IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලංකා සංක්‍රමනිකයනට සෞදියේ ලොකු තැනක්

සෞදි අරාබියේ  වෙසෙන  කෝටියක් පමණ වන විදේශිය   ශ්‍රමිකයන්ගෙන්  හොදම ශ්‍රම බලකායේ  තැන  ශ්‍රී ලංකාවට  හිමිව ඇතැයි පසුගිය සතියේ  සෞදි අරාබියේ  අල්වතානියා  පුවත්පත කියයි.

 සෞදි කම්කරුඅමාත්‍යංශය වසරක් පාසා මෙම සමීක්ෂණය පවත්වයි.

අවම සේවක ප්‍රශ්න, කාර්යක්ෂමතාව, දක්ෂතාව, සහ ආචාරශිලි බව මෙන්ම අනෙකුත් සංහිදියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්  ඉදිරියෙන්ම සිටින බවද අල් වතානියා   පුවත්පත පෙන්වා දෙයි

 වර්ෂ 2012 දී ඉන්දිය ශ්‍රමිකයින්ට හිමිව ඇත්තේ  දෙවැනි තැනයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්  ලක්ෂ පහ හමාරකට වැඩියෙන් සිටිති.



අදහස් (0)

ලංකා සංක්‍රමනිකයනට සෞදියේ ලොකු තැනක්

මුතුකුඩ Wednesday, 27 March 2013 12:51 AM

ඔය ලංකාවේ කවුරු මොනවා කිවුවත් සෞදි රැකියා සදහා පැමිණෙනබොහෝ දෙනෙකු යම් තරමකට ෙහා් තම දරිද්‍රතාවයෙන් මිදී ආධ්‍යාත්මික පසුතලයක් මත තම පවුල් තුල යමක් කමක් කරගත්බව නම් නොරහසකි. ලංකාවටද ලැබෙන විදේශවිනිම අනුපාතය අනුවද එය මැනවින් ඔප්පුකර ඇත. (නි)

:       0       0

ජයකොඩි Tuesday, 26 March 2013 03:46 PM

ශා.. නියමයිනේ.!(නු)

:       0       0

බොතේජු සෞදිඅරාබිය Tuesday, 26 March 2013 03:56 PM

අනික් හැම රටම සේවකයන්ගේ මාසික වැටුප වැඩිකරලා.. සෞදිය දැං ලොකු අපහසුතාවයකට පත්වෙලා තියෙන්නේ..ලංකාවෙන් එන අයට පඩි වැඩිකරන එක. ලාංකිකයෙකුට දෙන මාසික වැටුප රියාල් 750යි සෞදියෙ ගෙදරක එක වේලකට රියාල් 1000ක් විතර වියදම් කරනවා(නු)

:       0       0

ශ්‍යාමල් මධුසංක Tuesday, 26 March 2013 04:07 PM

මොනවාද කියන්න තියෙන්නේ.. අහිංසක දුප්පත් මිනිස්සු මේවා අගයන්න ඕනෙ වගකිවයුත්තෝද?(නු)

:       0       0

ප්‍රගීත් මංජුල Tuesday, 26 March 2013 04:04 PM

නියමයි..(නු)

:       0       0

ජානක ධර්මසිරි Tuesday, 26 March 2013 04:12 PM

ඇත්තටම සතුටුයි.. අපේ අය කොහොමත් අසරණ අවංක ජාතියක්.. ඒ රටවල සමහර අයගෙන් සිදුවන වද හිංසා එරට වගකිවයුත්තන් දැනුවත් කරනවානම් තව කෙතරම් අය යයිද?(නු)

:       0       0

ද සිල්වා Tuesday, 26 March 2013 04:19 PM

හොද හින්දද ඇගට ඇණ ගහන්නේ.. වද හිංසා කරන්නේ.. හිස ගසා දමන්නේ.. අනේ නිකං බොරු කියන්න එපා.. මෙවැනි අය ඉන්න රටකින් ලැබෙන සම්මාන අපට එපා.. ඔයාලාම තියාගන්න.,!(නු)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 07:46 AM

