IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාවේ 157 මූදෙන් ගොඩබිමට

ඉන්දියාවේ සිට  යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ගොස් මූද මැද නැවක මාසයක් කල් ගත කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 157 දෙනා ඕස්ට්‍රෙලියාවේ ගොඩබිම රැඳවුම් කඳවුරකට ගෙන එනු ලැබුහ.

පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු  ඕස්ට්‍රේලියා වෙරළෙන් ගොඩබිමට ඇතුළු වු මුල්ම කණ්ඩායම මේ පිරිසයි.

මීට පෙර පැමිණි සියලු සරණාගතයෝ හරවා ආපසු ශ්‍රී ලංකාවට හෝ පැපුවානිව්ගිනියේ කඳවුරුවලට හෝ යවන ලදහ.



අදහස් (0)

ලංකාවේ 157 මූදෙන් ගොඩබිමට

නිශානි Tuesday, 29 July 2014 01:46 PM

මේ උදවිය ආර්ථික සරණාගතයන් කියල ඔප්පු වෙලා තිබේ කියල වාර්තාවක තිබුණා. 9අ)

:       0       0

මේනකා Tuesday, 29 July 2014 01:49 PM

අපි දැන් මේගොල්ල ගැන කතා කරන්නේ නැහැ . අන්තිමට සමහරු කියන්නේ අපි බෝට්ටුවෙන් එන ලංකාවේ මිනිස්සු කාලා ඇඳලා ඉන්නවට අකමැති කියලා. (අ)

:       0       0

රෙජී - සිඩ්නි Wednesday, 30 July 2014 05:58 AM

මේ මිනිස්සු මෙහෙ ඇවිත් ලෝකේ නැති බොරු කියනවා. මේවට පන්දන් අල්ලන අයත් මෙහෙ ඉන්නවා. (නදී)

:       0       0

රූපසිංහ Wednesday, 30 July 2014 07:40 AM

සාමාන්‍යයෙන් බැලුවොත්, උගත් කියන්නේ දැනීම (පොත් පත් වලින්ම වීමට අවශ්‍ය නොවේ. සමාජයේ ජීවත් වීමට සමාජ විශ්ව විද්‍යාලය තරම් එකක් කොහෙවත් නැත.) මහන්සියෙන් එහෙම නැතිනම් ලබා ගැනීමෙන් එන එකක්. ඥානවන්ත කියන්නේ උත්පත්තියෙන් එන එකක්. බුද්ධිමත් කියන්නේ උගත් කමට යම් තරමක් ඥානවන්තකම ඇතුල් වීමකදී කියා කියන්නට පුළුවනි. සමාජයේ ජීවත් වීමට උගත්කම බොහෝ සේ උපකාර වෙනවා. ඥානවන්ත හෝ බුද්ධිමත් පුද්ගලයා ද තැනට අනුව ජීවත් වීමේ කලාව දන්නවා. නමුත් මේ කිසිදු දෙයක් ගැන හව්හරණක් නොදත් අය ඔය කියන රටවලට ගියාම වන්නේ තමන්ගේ රටේ පමණක් නොව එම රවල පැවැත්මද වෙනස් වීමයි. (නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 30 July 2014 08:26 AM

මම ඉන්නෙත් ලංකාවේ තමයි. නමුත් ලංකාවේ ඉන්න සමහර අය මේ බෝට්ටු කාරයන්ට දක්වන අනුකම්පාව හිතා ගන්න බෑ. මොකද ඔයාලා හුගක් කැමතිද අපේ රටේ නම කැත කරනවට. මේ බෝට්ටු කාරයෝ හැටියට යන්නේ ලංකාවේ නම කැත කරන්න ඒ වගේම රටට නරකක් කරන්න කියන එක මේ මිනිස්සුන්ට කවදා වැටහේද මන්දා. (අ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 30 July 2014 08:27 AM

