IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලාංකිකයා ලංකාවම කයි

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ  බස් රථයකදී දාහත් හැවිරිදි ඉතාලි ජාතික ගැහැණු ළමයකුගේ අයි ෆෝනයක් සොරකම් කළැයි  ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.

බස් රථයක ගමන් ගන්නා විටදී  ඇගේ දුරකතනය නැති වී ඇති අතර  පසුව ඇයගේ සහෝදරියගේ ජංගම දුරකතනයෙන් නැති වු ‍දුරකතනය සම්බන්ධ කැර ගැනිමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇති අතර පසුව සොහොයුරියගේ දුරකතනයට ආ කෙටි පණිවිඩයෙන් කියැවුණේ දුරකතනය මා ළග ඇත එය ගැනීමට නම් යුරෝ තුන්සීයක් (රුපියල් 54600)  ද අවශ්‍ය ඇත යන්නයි.

පසුව  නැවත නැවත  ඇමතුම් ලබා දුන් වේලාවේ නැවත ඔහු කෙටි පණිවුඩ මගින් දන්වා ඇත්තේ  ‘කතා නැත මුදල් පමණයි‘ යන්නයි.

පසුව   දෙපැත්තේම එකඟතාවය මත පොලීසියට ද දන්වා  සරුඝෝෂා මාවතේ පිහිටි සුපිරි වෙළදසල අසලට  ගොස් දුරකතනය සොරාගත් පුද්ගලයා සෙවු නමුත් ඔහු එහි නොවීය.

නැවත ඇමැතුමක් දුන් විට ඔහු අසල ගොඩනැගිල්ලක හිද දුරකතනයද පෙන්වා සංඥාවක් දීමෙන් අනතුරුව මව සහ දියණිය එම ස්ථානයට ගිය විට සිවිල් වෙසින් සිටි පොලීසිය  ඔහු අත්අඩංගුවට ගත්තේය.



අදහස් (0)

ලාංකිකයා ලංකාවම කයි

සෙන්තිල් Thursday, 12 December 2013 04:25 AM

ෆස්රුල් ගෆූර්,මේවට කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

සනී Wednesday, 11 December 2013 07:40 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

රනිල් Thursday, 12 December 2013 04:53 AM

වෙන්නප්පුවේ තමයි ,...කම්බා හොරු (අ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 12 December 2013 02:21 PM

වෙන්නප්පුව ගැන දොඩවන රනිල් මොන රටේද? මොන ගමේද? (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 11 December 2013 08:05 PM

හොද වැඩක් අපිටත් ආඩම්බරයි.(නදී)

:       0       0

මරික් Thursday, 12 December 2013 02:29 PM

ජෝන්, මෙතන හැමෝම තමන්ගෙ අදහස් නිවැරදිව සදහන් කරලා තියෙනවා. මෙතන ජාති බේදයක් අවශ්‍ය නැහැ. මොකෝ ඒ කෙනා ජෝන්ගෙ සහෝදරයෙක් ද?? (ස)

:       0       0

සිල්වා Thursday, 12 December 2013 06:00 AM

මොන රටේ ගියත් තමන්ගේ පුරුද්ද පෙන්නනවා. ඕවා හදන්න බැහැ. (නි)

:       0       0

ජසීම් Wednesday, 11 December 2013 08:19 PM

කොහේ ගියත් පුරුදු වැඩ (නි)

:       0       0

ද සිල්වා Thursday, 12 December 2013 07:16 AM

ඕවත් වැඩද? ඔය වගේද අපේ එක්කෙනෙක් කළ වැඩේ? චාල්ස් කුමාරයා , ඩේවිඩ් කැමරන් පවා ඒ ගැන ප්‍රශ්න කරනවා. (නි)

:       0       0

සරීන් Thursday, 12 December 2013 11:52 PM

ආරේ ගුණ නෑරේ... (නි)

:       0       0

බණ්ඩා Wednesday, 11 December 2013 08:53 PM

මට නම් හැගෙන හැටියට මොහු ටිකක් මානසික ගැටළුවක් ඇති අයෙක් (නි)

:       0       0

ජෝන් Wednesday, 11 December 2013 09:00 PM

අපේ කෙනෙකුට කරදරයක් වුණහම රිස්වාන්ලගේ අයට ගොඩක් සතුටුයි නේද? (නි)

