටු මාරු ක්‍රමයට පක්ෂ විපක්ෂ මාරු කරමින් රටේ දියුණුවක් බලාගෙන ඉන්නවා...
ලංකාපුත්‍ර Thursday, 29 June 2023 07:49 AM
ඒකනම් සහතික ඇත්ත දැන් සමහරක් ඈයො කියනවා අරුන්ට දුන්නා මුන්ට දුන්නා දෙගොල්ලම රට කෑවා ඒ නිසා මෙවර මාලිමාව දිනවීමේ වැඩ කරනවා කියලා කාලයක් ඔවුනුත් ඇමතියෝ වෙලා කරපු කිසිම වැඩක් නැහැ ඒනිසා උනටත් බැරි වුනොත් මොකද කරන්නෙ ඇහුවම උත්තර දෙන්නෙ නැහැ ඕක තමයි තත්වය ලංකාවෙ ඡන්දදායකයන් මැතිවරණ වෙලාවෙ බලන්නෙ රට ගැන නොවෙයි එවෙලෙට ලැබෙන ප්‍රශාද දීමනා ගැන විතරයි ඊර්ෂ්‍යාව හා ක්‍රෝධයෙන් පිරුණු ලංකාවෙ මිනිස්සු කිසිදාක දියුණුවට පත්වෙන්නේ කොහොමද ඒකනේ ආදායම් කොපමණ තිබුනත් ඒවා වසාගෙන සමුර්ධි නැත්නම් ඇස්වැසීම හෙවත් අස්වැසුම ඉල්ලා තැන තැන උද්ඝෝෂණ කරන්නෙ .මේවාට සම්පූර්ණයෙන්ම 1952 හර්තාලය මෙහෙයවූ දේශපාලුවො වගකියන්න ඕන මොකද උන්දැල තමයි අතපය හකුලාගෙන සිටීමටත් එහෙම එවුන්ට කන්ට අදින්නා පිටරටිනෙන (පිට රටින් එනතුරු ) තුරු මුහුදට දත නියවීමට උනන්දු කලේ.
සුපුන් Wednesday, 28 June 2023 12:28 PM
අද සිට කැනඩාවේ ඔය අමාත්‍යාංශයට වැඩක් කරගන්න එන කෙනාට ජරාව කීයක්වත් නොදී වැඩක් කරගන්න වෙන්නේ නෑ. අද ඉඳන් පටන් ගන්නවා 10% කොමිස් එක...!
LkaWednesday, 28 June 2023 03:01 PM
ඔයාගේ වයස කීයද? ඔයාගේ අධ්‍යාපන මට්ටම කොහොමද?
Prabha Wednesday, 28 June 2023 07:42 PM
මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා...
Bamunuarachchi Wednesday, 28 June 2023 08:03 PM
මෙන්න ඉරිසියාකාරයෙකුගේ කුහක අදහසක්. මොවුන් ඉන්න රටටත් ඇසුරු කරන අයටත් ශාපයක්....
Malith Atapattu Thursday, 29 June 2023 07:50 PM
ගොනෙක් වුණාට තප්පුලන්න එපා... ලංකාවේ හැමෝම ජරා පප්පලා නොවේ. ජාතියක්, ජම්මයක් නැති අය එහෙම හිතුවාට...
kamal Wednesday, 28 June 2023 01:44 PM
ඔලුවෙන් හිටගෙන කිව්වත් මේගොල්ලන් එහේ දෙවැනි පන්තියේ පුරවැසියෝ. අපි එහෙමද? මේ සුරබිමේ අපිට වැඩිය ඉහළින් කපුටෙක්වත් පියාඹන්නේ නැහැ.
Bamunuarachchi Thursday, 29 June 2023 10:11 PM
මෙන්න තවත් ඊර්ශාකාර හීනමාන කාරයෙක්, කුහකයෙක්. කැනඩාවේ ඉන්නේ සියළුමදෙනා, අගමැති ඇතුළුව, දෙවැනි පුරවැසියෝ මුල් පුරවැසියෝ හොයා ගන්න නැහැ. ඒ නිසා රටේ සියළුම දෙනා දැන් ඉබේම ප්‍රධාන පුරවැසියෝ වෙලා. ඔහේගේ වයස කීයද? ලංකාවේ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙලා, රටේ කතෝලික බලවේගය බලවත් වෙලා තිබුන කාලේ, සුළු ජාතිකයින් රටේ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙලා හිටිය කාලේ අපි තමුසෙලා රටේ දෙවැනි පුරවැසියෝ හලෝ. ඔයාලාගේ ඔළුවලට උඩින් කපුටෝ යනවා විතරක් නොවෙයි හලෝ... ඔහෙලාගේ ඔලුවලට වර්ස්ච කරලා ඇති. ලංකාවේ සිංහලයෙක් ලෝකේ තැනකට පත් වුණොත් ඒ ගැන සතුටු වෙනවා.
sukitha Wednesday, 28 June 2023 02:46 PM
පිටරටක යම්කිසි තැනකට ලංකාවේ කෙනෙක් ආවාම ඒ ගැන උදම් අනන එක අප්‍රිය ජනකයි...
