IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලක් වනිතාවෝ ඉන්දියා ඝාතනය හෙළා දකිති

ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ඉකුත් දා මැර රංචුවකින් කෙළෙසීමට ලක්වී සිංගප්පූරු රෝහලකදී මිය ගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයට විරෝදය දැක්වීමත්, එම දූෂිතයනට වහා දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටදී අද උදෑසන නිහඬ සත්‍යග්‍රහයක් සහ විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම සිදු විය.

එක්සත් ලක් වනිතා පෙරමුණ මේ විරෝධතාව සංවිධානය කළේය.

එම පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ, කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ බරිඳ ෆෙරෝඩා මුසම්මිල් යන මහත්මීන් ඇතුළු කාන්තාවෝ පිරිසක් මෙයට එක්වූහ.

මහ මග ගමන් කරන ජනතාව පැමිණ මෙම විරෝධතාවට සහාය පල කරමින් පෙත්සමට අත්සන් කළහ.



අදහස් (0)

ලක් වනිතාවෝ ඉන්දියා ඝාතනය හෙළා දකිති

බණ්ඩාර Tuesday, 01 January 2013 12:55 PM

අර කහවත්ත පැත්තේ මියගිය අය වෙනුවෙනුත් යමක් කළොත් නේද හොද? (නි)

:       0       0

මොහොමඩ් Monday, 31 December 2012 10:24 PM

මට පිස්සුද? නැත්නම් පෙනෙන හැටිද? (නි)

:       0       0

හේරත් Monday, 31 December 2012 10:29 PM

ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ... (නි)

:       0       0

මාසා Tuesday, 01 January 2013 01:15 PM

අපේ රටේ මෙවැනි දූෂන පිටිපස්සේ ඉන්නේ ‍ලොකු ලොක්කන්ගේ උදවිය. ඉතින් කොහොමද පාරට බහින්නේ? (නි)

:       0       0

රුවන් Monday, 31 December 2012 10:58 PM

කලබල වෙන්න එපා , කට්ටිය දැන්ද ඇහැරිලා තියෙන්නේ (ස)

:       0       0

නාගරාජා Monday, 31 December 2012 11:37 PM

අපේ රටේ පුංචි දැරිවියො, කාන්තාවො, වයසක ආත්තම්මලා පවා දූෂණය කළා. මැරුවා. එතකොට එයාලා හිටියෙ කොහෙද? (නි)

:       0       0

දිනුක Tuesday, 01 January 2013 01:24 PM

ඉන්දියාවේ කෙල්ලෝ විතරද කෙල්ලෝ. එතකො ලංකාවේ ඉන්න කෙල්ලෝ ???? (ස)

:       0       0

සෑම් Monday, 31 December 2012 11:44 PM

මෙච්චර කාලයක් ලංකාවේ කොච්චර දූෂණ, මිනීමැරුම් වුණාද? (නි)

:       0       0

කමල් Tuesday, 01 January 2013 12:15 AM

ලංකාවේ වුණ දේවල් වලට මේ කට්ටිය මොකද කළේ? ඉස්සරහට බලමු මේ අය කොහේද ඉන්නේ කියලා. හැමෝම මේ අයව මතක තියාගන්න. බලමු ලංකාවේදී මොනවා හරි වුණහම සහ වුණ දේවල් වලට මේ අය ඉස්සරහට එයිද එනවාද කියලා... (නි)

:       0       0

කොස්තා Tuesday, 01 January 2013 12:30 AM

ලංකාවේ අසරණ දරුවන් කොච්චර මැරුණද? එක්කෙනෙක් බැස්සද පාරට? (නි)

:       0       0

අමිල ඉන්දික Tuesday, 01 January 2013 01:04 AM

අපේ කෙල්ලො වෙනුවෙන් පාරට බැස්සහම ඒ හැටි ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නැහැනෙ. ඒක වෙන්න ඇති. (නි)

