ගලේවෙල කොස්ගහහින්න ප්‍රාථමික විද්‍යාලයයේ තාවකාලික මඩුවක ඉගෙනගත් දරුවන්ටද රුපියල් ලක්ෂ තිස්පහක ගොඩනැගිල්ලක් ලබා දීමට නෙදර්ලන්තයේ පිකාස් පොන් පදනම තීරණය කළේය.
ලංකාදීප එසැණ වෙබ් අඩවියේ හා ලංකාදීප පුවත් පතේ මේ පුවත දුටු එම සංවිධානය මේ සත්කාරයට ඉදිරිපත් විය.
පසුගියදා ලංකාදීප පුවත්පත හා එසැණ පුවත් වෙබ් අඩවිය මින් ගලේවෙල පහළ දිග්ගල පාසලේ පොල්අතු මඩුවක අකුරු කරන දරුවන් පිළිබඳ පුවත දැක නෙදර්ලන්ත පිකාස් පොන් පදනමේ සභාපතිවරයා වන පීටර් මැන්ඩලා සහ ශ්‍රී ලංකා නියෝජිතවරියක වු අලීෂා අබේවික්‍රම අඟහරුවාදා (15) ගලේවෙල පහල දිග්ගල්ල පාසලේ ගොඩනැගිල්ල ඉදිකැර දිමට පැමිණි අතර එම අය පැමිණෙන විට එම පාසලේ ගොඩනැගිල්ල ඉරාණයේ ශ්‍රී ලංකා තානිපති මැදිහත් වීමෙන් ඉදි කරමින් පැවැතිණි.
පසුව එම පිරිස ගලේවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී දුමින් ද බණ්ඩාරනායක මහතාට කතා කර දිළිදු පාසලක් සොයා දෙන්නැයි ඉල්ලීමක් කළහ.
ඒ අනුව කොස්ගහහින්න පාසලට පිරිස කැඳවාගෙන යද්දී එහිද දැක ගැනීමට හැකි වුයේ පොල්අතු හා සාරී වලින් වට කළ තාවකාලික ගොඩනැගිල්ලක අකුරු කරන දරුවන් පිරිසකි.
එය දුටු නෙදර්ලන්ත ජාතික පීටර් මැන්ඩලා මහතා විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සමඟ සමීප වී සාකච්ඡා කැර විවේකාගාරයක් කාර්යාලයයක් හා දරුවන්ට ගොඩනැගිල්ලක් ඉදි කැර දීමට පොරොන්දු විය.
එමෙන්ම නෙදර්ලන්ත ජාතිකයා මෙහිදී ලංකාදීප එසැණ වෙබ් අඩවියට විශේෂ ස්තූතියක් ප්‍රකාශ කරන බව පැවසීය.
එසැණින් මේ පාසල් පිළිබඳ පුවත හෙළිදරව් නොවන්නට කිසිදු අවධානයක් නොවන බවද ඔහු කීහ.
කොස්ගහහින්න ප්‍රාථමික විදුහලේ දුරුවන් 95 ක් ඉගෙන ගන්නා අතර ගුරුවරුන් හත් දෙනකු සේවය කරති.
