ඉන්දීය වෙරළාරක්ෂක බළකායෙන් ධීවර යාත්‍රා 31 ක් ද, සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයෝ 168 දෙනෙක් තමිල්නාඩුවේ බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
අනවසරයෙන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනාව යටතේ ඉකුත් අගෝස්තු මාසයේ සිට බන්ධනාගාර ගත වී සිටි ධීවරයන්ගෙන් වැඩි දෙනකු හලාවත, මීගමුව, මාතර සහ ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය අය බව චෙන්නායි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ ප්‍රකාශකයෙක් පවසයි.
ඔවුන් බැලීමට බන්ධනාගාරවලට යන බව ද ඔවුන් නිදහස් කැ ගරනීම සඳහා ඉන්දියා මධ්‍යම රජය සමග සාකච්ඡා කරන බව ද මහ කොමසාරිස් කාර්යාලයය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය එහෙ හිරේට යනවා. එහෙ කට්ටිය මෙහෙ හිරේට යනවා. මේ වැඩේ හැමදාමත් සිද්ද වෙනවා. රටවල් දෙකේ ආණ්ඩු දෙක මේකට පටලව ගන්නේ නැතුව වෙන ක්‍රමයක් හදා ගන්න බැරිද මන්ද කට්ටි දෙක කැමැත්තෙන් දෙපැත්තේ හිරගෙවල්වලට යන්න? (දිල්)
හැකි ඉක්මනින් අපේ අය බේරා ගනිමු. ශ්‍රී ලංකා කියන නමත් එයාලට දැන් අජිර්ණයි. (ස)