:       0       0

ප්‍රබුද්ධ Tuesday, 01 January 2013 01:04 AM

ලංකාවේ මෙවැනි දේවල් වෙද්දී එයාලා ඉන්න ඇත්තේ සමහරවිට ඉන්දියාවේ. (නි)

:       0       0

අමිල Tuesday, 01 January 2013 01:09 AM

සමහරවිට පාරටම වෙලා ඉන්න වෙන නිසා වෙන්න ඇති අපේ රටේ දුෂණ වලට පාරට බහින්නෙ නැත්තෙ.හැමදාම ඔය දූෂණ වෙනවනෙ අපේ රටේ. (නි)

:       0       0

හිල්මි Tuesday, 01 January 2013 02:08 AM

ලංකාවේ උද්ඝෝෂණය කරන්න අවශ්‍යතාව තිබුණත් එහෙම නොකරන්නේ ජීවිතේට තියෙන ආශාවට කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සුගත් Tuesday, 01 January 2013 02:52 AM

මම මේ බලංහිටියේ ඇයි මේ අපේ අය තවම නිහඩ කියලයා. (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 01 January 2013 02:59 AM

වැඩේ වරදක් නම් නැහැ. ඒත් වෙන්න ඕනෑ තැනට වෙන්නේ නැතුව නොවෙන්න ඕනෑ තැනට වෙනකොට තමා මට යකා නගින්නෙ. ලංකාවේ මේ වගේ දේවල් කීයක් වුණාද? ඒ එකකටවත් කෑ නොගහපු අය,අපේ රටට වඩා හැට හතර ගුණයක් විශාල ඉන්දියාවේ වෙච්ච දේට කිඹුල් කඳුලු හෙළන හැටි දැක්කහම අනුකම්පාත් හිතෙනවා. ඒකයි ඇත්ත. කවුද ඉන්නේ ලංකාවේ අපරාධකාරයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා කියන්න කටක් තියෙන...? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 January 2013 04:46 AM

ඉන්දියාවේ මෙන්, ලංකාවේ මහජන විරෝධයක් ඇතිවේ යැයි හිතීම විහිළුවක්. ලංකාවේ විරෝධයට සහභාගී වී ඇත්තේ අතලොස්සක් වන අතර , තරුණ කොටස්වල සහභාගිත්වයක් නැති තරම්ය. ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ වලට විරුද්ධව පවත්වන විරෝධතාවල තරුණ කොටස්වල කැපීපෙනෙන සහභාගිත්වයක් ඇත. නව දිල්ලි විශ්ව විද්‍යාලවල සිසුන් මෙහි පෙරමුණේම සිටිනබව පෙනේ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 January 2013 05:51 AM

පුළුවන් නම් ලංකාවේ සිදුවුණු දුෂණ වලට විරෝධතා දක්වන්න. (නි)

:       0       0

කුරුවිට Tuesday, 01 January 2013 03:02 PM

කහවත්තේ, කොටකෙතන ගමත් තියෙන්නේ මේ ලංකාවෙමයි කියලා දන්නෙ නැතුවාවද්ද? (නි)

:       0       0

නිමල් Tuesday, 01 January 2013 06:55 AM

ඉතාමත් හොද වැඩක්. ඒත් අනේ මේ නෝනා මහත්තයලාට මෙහේ වෙන දේවල් නොපෙනෙන්නේ ඇයි? (නි)

:       0       0

හේමන්ත Tuesday, 01 January 2013 07:23 AM

ලංකාවේ සිදුවූ එකම එක දූෂණ ප්‍රශ්නයක්වත් මේ අයට ප්‍රශ්නයක් නොවුණේ ඇයි? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 January 2013 07:24 AM

ලංකාවේ වුණා නම් ඉතින්, දේශපාලඥයින් බොහොමයකගේ බිරියන්ට මේකට එන්න බැරිවෙයි. ඇයි ඉතින්, තමන්ගෙම ස්වාමි පුරුෂයට කොහොමද විරුද්ධ වෙන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 January 2013 03:23 PM

ලංකාවේ මේ වගේ දේ වෙනකොට මෙයාලා හිටියේ ඉන්දියාවෙද දන්නේ නෑ (ස)

