IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘ලංකාව ඕනෑ දේකට සූදානම්‘

මාර්තු මාසේ පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රි ලංකාවට එරෙහිව ගෙනෙන ඔනෑම යෝජනාවකට මුහුණ දීමට රජය සුදානම් බව එක්සත් ජාතීන්ගේ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා එසැණට පැවසීය.

‘හැම දේම යහපත් විදියට විසඳා ගන්න අපි උත්සහා කරනවා. ගිය සෑරෙත් ලොකුවට සද්දේ දාගෙන ආවත් සාධාරණව ඒ හෑම ප්‍රශ්නයකින්ම අපි ජය ගත්තා. ගන්න ක්‍රියාමාර්ග දෑන්ම අපිට කියන්න බෑහෑ.  නමුත් අපි සුදානම් කියලා විතරක් කියන්නම්.  ‘ යැයි ද රිවිනාත් මහතා පවසයි.



අදහස් (0)

‘ලංකාව ඕනෑ දේකට සූදානම්‘

තිලක්-ඩුබායි Thursday, 12 December 2013 09:39 PM

චාමික,ඔයා කියන ඒවා මේ රටේ මිනිස්සුන්ට වැටහෙයිද කියන එකයි ප්‍රශ්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 12 December 2013 09:40 PM

ගැහැණු දරුවෙකුට අාසාවට කියලා පොඩි රත්තරන් චේන්පටක් බැදගෙන පාරක තනිපංගලමේ යන්න බැහැ.බෙල්ලත් කපලා මරලා චේන් එකත් අරගෙන යනවා. එහෙම කාලයක් මේ (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර. Wednesday, 11 December 2013 07:47 PM

බඩ ගොස්ත්රේ රැකගන්න ඔහොම කිය කියා යන්. එතකොට වැඩේ වෙයි. (නදී)

:       0       0

කුමාර Wednesday, 11 December 2013 07:47 PM

ඔක්කොටොම මානව හිමිකම තමා අංක එක වෙලා තිබෙන්නේ. මේ ලෝකේ කන්න නැතිව,බොන්න වතුර පොදක් නැතිව මිලියන කියක් මැරෙනවාද? ඇයි ඒවට මුල් තැන දෙන්නේ? මානව හිමිකමට මුවා වි කොයි තරම් අපරාධ කරනවාද? ලෝතේ හැමතැනම මෙහෙමයි. මේ ලෝකය යන රටාව දැක්කම ඉදිරියට මිනිස්සු අල්ලපු ගෙදර මිනිහත් මරාගෙන කයි. ඒක නතර කලොත් කියයි ආහාර ගැනීම මානව අයිතියක් කියලා. මහන්සි වෙලා වැඩ කරලා තම තමන්ගෙන් ලොවට සිදු විය යුතු යුතු කම් ඉටු කරන්න. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය.(නදී)

:       0       0

ඉන්දික නාපොලි Thursday, 12 December 2013 05:24 AM

තිලක්-ඩුබායි, ඔබගේ අදහස් ෆොන්සේකාට පක්ෂව බව තේරුණා. ඔබ දන්නවද අප රටට ජිනිවාවල කරුණු වලින් සුදු කොඩිය එසවුණ කියමන අපේ මාතෘ භූමියට කොතරම් බලපානවද කියා? එය එසේ නොවී තිබුනා නම් අද ජිනිවාවල උඩපනින දෙමළ ඊලාම් ජනයා අද ලංකාවේ ඒකීය රට තුල සාමයෙන් ජිවත් නොවන්නේද? (නි)

:       0       0

හෙවපන්නගේ කුමාර ගුණවර්ධන Wednesday, 11 December 2013 03:20 PM

ඔබගේ දහිරිය අපේ සහය. (ස)

:       0       0

ඩේවිඩ් Thursday, 12 December 2013 02:55 PM

ඇමරිකාව, එංගලන්තය, අල්ලපු රට සමඟ බටහිරට කත්දින කී නොකී සියලුම රටවල් ජිනීවා එන්නේ ලංකාව ගස් බන්දල එයාලගේ කෙරුවාව ලෝකෙට පෙන්නන්න ,....... තව තරුණ කොල්ලෝ ටිකක් ත්‍රිවිද හමුදාවට බඳවාගන සුදානම් සරීරෙ කියල ඉන්න එක මීට වඩා හොඳ නැද්ද ? (ස)

:       0       0

කමල් Wednesday, 11 December 2013 04:03 PM

කෝ අර වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන අය? ඒ අය අතට ගල් ටිකක් දෙමුද? (ස)

:       0       0

සෝමදාස Wednesday, 11 December 2013 08:48 PM

අපිට මතකයි පසුගිය කාලය... ඒ කාලෙ ඔය මානව හිමිකම් කියන දේ තිබුණාද මන්දා (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 12 December 2013 07:45 AM

