රතුපස්වල සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ද වැලිවේරියේදී තුවාල ලබා නළලේ මැහුම් දැමිය යුතු තුවාල ලබා සිටියත් අද (1) රාත්‍රී අට වන තුරු ප්‍රතිකාර ගැනීමට රෝහලකට යෑමට ආධාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණැයි වාර්තා විය.
ඇය සිටින ස්ථානය කුමක්දැයි කීමට ඇය දැන නොසිටියාය.
යුද හමුදාව මුළු පෙදෙසම වටකරගෙන සිටින බව නම හෙළි කිරීමට අකමැති වූ වැසියෙක් අද (1) රාත්‍රී දුරකතනයෙන් අපට දැනුම් දුන්නේය.
ඔහු පැවසුවේ ගෙවල්වල විදුලි පහන් නිවා දැමූ බවයි.
ජංගම දුරකතනයෙන්වත් ඇමතුම් නොගත් බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා ..?ඔය අහිංසක බල්ලොයි ,මිනිස්සුයි ,යටකරගෙන රුපියලකට පිම්මේ දුවන ප්‍රයිවෙට් බස්කාරයෙක් නේද ..?මේ ඔයාගේ අදහස කියවද්දී හිතට නැගෙන්නේ ...ඔයා කුහකයෙක්. මේ දේ හෙට ඔයාගේ ගෙදර ලිදට උනොත් ඔයාගේ දරුපැටවුන්ට නෝනට කටවහගෙන බොන්න කියන්න ...? (දී)
පුංචි ටිකිරිගේ දුක තේරෙනවා. ඔය කදුළු පිහිදාගන්න. (නි)
ඡන්දය දුන් සුවහසක් ජනතාවනි, කුම්බලා මාළු කෑවා නම් විදවපන් පුසෝ කිවුවලු (නි)
ඔය ගහගන්න තැන්වලට මොකට ගියාද? (නි)
වැලිවෙරියෙන්ම වැඩ පටන් අරගෙන වගේ මට හිතෙන විදිහට. (නි)
බන්දුලගේ ගෙදරත් වතුර එන බටේ මීටරය ළඟින් කරාමය වහලා දවස් දෙකතුනනක් ඉඳලා බලන්නකෝ කොහොමද කියලා (නි)
වතුර ප්‍රශ්නයකට විසදුම් නැතිව පාරට බැස්සම ඔවුන්ට මොනවා වුණත් අපිට යන්න පාර ඉඩදියව් කියන ආත්මාර්ථකාමී මිනිස්සු නම් ලංකාවේ දැන් ඉන්නේ, මම නම් කවදාවත් ලංකාවට යන්නේ නැහැ (නි)
මේ කැත වැඩේ කළ අය බොන්න වතුර නැතුව ඊලග ආත්ම වල ඉපදේවා! (නි)
බන්දුල පෙරේරා , අප්‍රසාදයක් දැනෙනවා ඔහේගේ අදහස් දැක්කම ඔහේ මනුස්සයෙක්ද කියලා. මේ මිනිස්සු මේ තරම් දැගලුවේ බොන වතුර ටිකට කියන එක අමතක කරන්න එපා (නි)
අහිංසක නිරායුධ මිනිසුන්ට වතුර ලැබෙන්නේ නැතුව අවිගත් කොටියෝ මාවිල්ආරු වහපු වෙලාවේ උදාර හමුදාව ජනතාව මුදවා ගත්තා. නමුත් මේ හමුදාවම අහිංසක නිරායුධ ජනතාව ඇසිට් බොන්න බැහැ වතුර ඔනේ කිවුවාම මේ අහිංසක මිනිස්සුන්ට ජනමාධ්‍ය අයින් කරලා, වෙඩි තියලා ගහලා, මරලා නින්දිත තුඡ්ච විදිහට ප්‍රශ්ණ විසදන නරුමයෝ මේ රටත් ජනතාවත් විනාශ කරනවා. මිනිස්සු පාර අවහිර කල නිසා අයින් කලානම්.. දැන් හමුදාව දාල පාර අවහිර කරන් ඉන්නේ මොකටද??? තැන් තැන්වල ඇති වෙඩිපාරවල් වහන්නද?? එතකොට මිනිස්සුට අවහිර නැද්ද..(ස)
