IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලොකු පින්කමකට දායකත්වය ඉල්ලයි

අත පය කැපී වෙන් වූවනට එම අවයව සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය සමත් වී සිටියි. එම සැත්කම් ගැන මාධ්‍ය වර්තා ලියූ ලංකාදීප වෙබ් මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණය  වූයේ එම වෛද්‍යවරුනට ඇතැම් උපකරණ අත්‍යවශ්‍ය බවයි. සියුම් ස්නායු ආදිය බද්ධ කිරීම සඳහා කුඩා දේ ලොකු කැර පෙන්වන කණ්නාඩියක තද බල අවශ්‍යතාවයක්  ඇති බව ඔවුහු පෙන්නා දෙති. හිසේ පළඳින මෙම කණ්ණාඩිය  Head – worn loupe EyeMag pro S යනුවෙන් හැඳින්වේ. 3.3x විශාල කළ හැකි, 450 මිලි මීටර් දුර බැලිය හැකි, මිලීමීටර් 100 දෘෂ්ඨි කේන්ද්‍රයක් ඇති  ( Magnification 3.3x working distance 450 mm, visual field  100 mm ) කණ්ණාඩියක් ලැබේ නම් එම පරිත්‍යාගය ඉතා වටිනා බව එම මාධ්‍යවේදීහු පවසති. අපේ එසැණ වෙබ් පාඨකයන් අතරින් කෙනකු හෝ සංවිධානයක් මේ පරිත්‍යාගය කරන්නේ නම්, ඔවුනට තවත් තාක්ෂණ විස්තර අවශ්‍ය නම් [email protected] ඊ මෙල් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න. සම්බන්ධ ලිපි - http://www.lankadeepa.lk/index.php/articles/49696 http://www.lankadeepa.lk/index.php/articles/53967 http://www.lankadeepa.lk/index.php/articles/46100



අදහස් (0)

ලොකු පින්කමකට දායකත්වය ඉල්ලයි

අනුරාධ Saturday, 04 August 2012 09:41 PM

ලංකාදීලය පාටක අපටත් මේ උතුම් පින්කමට දායක වීමට අවස්ථාව ලබා දීම ගැන බොහෝ ස්තුතිවන්ත වෙනවා. මේ සදයා අපේ මුදල් පරිත්‍යාග කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (ත)

:       0       0

අනුර සිල්වා Sunday, 12 August 2012 02:30 AM

http://www.facebook.com/handto.hand.355?ref=tn_tnmn කරුණාකර මේ හා එකතු වෙන්න (දී)

:       0       0

ප්‍රගීත් Friday, 03 August 2012 11:27 AM

මේ එකක මිල කීයක් වගේ වෙයිද කියල කියන්න පුලුවන්ද? (ත)

:       0       0

සජී Friday, 03 August 2012 11:31 AM

මේවගේ දේකට දායකත්වය දෙන එක නම් ලොකු පින්කමක්. (ත)

:       0       0

අබුඩාබි කොල්ලා Friday, 03 August 2012 11:31 AM

අන්න පුළුවන්නම් දැන් අපේ ප්‍රතිචාර දාන කට්ටියට හොද අසව්ථාවක්. මේවගේ දෙයක් කරන්න පුළුවන්නම් කරන්න.

:       0       0

වරුණ Friday, 03 August 2012 11:37 AM

http://shop.strato.de/epages/61313998.sf/en_GB/?ObjectPath=/Shops/61313998/Products/1004

:       0       0

එසැණ Friday, 03 August 2012 11:43 AM

[email protected] ලිපියෙන් විමසන්න.

:       0       0

සම්පත් Friday, 03 August 2012 11:50 AM

කීයද වටිනාකම කීයද? (ත)

:       0       0

සම්පත් Friday, 03 August 2012 11:51 AM

සමාවෙන්න. සමාවෙන්න. (ත)

:       0       0

එසැණ Friday, 03 August 2012 11:51 AM

යුරෝ 1650 සිට ඉහළට මිල ගණන් ඇති බව කරුණාවෙන් සලකන්න.

:       0       0

ජගත් Friday, 03 August 2012 11:55 AM

මිල යුරෝ 1650යි.