විදුහල්පති ඒජී නිමල් ශාන්ත මහතා කීවේ මෙම ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පිරිසක් විදුහලට එක් ගොඩනැගිල්ලක් ඇති බවත් තාවකාලික ගොඩනැගිල්ලක් මව්පියන් විසින් සෑදු බවත්ය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පාසැල් තවත් ඇතොත් එම විස්තර අප හට එවන්න (නදී)
ලංකාදීපයට තුති! (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
මේක පුදුම රටක්. මොකට මන්ත්‍රීලා, ඇමතිලා ඉන්නවද දන්නෙ නැහැ.ලක්ෂ ගණන් පඩි ගන්නවා. මේවා හොයලා බලන්නේ නැහැ. පව් අසරණ දුප්පත් ළමයින්! ලංකාදීපයට ගොඩක් පින් (නි)
සිල්පා, මම ලංකාවට යන වෙලාවක ඔය ලංකාවේ හිටියොත් ඔයාව මම එක්කගෙනම ගිහින් පෙන්වන්නම් අපේ රටේ එකම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන දුප්පත්කමේ අන්තයටම ගිලුණු පාසල්. කොපමණ ලංකාව ගැන කිව්වත් මිනිසුන්ගේ ඇස් ඇරෙන විදිද්යට මේ පුවත පලකල ලංකාදීපයට මුළු හිතින්ම සුභ පතනවා! (අ)
සිල්පා.ලංකාවේද?ලංකාවේ එහෙම පාසල් තව ඉතිරි වෙලා නැහැනේ.තිබුනොත් විස්තර දන්වන්නම්. (අ)
පිකාස් පොන් පදනමට මෙවැනි සත්කාර තව තවත් කිරීමට හැකිවේවා.ප්‍රාදේශිය සභා අය කිට්ටු කරගෙන ඔය මුදල් ටිකටත් දෙයිද දන්නේ නැහැ ගේම. මෙවැනි ඉදිකිරීම් මුදල් ගසා කෑමකින් තොරව සුපිරිසිදු බාවයකින් කරොත් අපට තවත් මේ වගේ උදව් කරන්න ඉඩ තියෙනවා....(ස)
අනේ අපොයි! මෙහෙම ආශ්චර්ය කරා යන්නේ කොහොමද? තවම දරුවන් පැල්පත් වලනේ ඉගෙනුම ලබන්නේ. (නි)
ඉතාමත්ම අගය කළයුතු දෙයක් (නි)
තේ කහට කෝප්පය බීලා පාසල් යන අසරණ දරුවන් ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා.අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය ඕක තමයි. (නි)
කාංචන කුමාර මහත්තයා කරන සමාජ සත්කාරය අගය කලයුතුය ,ජය. (ස)
ලංකාවේ අධ්‍යාපනයට ඉන්න ඇමතිලාට මේවගේ දේවල් ගැන හොයා බලනවට වඩා වැදගත් වැඩ තියනවා. අපි මේ ගත කරන්නේ නිදහස් අධ්‍යාපනයේ අවාසනාවන්තම කාලපරිච්චේදයයි.(නදී)
අනේ අපේ රටේ මිනිස්සු බදු බර දරාගෙන මේ තරම් ඇමතියෝ නිලධාරින් නඩත්තු කරන්නේ මොකටද ? .පළාත් සභා ප්‍රාදේශීය සභා මොකටද ? (නදී)
ඒ මහතාට ස්තුතියි. මට තියෙන ප්‍රශ්නය අපේ මන්ත්‍රීවරු අනිත් අයට මේ වගේ පාසල් පෙන්වන්නේ මේවා සංවර්ධනය කිරීම ඒ අයට අදාළ දෙයක් නේද?ඇයි කවුරු හරි කරනකම් බලන් ඉන්නේ? (නදී)
පිට රටවල්වල මහත්වරු ඇවිත් අපේ දරුවෝ ගැන දුක්වෙලා ඒ අයගේ සල්ලි වලින් අපට උදවු කරද්දී අපේ මහා ව්‍යාපාරිකයෝ රූපවාහිනී බලන අයටයි, ගුවන්විදුලිය අහන අයටයි නිකන් සල්ලි බෙදනවා. (ස)
හරිම සතුටුයි අපිට (නි)
අපේ කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,ඉන්ධන වලින්,විදුලියෙන්,ජලයෙන් ගන්න බදු මුදල් වලින් සහ විදේශ සේවා වල පිටරට ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වලින් මොනවද කරන්නේ? (නි)
ලංකාදීප එසැණ වෙබ් අඩවියට හා ලංකාදීප පුවත්පතට අපගේ ප්‍රණාමය! (නි)
මේ දුප්පත් අසරණ දරුවන්ගේ හිතේ, දුප්පත් දෙමාපියන්ගේ හිතේ, කාරුණික ගුරු භවතුන්ගේ හිතේ ඇති වෙන සතුට තමයි "පින්" කියලා කියන්නේ.හරිම සතුටුයි. (නි)
කව්රු කලත් මේවා පින් අතේ වැඩ.මම පුදුම වෙන්නේ වංචාවෙන්ම කොටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කන අයට මේ දේවලට වගේ හිත පහල නොවීම ගැනයි. (ස)