ජානක 2013-12-12 00:15:58 අසාධාරනකන්, මිනීමැරුම්,හොරකන්, කප්පන්,විරැකියාව,දුශනේ, අතවර, ජිවන වියදම වගේ දේවලින් අපව පාලකයන්ට මිරිකන්ට පුලුවන්නම්.... විදේශිකයෝ අපේ උන්දලාව මාන්දම හැදෙනකන් හිරකරනවටයි මන් නම් මනාප....මමත් එකගයි. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 11 December 2013 09:11 PM

අපේ අහවලාව යැවුවා නම් හ‍රිනේ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 11 December 2013 09:19 PM

මම හිතුවේ නැහැ අනඳ කොල්ලෝ පවතින ක්‍රමය සමග ගජේ ගහන්න මේ තරම් සමත් කියලා. ඕනේම දේකට සුදානම් කියන්නේ හෙට රනිල් බලයට පත්වෙලා උතුර වාර්ගික වාදීන්ට දෙන්න ඕනේ, හමුදාව මිනීමරුවා තමයි කියලා, තනතුර රැක ගන්න මෙයා එක පයින් ඒකත් අනුමත කරනවා. හුළඟ හමන පැත්තට රුවල් බඳින අය. (නදී)

:       0       0

නිමාලි Thursday, 12 December 2013 08:35 AM

මටනම් හිතෙන්නේ අපේ මුදල්වලින් ජිනීවා ගිහින් අපිට විරුද්ධව සාක්කි දෙන්නෙත් අපේම ඇමතිවරු තමා .මොකද එයාල ඒවි රහස්‍ය බවය 100% රකිනවා අනෙක සල්ලි කන්ද්දකුත් ලැබෙනවා ...මේක බොරුවක් නම් (ස)

:       0       0

රවින්ද්‍ර Wednesday, 11 December 2013 05:02 PM

ඔබ නම් සුදානම්, ඒ වුණාට, ප්‍රතිපලයේ අතුරුඵල විඳින්නේ අසරණ ලාංකික ජනතාව. (නි)

:       0       0

අසෝකා Wednesday, 11 December 2013 05:05 PM

මොනවා වෙතත් රට බේරාගන්න එක කාගේත් යුතුකමක්. අනික අපි තරම් සාධාරණ විදියට මොන රටකද ත්‍රස්තවාදීන්ට අනුකම්පා කළේ, උදාහරනත් එක්කම දෙන්න පුළුවන්. ඔය ඇමරිකාව එක දවසකටවත් මෙහෙම කරනවද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 11 December 2013 05:05 PM

ආණ්ඩුවට නිර්දේශ කළොත් නරකද වර්තමානයේ සහ අනාගතයේදී ශ්‍රී ලාංකික අපේ මානව හිමිකම් , අයිතින් , රජයේ මුදල් ගසාකන ප්‍රාදේශීය දේශපාලකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. (නි)

:       0       0

ජමාලා Wednesday, 11 December 2013 05:16 PM

අපි එපැයි විදවන්න (නි)

:       0       0

ද සිල්වා Wednesday, 11 December 2013 05:17 PM

හැමෝම කතා කරන්නේ උතුරේ සහ නැගෙනහිර ජීවත්වෙන ද්‍රවිඩ ජනතාව ගැන විතරයි. රටේ අනිකුත් පළාත්වල ජිවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් අපගේ මානුෂික අයිතිවාසිකම් රජයේ නිලධාරීන් , දේශපාලකයන් විසින් දිනෙන් දින උදුරාගනිමින් අපිව දිනෙන් දින විනාශ මුඛයට ගෙන යනවා. උතුරේ නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ගැන කතා කරන්න ජාත්‍යන්තරයේ සහ රට තුල විශාල සංවිධාන පෙළ ගැසී ඇත.අපි ගැන කතා කරන්නේ ලංකාදීපය වැනි පුවත්පත් සහ මාධ්‍ය අතලොස්සක් පමණි. අපිට සාධාරණයක් සිදුවන්නේ කවදාද? (නි)

:       0       0

සේරම් Thursday, 12 December 2013 09:07 AM

මෙරට අමුතුවෙන් පිටරැටියන්ගෙන් බේරාගන්න ඕෑ නැහැ. මේක බේරගන්න ඕනෑ මෙරටම මිනිස්සුත් එක්ක අපිට නොදැනෙන්න අපිව පිටරටට උකස් කරන දේශපාලුවන්ගෙන් නේද . (නි)

:       0       0

මාටින් Wednesday, 11 December 2013 05:27 PM

ඕනෑම දේකට සුදානම් වෙලා වැඩක් නැහැ.දිනන්න සුදානම් වුණා නම් තමයි හොද (නි)