අපේ සමහර ලාංකික අයියලා කරන අපචාර නිසා තමයි ශ්‍රමිකයන්ට තැන නැතිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 26 March 2013 05:39 PM

මෙලායා ලොකුම තැන දුන්නේ රිසානාට...!(නු)

:       0       0

සුපුන් Wednesday, 27 March 2013 10:28 AM

මෙන්න තව තව කාන්තාවන් රට යවන්න හොද තුරුම්පුවක්. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 27 March 2013 10:33 AM

අපේ ජාතිය ලෝකයේ හොදම ජාතියක් බව අරාබිකරයේ අයට ප්‍රමාද වෙලා හරි තේරෙන්න ඇති. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Tuesday, 26 March 2013 06:43 PM

මෙය ලංකාදීපයේ දෙවන වතාවට පලවන පුවතක්. මා පෙබරවාරියේ ලංකාවට ගොස් නැවත සව්දියට පැමිණි කෙනෙක්.මගේ අසනීපයකට බෙහෙත් අරගෙන රක්ෂණ මුදලක් ගත හැකි දැයි බත්තරමුල්ල කර්යාලයෙන් දුරකතනයෙන් ඇසුවිට කීවේ දැන් ගෙවන එක නවතා ඇති බවය. ලක්ෂ පහමාරක් ශ්‍රී ලාංකිකයන් හිටියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපට ලැබෙන ප්‍රයෝජනය මොනවද කියා මා අසන්නෙමි.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් මෙය බලනවා නම් එසැන පුවත් තුලින් පිළිතුරක් බලපොරොත්තු වෙමි. (නු)

:       0       0

සරත් Tuesday, 26 March 2013 07:31 PM

රිසානාට ස්තුතියි..!(නු)

:       0       0

ජයන්ත. Tuesday, 26 March 2013 07:58 PM

අහන්නත් සතුටුයි..!(නු)

:       0       0

ජයන්ත විදානපතිරණ Tuesday, 26 March 2013 07:58 PM

අහන්නත් ආසයි අපි ලාංකිකයන් දැං ඉහළ තැනක..!(නු)

:       0       0

ජයන්ත විදාන පතිරණ Tuesday, 26 March 2013 08:04 PM

මමත් වැඩකරමින් ඉන්නේ අවුරුදු විසි පහක සිට සෞදි අරාබියේ..!(නු)

:       0       0

ලංකා Tuesday, 26 March 2013 08:42 PM

ඒ උනාට ලාංකික ජනතාව සිහි කල්පනාවෙන් වැඩ කරන්න (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 26 March 2013 10:09 PM

මේකනම් විශ්වාස කරන්න අමාරුයි. අපේ අය මෙහෙ දිගට හරහට පෙරනවා. ඇතුලෙත් ඉන්නවා තුන්සීයකට වැඩි පිරිසක්. මමත් ඉන්නෙ රියාද්වල. (නි)

:       0       0

බන්දුල Tuesday, 26 March 2013 10:39 PM

මොහමඩ් රිස්වාන්, ඒ වගේම තමයි ගුවන් තොටුපල තුල සාරි අන්දපු නෝනලා යන මගීන්ව හරස් කරගෙන පාස් පෝට් පරීක්ෂා කරලා හරියට වැරද්දක් කරපු කෙනෙක්ව ඇල්ලුවා වගේ මෙයාව එහෙට දාන්න , පෝලිමට යවන්න කියා රවාගෙන ඉන්නවා. අපි 3600ක් ගෙවුවත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් අප ලබන්නේ නැහැ. රජය ප්‍රධාන ආදායම් මාර්ගය ලබන්නේ මේ මැද පෙරදිග ඉන්න අපගෙන්ය. (නි)

:       0       0

පාරා Tuesday, 26 March 2013 11:08 PM

ලංකාවේ අය අපි ගැන දන්නේ නැහැ. ඒකනේ කුඩම්මාගේ සැලකිල්ල.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 869 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 472 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 351 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 611 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 404 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1114 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site