ඉන්දියාවේ සිට යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ගොස් මූද මැද නැවක මාසයක් කල් ගත කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 157 දෙනා ඕස්ට්‍රෙලියාවේ ගොඩබිම රැඳවුම් කඳවුරකට ගෙන එනු ලැබුහ.
පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු ඕස්ට්‍රේලියා වෙරළෙන් ගොඩබිමට ඇතුළු වු මුල්ම කණ්ඩායම මේ පිරිසයි.
මීට පෙර පැමිණි සියලු සරණාගතයෝ හරවා ආපසු ශ්‍රී ලංකාවට හෝ පැපුවානිව්ගිනියේ කඳවුරුවලට හෝ යවන ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි මහත්මිය ඉඳලා හිටලා හරි පුවත්පත් වල අන්තර්ජාලයේ බලන්න මේ බෝට්ටු වලින් එන උදවිය අපේ මව්බිම ගැන කියන කතා ටික. ඒ අය මෙහෙ එන්නේ ලැජ්ජා නහරය කපාගෙන. අවාසනාවට අපි මෙහෙ එන්න පෙර ඒ ටික කරගෙන එන්න බැරි වුණා. ඒකයි ඔබතුමිය ඔය විදියේ කතා කියන්නේ. (නි)
අපිත් කැමතියි ලාංකිකයන් වැඩි වැඩියෙන් මෙහෙ එනවාට. හැබැයි පොළව පැලෙන බේගල් ඇදබාගෙන , මෙහෙ ඉන්න නිලධාරීන්ගේ සහ මිනිසුන්ගේ කනෙන් රිංගාගෙන නෙමෙයි. ඇත්ත කියලා වැදගත් විදියට යම්කිසි නීතියක් තිබෙනවා නම් ඊට අනුකුලව. එතකොටයි අපි ලංකාවෙන් ආ මිනිස්සු කියලා අපිට ආඩම්බරෙන් කියන්න හැකි වෙන්නේ. (නි)
ලුම්බිණි නිකන් ඉල්ලන් කෑව වගේ. මිනිස්සු කතා කරන්නේ හිත් වේදනාවෙන් බව තේරුම් ගත්තනම් ලුම්බිනිට මෙහෙම හදියක් නොවෙන්න ඉඩ තිබුන.(අ)
මෙහෙ එන අය සමාජයට මුදාහැරලා රජයෙන් සති දෙකකට වරක් $578 දෙනවා වැඩකරන්න අයිතියක් නැහැ නමුත් හොරෙන් වැඩකරලා පැයකට $ 22 ක් විතර හොයනවා TAX ගෙවන්නෙත් නැහැ .මේකට ඔස්ට්‍රලියන් රජය වගකියන්න ඕනේ හොරුන්ට නිදහස දෙනවට.(අ)
ලංකාවෙන් පිට විදේශ රටවල සිටිනා සරණාගත ලාංකිකයන් සියයට 99 ක් ම ආර්ථික සරනාගතයන්ය . හේතුව ලංකාවේ උගතාට නියම රැකියාව නොලැබිමත් , රැකියා විරහිතයත් . රැකියාවක් ගැනිමට එක එක දේශපාලුවන් පිටු පස යාමට සිදුවීමත් , රැකියාවක් ගන්නට යන විට දේශපාලන පසු බිම මත එය ලැබිම නොලැබිම සිදුවන නිසාත් . වර්තමාන ලංකාව නිදහසේ ජිවත් වන්නට හැකි පරිසරයක් නොමැති කමත් . රටේ මානුෂික සහ අධ්‍යාත්මික පිරිහීමත් නිසාය (අ)
ලුම්බිණි ඔලුව අතගාල බලන්න අං තියෙනවද කියලා (අ)
මම ඉන්නෙත් ලංකාවේ තමයි. නමුත් ලංකාවේ ඉන්න සමහර අය මේ බෝට්ටු කාරයන්ට දක්වන අනුකම්පාව හිතා ගන්න බෑ. මොකද ඔයාලා හුගක් කැමතිද අපේ රටේ නම කැත කරනවට. මේ බෝට්ටු කාරයෝ හැටියට යන්නේ ලංකාවේ නම කැත කරන්න ඒ වගේම රටට නරකක් කරන්න කියන එක මේ මිනිස්සුන්ට කවදා වැටහේද මන්දා. (අ)
