ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ඉකුත් දා මැර රංචුවකින් කෙළෙසීමට ලක්වී සිංගප්පූරු රෝහලකදී මිය ගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයට විරෝදය දැක්වීමත්, එම දූෂිතයනට වහා දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටදී අද උදෑසන නිහඬ සත්‍යග්‍රහයක් සහ විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම සිදු විය.
එක්සත් ලක් වනිතා පෙරමුණ මේ විරෝධතාව සංවිධානය කළේය.
එම පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ, කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ බරිඳ ෆෙරෝඩා මුසම්මිල් යන මහත්මීන් ඇතුළු කාන්තාවෝ පිරිසක් මෙයට එක්වූහ.
මහ මග ගමන් කරන ජනතාව පැමිණ මෙම විරෝධතාවට සහාය පල කරමින් පෙත්සමට අත්සන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බලංහිටියේ ඇයි මේ අපේ අය තවම නිහඩ කියලයා. (ස)
ඉන්දියාවේ ප්‍රශ්න එයාලා බලාගනීවි. අපි මොකටද අතදාන්නේ? (නි)
අයගය කරනවා. නමුත් අපේ රටේ මෙච්චර දේ වෙලත් මේ වෙනකම් කිසිම කෙනෙකුගේ හඩ ඉස්මතු නොවූයේ ඇයි ?? (ස)
මෙහෙම දේකට උද්ඝෝෂණය කල එක නම් වරදක් කියන්න බෑ.ඒත් ලංකාවෙ සිදුවෙන ස්ත්‍රී දූෂණ,ළමා අපචාර ගැන පාරට බැහැලා විරෝධයක් පාන්න කාන්තා සංවිධානයක් නැති එකයි දුක. ඉන්දියාවෙ මිනිස්සු කොහොම හරි දූෂණයට මරණීය දණ්ඩණය නීති ගත කරගනී මේ පාර.(ස)
මේ කාන්තාවන් ලංකාවේ තොරතුරු හරිහැටි නොදන්නා අයද? (නි)
ලංකාවේ වුණා නම් ඉතින්, දේශපාලඥයින් බොහොමයකගේ බිරියන්ට මේකට එන්න බැරිවෙයි. ඇයි ඉතින්, තමන්ගෙම ස්වාමි පුරුෂයට කොහොමද විරුද්ධ වෙන්නේ? (නි)
ලංකාවේ සිදුවූ එකම එක දූෂණ ප්‍රශ්නයක්වත් මේ අයට ප්‍රශ්නයක් නොවුණේ ඇයි? (නි)
ඉතාමත් හොද වැඩක්. ඒත් අනේ මේ නෝනා මහත්තයලාට මෙහේ වෙන දේවල් නොපෙනෙන්නේ ඇයි? (නි)
පුළුවන් නම් ලංකාවේ සිදුවුණු දුෂණ වලට විරෝධතා දක්වන්න. (නි)
ඉන්දියාවේ මෙන්, ලංකාවේ මහජන විරෝධයක් ඇතිවේ යැයි හිතීම විහිළුවක්. ලංකාවේ විරෝධයට සහභාගී වී ඇත්තේ අතලොස්සක් වන අතර , තරුණ කොටස්වල සහභාගිත්වයක් නැති තරම්ය. ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ වලට විරුද්ධව පවත්වන විරෝධතාවල තරුණ කොටස්වල කැපීපෙනෙන සහභාගිත්වයක් ඇත. නව දිල්ලි විශ්ව විද්‍යාලවල සිසුන් මෙහි පෙරමුණේම සිටිනබව පෙනේ. (නි)
වැඩේ වරදක් නම් නැහැ. ඒත් වෙන්න ඕනෑ තැනට වෙන්නේ නැතුව නොවෙන්න ඕනෑ තැනට වෙනකොට තමා මට යකා නගින්නෙ. ලංකාවේ මේ වගේ දේවල් කීයක් වුණාද? ඒ එකකටවත් කෑ නොගහපු අය,අපේ රටට වඩා හැට හතර ගුණයක් විශාල ඉන්දියාවේ වෙච්ච දේට කිඹුල් කඳුලු හෙළන හැටි දැක්කහම අනුකම්පාත් හිතෙනවා. ඒකයි ඇත්ත. කවුද ඉන්නේ ලංකාවේ අපරාධකාරයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා කියන්න කටක් තියෙන...? (නි)