:       0       0

නිරාන් Friday, 03 August 2012 11:31 PM

වගකීමක් ඇති කෙනෙක් ඉදිරිපත් වෙලා ගිණුමක් ආරම්භ කරන්න. (නි)

:       0       0

සරත් Friday, 03 August 2012 12:05 PM

මුළු ගානමනම් දෙන්න බැරිවෙයි. ඒත් අපට පුළුවන් දේ කරනවාමයි. (ත)

:       0       0

සමන් කුලේන්ද්‍ර Friday, 03 August 2012 11:35 PM

ඉන්ද්‍රජිත් හරියටම හරි. රටේ ඕනෑ තරම් මුදල් නාස්ති කරනවා. මේ වගේ දේවල් නොගෙන. නමුත් මම කැමතියි එක දෙයක් යොජනා කරන්න. අපේ රටෙන් ඉගෙනගෙන පිටරටවලට ගිහින් ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය බැලුවම එක්කෙනෙක් යූරෝ එකක් බැගින් දුන්නත් වැඩේ ගොඩ. ජනතාවගේ බදු සල්ලි වලින් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගත්තු පිටරට ගිය දොස්තරවරු සල්ලි දෙන්නකෝ. අඩුම ගානේ මේ වගේ සද් කාර්යයකටවත්. (ස)

:       0       0

මංජුල අබුඩාබි Friday, 03 August 2012 12:09 PM

ගිණුම් අංකයක් දුන්නොත් හොඳ ප්‍රතිචාර ලැබෙයි. (ත)

:       0       0

සිරවීර Friday, 03 August 2012 11:38 PM

මේ වගේ වැඩ වලට ගිණුම් ආරම්භ කරන්නත් එපා අරමුදල් පිහිටුවන්නත් එපා.ඒවායේ වගකීමක් නැහැ. කොතරම් මුදල් එකතුවෙනවද ? ඒවට මොනවද වෙන්නේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. (ස)

:       0       0

රුවන් Friday, 03 August 2012 12:15 PM

මිනිසුන්ගේ අත පය කපා දමන අයගෙන්ම මේ මුදල අය කළ යුතුයි. (ත)

:       0       0

කුමාර් Friday, 03 August 2012 12:18 PM

හොඳම වැඩේ ලංකාදීපෙන් අරමුදලක් පටන් ගන්න එක. අනිවාර්යෙන්ම අපි උදව් කරනවා.

:       0       0

මනෝහරන් Wednesday, 08 August 2012 02:43 AM

අනේ මංදා යන්නේ කොහෙද මල්ලෙ පොල්.. කෝ මේ ඇමතිලා.. කෝ අමාත්‍යංශ?(නු)

:       0       0

ලුම්බිණි Friday, 03 August 2012 12:28 PM

නරකද අපි ඔක්කොම එකතුවෙලා ටිකටික දාල මේ ගණන එකතුකරන එක. එහෙම ක්‍රමයක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු දෙයක්. මමත් කැමතියි පුළුවන් ගණනක් දෙන්න.(ස)

:       0       0

සංජය පෙරේරා Friday, 03 August 2012 11:51 PM

අදහස් ඉදිරිපත් කර සියලු දෙනාට ස්තුතියි.

:       0       0

චමිල නිෂාන් Saturday, 04 August 2012 12:07 AM

කරුණාකරලා අරමුදලක් පිහිටවන්න. අපි උදව් කරන්නම්. (ත)

:       0       0

ධම්මිකා Saturday, 04 August 2012 12:29 AM

මම යෝජනා කරනවා ලංකාවෙ ඉන්න මැති ඇමැතිවරු ටික එකතුවෙලා මෙම සත් ක්‍රියාව කරන්න. පවු තියෙනවා නම් සේදිලා යයි. (නි)

:       0       0

කසුන්-ලක්සම්බර්ග් Friday, 03 August 2012 12:58 PM

අදට තියෙන විනිමය අනුපතිකය අනුව අවම වශයෙන් රුපියල් 262399.50 විතර වෙන්නෙ. රටේ ජනතාව විදියට අපිට පුලුවන් දේ අපි කරමු.ඒත් ඩොලර් මිලියන ගනන් වලින් බොරු දේවල්වලට ණ‍ය නොවී රටේ දුප්පත් මහජනයාට සෙතක් වෙන මෙවන් දෙයකට රුපියල් ලක්ෂ කිහිපයක් වියදම් කල නොහැකිනම්......මට මගේ පුන්චි මව්බිම ගැන දැනෙනුයේ අප්‍රමාණ දුකකි... (ත)

:       0       0

අජිත් Friday, 03 August 2012 01:20 PM

කරුණාකර ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න.