සාමාන්‍යයෙන් බැලුවොත්, උගත් කියන්නේ දැනීම (පොත් පත් වලින්ම වීමට අවශ්‍ය නොවේ. සමාජයේ ජීවත් වීමට සමාජ විශ්ව විද්‍යාලය තරම් එකක් කොහෙවත් නැත.) මහන්සියෙන් එහෙම නැතිනම් ලබා ගැනීමෙන් එන එකක්. ඥානවන්ත කියන්නේ උත්පත්තියෙන් එන එකක්. බුද්ධිමත් කියන්නේ උගත් කමට යම් තරමක් ඥානවන්තකම ඇතුල් වීමකදී කියා කියන්නට පුළුවනි. සමාජයේ ජීවත් වීමට උගත්කම බොහෝ සේ උපකාර වෙනවා. ඥානවන්ත හෝ බුද්ධිමත් පුද්ගලයා ද තැනට අනුව ජීවත් වීමේ කලාව දන්නවා. නමුත් මේ කිසිදු දෙයක් ගැන හව්හරණක් නොදත් අය ඔය කියන රටවලට ගියාම වන්නේ තමන්ගේ රටේ පමණක් නොව එම රවල පැවැත්මද වෙනස් වීමයි. (නදී)
මේ මිනිස්සු මෙහෙ ඇවිත් ලෝකේ නැති බොරු කියනවා. මේවට පන්දන් අල්ලන අයත් මෙහෙ ඉන්නවා. (නදී)
ඇති යන්තන්... (නි)
වීසා අරං ගියපු ගොඩක් සුද්ද වන්ත කට්ටියත් යන කොට ගියේ ලංකාවට අපහාස කරලම තමයි. දැන් ලංකාවෙ නමේ ගෞරවය ගැන දුක්වෙනවා.(නදී)
අපේ රටට අවමානය ගෙනෙන්නේ බෝට්ටු වලින් එන අය පමණද? වෙන කිසිම දෙයකින් අපේ රටට අවමානයක් මේ ලෝකයේ ගොඩ නැගිලා නැද්ද? අනික හොර වැඩ කරන්නේ බොරු කියන්නේ බෝට්ටු වලින් ගිය අය පමණද? අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මත, නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් විසා අරගෙන ගිය අය කිසිම වැරද්දක් නොකරන කිසිම බොරුවක් නොකියන හරි සතේටම අදායම් බදු ගෙවාගෙන ඉන්න අයද? (නදී)
ලුම්බිණි ඉන්නේ කිලිනොච්චියේ, විවාහවෙලා ඉන්නේ මගෙත් මිත්‍රයෙක් වන නාඩාර් කෙනෙක්. එක්ක. ඉපදිච්ච රටට හෙනගැහුවත් කමක් නැහැ අමාරු තමයි වරිගයාට කරදරයක් වෙන වෙලාවට. කවුරුත් ගණන් ගන්න එපා එයා මොනව ලිවුවත්.(නදී)
ලුම්බිණි, නරකද ඔළුව පරික්ෂා කරව ගත්තොත් හොඳ විශේෂඥයකුට කියල, විකාර කියවන්නේ නැතිව (නදී)
ලුම්බිණි , ඔයාල සල්ලි ගැනම හිතන්න එපා. (නදී)
ලුම්බිණි ඉන්නේ ලංකාවේද? (නි)
මේ වංචාකාර බෝට්ටු කාරයෝ නිසා අපිට මෙහෙ ලැජ්ජාවේ බැහැ. (අ)
ලුම්බිණි, උපහාස කතා කියන්න කලින් බලන්න මේ සරණාගතයන් ලංකාව ගැන කියන කතා නිසා රටට වෙන අවමානය. අපිට ඇති වෙනත් ලැජ්ජාවක් නැහැ. (නි)
ලුම්බිණි, ඔව් ඒක තමයි ප්‍රශ්නය. මෙහෙ ඉන්න ලංකාවේ මිනිසුන්ට වෙන ලැජ්ජාවට වඩා ඒක අපේ රටේ අපේ ලංකාවේ ගෞරවයට වෙන ලැජ්ජාවක්. ලංකාවේ නම මෙහෙ කොච්චර කැත වෙලාද මේ වැඩෙන්, කියලා තේරුම් ගන්න මෙහෙ පත්තර බැලුවම පේනවා. මෙහෙ ටීවී එකේ ඔය ආ අය කියන බොරු මෙහෙ මිනිස්සු අවාසනාවට පිළිගන්නවා. හැමෝම නොවුණත් ගොඩක් අය පිළිගන්නවා. (නි)