මේ කරපු වැඩේ නම් හරිම කැතයි. මොවුන්ට චන්දෙ දීපු මිනිස්සුත් මෙතන ඉන්න ඇති... මෙය ඔවුන්ට පාඩමක් ඉගෙන ගන්න හොද අවස්ථාවක්... මේ බන්දුල පෙරේරා කියන අමනුස්සයාටත් දෙයක් කියන්න ඕන... මිනිස්සු දවස් පහක් තිස්සේ තමන්ට වතුර ටිකක් ඉල්ලලා සටන් කරන්නේ. එකට නින්දිත විදියට ප්‍රතිචාර දක්වපු එක ගැන සාදරනිකරණය කරන ඔබ මනුස්සයෙක්ද....? (ස)
මාද්‍ය වලට ඉවත් වෙන්න කියුවේ මොකද (දී)
කනගාටුයි ඔබ ගැන
බන්දුල දැක්කාද මාධ්‍ය පවා තුට්ටුවකට ගණන් අරන් නැහැ (දී)
බන්දුල පෙරේරා, නුඹ වැනි මිනිසුන් ලද රටක් කොතරම් අවාසනාවන්තද? (නි)
මට පෙනෙන්නේ බන්දුලයි ලලිතුයි එක වල්ලේ පොල් වගෙයි. රසික ඒ මිනිස්සු නිකන් ඉන්න බැරුව පාර වැහුවේ නැහැනේ. ඔයත් ජීවත් වෙන්නේ ලංකාවෙනෙ. ඉතින් හිතන්න පොඩ්ඩක් ඒ මිනිස්සුන්ගේ වේදනාව ගැනත්. ඒ වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරන්න බැරි තරමට ආත්මාර්ථකාමී වෙන්න එපා. (නි)
මාධ්‍ය නිදහස කියන්නේ ඔන්න ඕකට
මෙතන දෙපැත්තක් තිබෙනවා. මේ මිනිස්සු හුග කාලෙක ඉදලයි මේ ඉල්ලීම කරන්නේ. එතකොට මේ මිනිසුන්ගේ ඉල්ලීම සාධාරණයි.අනිත් පැත්තෙන් මේ මිනිස්සු පාර හරස් කරලා තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට යාමත් අනුමත කරන්න බැහැ. මොකද පාර තිබෙන්නේ ගමනාගමනයට මිසක් උද්ගෝෂණ වල නොවෙයි. (නි)
මම අද සතුටු වෙන්නේ මේ අවුරුදු ගණනට මගේ ජීවිතයේ කිසිදු දිනයක මම ඡන්දය පාවිච්චි කරලා නැති නිසා (නි)
බන්දුල පෙරේරා , ඔබේ අදහසට මම ඉහළින් ගරු කරමි. පාර වැහුවහම අනෙක් මිනිස්සුන්ට කරදර බව මේ ප්‍රතිචාර දැක්වූ අයට තේරෙන්නේ නැද්ද? (නි)
පොදු ජනතාව නීතිය අතට ගන්න එක ඒ තරම් හොඳ දෙයක් නොවේ.එහෙත් මේ මිනිස්සු ඉල්ලන්නේ බොහොම සාධාරණ ඉල්ලීමක්.බන්දුල පෙරේරා කියන්නේ මට නම් පෙනෙන හැටියට මනුස්සයෙක්ගේ දුක තේරුම් ගන්න බැරි කෙනෙක්. අර එක මහත්තයෙක් කිව්වා වගේ බොන්න වතුර ටිකක් කියන්නේ මනුස්සයෙක්ගේ මුලික අයිතිවාසිකමක්. මේ මිනිස්සු රවටා නැත්නම් කරුණාකර වගකිව යුත්තන් ඔවුන්ට සාධාරනයක් කරන්න.තවත් අහිංසක ජීවිත මේ වෙනුවෙන් බිල්ලට නොදී.මියගිය ඒ අසරණයට නිවන් සුව අත් වේවා. (නි)