:       0       0

තුෂාර Sunday, 05 August 2012 07:24 AM

මේ යෝජනාව කළින් ගෙනාවා නම් මගේ මිත්‍ර සරත්චන්ද්‍ර අද හොදින් ඉන්නවා. කනගාටුයි. (නි)

:       0       0

නන්දන-කටාර් Sunday, 05 August 2012 07:31 AM

ලකංාදීපය මුල්වී කරුණාකර ගිණුමක් අරඹන්න. (නි)

:       0       0

සිසිර Friday, 03 August 2012 01:27 PM

හොද වැඩක්. අපි අරමුදලක් පටන් ගනිමු. මටත් පුලුවන් හැටියකට දායකත්වය දෙනවා. (නි)

:       0       0

එසැණ Friday, 03 August 2012 01:26 PM

[email protected] මෙම ඊමේල් ලිපිනයෙන් අංකය විමසන්න.

:       0       0

මහීස Friday, 03 August 2012 01:30 PM

සාධු සාධු සාධු.. කරුණාකරලා ගිණුම් අංකයක් දමන්න. එතකොට සියලු දෙනා හැකි පමණින් මුදල් බැර කරාවි. ලොකු පිනක්. ගිලණුන්ට සැලකීම බුද්න්ට කරන සැලකිල්ලක් විදියටයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. (ත)

:       0       0

චමීර Friday, 03 August 2012 01:40 PM

කරුණාකර ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න

:       0       0

අයි ධම්මසිරි හිමි Friday, 03 August 2012 01:41 PM

ලංකාදීපය මුල්වෙලා අරමුදලක් පටන් ගන්න. අපි උදව් කරන්නම්.

:       0       0

අස්ලාම් Saturday, 04 August 2012 08:41 AM

කරුණාකර බැංකු ගිණුම් අංක ප්‍රසිද්ධ කරන්න. මැති ඇමැතිවරුන්ගෙන් අපට වැඩක් නැහැ. අපිවත් එකතු වෙලා වැඩ කරමු. පිටරට ගිය දොස්තරවරුත් උදවු කරනවා. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 03 August 2012 01:53 PM

අපිට පුලුවන් විදියට කොහොම හරි මේක කරමු.ලංකාදීපය මුල් වෙලා ගිණුමක් අරඹන්න.මට විශ්වාසයක් තියෙනො මාසයක් ඇතුළත මේ ගණන හොයා ගන්න පුලුවන් වෙයි කියලා.වෙන,වෙන අයගෙ ගිණුම් අංක දාන්න එපා.මේක සයිබරය. කොහොමද විශ්වාස කරන්නෙ? (නි)

:       0       0

මහේෂ් Sunday, 05 August 2012 09:33 AM

රගර් තරග වලට යුද සමරු චෛත්‍ය සෑදීමට, ෆෝමියුලා ධාවන පථ සහිත වරාය උද්‍යාන සෑදීමට, කවුරුවත් වැඩ නොගන්නා ටෙලි සිනමා ගම්මාන සැදීමට,නෙලුම් කුළුණු සැදීමට ආණ්ඩුවට අපමණ මුදල් ඇති රටක මෙවැනි අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ජනතාවට සතෙන් සතේ එකතු කර අරමුදල් ගොඩ නැංවීමට සිදුවීම සිනා නොයන විහිළුවකි. මෙහිදී සද්භාවයෙන් මේ කටයුත්තට ඉදිරිපත් වන උතුම් මිනිසුන් මේ වදන් වලින් හිත නරක් කරගන්න එපා. (නි)