:       0       0

අජිත් Monday, 31 December 2012 04:24 PM

හොද වැඩක්. ඒත් ඇයි ලංකාවේ ඒවාට එරෙහි නොවෙන්නේ? (නි)

:       0       0

ආනන්ද Tuesday, 01 January 2013 08:01 AM

මේ කාන්තාවන් ලංකාවේ තොරතුරු හරිහැටි නොදන්නා අයද? (නි)

:       0       0

ඊසාම් Monday, 31 December 2012 04:24 PM

පිටරැටියන් දෙස බලාවත් අපි පාඩමක් ඉගෙනිය යුතුයි. (නි)

:       0       0

ඊසාම් Monday, 31 December 2012 04:29 PM

මොනවද ඒ ගමන මේ වෙන්නේ? (නි)

:       0       0

කපිල Monday, 31 December 2012 04:32 PM

අගය කළ යුතුය. නමුත් චේතනාව යහපත් වියයුතුය. (නි)

:       0       0

චන්න Tuesday, 01 January 2013 03:42 PM

ඇයි එයාලා අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ දූෂණ චෝදනාව ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

ලයන් Monday, 31 December 2012 04:37 PM

ලංකාවේ මෙච්චර අහිංසක කෙල්ලෝ දුෂණය කරනවා. ඒවා ගැන ගානක්වත් නැහැ. (නි)

:       0       0

රොෂාන් Monday, 31 December 2012 04:38 PM

ඔයාලා හරි දේ කරනවා නම් ලංකාවේ ඉන්න කාන්තාවන් සහ ගැහැණු ළමයින්ව පළමුව බේරාගන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 31 December 2012 04:47 PM

බොහොම හොදයි අදහස. එත් ප්‍රශ්නේ, ඉන්දියාවෙ දෙයකට උත්ඝෝෂණ කරන්න ඕනෑ තරම් කාන්තා සංවිධාන තියෙනවා. නමුත් අපේ රටේ වෙන දුෂණ, ළමා අපචාර සම්බන්ධයෙන් නම් මම තවම දැක්කෙ නැහැ කිසිම කාන්තා සංවිධානයක් උපවාස කරනවා. කණගාටුව ඒකයි. (නි)

:       0       0

සනත් Tuesday, 01 January 2013 08:43 AM

මෙහෙම දේකට උද්ඝෝෂණය කල එක නම් වරදක් කියන්න බෑ.ඒත් ලංකාවෙ සිදුවෙන ස්ත්‍රී දූෂණ,ළමා අපචාර ගැන පාරට බැහැලා විරෝධයක් පාන්න කාන්තා සංවිධානයක් නැති එකයි දුක. ඉන්දියාවෙ මිනිස්සු කොහොම හරි දූෂණයට මරණීය දණ්ඩණය නීති ගත කරගනී මේ පාර.(ස)

:       0       0

බන්ඩා Monday, 31 December 2012 04:49 PM

මේ අයට අපේ රටේ සිදුවුණ මෙවැනි දේ පෙනුනේ නැද්ද .(ස)

:       0       0

ප්‍රභා Monday, 31 December 2012 04:55 PM

මේවා දකිනකොට අඩනවද, හිනාවෙනවද කියලා තේරුම්ගන්න අමාරුයි. (නි)

:       0       0

අසන්ක Monday, 31 December 2012 04:58 PM

අපි බොහොම අගය කරනවා අපේ කාන්තාවන් කොටකෙතන ඝාතන වලට විරුද්ධවත් පාරට බහිනවා නම්. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 08:51 AM

අයගය කරනවා. නමුත් අපේ රටේ මෙච්චර දේ වෙලත් මේ වෙනකම් කිසිම කෙනෙකුගේ හඩ ඉස්මතු නොවූයේ ඇයි ?? (ස)

:       0       0

අනුර Monday, 31 December 2012 05:19 PM

මෙච්චර ලංකාවේ ‍මීට හපන් ඒවා වුණා. ඒත් කවුරුවත් මෙහෙම කළේ නැහැනේ? (නි)

