වසර තිහකට පමණ පසු කොරියන් ජාතික ගුවන් සේවය, කොරියාවේ සෝල් නුවර සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන් අද ඇරැඹීය.
මගීන් 276 දෙනෙකුට ගමන් කළ හැකි කොරියා ගුවන්සේවයට අයත් ඒ 330-300 වර්ගයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළේ සිට සිය මංගල ගුවන් ගමන කොරියාවේ සෝල් නුවර වෙත අද සවස හයයි තිහට පිටත්ව ගියේය. ගුවන් ගමනට ගත වන කාලය පැය අටකි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ , සිවිල් ගුවන්සේවා අමැති ප්‍රියංකර ජයරත්න සහ ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහත්වරු විසින් මංගල ගුවන්ගමන පිටත්වීමට පෙර ගුවන් නියමු කපිතාන් ලී ජිඔන් චෝල් ඇතුලූ කාර්ය මණ්ඩලය මල් දම් පළදවා පිළිගත්හ.
1970 දශකයේ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වුවද ලොව පුරා ගුවන් ක්ෂේත්‍ර වල පැවති ආර්ථික කඩා වැටීම හේතුවෙන් එය නතර කර ඇත.
කොරියන් ගුවන් සේවය ඉරිදා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කොළඹ සිට සෝල් නුවර වෙතත් , සෙනසුරාදා සඳුදා සහ බදාදා සෝල් නුවර සිට කොළඹ වෙතත් සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙයි.
නැවත ආරම්භ වූ නව ගුවන් සේවාව මගින් ශ්‍රී ලංකාවත් කොරියාවත් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට රුකුලක් වනු ඇති බවත් කොරියානු ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත මෙන්ඩිස් මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටු දායක වැඩක් (දී)
මෙන්න නියම රටවල්.මේ රටවල් තමයි ලංකාවේ හොදම මිතුරෝ. අපට ගොඩක් සතුටුයි. (නි)
ඇයි ඉතින් මෙල්බෝර්න් ඉදලම නොදාන්නේ? (නි)
ප්‍රසාද්ගේ අදහස ගැනත් සළකළා බලමු (නි)
සන්තෝසයි (දී)
එහෙනම් අපිට වෙලාව ගොඩක් ඉතුරුයි. (නි)
සියල්ලන්ටම සුභ ගමන්! (නි)
සුපිරි වැඩ කියන්නේ ඕවට තමයි. නියමයි. (නි)
හොද විශිෂ්ට වැඩක්. (නි)
හොද වැඩක්. නියමයි. (නි)
නියමයි, නියමයි (දී)
www.manussayo.com වෙතින් උණුසුම් සුභ පැතුම්! (නි)
වැඩේ නම් හොඳයි.මේ වගේ යුරෝපයේ රටවල් වලටත් ගුවන් ගමන් දැම්මා නම් සංචාරක ක්ෂේත්‍රය නංවන්න පුලුවන්. (නි)
ඇයි ඇමරිකා මහාද්වීපයට යවන්න බැරි අපේ ගුවන්යානා?? (නි)
ගොඩාක් හොඳ වැඩක්. නැත්නම් කොරියාවේ ඉන්න අපි ලංකාවට එන්න ජපන් හෝ වෙනින් රටක් හරහා එන්න ඕනෑ. දැන්නම් කෙලින්ම ලංකාවට එන්න පුළුවන්. ශ්‍රී ලංකන් ගුවන් යානයක් දැම්මනම් තවත් හොඳයි කියලා හිතනවා. (නි)
මේකෙන් ශ්‍රී ලංකන් එකට පාඩු වෙයිද? (නි)
ගුවනින් හරි කමක් නැහැ එකතු වෙනවානම් (දී)
කොරියන් ඡාතිකයන් කිසිම වැඩක් අත් මේස් නැකිව කරන්නෙ නැහැ. (නි)
අපේ කොල්ලෝ දුක්වින්ද කාලය අවසානයි වගේ. (නි)
ඉතාමත්ම සතුටුයි. දැන් මගේ පුතාට ලංකාවට එද්දී කෙළින්ම එන්න පුලුවන්. (නි)
ඊශ්‍රායලයටත් කෙළින්ම ගුවන් සේවයක් තිබුණා නම් අපිට මග රස්තියාදු නොවෙන්න තිබුණා. (නි)
සන්තෝසයි ...සන්තෝසයි ...සන්තෝසයි ... (දී)
හොදම හොදයි. (නි)
සුභ පැතුම්! (නි)
ඇයි අත් වැසුම් දාගෙන විවෘත කරන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ජපානයටත් ආරාධනා කළොත් හොදයි. (නි)
නියම වැඩක්. (නි)
ඒක නම් හොද වැඩක්. සුබ පැතුම්! (නි)
ඉතින් ඇයි ඇමතිතුමන්ලා ඒකට ගියේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
විශිෂ්ටයි. (නි)
ඇයි දන්නෙ නැහැ මත්තලටම නාවේ? (නි)
චන්ගුමීත් එයි කොයි වෙලේ හරි. (නි)
හොද වැඩක් මේක නම්. එතකොට කටුනායක? (නි)
අවංකවම හොද වැඩක්. (නි)
මේ වගේම ලංකාවේ ගුවන් සේවයකුත් කොරියාවට යායුතුයි. (නි)
නියමයි. අපිට අතරමග රස්තායාදු නොවී කෙළින්ම ගෙදර එන්න පුලුවන්. (නි)
විශිෂ්ටයි. (නි)
ඇමරිකාවේ ඉදලත් ලංකාවට කෙලින්ම ගුවන් සේවයක් දාන්නකෝ. (නි)
අපේ රට වේගයෙන් දියුණු වෙනවා. සතුටුයි ගොඩක්. ඊට සාපේක්ෂව ජනතාවගේ ජීවන මට්ටම නම් ටිකක් පහත්.ජනතාවගේ අතේ ගැවසෙන මුදල් වැඩි කළ යුතුයි. එතකොට තමයි ආර්ථිකය සමබර වෙන්නේ (නි)
ජය වේවා! (නි)
රට රටවල සමගිය තියෙන්න ඕනේ (දී)
ඒක සතුටු දායක පුවතක් (දී)
හොද වැඩක්. සුබ පැතුම්...!! මේ වගේ ඉතාලියේ මිලානෝ නගරයටත් සතියකට එකවරක් හෝ ශ්‍රී ලංකන් ගූවන් සේවයක් ලබා දෙන්න. (නි)
ගොඩාක් හොදයි (දී)