:       0       0

අනුර සිල්වා Friday, 10 August 2012 09:10 PM

(http://facebook.com/handto.hand.355) මෙයට දායක වීමට කැමති සියලු දෙනා ..එක්වන්න .(ස)

:       0       0

සර්ෆාස් Friday, 03 August 2012 02:11 PM

ගිණුම් අංකය එවන්න. (නි)

:       0       0

ජගත් Friday, 03 August 2012 02:22 PM

රජයෙන් කීයක්හරි ඉල්ල ගන්න බැරිද ?? (ස)

:       0       0

නාරද Friday, 03 August 2012 02:35 PM

මෙහි රෝහලකින් සහනදායක ලෙස මෙවෙනි දෙයක් පරිත්‍යාග කරන්න පුලුවන්ද කියල මම විමසල අහල දන්වන්නම්. එහෙම පුළුවන් කමක් තියනවනම් අපිට එය ලොකු පිටිවහලක් වේවි ..(ස)

:       0       0

ජනිත්‍රී Friday, 03 August 2012 02:41 PM

කරුණාකර ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න (ස)

:       0       0

ලුම්බිණි Saturday, 04 August 2012 11:47 AM

උපුල්, ගෝපාල්, මොකද්ද දැන් වෙන්නේ? නැව් ගාස්තු මම දෙන්නම්. කොහොමද මේ වැඩේ වෙන්නේ? අපි කතා කළාට විතරක් වැඩක් නැහැනේ. මේකට ගිණුමක් ඇරෙන්නේ නැහැ වගේ. (නි)

:       0       0

සුදත් Friday, 03 August 2012 02:49 PM

කරුණාකර බැංකු ගිණුම් අංක ප්‍රසිද්ධ කරන්න.

:       0       0

සහේහර් දවූඩ් Tuesday, 07 August 2012 04:46 PM

බැංකු ගිණුමක අංකයක් තිබුණනනං අපෙන් පුළුවං ගානක් යවන්න පුළුවං...!!(නු)

:       0       0

පත්මි Wednesday, 08 August 2012 10:18 AM

ගිණුම් අංකයක් දෙන්න. (ත)

:       0       0

ඉන්දිරා දිසානායක Tuesday, 07 August 2012 05:08 PM

උදව් කරන්න බොහොම කැමතියි.. ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න..(නු)

:       0       0

අමිල කටුනායක Friday, 03 August 2012 03:37 PM

බැංකු ගිණුමක් අරඹන්න,.(ස)

:       0       0

ප්‍රියන්ක Friday, 03 August 2012 03:42 PM

( http://shop.strato.de/epages/61313998.sf/en_GB/?ObjectPath=/Shops/61313998/Products/1004 ) මේ වෙබ්අඩවියට ගිහින් බලන්න මෙතන තියෙනවා ගණන් කිහිපයකටම ඔය කියන උපකරණය .... යුරෝ 1650 වෙනවා .

:       0       0

ෂෙරීෆ් Friday, 03 August 2012 03:49 PM

ඔබ වෙනුවෙන් අපි ....(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 03 August 2012 03:50 PM

රගර් තරග වලට යුද සමරු චෛත්‍ය සෑදීමට, ෆෝමියුලා ධාවන පථ සහිත වරාය උද්‍යාන සෑදීමට, කවුරුවත් වැඩ නොගන්නා ටෙලි සිනමා ගම්මාන සැදීමට,නෙලුම් කුළුණු සැදීමට ආණ්ඩුවට අපමණ මුදල් ඇති රටක මෙවැනි අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ජනතාවට සතෙන් සතේ එකතු කර අරමුදල් ගොඩ නැංවීමට සිදුවීම සිනා නොයන විහිළුවකි. මෙහිදී සද්භාවයෙන් මේ කටයුත්තට ඉදිරිපත් වන උතුම් මිනිසුන් මේ වදන් වලින් හිත නරක් කරගන්න එපා. අපටත් කවදා හෝ මෙවැනි පහසුකමක් අවශ්‍ය විය හැකි බව දන්නවා. ආණ්ඩුවකින් කෙරෙන පාටක් නැති නිසා ඉතින් අපිවත් එකතු වෙලා කරමු. (නි)

