
(විමුක්ති එස්. රුද්‍රිගු)
මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් නෞකාවලට සේවය සපයන සමාගම්වල ලංකාවේ නෞකා දෙකක් දෙවැනි වටයේ සම්බාධක හේතුවෙන් අසාදුලේඛනගතවී ඇතැයි ආරංචි මාර්ග අද (02) ප්‍රකාශ කළේය.
මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවලට සැපයුම් ලබාදීම හේතුවෙන් අසාදු ලේඛනගත වූ (බ්ලැක්ලිස්ට්) මෙම නෞකාවලට මින් ඉදිරියට කිසිම වෙළෙඳ නෞකාවකට සැපයුම් ලබාදීමට නොහැකි වනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉරාන නෞකා සම්බන්ධව තොරතුරු ඉල්ලා තිබෙන බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
ඉරාන නෞකාවලට කෑම හිඟයක් තිබිය හැකි බවත් එම නෞකාවල හාල් තිබුණත් එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය හිඟ විය හැකි බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙම තත්වය මත සැපයුම් සහ සේවා ලබාදීමේදී සැලකිලිමත් වන ලෙස වරාය අධිකාරිය ද වාචිකව මෙරට නැව් නියෝජිතයන් දැනුවත් කර තිබූ බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
එහිදී ඉරාන නෞකාවලට සේවා සහ සැපයුම් ලබාදීමට ගොස් සියලු දේ නැතිකර නොගන්නා ලෙස මෙරට නැව් නියෝජිතයන් වාචිකව දැනුවත් කළ බවද නැව් සමාගම් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් දැනුම් දීම කළ බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
ද්විතීයික සම්බාධක එසේත් නැතිනම් දෙවැනි වටයේ සම්බාධක යනු සම්බාධක පනවා ඇති රටක් හෝ ආයතනයක් සමග ව්‍යාපාරික කටයුතු කරන තුන්වැනි පාර්ශ්වයේ පුද්ගලයන්, සමාගම් හෝ බැංකුවලට හෝ රජයක් විසින් පනවනු ලබන දඬුවම් හෝ සීමා වේ.
මෙවැනි සම්බාධක එම රටේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෘජු සම්බන්ධතාවක් නොමැති විදේශීය පුද්ගලයන් හෝ සමාගම්වලට ද අදාළ විය හැකිය.
ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපයේ පාවෙමින් තිබෙන එම ඉරාන තෙල් නෞකාවලට ආහාර, ඉන්ධන සහ අනෙකුත් සේවා සපයන මෙරට දේශීය සමාගම්වලට සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඒ හේතුවෙන් ඉරාන නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් මෙරට රජයට පීඩනයක් එල්ල කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙරේදා (01) වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු අදිරජවාදීන්, ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිලිබදව උත්ගොසන කල JVP පක්ෂයට ආණ්ඩු බලය සහ ඔවුන්ගේ ජනදිපතිවරයෙක් පත්ව සිටින අවස්ත්වක වර්තමාන ආණ්ඩුව මෙම ගැටලුවට මුහුණ දෙන්නේ කෙසේද යන්න සහ රජත්න්ටික සබදතා මෙහෙය වන්නේ කෙසේද යන්න ජනාධිපති සහ වර්තමාන ආණ්ඩුවටම ගැටළුවක් බවට පත්වෙමින් තිබේ. ඇමෙරිකාව මෙවනට ඉරානයට දැඩි සම්බාදක පනවා ඇත. එමෙන්ම රුසියාව, චීනය ඇතුළු වෙනත් රටවල් 13 පමණ මුල්‍යමය සහ වෙනත් ආකාරයේ සම්බාදක පනවා ඇත. වර්තමාන jvp ආණ්ඩුව විදේශ රටවල සිටින jvp සාමාජිකයන් සමග ගනුදෙනු කරන ආකාරයට භූ දේශපාලනික හෝ විදේශීය බලපෑම් වලට මුහුණ දිය නොහැකි බව තේරුම් ගැනීම වැදගත් වේ.
ආහාර පාන සපයන එකට සම්බාධක දානවා කියන්නේ මහත්ම අමානුෂික ක්‍රියාවක්.
විදේශ මුදල් උපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නෞකා, වෙළඳ ආයතන, බැංකු හො වෙනත් ආයතන, ත්‍රස්තවාදී මොට්ටක්කිලි අදින, කළු කබා යට විනාශකාරී මාරාන්තික ගිනි අවි සගවා ගෙන, උන් ගේ දෙවියන්ගේ නාමයෙන් මිනීමරුවන් වන මොට්ටපාල මොල්ලාවරුන් ගෙ පාලනයට පිහිටවන අපෙ රටේ, ඉහතින් සඳහන් කළ ආකාරයේ ආයතනවලට ශ්‍රී ලංකා රජය දැඩි දඩුවම් දිය යුතුය. නැත්නම් වන්නේ මුළු රටම අපකීර්තියට පත්ව ඇමරිකානු සම්බාධක වලට මුහුණදීමට වීමයි. එසෙ වුවහොත් දැනට අමාරුවෙන් ගොඩ ඒමට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර ගණනාවක් ආපස්සට යාම ස්ථිරයි. සුන්බුන් වි-පස්සෙට නම් එය විශාල සතුටක් වෙනු ඇත. ඉරාන නෞකා ප්රශ්නය ගැන AKD, මාලිමා රජය මීට වඩා විමසිල්ලෙන්, කාර්යක්ෂම විය යුතුය ...
මේක මාර වීක් නේ. එක මිනිහෙක් මුළු ලෝකයම පාලනය කරනවා. එයා කියන දේවල් නොකළොත් රටකටම සම්බාධක දානවා කියනවා. මේක දෙවියන්ටම බාරයි.