ලැජ්ජාවක් තියෙන අය කරන කියන දේ නෙමෙයි බෝට්ටුවෙන් ආ සමහර උදවිය කරන්නේ. අපි නම් ඉපදුන රට ගැන බොරු කියලා ඉසුරු සොයාගන්න තරම් පහත් අඩියකට වැටුනේ නැහැ ලුම්බිණි. (නි)
ලුම්බිණි, හොර බොරු වංචා තමන්ගේ රටේ නම පාවිච්චි කරගෙන සිද්ධ වෙනකොට ලැජ්ජා වෙන්න ඕනෑ තමා. (නි)
ලුම්බිණි , අපේ මව්බිමට විරුද්ධව ගතු කියාගෙන ඇවිල්ලා මෙතන අපේ රට අන්තිම පහත් අඩියට දානකොට අපිට නම් ලැජ්ජයි. ඒත් ඔයා අපේ ලැජ්ජාව ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතන තියෙන ප්‍රශ්නය මෙහෙම ලංකාව ගැන නරක කතා කියාගෙන ගොඩබහින කට්ටියට උඩගෙඩි දෙන කොටසකුත් ඉන්න එක. (නි)
කොස්වත්ත, අපි ආවේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මත, නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට ඉදිරිපත් කළ වීසා අයදුම් පත්‍ර මත. අපි ලෝකයේ කොහේ හිටියත් ඉපදුන රට විකුණාගෙන කන්න තරම් පහත් තත්ත්වයකට වැටිලා නැහැ. (නි)
මෙහෙම බොරු කියාගෙන මෙහෙ ගොඩ බහින මිනිස්සුන්ගෙන් කිසිම චාරයක් සිරිතක් විරිතක් බලාපොරොත්තු වෙන්න බැහැ. කාගේ හරි කනෙන් රිංගලා ගිහින් තුන් වේල සොයාගෙන , ලැබෙන දීමනා වලින් බාර් ගානේ බීගෙන ඉන්නවා. (අ)
එතකොට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය ඔහේ පදිංචි වෙලා ඉන්න අයට තියෙන ලැජ්ජාව? නැත්නම් කිසිම අවුලක් නැහැ. (අ)
සමහරු මෙහෙ ඇවිල්ල කරන කියන දේවල් ගැන ලංකාවේ ඉන්න උදවිය දන්නේ නැහැ . අපි මේ බෝට්ටු කාරයන්ට අනුකම්පා කරන්න ගිහින් භූමිකම්පා වලට අසු වෙලා යස පාඩම් ඉගෙන ගත්තා. (අ)
මේ වගේ කට්ටිය ඇවිත් ලංකාව ගැන කියන බොරු නිසා නීතියට අනුව විසා අරගෙන මෙහෙ ආපු උදවියත් 2.50 ට වැටෙනවා. අන්තිමට ලංකාවේ මිනිස්සු කිසිම උගත්කමක් විනයක්, සමාජ ආචාර ධර්මයක් දන්නේ නැති ගෝත්‍රික කොටසක් කියලා සමහර මිනිස්සු හිතනවා. (අ)
මේගොල්ල මෙහෙ ඇවිත් බොරු කියලා සරණාගත විසා අරගෙන ඊට පස්සේ ජීවත් වෙන්න කරන වැඩ ගැන අපිට ලැජ්ජාවේ බැහැ. කරන්නෙම හොර බොරු වංචා. (අ)
මේනකා ,අනේ තරහ වෙන්න එප්පා ඔයගොල්ලෝ කොහමද අවේ කියන්නකෝ (අ)
අපි දැන් මේගොල්ල ගැන කතා කරන්නේ නැහැ . අන්තිමට සමහරු කියන්නේ අපි බෝට්ටුවෙන් එන ලංකාවේ මිනිස්සු කාලා ඇඳලා ඉන්නවට අකමැති කියලා. (අ)
මේ උදවිය ආර්ථික සරණාගතයන් කියල ඔප්පු වෙලා තිබේ කියල වාර්තාවක තිබුණා. 9අ)