ආසියාවේ ආස්චර්යයට යන කොට ඔහොම තමයි (දී)
බන්දුල පෙරේරාගේ මුහුන බලන්න අපිට ආසයි (දී)
බන්දුල නුබ මනුස්සයක්ද
මේ වගේ පුංචි දේකට මේ විදියට කළා නම් (අ)
රජයකට එක පැත්තක් විතරක් බලන්න බැහැ. යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒකට විසදුම් දෙන ගමන් ඒ ප්‍රශ්නේ දඩමීමා කරගෙන අනෙක් සාමකාමී ජනතාවට හිරිහැර කරන එක වළක්වන එක රජයක වගකීමක් .රජය එම යුතුකම කළා. ලංකාදීපේ අදහස් දමන්නේ මම අද ඊයේ නෙමෙයි.මේ අදහස් දමන අයගේ මානසිකත්ව මම හොදට දන්නවා. (නි)
අිහංසක මිනිස්සුන්ට, මාධ්‍යයට ගහන එක හරිද? තමන්ටත් නෑදෑයෝ, සහෝදර සහෝදරියෝ ඉන්නවා කියලා හිතලා හිතට එකගව එයාලට උදවුවක් කරන්න (නි)
ඡන්දදායකයෝ 5,000කට වඩා එක් ව්‍යාපාරිකයෙක් වටිනවද? (නි)
තරු 5 හේ ප්‍රජාතන්ත්‍රවාදයද මේ?නැතිනම් සියල්ල හමුදා කරණය කල වියරු ඒකාධිපතිවදයද?බොන්නට දිය පොදක් ඉල්ලන නිරායුධ ජනයාට අමානුෂික ලෙස පහරදීම කෙතරම් පහත් ක්‍රියාවක්ද ? (ස)
ඇත්තෙන්ම ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවර ඉහලින්ම අගය කරන අතර. තුවාල ලත් දීපා අධිකාරි සොයුරියට සහ අනෙක් ප්‍රදේශවාසීන්ටත් ඉක්මන් සුවයද ප්‍රර්ථනා කරමි. (ස)
හද් දෙවියනේ..! මේ මොප්කද්ද වේගන යන්නේ.. මට කිසිවක් හිතාගන්න බැහැ...? (ස)
නෙලන එක නෙලලා තියෙනවා නියමෙටම. ආයිත් මේක මතක තියෙන තුරු පාරවල් වහන එකක්නම් නැහැ. (ස)
දැන් පේනවා නේද මානුෂික මෙහෙයුමක් කරපු ලස්සන (නි)
පාරවල් වහලා ප්‍රශ්න විසඳන්න එන අයට හොද පාඩම් (නි)
දිසානායක මහත්තයෝ, නුවර පාර මැද වතුර ළිං නැහැ. පාර හදලා තියෙන්නේ වාහන වලට යන්න. ඔබ තුමා අඩන්නේ මොකද කියලා අපිට තේරෙනවා. (නි)
වීරෝදාර රණවිරුවෝ, දේශප්‍රේමී ජනතාවට මේ මොකද කළේ? (නි)
මගේ අදහසත් රජින්ද්‍රගේ අදහසමයි (නි)
බන්දුල පෙරේරා වගේ ආත්මාර්ථකමී මිනිස්සු ඉන්න රටක උපදින්න ලැබීම ගැන මම කණගාටු වෙනවා. (නි)
බන්දුල, නුඹ වගේ පරපුටු අදහස් වලින් ඔලුව ඉදිමුනු මිනිස්සු අතර ඉපදීමත් පවක් සහෝදරයා.මම අනුකම්පා කරනවා තමුන්ට.තමුන්ගේ ළමයට ඇසිඩ් වතුර පොවන්න වුණා නම් තේරේවි මේකේ බරපතලකම. (නි)
අපිට තොරතුරු සොයා දෙන්නේ මාධ්‍යදේදීන්.ඔවුන්ෙග මෙහෙවර ඉතාමත් ඉහළයි. ජනතා සේවය එතන තිබෙනවා. ජනතාවගේ පෙරගමන්කාරියක් වීම හරිම ආඩම්බරයි. (නි)