ලුම්බිණි ඔලුව අතගාල බලන්න අං තියෙනවද කියලා (අ)

:       0       0

නලින් යහම්පත් Wednesday, 30 July 2014 09:05 AM

ලංකාවෙන් පිට විදේශ රටවල සිටිනා සරණාගත ලාංකිකයන් සියයට 99 ක් ම ආර්ථික සරනාගතයන්ය . හේතුව ලංකාවේ උගතාට නියම රැකියාව නොලැබිමත් , රැකියා විරහිතයත් . රැකියාවක් ගැනිමට එක එක දේශපාලුවන් පිටු පස යාමට සිදුවීමත් , රැකියාවක් ගන්නට යන විට දේශපාලන පසු බිම මත එය ලැබිම නොලැබිම සිදුවන නිසාත් . වර්තමාන ලංකාව නිදහසේ ජිවත් වන්නට හැකි පරිසරයක් නොමැති කමත් . රටේ මානුෂික සහ අධ්‍යාත්මික පිරිහීමත් නිසාය (අ)

:       0       0

කෙස්වත්ත Tuesday, 29 July 2014 09:14 PM

මේනකා ,අනේ තරහ වෙන්න එප්පා ඔයගොල්ලෝ කොහමද අවේ කියන්නකෝ (අ)

:       0       0

ශරින Tuesday, 29 July 2014 09:47 PM

මේගොල්ල මෙහෙ ඇවිත් බොරු කියලා සරණාගත විසා අරගෙන ඊට පස්සේ ජීවත් වෙන්න කරන වැඩ ගැන අපිට ලැජ්ජාවේ බැහැ. කරන්නෙම හොර බොරු වංචා. (අ)

:       0       0

නිලංග Tuesday, 29 July 2014 09:52 PM

මේ වගේ කට්ටිය ඇවිත් ලංකාව ගැන කියන බොරු නිසා නීතියට අනුව විසා අරගෙන මෙහෙ ආපු උදවියත් 2.50 ට වැටෙනවා. අන්තිමට ලංකාවේ මිනිස්සු කිසිම උගත්කමක් විනයක්, සමාජ ආචාර ධර්මයක් දන්නේ නැති ගෝත්‍රික කොටසක් කියලා සමහර මිනිස්සු හිතනවා. (අ)

:       0       0

මහින්ද Wednesday, 30 July 2014 09:45 AM

මෙහෙ එන අය සමාජයට මුදාහැරලා රජයෙන් සති දෙකකට වරක් $578 දෙනවා වැඩකරන්න අයිතියක් නැහැ නමුත් හොරෙන් වැඩකරලා පැයකට $ 22 ක් විතර හොයනවා TAX ගෙවන්නෙත් නැහැ .මේකට ඔස්ට්‍රලියන් රජය වගකියන්න ඕනේ හොරුන්ට නිදහස දෙනවට.(අ)

:       0       0

ලලිත Wednesday, 30 July 2014 12:09 AM

සමහරු මෙහෙ ඇවිල්ල කරන කියන දේවල් ගැන ලංකාවේ ඉන්න උදවිය දන්නේ නැහැ . අපි මේ බෝට්ටු කාරයන්ට අනුකම්පා කරන්න ගිහින් භූමිකම්පා වලට අසු වෙලා යස පාඩම් ඉගෙන ගත්තා. (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 30 July 2014 12:12 AM

එතකොට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය ඔහේ පදිංචි වෙලා ඉන්න අයට තියෙන ලැජ්ජාව? නැත්නම් කිසිම අවුලක් නැහැ. (අ)

:       0       0

කනිෂ්කා Wednesday, 30 July 2014 12:14 AM

මෙහෙම බොරු කියාගෙන මෙහෙ ගොඩ බහින මිනිස්සුන්ගෙන් කිසිම චාරයක් සිරිතක් විරිතක් බලාපොරොත්තු වෙන්න බැහැ. කාගේ හරි කනෙන් රිංගලා ගිහින් තුන් වේල සොයාගෙන , ලැබෙන දීමනා වලින් බාර් ගානේ බීගෙන ඉන්නවා. (අ)