:       0       0

තරංග Wednesday, 11 December 2013 05:37 PM

මේ පාරවත් මොනවා හරි කරලා අපේ රට බේර ගන්න. සමහර දේශපාලකයෝ දන්නේ රට ඇතුළේ ඉදන් සද්ද දාන්න විතරයි (නි)

:       0       0

තිලක් බණ්ඩාර Wednesday, 11 December 2013 10:39 PM

මට මතක් වෙන්නේ රතුපස්වල නිරායුධ අසරණ මිනිසුන්ට "පට පට" ගාල වෙඩි තියල අසරණ කොල්ලෝ 3 දෙනෙකුගේ ජීවිතය විනාස කල "මිනිස් සංහාරයි". (ස)

:       0       0

තිලක් බණ්ඩාර Wednesday, 11 December 2013 10:41 PM

අල්විස් 2013-12-11 18:04:42"අපිට මේ රට වෙනුවෙන් සටන් කරන්න අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නැහැ. අපේ ශරීරයේ රුධිරය රට ගැන කැක්කුමෙන් කැකෑරිලයි තියෙන්නේ".තෙවරක් ජීවිතය පරිත්තියාග කරන්න එදිරියටම ගිය,රට නිදහස් කර දුන්නු ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට ඔහේ කොහෙද හිටියේ? (ස)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 05:41 PM

බාහිරින් එන ඕනෑම පීඩනයකට මුහුණ දෙන්න පුළුවන් එඩිතර නායකත්වයක් අපට තිබෙනවා. ඇතුළෙන් ඉඳගෙන කකුලෙන් අදින වැඩ නම් නවත්වන්න සිද්ධ වෙනවා. (නි)

:       0       0

විජයරත්නප්‍රිය Wednesday, 11 December 2013 05:43 PM

අනද මවු කුසෙන් බිහිවුණ තවත් එඩිතර කොල්ලෙක්. යුද පෙරමුණ ජයගත් අනද පුතුන් මෙන් ඔබද මෙම අභි‍යෝගය ජයගනු නියතයි. ඔබට ජය!!! (නි)

:       0       0

ද සිල්වා Wednesday, 11 December 2013 05:45 PM

තරංග, සමහර දේශපාලකයෝ සද්ද දමලා විතරක් නවතින්නේ නැහැ.දෙනෝදාහක් බල ඉදිද්දි අමු අමුවේ මිනී මරනවා. කුඩු ගෙනෙනවා. ඉඩම් බලෙන් අල්ලා ගන්නවා. (නි)

:       0       0

චාමික Thursday, 12 December 2013 10:10 AM

අපේ රට වාසනාවන්ත, බුදුන් තුත් වරක් වැඩිය ලෝකේ උතුම්ම රට. ඒ වුනාට හවස හය පහු වෙනකොට තාත්තා පාරට යන්න ඕනේ දුව ගෙදර එක්ක ගෙන එන්න. සැමියා යන්න ඕනේ බිරිඳ එක්කගෙන එන්න. නැතිනම් ගෙදර ඒවිද කියලා සැකයි. ඔය උතුම් කම ගැන කයිවාරු ගහන අය කවුරු එහෙම නොකර දුවට කළුවරේ එන්න පුළුවන් මේ උතුම් රටේ කියල ගෙදර ඉන්නවද ? රටක් උතුම්ද නැතිද කියන එක තීරණය වෙන්නේ මහ පොලව නිසා නොවෙයි, ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම නිසා. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 05:51 PM

හා පුලුවන් නම් කියන්න නිව්ටන්ගේ තුන්වෙනි නියමය. (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 11 December 2013 11:23 PM

අල්විස් .අර චොන්ටිනේර් ගණන් කුඩු ,ෆොර්මලින්,එතොනොල් ගෙනත් අපේ දරුවන් විනාස කරන ඒවටත් විරුද්ද වෙන්නකෝ. (ස)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 06:04 PM

ඔබතුමා අපේ රට වෙනුවෙන් ගිය වාරයේ බොහොම හොඳ අගය කරන්න පුළුවන් සේවයක් ඉටුකළා. ඒ වගේම මේ සැරෙත් ඔන්න කට්ටිය එකතු වෙලාලු. අපි මහත්තයෝ... වාසනාවන්ත රටක ඉපදුණ මිනිස්සු. අපිට මේ රට වෙනුවෙන් සටන් කරන්න අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නැහැ. අපේ ශරීරයේ රුධිරය රට ගැන කැක්කුමෙන් කැකෑරිලයි තියෙන්නේ. අපි බය වෙන්නට ඕනෑ නැහැ. රටට වින කරන අය එදත් හිටියා. අදත් ඉන්නවා. අපි දෙන්න පුළුවන් සටන දෙමු සර්. ඔබතුමන්ලාට පින් සිද්ධ වෙනවා (නි)