ලංකාවේ වෙන දේ දන්නේ නැහැ , පිටරවල වෙන දේ තමයි පෙනෙන්නේ දැනෙන්නේ ! (ස)
ලංකාවේ උද්ඝෝෂණය කරන්න අවශ්‍යතාව තිබුණත් එහෙම නොකරන්නේ ජීවිතේට තියෙන ආශාවට කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සමහරවිට පාරටම වෙලා ඉන්න වෙන නිසා වෙන්න ඇති අපේ රටේ දුෂණ වලට පාරට බහින්නෙ නැත්තෙ.හැමදාම ඔය දූෂණ වෙනවනෙ අපේ රටේ. (නි)
ලංකාවේ මෙවැනි දේවල් වෙද්දී එයාලා ඉන්න ඇත්තේ සමහරවිට ඉන්දියාවේ. (නි)
අපේ කෙල්ලො වෙනුවෙන් පාරට බැස්සහම ඒ හැටි ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නැහැනෙ. ඒක වෙන්න ඇති. (නි)
ලංකාවේ අසරණ දරුවන් කොච්චර මැරුණද? එක්කෙනෙක් බැස්සද පාරට? (නි)
ලංකාවේ වුණ දේවල් වලට මේ කට්ටිය මොකද කළේ? ඉස්සරහට බලමු මේ අය කොහේද ඉන්නේ කියලා. හැමෝම මේ අයව මතක තියාගන්න. බලමු ලංකාවේදී මොනවා හරි වුණහම සහ වුණ දේවල් වලට මේ අය ඉස්සරහට එයිද එනවාද කියලා... (නි)
මෙච්චර කාලයක් ලංකාවේ කොච්චර දූෂණ, මිනීමැරුම් වුණාද? (නි)
අපේ රටේ පුංචි දැරිවියො, කාන්තාවො, වයසක ආත්තම්මලා පවා දූෂණය කළා. මැරුවා. එතකොට එයාලා හිටියෙ කොහෙද? (නි)
කලබල වෙන්න එපා , කට්ටිය දැන්ද ඇහැරිලා තියෙන්නේ (ස)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (ස)
ඇයි එයාලා අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ දූෂණ චෝදනාව ගැන කතා නොකරන්නේ? (නි)
ලංකාවේ මේ වගේ දේ වෙනකොට මෙයාලා හිටියේ ඉන්දියාවෙද දන්නේ නෑ (ස)
කහවත්තේ, කොටකෙතන ගමත් තියෙන්නේ මේ ලංකාවෙමයි කියලා දන්නෙ නැතුවාවද්ද? (නි)
ඉන්දියාවේ කෙල්ලෝ විතරද කෙල්ලෝ. එතකො ලංකාවේ ඉන්න කෙල්ලෝ ???? (ස)
අපේ රටේ මෙවැනි දූෂන පිටිපස්සේ ඉන්නේ ලොකු ලොක්කන්ගේ උදවිය. ඉතින් කොහොමද පාරට බහින්නේ? (නි)
අර කහවත්ත පැත්තේ මියගිය අය වෙනුවෙනුත් යමක් කළොත් නේද හොද? (නි)
ඔහොම ඒවා අනන්තවත් ලංකාවේ වෙද්දී ලක් වනිතාවො හිටියේ කොහේද? (නි)
ඉන්දියාවේ වෙන දුෂණ වලට කෑගහන්න ඉස්සරවෙලා.ලංකාවේ වෙන දුෂණ වලට කතාකරන්න මේ අයට බැරිද.ලංකාවේ දුෂණවලට ඉන්දියාවේ උද්ඝෝෂණ කරනවද. (ස)
අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් වෙන අකටයුතුකම් වලට කෝ ලක් වනිතාවන්ගෙ ප්‍රතිචාර? (නි)
ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ... (නි)
ලංකාවේ මෙච්චර පොඩි ළමයි දුෂණය කරද්දී එයාලා හිටියේ ඉන්දියාවේද කියන්න බැහැනේ. (නි)
මේ උද්ඝෝෂණ දැකලා සිද්ධියට සම්බන්ධ මැරයෝ ටික දැන් බය වෙලා ඇති නේද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේවට වෙන්න ඕනෑ. (නි)