කිරිපුතා Wednesday, 28 June 2023 03:11 PM
රට දාලා ගිය අය. තමන්ගේ මව්බිම ලංකාව කියලාවත් දන්නේ නැතිව ඇති. මෙහෙ පත්තරේ දාගෙන නටනවා. ඕනෑ නම් එයා කොටින්ට කඩේ යයි. එච්චරයි!
සත්‍ය ගවේෂී.Wednesday, 28 June 2023 10:18 PM
කිරිපුතාගේ නමේ වෙනසකටත් එක්ක ' ක ' යන්නට වෙන කොටසක් ඇමිණීම තමා සුදුසු කියන කැත කතා වලට.
සුජිත් පල්ලේවත්ත Wednesday, 28 June 2023 03:18 PM
ජන සංහාරයක් කළා යයි අපිට චෝදනා නැගූ ටෲඩෝගේ රජයේ ඇමැතිකමක් ලබාගත් ලක් දියණිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළ දවසට මාද ඔබ ගැන ආඩම්බර වෙමි...
Bandula Wednesday, 28 June 2023 03:29 PM
නමට විතරක් ලංකාවේ කෙනෙක්ට මොනවා හරි ලැබුණාම ඇයි අපේ රටේ අය මේ තරම් පම්පෝරි ගහන්නේ...?
නිහාල් Wednesday, 28 June 2023 03:31 PM
අපිට ආඩම්බර වෙන්න දෙයක් නැති වුණාම වෙන කෙනෙක්ගෙ දෙයක් හරි අපේ කරගෙන ආඩම්බර වෙන තැනට පහළට වැටිලා...
Samitha Senaka Aluthgamage. Wednesday, 28 June 2023 05:52 PM
තම තමන්ගේ නැණ නුවණ ඇති හැටියට හා තම තමන්ගේ විශ්වාසයේත් හැටියට කවුරුන් මොනවා කිව්වත් මෙතුමියට තම උගත්කමේ හැටියට තමයි මේ තනතුර ලැබී ඇත්තේ. මේ රටේ එහෙම ලැබේවිද? මෙන්න කියලා ලැබෙයි.. මාලකඩපු අයට, අටපාස් කසිප්පු කාරයින්ට වගේ අයට තමයි මේ රටේ ප්‍රමුඛත්වය දෙන්නේ... කොපමණ සුදුසුකම් තිබුණත් දේශපාලන හිතවත්කමට තමයි මේ රටේ මේ වගේ තනතුරු දෙන්නේ. එහෙව් එකේ අපේ රටේ සම්භවයක් ඇති කෙනෙකුට මේ තනතුර ලැබීම අපට කළ ගෞරවයක් නොවේද? විශේෂයෙන්ම උගත්කමට නිසිතැන දීමක්... එමෙන්ම මෙය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නා අයට හොඳ ආදර්ශයක්. මිරිස්කුඩු කාරයන්, මාල කැඩූ අය ඇතුළු අමන නරි මෝඩ රැල ඉවත්කොට මේ රටේත් උගත්කමට තනතුරු දෙනවා නම් කොපමණ හොඳද...?
බද්රානි Wednesday, 28 June 2023 06:36 PM
ලංකාවේ හොර, තක්කඩි, අමන, මෝඩයින් පිළිබඳව ලෝකයම දැනුවත් කරන්න හොඳ අවස්ථාවක් මේක... ලංකාවේ නකුටු සුනඛයෝ මෙහෙ ඉඳගෙන කැනඩාවට බුරන හැටිත් කියලා දෙන්න පුළුවන් එතකොට.. ලංකාවේ හොර, තක්කඩි, අමන, මෝඩයින් පිළිබඳව ලෝකයම දැනුවත් කරන්න හොඳ අවස්ථාවක් මේක... ලංකාවේ නකුටු සුනඛයින් මෙහෙ ඉඳගෙන කැනඩාවට බුරන හැටිත් කියලා දෙන්න පුළුවන් එතකොට.. මෙහෙ එවුන් මහා ලොකුවට උඩ පැන්නාට, ඒ නෝනාට ලංකාවේ සම්භවයක් තියෙනවා කියලා කියන්නත් ලජ්ජා ඇති..
රංජිත් Wednesday, 28 June 2023 09:34 PM
ඇයි මේ අපේ රටේ මිනිස්සු මේකට උඩ පනින්නෙ... මෙයා කැනඩාවෙ පුරවැසියෙක්.... මෙයා ඔතෙන්න ගියා කියලා අපේ රටට වැඩක් නෑ.... එයාගේ ගමනාන්තය ඒ.....අපේ රටේ ඉන්න උන් ආයෙත් සැරයක් හොරු මංකොල්ල කාරයෝ යවන්නෙ නැතුව මේ වගේ මොලේ තියන උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවමු..... මෙයාට කැනඩාවෙ වැඩ ටික බලාගන්න ඉඩ දෙමු...
Sharm Thursday, 29 June 2023 08:31 AM
ඇයට ඒ තනතුර ලැබුන එකට අපි මොකටද උදම් අනන්නෙ කියල අහන අයට මතකද දන්නෑ කමලා හැරිස් රිෂී සුනැක් ගැන ඉන්දියාව කතා කල හැටි.. අපේ මිනිස්සු මෙච්චර ම කුහක ඇයි කියලා මට තේරෙන්නෙ නෑ