:       0       0

මේනකා Wednesday, 30 July 2014 01:08 AM

කොස්වත්ත, අපි ආවේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මත, නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට ඉදිරිපත් කළ වීසා අයදුම් පත්‍ර මත. අපි ලෝකයේ කොහේ හිටියත් ඉපදුන රට විකුණාගෙන කන්න තරම් පහත් තත්ත්වයකට වැටිලා නැහැ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 July 2014 01:15 AM

ලුම්බිණි , අපේ මව්බිමට විරුද්ධව ගතු කියාගෙන ඇවිල්ලා මෙතන අපේ රට අන්තිම පහත් අඩියට දානකොට අපිට නම් ලැජ්ජයි. ඒත් ඔයා අපේ ලැජ්ජාව ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතන තියෙන ප්‍රශ්නය මෙහෙම ලංකාව ගැන නරක කතා කියාගෙන ගොඩබහින කට්ටියට උඩගෙඩි දෙන කොටසකුත් ඉන්න එක. (නි)

:       0       0

චන්න Wednesday, 30 July 2014 01:19 AM

ලුම්බිණි, හොර බොරු වංචා තමන්ගේ රටේ නම පාවිච්චි කරගෙන සිද්ධ වෙනකොට ලැජ්ජා වෙන්න ඕනෑ තමා. (නි)

:       0       0

රූපසිංහ Wednesday, 30 July 2014 10:24 AM

ලුම්බිණි නිකන් ඉල්ලන් කෑව වගේ. මිනිස්සු කතා කරන්නේ හිත් වේදනාවෙන් බව තේරුම් ගත්තනම් ලුම්බිනිට මෙහෙම හදියක් නොවෙන්න ඉඩ තිබුන.(අ)

:       0       0

ශශී Wednesday, 30 July 2014 01:25 AM

ලැජ්ජාවක් තියෙන අය කරන කියන දේ නෙමෙයි බෝට්ටුවෙන් ආ සමහර උදවිය කරන්නේ. අපි නම් ඉපදුන රට ගැන බොරු කියලා ඉසුරු සොයාගන්න තරම් පහත් අඩියකට වැටුනේ නැහැ ලුම්බිණි. (නි)

:       0       0

සංජීව Wednesday, 30 July 2014 01:31 AM

ලුම්බිණි, ඔව් ඒක තමයි ප්‍රශ්නය. මෙහෙ ඉන්න ලංකාවේ මිනිසුන්ට වෙන ලැජ්ජාවට වඩා ඒක අපේ රටේ අපේ ලංකාවේ ගෞරවයට වෙන ලැජ්ජාවක්. ලංකාවේ නම මෙහෙ කොච්චර කැත වෙලාද මේ වැඩෙන්, කියලා තේරුම් ගන්න මෙහෙ පත්තර බැලුවම පේනවා. මෙහෙ ටීවී එකේ ඔය ආ අය කියන බොරු මෙහෙ මිනිස්සු අවාසනාවට පිළිගන්නවා. හැමෝම නොවුණත් ගොඩක් අය පිළිගන්නවා. (නි)

:       0       0

චන්දන Wednesday, 30 July 2014 01:34 AM

ලුම්බිණි, උපහාස කතා කියන්න කලින් බලන්න මේ සරණාගතයන් ලංකාව ගැන කියන කතා නිසා රටට වෙන අවමානය. අපිට ඇති වෙනත් ලැජ්ජාවක් නැහැ. (නි)