මේ ලක් වනිතාවන්ට ලක්වාසී දූවරුන් දූෂණයට ලක්වද්දී ඊට එරෙහිව නැගී සිටින්නට නොහැකිද (නි)
මේ සිදුවීමට අපේ රටේ කාන්තාවෝ නැගී සිටින හැටි දැක්කහම මම හරි පුදුමයට පත්වුණා. මොකද මධුක කියලා තිබුණා වගේ වයස් භේදයකින් තොරව අපේ රටේ ස්ත්‍රී පරපුර අපයෝජනයට ලක් වෙනකොට මේ පිරිස හිටියේ කොහේද? අකුරැස්ස,තංගල්ල ඇතුලුව රටපුරා සිදු වූ සිදුවෙන, සිදුවීම්වලට විරෝධය පාන්න මේ පිරිසට පාරට ම වෙලා ඉන්න වේවි. හැබැයි මේවැනි සිදුවීම් වලින්වත් යම් කිසි අවදිවීමක් වුණොත් හොදයි. (නි)
අනේ එයාලට 2013 වසර වෙනුවෙන් එයාලා කැමති දෙයක් කරන්න ඉඩදෙන්න. (නි)
අපේ රටේ වයස් භේදයකින් තොරව කාන්තාවට අපයෝජන,අතවර වෙනකොට ඇයි ඒවා පෙනෙන්නේ නැත්තේ? ඇයි අපේ රටේ සිංහල ,දෙමළ ,මුස්ලිම් කාන්තාවන්ට ගරුත්වයක්,අභිමානයක් නැද්ද ? සුද්දන්ට එන්න කියමු ඇවිත් රට බලන්න කියමු බලාලා ඉගෙනගන්න කියමු අපි සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි ... (නි)
අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් පාරට බැස්සහම ලැබෙන්නේ ගුටි බැට විතරයි. (නි)
ඉන්දියාවේ කාන්තාවන් දුෂණය නොකර අපේ කාන්තාවන් දැරියන් දුෂණය කරන්න කියලා කියන එකද මේකේ තේරුම? (නි)
ලෝකෙට පොල් - ගමට පැපොල්.... (නි)
මෙච්චර ලංකාවේ මීට හපන් ඒවා වුණා. ඒත් කවුරුවත් මෙහෙම කළේ නැහැනේ? (නි)
ලංකාවේ නීතිය ගැන අපේ කාන්තාවන්ට විශ්වාසයක් තියෙන නිසයි ලංකාවේ වෙන දේවල් වලට උද්ඝෝෂණය නොකරන්නේ. (නි)
මෙච්චර ලංකාවේ දේවල් වුණා. ඒත් කවුරුවත් මෙහෙම කළේ නැහැනේ? (නි)
බුදු පිළිමයට පිටුපාලා ඉන්න හොද නැහැනේ. (නි)
ලංකාවේ මීට වැඩිය කෲර ලිංගික හිංසන වුණු වෙලාවේ මේ අය කොහේද හිටියේ? (නි)
මෙන්න අද ඉන්දියාවේ තත්වය. මේ අය මොනවා කළත් මේ පසුපස තියෙන අදිසි බලවේගය බටහිර ක්‍රියාත්මක වන කාන්තා විමුක්තිවාදය නම් විෂබීජයයි. මේ වගේ දේවල් සූක්ෂමව සැලසුමක් ඇතුව කරන්න පුලුවන්. අපේ රටේත් කාන්තා දිනයක් ආසන්නයේ මේ වගේ සිද්ධි කලක සිට සැලසුම් සහගතව වෙනවා. අපේ අයට ඒත් කල්පනාවක් නැහැ. (නි)
ලංකාවේ අපිට පුලුවන් කොපි කරන්න විතරමද? (නි)
ලංකාවේ වෙන අපරාද ගැන කවුරුවත් කතා නැහැනේ. (නි)
නීතිය ජනතාව අතට ගත යුතුයි (ස)
ලංකාවේ කොච්චර අහිංසක කෙල්ලන් දූෂණය වෙනවද? කෝ කවුරුවත් නැහැනේ ඒවට කතාකරන්න? (නි)
ලංකාවේ කාන්තාවන්ට වෙන හිරිහැර ගැන මේ අය කථාවක්වත් නැහැනෙ. රෝහල් වල කාන්තාවන්ට වෙන කරදර ගැන පහුගිය දවස්වල කතා වුණා. එක වෘත්තීය සමිතියක්වත් ඒ ගැන කතා නැහැ. ලංකාවේ ගැහැනු වහල් සේවයට යවනවා, ඒකට විරුද්ධව වචනයක්වත් මේ අය කතා කරනවද? (නි)