:       0       0

නාලක Tuesday, 01 January 2013 09:02 AM

ඉන්දියාවේ ප්‍රශ්න එයාලා බලාගනීවි. අපි මොකටද අතදාන්නේ? (නි)

:       0       0

විදු Monday, 31 December 2012 05:29 PM

ලංකාවේ කොච්චර අහිංසක කෙල්ලන් දූෂණය වෙනවද? කෝ කවුරුවත් නැහැනේ ඒවට කතාකරන්න? (නි)

:       0       0

තුෂාන් Tuesday, 01 January 2013 09:06 AM

ලංකාවේ වෙන දේ දන්නේ නැහැ , පිටරවල වෙන දේ තමයි පෙනෙන්නේ දැනෙන්නේ ! (ස)

:       0       0

අචිනි Monday, 31 December 2012 05:32 PM

නීතිය ජනතාව අතට ගත යුතුයි (ස)

:       0       0

හේරත් Tuesday, 01 January 2013 09:17 AM

ලෝකෙට පොල් - ගමට පැපොල්.... (නි)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 05:45 PM

ලංකාවේ වෙන අපරාද ගැන කවුරුවත් කතා නැහැනේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 31 December 2012 05:46 PM

ලංකාවේ අපිට පුලුවන් කොපි කරන්න විතරමද? (නි)

:       0       0

ඩොල්ෆ් Tuesday, 01 January 2013 09:52 AM

ඉන්දියාවේ කාන්තාවන් දුෂණය නොකර අපේ කාන්තාවන් දැරියන් දුෂණය කරන්න කියලා කියන එකද මේකේ තේරුම? (නි)

:       0       0

විමුක්ති Tuesday, 01 January 2013 09:56 AM

අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් පාරට බැස්සහම ලැබෙන්නේ ගුටි බැට විතරයි. (නි)

:       0       0

උමාෂ් Monday, 31 December 2012 05:59 PM

මෙන්න අද ඉන්දියාවේ තත්වය. මේ අය මොනවා කළත් මේ පසුපස තියෙන අදිසි බලවේගය බටහිර ක්‍රියාත්මක වන කාන්තා විමුක්තිවාදය නම් විෂබීජයයි. මේ වගේ දේවල් සූක්ෂමව සැලසුමක් ඇතුව කරන්න පුලුවන්. අපේ රටේත් කාන්තා දිනයක් ආසන්නයේ මේ වගේ සිද්ධි කලක සිට සැලසුම් සහගතව වෙනවා. අපේ අයට ඒත් කල්පනාවක් නැහැ. (නි)

:       0       0

සම්පත් Monday, 31 December 2012 05:59 PM

ලංකාවේ මීට වැඩිය කෲර ලිංගික හිංසන වුණු වෙලාවේ මේ අය කොහේද හිටියේ? (නි)

:       0       0

නිවන්ත Monday, 31 December 2012 06:00 PM

බුදු පිළිමයට පිටුපාලා ඉන්න හොද නැහැනේ. (නි)

:       0       0

මධුක Tuesday, 01 January 2013 10:07 AM

අපේ රටේ වයස් භේදයකින් තොරව කාන්තාවට අපයෝජන,අතවර වෙනකොට ඇයි ඒවා පෙනෙන්නේ නැත්තේ? ඇයි අපේ රටේ සිංහල ,දෙමළ ,මුස්ලිම් කාන්තාවන්ට ගරුත්වයක්,අභිමානයක් නැද්ද ? සුද්දන්ට එන්න කියමු ඇවිත් රට බලන්න කියමු බලාලා ඉගෙනගන්න කියමු අපි සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි ... (නි)

:       0       0

ටිකිරි Monday, 31 December 2012 06:00 PM

මෙච්චර ලංකාවේ ‍දේවල් වුණා. ඒත් කවුරුවත් මෙහෙම කළේ නැහැනේ? (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Tuesday, 01 January 2013 10:15 AM

