IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

(සුජිත් හේවාජුලිගේ )

රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන හය සිය පනහක් පිරිනැමීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට ඉහත මුදල ලබා දෙනුයේද ඒ වැඩපිළිවෙළ යටතේ යැයි කබ්රාල් මහතා පැවසුවේය .

ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කළ අතර එකල එම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ලැබුණු බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කළේය.

මෙසේ ලැබෙන මුදල් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (33)

ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

Mahinda weerasinghe Sunday, 11 July 2021 08:06 PM

කෝටි 16000න් කෝටි කීයක් ගසා කයිද?

:       7       749

චමින්දMonday, 12 July 2021 06:46 AM

සුනාමි මුදල් වලට සිදුවූ දෙය නොවේවා.

:       0       0

kamal Sunday, 11 July 2021 08:08 PM

දැන්වත් වාහන ටික ගෙන්න ගත්තොත් නම් ගොඩ...

:       15       309

Jude perera Sunday, 11 July 2021 08:34 PM

රටම ණය කර කර කන්න.

:       42       365

කල්පනාMonday, 12 July 2021 06:49 AM

කබ්රාල් මෙම මුදල නැවත නොගෙවන මුදලක් කිව්වට, ගිණුම්ගත කිරීමේදී ණයක් ලෙස සටහන් කර ,ටික ටික වෙනත් පාරවල්වල යන්න පුළුවන් කමක් නැද්ද

:       0       0

wijeya Sunday, 11 July 2021 08:41 PM

පස්සේ බැසිල් පුම්බන්න හදන්න එපා...

:       8       441

විපරමා Sunday, 11 July 2021 09:03 PM

පවුල් පාලනේ අයටත් හොඳයි. හිටපු හොර දූෂිතයින් සෙට් එකමනේ ඉන්නේ...

:       16       662

රටවැසියා Sunday, 11 July 2021 09:20 PM

රට කරවන ඔයාලා පුළුවන් ප්‍රමාණයක් අරගෙන ඉතිරි වුණොත් රටේ පොදු ජනතාව වෙනුවෙන් වියදම් කරන්න. මේක ණයක් නෙමෙයිනේ... ඒක නිසා අපිට කමක් නැහැ..

:       0       0

ශාන් Sunday, 11 July 2021 09:28 PM

ලෝකේ සල්ලිකාර රටවල් විසින් මේ වගේ සංවිධාන පවත්වලා මේ කරන සේවය අපි අගය කරනවා මදි. මේ මොහෙතේ අපි මූණ දීලා තියන ඩොලර් හිඟයට මේක කොච්චර ලොකු සැනසුමක්ද? එක අතකට ගත්තාම අපිත් සිඟමනේ යන රටක් වගේ...

:       0       0

වර්ණකුලසූරිය Sunday, 11 July 2021 09:32 PM

ශ්‍රී ලංකාවේ කෝටිපති ලැයිස්තුවට නව රාජපක්ෂ නාමයක් එක්වීමට නියමිතයි. මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට මිස ග්‍රීසියේ ආයෝජනයට නොවන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිතුමා අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සතු දේපළ සහ වත්කම් දේශපාලකයින්ගේ අම්මා අප්පාගේ බූදලයක් ලෙස සලකා කටයුතු කිරීමක් නිතරම අපි දකින්නෙමු...

:       0       0

ana Sunday, 11 July 2021 09:36 PM

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ ණය ගැනීමයි.

:       0       0

Demuni Uduwara Monday, 12 July 2021 03:20 AM

අරමුදල් භාවිතා කිරීම සඳහා රජයට මූල්‍ය විනයක් ඇත.

:       0       0

Vijitha Monday, 12 July 2021 05:05 AM

මෙම මුදල් මහජනයා සඳහා වියදම් කිරීමට කිසියම් සැලැස්මක් තිබේද? එය මිනිසුන්ට හෙළි කළ යුතු අතර එසේ නොවුවහොත් එය මං මුලා සහගත දේශපාලනඥයෙකුගේ සාක්කුවට යාමට ඉඩ තිබුණි.

:       0       0

de silva Monday, 12 July 2021 06:54 AM

මුදල් නොදී එන්නත් නිපදවන්න සමාගම් වලට මුදල් ගෙවලා එන්නත් ලංකාවට ලැබෙන්න සැලසුවානම් වටිනාකම කියන්න බැරියෑ

:       0       0

duminda Monday, 12 July 2021 09:07 AM

පිනට ඩොලර් මිලියන 800 ක් නිකන් දුන්න මිනිහට අපි යටවෙනවා .ඉස්සර උනෙත් ඒක .දැන් වෙන්නෙත් ඒකමයි .වෙනස තියෙන්නේ දැන් එකම දේ දේශීය මුහුණුවරකින් කරනවා

:       0       0

ගලපර Monday, 12 July 2021 09:14 AM

ඔය ඔක්කොමටම වඩා අත්‍යාවශ්‍ය බෙහෙත් ටික, ඉන්ධන ටික, ගේන්න ඩොරල් නැති වෙන ගානට පත් වෙලා..බැංකු වලින් LC නිකුත් කරන්නෙ නෑ කිසිම ආනයනයකට ..කාබණික හරි රසායනික පොහොර නනැතුව ගොවියගේ අස්වැන්න බිංදුවට වැටිලා ඉදිරියට කන්න දෙයක් නැතුවෙන ගානට වැටිලා ඉද්දිත් කිරිබත් උයන් කන්න පුලුවන් මිනිස්සු නොවන කොට්ඨාසයක් ජීවත් වෙන රටකට වෙලා ජීවත් වෙන එකත ලැජ්ජාවක්!!!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 July 2021 09:45 AM

අපේ රට ගොඩනැගීමට මේසා විශාල මුදලක් ආධාරයක් ලෙස ලැබීම සැබැවින්ම සතුටට කරුණක්.ඒත්,මේ මුදල් සම්භාරය පරිහරණය සඳහා විනිවිද බවෙන් යුතුව කටයුතු කිරීමට සියලු පක්ෂ වල නියෝජිතයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරන්නේ නම් මැනවි.නොඑසේ නම්,මේ මුදල් නැති නාස්ති වීමට හේතු කාරණා යෙදෙනු ඇත.පස්සේ කෑ මොර දෙනවාට වඩා,මේ මුදල් නැති නාස්තිවීමට ඉඩනොදෙන ලෙස සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන්නෙමු.