අපි බොහොම අගය කරනවා අපේ කාන්තාවන් කොටකෙතන ඝාතන වලට විරුද්ධවත් පාරට බහිනවා නම්. (නි)
මේවා දකිනකොට අඩනවද, හිනාවෙනවද කියලා තේරුම්ගන්න අමාරුයි. (නි)
මේ අයට අපේ රටේ සිදුවුණ මෙවැනි දේ පෙනුනේ නැද්ද .(ස)
බොහොම හොදයි අදහස. එත් ප්‍රශ්නේ, ඉන්දියාවෙ දෙයකට උත්ඝෝෂණ කරන්න ඕනෑ තරම් කාන්තා සංවිධාන තියෙනවා. නමුත් අපේ රටේ වෙන දුෂණ, ළමා අපචාර සම්බන්ධයෙන් නම් මම තවම දැක්කෙ නැහැ කිසිම කාන්තා සංවිධානයක් උපවාස කරනවා. කණගාටුව ඒකයි. (නි)
ඔයාලා හරි දේ කරනවා නම් ලංකාවේ ඉන්න කාන්තාවන් සහ ගැහැණු ළමයින්ව පළමුව බේරාගන්න. (නි)
ලංකාවේ මෙච්චර අහිංසක කෙල්ලෝ දුෂණය කරනවා. ඒවා ගැන ගානක්වත් නැහැ. (නි)
අගය කළ යුතුය. නමුත් චේතනාව යහපත් වියයුතුය. (නි)
මොනවද ඒ ගමන මේ වෙන්නේ? (නි)
පිටරැටියන් දෙස බලාවත් අපි පාඩමක් ඉගෙනිය යුතුයි. (නි)
මේකද ශ්‍රී ලංකාවේ ආශ්චර්යය? මට නම් නිකන් හින්දි චිත්‍රපටියක් වගෙයි. (නි)
මට පිස්සුද? නැත්නම් පෙනෙන හැටිද? (නි)
ස්ත්‍රී දූෂණ සියය සමරා පාටි දමපු කෙනෙක්, බාල වයස්කාරියක් අපචාරයේ යෙදවීම ගැන අත්අඩංගුවට ගත්තාම, එයාව නිදහස් කරන්න කියලා උද්ඝෝෂණ කරපු රටේ නෙවෙයිද අපි ඉන්නේ? (නි)
තමන්ගේ ඇහේ තියෙන පරාලෙට කලින් අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ දැක්කහම ඔහොම වෙනවාලුනේ. (නි)
ලංකාවේ සිදුවෙන ගැණිය නොහැකි තරමේ අපරාධ වෙනුවෙන් කවුද පාරට බහින්නේ? (නි)
දෙයියෝ සාක්කි කිවුවලු. (නි)
ලංකාවේ දූෂණය වුණු කාන්තාවන් වෙනුවෙන් එක සත්‍යග්‍රහයක් කළේ කවුද? (නි)
පළමුව තමන්ගේ රටේ වෙන කාන්තා අතවර ගැන සිතිය යුතුයි නේද? (නි)
කාන්තා දූෂණය හෙළා දකිමු. (නි)
පළමුව කළයුත්තේ තමන්ගේ රටේ වෙන දේවල් වෙනුවෙන් නැගී සිටීමයි. (නි)
හොද වැඩක්. ඒත් ඇයි ලංකාවේ ඒවාට එරෙහි නොවෙන්නේ? (නි)
එළැඹෙන නව වසරේ සමස්ත ලාංකීය කාන්තාවන් වෙනුවෙන්ම හඩක් නැගීමට ඔබතුමියලාට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
ගතානුගතික නොවී ලෝකය දෙස අවධානයෙන් බලන්න. (නි)
තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇස් වල තියෙන රොඩු ඉවත්කරන්න යන්න එපා. (නි)
කහවත්තේ ඝාතන වලට කවුරුවත් පාරට බැස්සේ නැහැනේ. (නි)
කවුරු කොහොම කිවුවත් මේවා තමයි උත්තරීතර. (නි)
ඔයගමන්ම අපේ රටේ අසාධාරණයට පත් කාන්තාවන්ට සාධාරණයක් කරන්න කියලා බල කළා නම් තමයි හොද. (නි)
අපිට කණගාටු අපේ රටේ වෙන කාන්තා දූෂණ වලට කවුරුවත් විරෝධය නොපාපු එකයි. (නි)
තමුන්ගේ ගෙදර ප්‍රශ්න තියෙද්දී අනුන්ගේ ගෙවල් වල ප්‍රශ්න වලට විසදුම් හොයන්න එපා. (නි)
ඔය සහෝදරියෝ මින්පස්සේවත් අපේ රටේ වෙන ඒවාටත් ඉදිරියට එන්න හොදේ. (නි)