:       0       0

අරුණ Wednesday, 11 December 2013 09:18 PM

මට හිතෙන විදිහට වෙන්නප්පුවේ කෙනෙක්ම වෙන්න ඕනෑ. (නි)

:       0       0

නිශාන්ත පේමසිරි Friday, 13 December 2013 10:25 PM

ඕකෙන් වෙන්නේ ලංකාවෙ ඹක්කොම ගැන හිතන්නේ හොරු කියලා. (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 13 December 2013 01:00 AM

ෂෙරින්,මම පැති භේදයක් ගැන නිකමටවත් සදහන් කරලා නැහැ. ඔන්න ඔයා පටලවාගෙන. ඔයා දා තිබෙන දෙවැනි අදහසට දුන් උත්තරය නැවතත් කියවන්න.මමත් කැමැති නැහැ අපේ හුග දෙනෙක් වෙන්නප්පුවේ අයට බනිනවාට. ඒක වැරදියි.අනෙක පිට පළාත් වලින් ආ අයත් වැරදි කරනවා. කවුරු කළත් අන්තිමට නම යන්නේ වෙන්නප්පුවේ තමයි (නි)

:       0       0

කළණ Thursday, 12 December 2013 08:42 AM

මේ අය හොරෙන් ගිහින් රට කනවා. ඇයි හුඟක් යන්නේ හොරු, උගත්කමක් නැති, මනුස්සකම දන්නේ නැති අය. ලංකාවේ මිනිහෙකුට දැන් එහෙ සංචාරය කරන්නත් බැහැ. බලන්නේ අමුතු ආකාරයට. (නි)

:       0       0

යාන් Wednesday, 11 December 2013 09:54 PM

මෙහෙම මිනිස්සු නිසා තමයි ලංකාවේ වැදගත් විදියට ඉන්න මිනිස්සුන්ටවත් වෙන රටකට ගිහින් ඉන්න බැරි. වීසා ගන්නත් අමාරු ඔය වගේ මිනිස්සු කරන දේවල් වලින් අනිත් මිනිස්සුන්වත් මනින නිසා. හරිම ලැජ්ජයි (නි)

:       0       0

සම්පත් Sunday, 22 December 2013 07:54 PM

අනිවාර්යයෙන් හොයා බලන්න. (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 11 December 2013 10:06 PM

වෙන්නප්පුවේ අය මෙවැනි ක්‍රියා බහුලව කරන නිසා හැම වැඩේටම ඔවුන්ව සැක කරනවා. දවසක් 'පික් පොකට්' කරුවෙකුට කිසියම් පිරිසක් අල්ලාගෙන 'වෙන්නප්පුවේ' කියමින් හොඳටම පහර දුන්නා. අවසානයේ බලනකොට ඔහු බංගලිදේශ ජාතිකයෙක්. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 11 December 2013 10:31 PM

මොකද මේ අපි ලාංකිකයින් ගැන කතා කරමින් ඉන්නේ. වර්ග හෝ ජාති ගැන නොවේ. (ස)

:       0       0

ශෙරීන් Wednesday, 11 December 2013 11:12 PM

හොරකම,කළා නම්,මෝඩ වැඩ නොකර ඉන්න තිබුන එක්කෝ.අනේ මන්ද කන්නේ තණකොළ ද කියල.කරපු ක්‍රියාව අනුමත කරනවා නෙවේ.නමුත් කලා ට පසු මෝඩ කම් නොකර ඉන්න තිබුන.අනෙක මෙහෙ ෆෝන් හොරකම් කරලා පාවිච්චි කලොත්,මොකද්ද මන්ද ක්‍රමේකින් අල්ල ගන්නවා.පවු ඉතින් කොච්චර උනත්,අපේ රටේ මනුස්සයෙක් නේ.අපේ රටේ ඔහොම හොරකන් ද වෙන්නේ ,කරන්නේ අපේ කට්ටිය .ඉතින් ඕක ට ඔච්චර ලොකුවට,පුම්බල ගරහන්න දෙයක් නෑ මන් හිතේ. (ස)

:       0       0

සලීම් Wednesday, 11 December 2013 05:49 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

මධු Wednesday, 11 December 2013 11:35 PM

මෙයාලා යන යන තැන කනවා. හිරේ යවන්නම තමයි ඕනේ. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 11 December 2013 11:57 PM