අනේ එයාලට 2013 වසර වෙනුවෙන් එයාලා කැමති දෙයක් කරන්න ඉඩදෙන්න. (නි)

:       0       0

ශිහාන් Monday, 31 December 2012 06:11 PM

ලංකාවේ නීතිය ගැන අපේ කාන්තාවන්ට විශ්වාසයක් තියෙන නිසයි ලංකාවේ වෙන දේවල් වලට උද්ඝෝෂණය නොකරන්නේ. (නි)

:       0       0

ග්‍රිෂාණි Monday, 31 December 2012 06:16 PM

ලංකාවේ කාන්තාවන්ට වෙන හිරිහැර ගැන මේ අය කථාවක්වත් නැහැනෙ. රෝහල් වල කාන්තාවන්ට වෙන කරදර ගැන පහුගිය දවස්වල කතා වුණා. එක වෘත්තීය සමිතියක්වත් ඒ ගැන කතා නැහැ. ලංකාවේ ගැහැනු වහල් සේවයට යවනවා, ඒකට විරුද්ධව වචනයක්වත් මේ අය කතා කරනවද? (නි)

:       0       0

ඊෂාක් Monday, 31 December 2012 06:21 PM

ඔය සහෝදරියෝ මින්පස්සේවත් අපේ රටේ වෙන ඒවාටත් ඉදිරියට එන්න හොදේ. (නි)

:       0       0

හේරත් Monday, 31 December 2012 06:28 PM

තමුන්ගේ ගෙදර ප්‍රශ්න තියෙද්දී අනුන්ගේ ගෙවල් වල ප්‍රශ්න වලට විසදුම් හොයන්න එපා. (නි)

:       0       0

දයාන් Monday, 31 December 2012 06:34 PM

අපිට කණගාටු අපේ රටේ වෙන කාන්තා දූෂණ වලට කවුරුවත් විරෝධය නොපාපු එකයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 06:40 PM

ඔයගමන්ම අපේ රටේ අසාධාරණයට පත් කාන්තාවන්ට සාධාරණයක් කරන්න කියලා බල කළා නම් තමයි හොද. (නි)

:       0       0

ලාල් ගලබඩ Monday, 31 December 2012 06:38 PM

කවුරු කොහොම කිවුවත් මේවා තමයි උත්තරීතර. (නි)

:       0       0

රුවන් Monday, 31 December 2012 06:44 PM

කහවත්තේ ඝාතන වලට කවුරුවත් පාරට බැස්සේ නැහැනේ. (නි)

:       0       0

තිසල් Monday, 31 December 2012 07:16 PM

තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇස් වල තියෙන රොඩු ඉවත්කරන්න යන්න එපා. (නි)

:       0       0

ප්‍රියා Monday, 31 December 2012 07:30 PM

ගතානුගතික නොවී ලෝකය දෙස අවධානයෙන් බලන්න. (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 07:34 PM

එළැඹෙන නව වසරේ සමස්ත ලාංකීය කාන්තාවන් වෙනුවෙන්ම හඩක් නැගීමට ඔබතුමියලාට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

කුසුමලතා ලංකාමුල්ල Tuesday, 01 January 2013 11:20 AM

මේ සිදුවීමට අපේ රටේ කාන්තාවෝ නැගී සිටින හැටි දැක්කහම මම හරි පුදුමයට පත්වුණා. මොකද මධුක කියලා තිබුණා වගේ වයස් භේදයකින් තොරව අපේ රටේ ස්ත්‍රී පරපුර අපයෝජනයට ලක් වෙනකොට මේ පිරිස හිටියේ කොහේද? අකුරැස්ස,තංගල්ල ඇතුලුව රටපුරා සිදු වූ සිදුවෙන, සිදුවීම්වලට විරෝධය පාන්න මේ පිරිසට පාරට ම වෙලා ඉන්න වේවි. හැබැයි මේවැනි සිදුවීම් වලින්වත් යම් කිසි අවදිවීමක් වුණොත් හොදයි. (නි)