ගුටිකාලා මැරිච්ච තුවාලවෙච්ච මිනිස්සුන්ට ගරහන බන්දුල පෙරේරා වගේ අයටත් දවසක ඔය වගේම කෑමක් ලැබේවි (දී)
මාධ්‍ය නිසහස නැති පළවෙනි රට කරන්න හදන්නේ ලංකාව ආණ්ඩුව (ස)
මේ රජය බලයට පත් කරන්න වැඩ කරපු අය දස දහස් ගානක් ඔය වතුර ඉල්ලලා විරෝධතා කළේ. ඒ අහිංසක ජනතාවගේ වතුර ප්‍රශ්නේ විසදන්නේ උණ්ඩයෙන්ද ? අනේ අපේ රටට ගිය කලක්. (නි)
බන්දුල පෙරේරා හරියටම හරි. වැඩේ කියන්නේ කරුමෙට බන්දුල පෙරේරා ඔතන හිටියේ නැනේ. නැත්නම් ඔය වැදුන පාරකට මොලේ අයේ වැඩකරන්න පටන් ගන්නවා. ඔය කුරුවල් ගතිය නැති වෙනවා එහෙනම්. (දී)
ආසියාවේ අස්චාර්ය. මේකද?? (දී)
බන්දුල පෙරේරා .... මිනිස්සු එකපාරටම පාරවල් වැහුවේ නෑ. ජීවත් වීමේ අයිතිය ඉල්ලන ඉතාම සාධාරන ඉල්ලීමක් කලේ. බළධාරින් ඒ අයව රවට්ටපු නිසායි මිනිස්සු පාරවල් වැහුවේ. කවදා හරි නුබටත් සාධාරනය ඉල්ලාගෙන පාරට බහින්න සිද්ද උනු දවසක් ආවොත් එදාට තේරේවි අහිංසක මිනිස්සුන්ගෙ වේදනාව . ඒ අහිංසකයෝ වෙනුවෙන් දුක් වෙන්න බැරි නම් අඩු ගානෙ කටවත් වහගෙන හිටු (දී)
තත්ත්වය භයානක වේගන එනවානම් හමුදාවේ මහත්වරු ටික ගෙදර යවයි. එහෙම නැත්නම් අනාගතයේදී උවද දඩුවම් ලැබෙයි. මතකනේ පී එස් ඩී අයට වුන දේ? (දී)
බන්දුල ,අත්මර්තකමිය (දී)
නිය..මයි ආයෙමත් 3 වරටත් චන්දෙ දීල පත්කරපල්ලා..මිනිසුනි පත්කරපල්ලා චන්දය දීපල්ලා .......හෝ හෝ තුෂාරා ...... (දී)
මේ මිනිස්සුන්ට තෙරෙන්නේ නැත්තේ, දුප්පත් අපි යන පාර වහපුවම අපි යන්නේ උඩින්ද.. වැඩ ඉවරවෙලා ගෙදර යන දුප්පත් අපිද එතකොට පලි??? (දී)
බන්දුල පෙරේරා නුබ වතුර නැතුවම මැරෙන්න (දී)
බන්දුල පෙරේරා.සතෙක් වගේ හැසිරෙන්න එපා මිනිස් කමටත් ලැජ්ජාවක්.සල්ලි නැතිනම් හිගා කන්න (දී)
ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ද වැලිවේරියේදී තුවාල ලබා නළලේ මැහුම් දැමිය යුතු තුවාල ලබා සිටියත් අද (1) රාත්‍රී අට වන තුරු ප්‍රතිකාර ගැනීමට රෝහලකට යෑමට ආධාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණැයි වාර්තා විය. බොන්න වතුර ටිකක් එල්ලපු අසරණයන්ට වෙඩි තියල තියෙන විදිහ අපිට හිත ගන්න පුළුවන්.ඔවා අහස පොලව නුහුලන අපරාද.කවුරු කලත් වැහි නැති හෙන ගෙඩි පාත් වෙනවා වෙනවාමි. (දී)
බන්දුල පෙරේරා, පක්ෂ, පාට වලට වැඩිය මනුස්සකම අගය කරන්න. (නි)