ගිය තැන ඉවරයි. මෝඩ වැඩ (ස)

:       0       0

සජිනි මධුෂානි ඉතාලිය Thursday, 12 December 2013 12:10 AM

ඉතාලිය කිව්වම දෙන් සෞදි අරාබියේ තත්වයට පත්වෙලා . හිරේ ලැගපු අයත් දැන් එන්නේ මෙහෙ . (ස)

:       0       0

ශාලිකා Thursday, 12 December 2013 11:01 AM

මේවට කතා කරලා වැඩක් නෑ. (ස)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 12:22 AM

ඉතාලියේ ඉන්න ලංකාවේ උදවිය ගැන අහන්න ලැබෙන්නෙම මේ වගේ අසුබවාදී ප්‍රවෘත්තිනේ. (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 11 December 2013 06:24 PM

මේ නගරයේ ඔහොම දෙයක් වුණාමයි. හොයලා බලලා නම කියන්නම් කවුද කියලා. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 12 December 2013 11:10 AM

ෂුවර් එකටම කටුනායකින් එහා. ඔයාලා මා සමඟ අමනාප වෙන්න එපා මෙහෙම කීවට. මේ ප්‍රදේශ වලින් ගිය බොහෝ අය දාමරිකයන්, මංකොල්ල කරුවන් සහ හිරේ වැටුණු අය. සමහර අය මහා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධවී පොලිසිය ඇස් වසා පැනපු අය ඉතින් ජම්මය කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැනේ හොඳින් ඉන්න යටත් මේක ලැජ්ජාවක්. (ස)

:       0       0

ෂෙරින් Thursday, 12 December 2013 12:34 AM

ඉතාලියේ ඉන්න ජීවත් වෙන අයගෙන් මන් අහන්නේ,ෆෝන් එකේ ප්‍රශ්නේ ඔච්චර හිතන්නේ මොකද කියල?(ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 12 December 2013 11:11 AM

මේ අයට ඉතාලියේ නිදහස වැඩියි.තව ටික කාලයකින් ශ්‍රී ලාංකිකයෙක් කිවුවොත් මුණට කෙල වදිවී.කරුණාකර මේ හොරාගේ නම දාන්න බැරිද?? (ස)

:       0       0

නාරංගොඩ Thursday, 12 December 2013 12:52 AM

මටනම් ඇස් අදහගන්නත් බැරිඋනා ලංකාවේ මනුස්සයෙක් හොරකමක් කොලා කිඋවහම, වසර 2500 ථෙරවදී බුදුදහම තියෙන රටනේ , (ස)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Wednesday, 11 December 2013 06:32 PM

හොද වැඩේ ,ජන්ම ගතියට (නි)

:       0       0

ශෙරීන් Thursday, 12 December 2013 06:52 PM

චමත්,ඔන්න ඔයත් මමත් පැටළෙන තැනට අාවා.මං අහන්නේ සුළු දෙයක්. එකම රටේ අපි මොකටද මෙහෙම,වැල්ලේ මිනිස්සු(වෙන්නප්පුවේ කට්ටිය) සහ කොළඹ කට්ටිය කියා බෙදිලා තියෙන්නේ? මිනිසුන් හැටියට එය වැරදි පදනමක්. මෙය නිවැරදි කරන්න කවුරුහරි පටන් ගත්තොත්,අනාගතයේදී හරි නිවැරදි වේවි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 11 December 2013 06:42 PM

අපේ රටෙන් ගිහින් ඉතාලියේ ඉන්න සමහර අය ව්‍යාජ ශ්‍රී ලාංකිකයින් බවයි පෙනෙන්නේ. ලෝකේ නැති හැම පහත් වැඩක්ම කරනවා. ගෞරවයෙන් එහි ජීවත් වන ලාංකික ප්‍රජාවටත් මෙය නිගාවක්. රජය මැදිහත් වෙලා හරි මේ වගේ අපරාධකරුවන් හඳුනාගෙන වහාම ඒ රටින් පිටුවහල් කළ යුතුය. මොන සහතිකයක් බලාපොරොත්තු වෙලා මේ වගේ දේවල් කරනවාද කියා දන්නේ නැහැ. තමුන් වැරදි කරනවිට තමුන්ගේ නම සඳහන් කරනවාට වඩා ශ්‍රී ලාංකිකයින් කියා තමා හඳුන්වන්නේ. ඒක මතක තබා ගෙන වැඩ කළා නම් තමා හොඳ. මේ රට සේවයක් කරන්න බැරි වුණත් කමක් නැහැ. රටේ නමවත් අඩුම තරමේ රැකෙන පරිදි හැසිරෙන්න. (නි)