:       0       0

අනුර සිල්වා Thursday, 09 August 2012 07:54 PM

කරුණාකර මෙය ලංකාදීපයේ නැවත පල කරන්න.(ස)

:       0       0

කපිල Friday, 03 August 2012 04:05 PM

බැංකු ගිණුමක් අරඹන්න...(ස)

:       0       0

උපුල් Friday, 03 August 2012 04:09 PM

මට පුළුවන් එකක් අරන් දෙන්න. කරුණාකරලා කියන්න කොහෙන්ද ගන්නේ සහ කොහොමද ගන්නේ කියලා. (නි)

:       0       0

තරක Tuesday, 07 August 2012 05:41 PM

අපි මෙහේ වෙබ් අඩවියක් පටන් ගනිමු. ඒක හදන එක ගැන මම බලා ගන්නම්. කට්ටිය කැමතිනම් වැඩේ පටන් ගනිමු. (අ)

:       0       0

නදී Tuesday, 07 August 2012 05:47 PM

ලංකාදීලය පාටක අපටත් මේ උතුම් පින්කමට දායක වීමට අවස්ථාව ලබා දීම ගැන බොහෝ ස්තුතිවන්ත වෙනවා. මේ සදයා අපේ මුදල් පරිත්‍යාග කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා(නු)

:       0       0

පරවාහැර චන්ද්‍රරතන හිමි Tuesday, 07 August 2012 06:12 PM

ඔබය පුළුවං නම් තව විස්තර සමග අවශ්‍ය ද්‍රව්‍ය සදහන් කරන්න (නු)

:       0       0

හෑන්ඩ් ටු හෑන්ඩ් Saturday, 11 August 2012 04:56 AM

handto.hand.355@face​book.com Head – worn loupe EyeMag pro S ( Magnification 3.3x working distance 450 mm, visual field 100 mm ) කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයට මෙය ලබාදීමට කරුණාකර ඔබත් දායක වන්න (දී)

:       0       0

අනුර සිල්වා Thursday, 09 August 2012 09:39 PM

හැම දෙනාම කොමෙන්ට් දැම්මට තාම මේක ගන්න විදිය ගැන හරි තීරණයක් නැහැ මම dr. අමිල සිරිවර්ධන එක්ක කතා කරලා බලන්නම්...අපි මුලික වෙලා මෙය අරන් දෙන්න බලමු ....මම අනුර සිල්වා ලන්ඩන් (අ)

:       0       0

වසන්ත Saturday, 04 August 2012 06:09 PM

හරි මං ඇමෙරිකන් ඩොලර් 200 දෙන්නම්. කට්ටිය එකතු වෙලා දෙන්න පුළුවන් ගාන කියන්නකෝ. ඊට පසුව අවශ්‍ය මුදල එකතු වුණාම, ඔයාලා දෙන්න ගිණුම් අංකය. ඒකට එවන්නම්. (නි)

:       0       0

ගෝපාල් Friday, 03 August 2012 06:45 PM

මෙතනට යන වියදම මම දෙන්නම්. හැබැයි මගේ නැව් ගාස්තුව කවුරු හරි ගෙවන්න ඕනෑ. මොකද මට ඒක දරා ගන්න බැහැ. (නි)

:       0       0

මෙරිල් Friday, 03 August 2012 06:52 PM

ගිණුමක් අරඹන්න. මමත් පුළුවන් විදියට උදවු කරන්නම්. (නි)

:       0       0

ඇරිස් Friday, 03 August 2012 06:54 PM

ගිණුමක් අරඹා දැනුම් දෙන්න. (නි)

:       0       0

රංජිත් Friday, 03 August 2012 07:37 PM

ජනාධිපතිතුමනි, ජනාධිපති අරමුදලින් මේ සදහා මුදල් වෙන් කරලා දෙන්නකෝ. (නි)

:       0       0

නලීන්ද්‍ර Tuesday, 07 August 2012 09:01 PM

කරුණාකර බැංකු ශාඛාව සහ ගිණුම් අංකය පළ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1518 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2025 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1517 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8584 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2474 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10517 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site