ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ගැන සදහන් කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩිවියේ පළවූ පරිභවාත්මක ලිපියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා අප්‍රසාදය පළ කර සිටීමට කටයුතු කරන බව ඉන්දියා විදෙස් ඇමතිනී සුෂ්මා ස්වරාජ් කියයි.
පසුගියදා පැවැති ඉන්දියා රාජ්‍ය සභාවේදී මෙම ලිපිය මුල්කරගෙන කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය.තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ගේ ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ සාමාජිකයන් ලිපියේ ඇති කරුණු හුවා දක්වමින් කළහකාරී ලෙස හැසිරීම නිසා සභාව කිහිපවරක්ම කල් තැබීමටද සිදුවිය.
රාජ්‍ය සභාවේ කලබලකාරී තත්ත්වය තමිල්නාඩුව පුරාවටත් ව්‍යාප්තව තිබුණි.
දෙමළ සිනමා අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් රැසක් චෙන්නායි නුවර ශී්‍රලංකා තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්ද පැවැත්වූහ. ඉදිරියට පැමිණීමට නියමිත දෙමළ චිත්‍රපට කිහිපයක රූගත කිරීමේ කටයුතුද මෙම ලිපිය පළවීම සම්බන්ධයෙන් ඉන්දියා රජය නිසි පියවර ගන්නා තෙක් නවතා ඇති බවද සදහන්ය.
තමිල්නාඩුවේ ඇතිව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය නිසා ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට චෙන්නායි බලා ගිය ශ්‍රී ලංකා 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියා ආරක්ෂක අංශ වල උපදෙස් අනුව නැවත ශ්‍රී ලංකාවට එවනු ලැබීය.
ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් සමාව ඉල්ලා ඇත.
අදාළ ලිපියද ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව ගත්ත එකනම් බොහොම වැරදියි අපි මොකටද ජයලලිතට ඔළුව නමන්නෙ ඇත්තනෙ කීවේ (දී)
ඉන්දීය ප්‍රශ්න වලට මොකටද අපි අත දාන්නේ (දී)
ඇයි සමාව ගත්තේ? (නි)
ශ්රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් සහ මෙහෙවුම් ක්‍රියාවලිය ගැනත් දැන්නම් බයයි (නි)
පුදුම වැඩක්නේ, ඒ කියන්නේ චිත්‍රපටි නිෂ්පාදකයන්ට,අධ්‍යක්ෂකවරුන්ටත් පුළුවන්ද රජයට බලපෑම් කරන්න? (නි)
සමාව ගත්ත එකනම් වැරදියි (දී)
මොකද්ද මේ වෙන්න යන්නේ ලංකාවට (දී)
ලංකාවේ දේසපාලකයෝ ඉල්ලන් කන්න වගෙයි ලැහැස්තිය.ඉස්සර දැම්මේ පරිප්පු...මේ පාර මෙහාට ආවොත් අපි මොකද කරන්නේ...බොරු සෝබන දමන්නේ නැතිව ඉන්න(දී)
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේකට නේද? (දී)
හොඳම වැඩේ තමයි සමාව ඉල්ලන එක (නි)
සමාවගත් එක නම් හරිම වටිනවා ,කව්රු මොනවා කිවුවත් (නි)
ඉස්සරහට වැදගෙන ඉන්නත් වේවි. (දී)
ලාංකිකයන්ට ලෝකයෙන් තිබු අභිමානය දරුණු ලෙස සෝදා පාළු වී ඇත (නි)
නිමල් රාජපක්ෂ මහත්තය ජයලලිතට ගොට්ට අල්ලන්නෙ ඇයි. ඇවිල්ල කණට ගැහුවත් අපිද සමාව ගන්න ඕනෙ ලජ්ජා නැති අය තමයි කොන්ද නමන් සමාව ගන්නෙ (අ)
නිසි අයුරින් ක්‍රියාත්මක නැති විදේශ ප්‍රතිපත්තිය නිසා ඇතිවන ගැටළු තමයි මේ. සමාව ගන්න නම් ඕවා නොලියා ඉන්නනෙ තිබුනේ. (දිල්)
මේ වැඩ වලින් සිද්දවෙන්නේ සිංහල ජාතියම හැල්ලුවට ලක්වෙන එකයි.(අ)
ඒ රටේ අය එදා ඉඳලා මේ රටට කරන අපහාස, කෙනහිලි, අපේ නායකයන්ට කරන අපහාස බැලුවම මේක මොන අපහසයක්ද? මේක විවේචනයක් විතරයි.මේකට මොකට සමාව ඉල්ලනවද? ඒකේ තියෙන කිසිදෙයක වැරැද්දක් මට නම් පෙනෙන්නෙ නැහැ (නි)
ඉන්දියාවේ කෙරුවාව අපි දන්නවා (දී)
වගකිවයුත්තෝ වගකීමෙන් වැඩ කරන්න (දී)
චමින්දගේ කතාව හරි මගෙත් එකම පැතුම එයයි (දී)
මේකේ අනිත් පැත්ත වෙන්නේ කවදාද (දී)
ඉන්දියාව අපෙන් සමාව ගන්නවානම් හැමදාම සමාව ගන්න ඕනේ (දී)
මමනම් දන්නේ නැහැ ඔය මොකවත් (දී)
බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගයහම ඔහොම වෙන්න පුළුවන්. (දී)
වැරදි කලානම් සාමව ගත යුතුයි (දී)
අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැද්ද (දී)
මොකාක් හරි ප්‍රශ්නයක් වටෙනවාමයි ඉන්දියාවෙන් (දී)
අනේ අපේ පාලකයින්ට මොලේ නැද්ද ඔය කාන්තාවගෙන් සමාව ඉල්ලන්ඩ ,කොන්ද පණ නෑනේ අපේ අයට අපහාස කරන එක ජාතික වගකීමක් (දී)
මන් මොහාන් සින්ග් දැන් මොකද කරන්නේ (දී)
ඉන්දියාවත් එක්ක වැඩ කරන කොට පරිස්සමෙන් වැඩ කරන්න (දී)
නුසුදුස්සන්ට තනතුරු දුන්නාම ඒවායේ ප්‍රතිපල තමයි රටවැසියන් ලෝකයා ඉදිරියේ නිවටයන් වීම (නි)
මෙයාලා මොනවට බැලුවද මන්දා අපේ වෙබ් අඩවි? (නි)
ශ්රී ලංකා රජය කළේ වැරැද්දක්. ඒ නිසානේ සමාව ගන්න වුණේ. දැන් ඉතින් ප්‍රශ්නය ඉවරනේ. (නි)
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කළ යුතු කොතෙක් දේ තිබියදීත් මෙවන් වැඩ කරන අයත් මෙවන් වගකිවයුතු ආයතනවල සිටිනවනේ? වරද තේරුම් ගත් එක ලොකු දෙයක් (නි)
මෙම වෙබ් අඩවියේ පළවූ ලිපියේ අඩංගු කරුණු මොනවාදැයි දැනගැනීමට අපි දැඩි කුතුහලයකින් පසුවෙමු. (නි)
ඉන්දියාව ගැන මොකටද අපි ඇවිස්සෙන්නේ? (නි)