සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ වන විදේශිය ශ්‍රමිකයන්ගෙන් හොදම ශ්‍රම බලකායේ තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පසුගිය සතියේ සෞදි අරාබියේ අල්වතානියා පුවත්පත කියයි.
සෞදි කම්කරුඅමාත්‍යංශය වසරක් පාසා මෙම සමීක්ෂණය පවත්වයි.
අවම සේවක ප්‍රශ්න, කාර්යක්ෂමතාව, දක්ෂතාව, සහ ආචාරශිලි බව මෙන්ම අනෙකුත් සංහිදියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉදිරියෙන්ම සිටින බවද අල් වතානියා පුවත්පත පෙන්වා දෙයි
වර්ෂ 2012 දී ඉන්දිය ශ්‍රමිකයින්ට හිමිව ඇත්තේ දෙවැනි තැනයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ පහ හමාරකට වැඩියෙන් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් ආසයි අපි ලාංකිකයන් දැං ඉහළ තැනක..!(නු)
අපේ ජාතිය ලෝකයේ හොදම ජාතියක් බව අරාබිකරයේ අයට ප්‍රමාද වෙලා හරි තේරෙන්න ඇති. (නි)
මෙන්න තව තව කාන්තාවන් රට යවන්න හොද තුරුම්පුවක්. (නි)
අපේ සමහර ලාංකික අයියලා කරන අපචාර නිසා තමයි ශ්‍රමිකයන්ට තැන නැතිවෙලා තියෙන්නේ. (නි)
ඔය ලංකාවේ කවුරු මොනවා කිවුවත් සෞදි රැකියා සදහා පැමිණෙනබොහෝ දෙනෙකු යම් තරමකට ෙහා් තම දරිද්‍රතාවයෙන් මිදී ආධ්‍යාත්මික පසුතලයක් මත තම පවුල් තුල යමක් කමක් කරගත්බව නම් නොරහසකි. ලංකාවටද ලැබෙන විදේශවිනිම අනුපාතය අනුවද එය මැනවින් ඔප්පුකර ඇත. (නි)
ලංකාවේ අය අපි ගැන දන්නේ නැහැ. ඒකනේ කුඩම්මාගේ සැලකිල්ල.(නදී)
මොහමඩ් රිස්වාන්, ඒ වගේම තමයි ගුවන් තොටුපල තුල සාරි අන්දපු නෝනලා යන මගීන්ව හරස් කරගෙන පාස් පෝට් පරීක්ෂා කරලා හරියට වැරද්දක් කරපු කෙනෙක්ව ඇල්ලුවා වගේ මෙයාව එහෙට දාන්න , පෝලිමට යවන්න කියා රවාගෙන ඉන්නවා. අපි 3600ක් ගෙවුවත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් අප ලබන්නේ නැහැ. රජය ප්‍රධාන ආදායම් මාර්ගය ලබන්නේ මේ මැද පෙරදිග ඉන්න අපගෙන්ය. (නි)
මේකනම් විශ්වාස කරන්න අමාරුයි. අපේ අය මෙහෙ දිගට හරහට පෙරනවා. ඇතුලෙත් ඉන්නවා තුන්සීයකට වැඩි පිරිසක්. මමත් ඉන්නෙ රියාද්වල. (නි)
ඒ උනාට ලාංකික ජනතාව සිහි කල්පනාවෙන් වැඩ කරන්න (දී)
මමත් වැඩකරමින් ඉන්නේ අවුරුදු විසි පහක සිට සෞදි අරාබියේ..!(නු)
ශා.. නියමයිනේ.!(නු)
අහන්නත් සතුටුයි..!(නු)
රිසානාට ස්තුතියි..!(නු)
මෙය ලංකාදීපයේ දෙවන වතාවට පලවන පුවතක්. මා පෙබරවාරියේ ලංකාවට ගොස් නැවත සව්දියට පැමිණි කෙනෙක්.මගේ අසනීපයකට බෙහෙත් අරගෙන රක්ෂණ මුදලක් ගත හැකි දැයි බත්තරමුල්ල කර්යාලයෙන් දුරකතනයෙන් ඇසුවිට කීවේ දැන් ගෙවන එක නවතා ඇති බවය. ලක්ෂ පහමාරක් ශ්‍රී ලාංකිකයන් හිටියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපට ලැබෙන ප්‍රයෝජනය මොනවද කියා මා අසන්නෙමි.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් මෙය බලනවා නම් එසැන පුවත් තුලින් පිළිතුරක් බලපොරොත්තු වෙමි. (නු)
මෙලායා ලොකුම තැන දුන්නේ රිසානාට...!(නු)
හොද හින්දද ඇගට ඇණ ගහන්නේ.. වද හිංසා කරන්නේ.. හිස ගසා දමන්නේ.. අනේ නිකං බොරු කියන්න එපා.. මෙවැනි අය ඉන්න රටකින් ලැබෙන සම්මාන අපට එපා.. ඔයාලාම තියාගන්න.,!(නු)
ඇත්තටම සතුටුයි.. අපේ අය කොහොමත් අසරණ අවංක ජාතියක්.. ඒ රටවල සමහර අයගෙන් සිදුවන වද හිංසා එරට වගකිවයුත්තන් දැනුවත් කරනවානම් තව කෙතරම් අය යයිද?(නු)
නියමයි..(නු)
මොනවාද කියන්න තියෙන්නේ.. අහිංසක දුප්පත් මිනිස්සු මේවා අගයන්න ඕනෙ වගකිවයුත්තෝද?(නු)
අනික් හැම රටම සේවකයන්ගේ මාසික වැටුප වැඩිකරලා.. සෞදිය දැං ලොකු අපහසුතාවයකට පත්වෙලා තියෙන්නේ..ලංකාවෙන් එන අයට පඩි වැඩිකරන එක. ලාංකිකයෙකුට දෙන මාසික වැටුප රියාල් 750යි සෞදියෙ ගෙදරක එක වේලකට රියාල් 1000ක් විතර වියදම් කරනවා(නු)