:       0       0

අජිත් Tuesday, 01 January 2013 11:36 AM

මේ ලක් වනිතාවන්ට ලක්වාසී දූවරුන් දූෂණයට ලක්වද්දී ඊට එරෙහිව නැගී සිටින්නට නොහැකිද (නි)

:       0       0

වික්ස් Tuesday, 01 January 2013 11:41 AM

මේ උද්ඝෝෂණ දැකලා සිද්ධියට සම්බන්ධ මැරයෝ ටික දැන් බය වෙලා ඇති නේද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේවට වෙන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Monday, 31 December 2012 08:44 PM

මේකද ශ්‍රී ලංකාවේ ආශ්චර්යය? මට නම් නිකන් හින්දි චිත්‍රපටියක් වගෙයි. (නි)

:       0       0

ක්‍රිෂාන් Monday, 31 December 2012 08:48 PM

පළමුව කළයුත්තේ තමන්ගේ රටේ වෙන දේවල් වෙනුවෙන් නැගී සිටීමයි. (නි)

:       0       0

අමරා Monday, 31 December 2012 09:02 PM

කාන්තා දූෂණය හෙළා දකිමු. (නි)

:       0       0

විලී Tuesday, 01 January 2013 11:53 AM

ලංකාවේ මෙච්චර පොඩි ළමයි දුෂණය කරද්දී එයාලා හිටියේ ඉන්දි‍යාවේද කියන්න බැහැනේ. (නි)

:       0       0

රොහාන් Monday, 31 December 2012 09:11 PM

පළමුව තමන්ගේ රටේ වෙන කාන්තා අතවර ගැන සිතිය යුතුයි නේද? (නි)

:       0       0

සම්පත් Monday, 31 December 2012 09:13 PM

ලංකාවේ දූෂණය වුණු කාන්තාවන් වෙනුවෙන් එක සත්‍යග්‍රහයක් කළේ කවුද? (නි)

:       0       0

නිර්මාල් Tuesday, 01 January 2013 12:09 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (ස)

:       0       0

ටුආන් Monday, 31 December 2012 09:19 PM

දෙයියෝ සාක්කි කිවුවලු. (නි)

:       0       0

සුභාෂිණි Monday, 31 December 2012 09:25 PM

ලංකාවේ සිදුවෙන ගැණිය නොහැකි තරමේ අපරාධ වෙනුවෙන් කවුද පාරට බහින්නේ? (නි)

:       0       0

ශාන්ති Tuesday, 01 January 2013 12:12 PM

අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් වෙන අකටයුතුකම් වලට කෝ ලක් වනිතාවන්ගෙ ප්‍රතිචාර? (නි)

:       0       0

ගයාන් ඩුබායි Tuesday, 01 January 2013 12:28 PM

ඉන්දියාවේ වෙන දුෂණ වලට කෑගහන්න ඉස්සරවෙලා.ලංකාවේ වෙන දුෂණ වලට කතාකරන්න මේ අයට බැරිද.ලංකාවේ දුෂණවලට ඉන්දියාවේ උද්ඝෝෂණ කරනවද. (ස)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 09:45 PM

තමන්ගේ ඇහේ තියෙන පරාලෙට කලින් අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ දැක්කහම ඔහොම වෙනවාලුනේ. (නි)

:       0       0

වරුණ Tuesday, 01 January 2013 12:40 PM

ඔහොම ඒවා අනන්තවත් ලංකාවේ වෙද්දී ලක් වනිතාවො හිටියේ කොහේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 31 December 2012 09:52 PM

ස්ත්‍රී දූෂණ සියය සමරා පාටි දමපු කෙනෙක්, බාල වයස්කාරියක් අපචාරයේ යෙදවීම ගැන අත්අඩංගුවට ගත්තාම, එයාව නිදහස් කරන්න කියලා උද්ඝෝෂණ කරපු රටේ නෙවෙයිද අපි ඉන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 482 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 408 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2444 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 979 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 833 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 361 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site