:       0       0

සමන්ත Wednesday, 11 December 2013 06:51 PM

රට ගිහිනුත් හොර වැඩ (නි)

:       0       0

ශාන්ති Thursday, 12 December 2013 02:00 AM

එයා පුරුද්දට කරන හොරකම් වෙන්න ඇති. ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වැඩිය ලොකුයිලුනේ (නි)

:       0       0

ඉන්දික -නාපොලි Thursday, 12 December 2013 07:45 PM

ෂෙරීන් කැමති ඉතාලියටද? අද ඉතාලියේ ඉහළ පැලැන්තියේ උදවියට සේවය කරමින් රටේ ගෞරවය ආරක්ෂා කරන ඉතාලියේ වෙසෙන ජනතාවගේ කැපවීම ෂෙරීන් නොදන්නේද? කොහොමත් ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය රට විනාශ කරනවා (නි)

:       0       0

සුනිල් Thursday, 12 December 2013 12:23 PM

ලංකාවටම ආඩම්බරයක්. (ස)

:       0       0

මදු,ප්‍රංශය Wednesday, 11 December 2013 07:11 PM

ගිය තැන ඉවරයි (නි)

:       0       0

අසෝකා Thursday, 12 December 2013 03:00 AM

උදේ ලන්කදෙපය බලද්දී හිතට හරි සතුටක් දැනුන ලාංකිකයෙක් කරපු සමාජ සේවය දැකල. එත් හවස ඇවිත් බලද්දී එකේ අනිත් පැත්ත.ශේශාන් මානවඩු කියන විදියට එයත් එයින් කෙනෙක් වගේ. මොකද එයත් ලංකාවෙන් නේද ආවේ? නාරංගොඩ ඔය කිව්වා වගේ වසර 2500ක් නෙමෙයි කල්පයක් ථෙරවාදී බුදුදහම තිබුනත් පිළිපදින අය නැත්නම් එකෙන් පලක් ගන්න බැහැ.මොකද දැන් ඉන්න බොහොමයක් හමුරුවරුත් බුදුදහම විනාශ කරනවා. (අ)

:       0       0

චමත් ඉතාලිය Thursday, 12 December 2013 03:35 AM

ෂෙරින්,ඉතාලියේ ඉන්න අයට මේ තරම් අමාරු ඇයි කියලා ඔයාට තේරෙන්නේ නැද්ද?ලැජ්ජාව.... අපි කොහොමද ඉතාලි අයට මුහුණ දෙන්නේ? මොහු කරලා තියෙන්නේ මහා පහත් වැඩක්නේ. (නි)

:       0       0

පාලි Wednesday, 11 December 2013 07:28 PM

මේ ළඟදි කටාර් වල කාර් පාර්ක් එකක් ළඟ වැටිලා තිබිලා කටාර් රියාල් 90000ක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 35 අාසන්න මුදලක් අයිතිකරු සොයා බාර දුන්නා, ශ්‍රී ලාංකික මුස්ලිම් මහත්තයෙක්. මම පත්තරේ දැක්කා. බලන්න කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මෙන්න ඒකට මෙයා කරපු වැඩේ. හරිම කැතයි (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 11 December 2013 07:30 PM

වෙන්නප්පුවෙ කෙනෙක්ද? (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 11 December 2013 07:31 PM

ඉතාලියේ ඉන්නෙම මෙහෙම අයනේ බලනකොට (නි)

:       0       0

රාජා Thursday, 12 December 2013 03:51 AM

ලංකාවට නම් යවන්න එපා (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 11 December 2013 07:33 PM

ඉතාලියේ ඉන්නෙම ලංකාවෙන් ආපු හොරු ටිකයි පාතාලයයි. මේකේ අපිට වැදගත් විදියට ඉන්න දෙන්නෙම නැහැ. ධීවර යාත්‍රා වලින් ආපු අයගෙන් පුදුම කරදරයක් තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 108 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 152 0

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 416 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 371 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 303 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 198 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site