:       0       0

නඩරාජා Thursday, 12 December 2013 10:45 AM

හිත ඇත්නම් පත කුඩාද, අධිෂ්ටානය ජයගනී. ඉදිරියටම යමු. (ස)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 10:51 AM

තිලක් මහත්තයාගේ මොලේ හිලක් වගේ. හිරකරුවෙක් නම් ජම්පරය ගහන්ට ඕන තමයි. නමුත් මම කිවේ අපේ රට ගැන මොලේ හිල් තියෙන කට්ටිය කරන ක්‍රියා වැරදි බවයි.. අපි ඒවාට බය නැතුව මුහුණ දිය යුතු බවයි. ඉන්දික මහත්තය හරියට කරුණු දැන කතා කරනවා. එතුමාට බොහොම ස්තුතියි.. (ස)

:       0       0

ජානක Thursday, 12 December 2013 12:15 AM

අසාධාරනකන්, මිනීමැරුම්,හොරකන්, කප්පන්,විරැකියාව,දුශනේ, අතවර, ජිවන වියදම වගේ දේවලින් අපව පාලකයන්ට මිරිකන්ට පුලුවන්නම්.... විදේශිකයෝ අපේ උන්දලාව මාන්දම හැදෙනකන් හිරකරනවටයි මන් නම් මනාප.... (ස)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 12:36 AM

සිතු දේ නොමවී නොසිතු දෙයක් වුනොත් තමය ප්‍රශ්නේ.(ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 02:22 PM

රිවිනාත් මහත්තයෝ මේක බුදුන් තුන්වරක් වැඩිය රට අපි බයවෙන්න කිසිම කාරණාවක් නැහැ. එයාලට කොරන්න දේකුත් නැහැ ! හැබැයි දැන් රට ඇතුලේ සිද්දවෙන මිනීමැරුම් ටික නවත්තගන්න පුළුවන් උනොත් ඒක අපිට ලොකු හයියක් වේවි.(නදී)

:       0       0

චන්දි විකී Wednesday, 11 December 2013 02:28 PM

ලැබීම වෙනුවෙන් හඩ නගන ඔබ සැමට දීර්ඝායු. (නදී)

:       0       0

ආරියසේන Wednesday, 11 December 2013 06:57 PM

පාවාදීම් සිංහල රජ කාලේ සිට එන දෙයක්නේ.රටට ජාතියට ආදරය කරන නායකයින් ජාත්‍යන්තර අධිකරණයට කුදලාගෙන යනකම් සතුටෙන් බලාසිටින කොටසකුත් ඉන්නවා. (නි)

:       0       0

මහසෙන් Thursday, 12 December 2013 02:07 AM

පිටබැද්දර ජයා, මේක බුදුන් තුන් වරක් වැඩිය දිවයින තමයි. හැබැයි බුදුන් අද හිටියා නම් මේ රටේ වෙන දේවල් දැකලා මෙහේ පස් පාගන්නේ නැතිවෙයි. ලංකාව. ඔබ කියන විදිහට රට ඇතුළේ සිද්ධවෙන දුෂණ , මිනි මැරුම් නවත්වන්න කියලා තමයි පිටරටත් කියන්නේ. නමුත් වෙන්නේ නැත්තේත් ඒකම තමයි. (නි)

:       0       0

කුමාර් Wednesday, 11 December 2013 07:06 PM

ඇයි අපේ රටට බැරි ඔය "මානව හිමිකම් සැසිවාරයේදි" බ්‍රිතාන්‍ය අවුරුදු 300 කට වැඩි කාලයක් තිස්සේ ලංකාව පාලනය කරනකම් කළ මානව හිමිකම් උල්ලංඝනය කරපුවා ගැන හා උඩරට කැලෑ විනාශ කරලා වතු වගා කරලා හා වෙල්ලස්සේ අක්කර ලක්ෂ ගානක් කැලෑ ගිනිතියලා මේ රටට කළ පරිසර හානිය වැනි දේගැන කරුණු දක්වන්න? (නි)

:       0       0

නුගදූව Wednesday, 11 December 2013 02:56 PM

සද්දේ අඩු කරලා ඔලුව පාවිච්චි කලොත් ජය ගන්න පුළුවන්. (ස)

:       0       0

අජිත් Wednesday, 11 December 2013 07:34 PM

අනවශ්‍ය දේවල් කතා නොකළ යුතුයි, අවශ්‍ය දේ පමණක් සෑහෙයි. ජය ශ්‍රී!!!! (නි)

:       0       0

මාදුවගේ ලකී Wednesday, 11 December 2013 07:36 PM

රට පාවාදී හෝ තමන්ගේ සාක්කුව පුරවා ගන්නා අය බොහෝ ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 36 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 239 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 46 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 374 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 325 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 767 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 126 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site