:       0       0

Asanga Monday, 12 July 2021 10:08 AM

ආර්ථික ගාතකයාණෙනි .ජයෙන් ජය .ඕවා කවදා හරි ඔබලාගේ පවුල් වලිනුත් ගෙවන්න ලැබේවායි පතමි

:       0       0

Sam Monday, 12 July 2021 10:14 AM

කොච්චර දුන්නත් යන්නේ එකම පව්ලට නිසා නොදී හිට්යනම් හොදයි, එක්කෝ දුප්පත් මිනුස්සුන්ගේ අතටම ලැබෙන්න සලස්ස්වන්න, නැත්තම් මේ සල්ලි ටිකත් මුදල් ඇමති අතට ගියොත් සත පහක් වත් මිනුස්සුන්ට ලැබෙන්නේ නම් නෑ...

:       0       0

Siri Monday, 12 July 2021 11:03 AM

පවුල් සංස්ථාවේ කට්ටිය දැම්මම පිහිය මුවහත් තියනවා ඇති

:       0       0

Nuwan Monday, 12 July 2021 11:11 AM

ලෝක බැංකුවෙන් ණයට අරන් චීනාට කියලා ව්‍යාපෘති දාලා 10 % ගනන්වා .සරලයි

:       0       0

Hafeel Monday, 12 July 2021 11:52 AM

දැන් කියන්නේ ප්‍රදානයක් කියල. පසුව කියාවි ණය මුදල් කියල. මෙහම තමයි යුද්ධය පවතිද්දී උපරිම මුදල් වෙන් කළා. පසුව කිව්වා යුද්ධ කරන්න නයට අවි ආයුධ ගත්ත. දැන් ඒවා ගෙවන්න වෙනවා කියල.

:       0       0

ලුම්බිණි Monday, 12 July 2021 11:59 AM

දැන් මහබැංකු අධිපති කිව්වා නේද ලෝක මූල්‍ය අරමුදලෙන් අධාර ගන්න කිසිම අදහසක් නැහැ කියල. ඉතින් මේ සල්ලි ආපහු යවන්න පුළුවන් නේ.

:       7       1

chandimaThursday, 15 July 2021 06:07 AM

ලුම්බිණියෝ, සුද්ද සිංහලෙන් කිව්වා නේද මේවා ආධාර මුදල් නෙවෙයි, ප්‍රධානයන් කියලා... තෑග්ගක් බන් තෑග්ගක්...

:       0       0

Kumara Monday, 12 July 2021 02:32 PM

රටට මොනවා වුනත් කමක් නැ නේ

:       1       1

Dhammika Monday, 12 July 2021 02:34 PM

පහුගිය කාලෙත් ඩොලර් මිලියන 510ක් ලැබුනාලු. කවද්ද ලැබුනේ, ඒවායින් මොනාද කලේ කියලා කවුද දන්නේ. මේ සල්ලි වලටත් වෙන දේ දෙයියෝවත් දැන ගන්න එකක් නෑ මයේ හිතේ. ඇයි ඉතින් කල් යල් බලා මනි මේකලා බැස්සුවානේ

:       1       93

Vithana Monday, 12 July 2021 02:37 PM

කල්ල මරේ.

:       1       25

Pathum Monday, 12 July 2021 02:37 PM

ජනතාවට සෙතක් වෙන්නැ

:       0       0

Shantha Qatar Monday, 12 July 2021 02:57 PM

අනේ දෙවියනේ වදින්නම් කියනතැනකට ගසා කන්නනම් එපා

:       0       60

අනුර පැස්කුවල් Monday, 12 July 2021 03:45 PM

රට කොහේ දියුණු කරන්නද මෝඩයෝ. මාසේ ණය ගෙවන්නත් මදි

:       11       114

ලෝකයෝ Monday, 12 July 2021 05:00 PM

එන යන ආණ්ඩුවල මැති ඇමතීන් සහ වන්දි භට්ටයින් ‘ගසා කෑම සාමාන්‍යයි’ කියමින් අනුමත කරන ජනතාවක් ඇති රටක කුමන ආධාරයක් ලැබුණද? එයින් රටකට සැබෑ වෙනසක් ඇති නොවේ...

:       0       0

handima Wednesday, 14 July 2021 06:08 AM

කලින් වතාවේ හම්බ වුණු සල්ලි වෙන්න ඇති... අරයා මහබැංකුවෙන් පැන්නුවේ...?

:       0       0

ගිජුලිහිණි සංදේශය Thursday, 15 July 2021 03:36 PM

පුරා හඳත් ගිලි යකුන්ට කුමන කජු මරා කතිය කිකිළිය දෙන රනින් බිජු කිරා කුමට දුගියෙකු අඹු ගතොත් රජු සොරා කතත් කපුටාටම දෙමු කේජු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 5 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 256 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 177 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 483 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 642 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 528 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site