:       0       0

සුනිල් Wednesday, 30 July 2014 02:05 AM

ලුම්බිණි මහත්මිය ඉඳලා හිටලා හරි පුවත්පත් වල අන්තර්ජාලයේ බලන්න මේ බෝට්ටු වලින් එන උදවිය අපේ මව්බිම ගැන කියන කතා ටික. ඒ අය මෙහෙ එන්නේ ලැජ්ජා නහරය කපාගෙන. අවාසනාවට අපි මෙහෙ එන්න පෙර ඒ ටික කරගෙන එන්න බැරි වුණා. ඒකයි ඔබතුමිය ඔය විදියේ කතා කියන්නේ. (නි)

:       0       0

උමේෂ් Wednesday, 30 July 2014 02:10 AM

ලුම්බිණි ඉන්නේ ලංකාවේද? (නි)

:       0       0

කෙවින් Wednesday, 30 July 2014 11:04 AM

අපිත් කැමතියි ලාංකිකයන් වැඩි වැඩියෙන් මෙහෙ එනවාට. හැබැයි පොළව පැලෙන බේගල් ඇදබාගෙන , මෙහෙ ඉන්න නිලධාරීන්ගේ සහ මිනිසුන්ගේ කනෙන් රිංගාගෙන නෙමෙයි. ඇත්ත කියලා වැදගත් විදියට යම්කිසි නීතියක් තිබෙනවා නම් ඊට අනුකුලව. එතකොටයි අපි ලංකාවෙන් ආ මිනිස්සු කියලා අපිට ආඩම්බරෙන් කියන්න හැකි වෙන්නේ. (නි)

:       0       0

මහි Wednesday, 30 July 2014 03:10 AM

ලුම්බිණි , ඔයාල සල්ලි ගැනම හිතන්න එපා. (නදී)

:       0       0

ගංකන්ද Wednesday, 30 July 2014 03:23 AM

ලුම්බිණි, නරකද ඔළුව පරික්ෂා කරව ගත්තොත් හොඳ විශේෂඥයකුට කියල, විකාර කියවන්නේ නැතිව (නදී)

:       0       0

ඇසළ Wednesday, 30 July 2014 03:26 AM

ලුම්බිණි ඉන්නේ කිලිනොච්චියේ, විවාහවෙලා ඉන්නේ මගෙත් මිත්‍රයෙක් වන නාඩාර් කෙනෙක්. එක්ක. ඉපදිච්ච රටට හෙනගැහුවත් කමක් නැහැ අමාරු තමයි වරිගයාට කරදරයක් වෙන වෙලාවට. කවුරුත් ගණන් ගන්න එපා එයා මොනව ලිවුවත්.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 30 July 2014 04:07 AM

අපේ රටට අවමානය ගෙනෙන්නේ බෝට්ටු වලින් එන අය පමණද? වෙන කිසිම දෙයකින් අපේ රටට අවමානයක් මේ ලෝකයේ ගොඩ නැගිලා නැද්ද? අනික හොර වැඩ කරන්නේ බොරු කියන්නේ බෝට්ටු වලින් ගිය අය පමණද? අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මත, නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් විසා අරගෙන ගිය අය කිසිම වැරද්දක් නොකරන කිසිම බොරුවක් නොකියන හරි සතේටම අදායම් බදු ගෙවාගෙන ඉන්න අයද? (නදී)

:       0       0

ගැමා Wednesday, 30 July 2014 04:08 AM

වීසා අරං ගියපු ගොඩක් සුද්ද වන්ත කට්ටියත් යන කොට ගියේ ලංකාවට අපහාස කරලම තමයි. දැන් ලංකාවෙ නමේ ගෞරවය ගැන දුක්වෙනවා.(නදී)

:       0       0

පියුමාල් Wednesday, 30 July 2014 04:11 AM

ඇති යන්තන්... (නි)

:       0       0

රඛිත-ඕස්ට්‍රේලියා Tuesday, 29 July 2014 12:58 PM

මේ වංචාකාර බෝට්ටු කාරයෝ නිසා අපිට මෙහෙ ලැජ්ජාවේ බැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4029 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1450 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site