IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘‘ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා’’

මෙවර රයිගම් ටෙලීස් (ටෙලි) සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළියට හිමි කිරුළ දිනා ගනු ලැබුවේ ඇය විසිනි. නෙහාරා මේ කරුළ ලබා ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. නමුත් ජනප‍්‍රිය සම්මානය ලබා ගැනීමෙන් පසුව ඇය උත්සව ශාලාවෙන් ඉක්මණට පිටව යාම බොහෝ දෙනාගේ විමසීමට හේතුවක් වුණා. නෙහාරා එදා සම්මානය ලබා ගෙන ඇයි ඉක්මනටම යන්න ගියේ? මේ පිළිසඳරට ඒ ගැන සහ තවත් තොරතුරු කියාවි. නෙහාරා මොකද මාධ්‍යයට එන්නේ නැත්තේ? මේ එනවනෙ......... පුවත්පත් සාකච්ඡාවලට? එන්නැත්තේ නැහැ. එනවා. එකම දේ ඡායාරූපවලට පෙනී සිටන්න තරම් වෙලාවක් නැහැ. හරිම කාර්ය බහුලයි. ළඟදී ලැබුණු සම්මානය සමඟ එළියට එන්නේ නැහැ කියන්නේ? එහෙම නම් දැන් මේ කතා කරන්නෙ. එහෙම කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඉඩ ලැබෙන විදියට තමයි දායක වෙන්නෙ. මොකද ඔච්චර කාර්ය බහුල ? මෙගා ටෙලි නාට්‍ය පහක වැඩ බාර අරගෙන. ඊට අමතරව දෙරණ ‘‘ටී - බ්‍රේක්’’ වැඩ සටහන ආයෙත් ඉදිරිපත් කරන්න ආරාධනා ලැබුණා. සම්මානය ලැබීමෙන් පසුව ඔබ පිංතූර වලට පෙනී සිටීමට ආවේ නැහැ කියලත් කියන්නේ? මගේ ලොකු අම්මගෙ පුතාගේ මංගල උත්සවය තිබුණ එදා. ඉතින් එදා සම්මානය ගත්ත හැටියෙ මට දුවන්න සිද්ධ වුණා. අපේ පවුලේ දේකට නැත්නම් මගෙන් ඇති වැඩක් නැහැ. සම්මාන නම් ආයෙත් ලැබේවි, ඡායාරූප වළටත් පෙනී සිටින්න පුළුවන් වේව්. ඒත් වෙඩින් හැමදාම ගන්න බැහැනෙ. ඒ හැරත් අපේ පවුලේ උත්සවයක්නෙ. ඒ නිසා තමයි ඉක්මනටම යන්න ගියේ. නමුත් සමහරු කිව්වේ එක එක වෙබ් අඩිවි වල මේ කතාව වෙන විදියකට ප‍්‍රචාරය කරලා තිබුණු බවයි. එහෙම නේද? අනේ ඇත්තද? මම නම් ඔය කියන වෙබ් අඩවි බලන්නෙ නැහැ. ඒවා පස්සේ යන්න තරම් මට වෙලාවක් නැහැ. කලා කරුවන් විකුණ ගන්න තමුන්ට හිතෙන දේ දානවා ඇති. කොහොම වුනත් ඒවා බලන්නෙ නැති නිසා මට ඒවාට උත්තර දෙන්න බැහැ. ගින්නක් නැතිව දුමක් නගීවිද? ලංකාවේ ගොසිප් (කටකතා) වලට ගින්නක්  ඕන නැහැ. ගින්නක් නැතිව දුම දාගන්නවා. පුද්ගලික තොරතුරු අහනවට ඔබ අකමැතිද? මම ගොඩාක් ආස කලා ජීවිතය ගැන අහනවාටයි. ඇයි ආසා නැත්තෙ? අමුතුවෙන් කියන්න දේවල් නැහැනෙ. මම නෙහාරා. කලා ජීවිතේ නම් විවිධ චරිත ගැන අපට කතා කරන්න පුළුවනි. ජනප‍්‍රිය සම්මානය සමඟ පුද්ගලිකත්වය ගැන දැනගන්න, විමසන්න බොහෝ දෙනා කැමතියි නේද? ලෝකයේ බොහෝ දෙනාට පුද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවා. මාත් මගේ පුද්ලිකත්වයට ආසයි. පුද්ගලික දේ ගැන අහනකොට කේන්ති යනවද? අනේ නැහැ බොහෝ චරිත වලදි මේනක සහ ඔබ කදිමෙට ගැලපුන බව සමහරු කියනවා. මේ ගැන කෙළින්ම සමහරු අහනවා නේද? ඔබ චරිත තෝරා ගැනීමේදී නළුවන් වර්ග කරනවද? කොහෙත්ම නැහැ. ඒත් මේනක සහ මම ප‍්‍රධාන චරිත රඟපානවාට බොහෝ දෙනා කැමති බව එයාලගෙ ප‍්‍රතිචාර වලින් කියන්න පුළුවනි. ඒ වගේම මේනක එක්ක රඟපෑ බොහෝ චරිත කතා බහට ලක්වුණා. ඒ කියන්නේ පුංචි තිරයේ පෙම්වතාට වඩාත් ගැලපෙන්නෙ ඔහු කියලද? මෙතෙක් කළ චරිත වලදී වැඩි හරියක් අපි දෙන්නා පෙම්වතුන් ලෙස චරිත රඟපෑව නිසා මිනිසුන්ට එහෙම දැනෙනවා ඇති. වෙනත් පෑහෙන චරිත කවුද? මම එහෙම හිතලා නැහැ. පුංචි තිරයේ නළුවන් අතරින් මේනක ගැන ඔබට හිතෙන්නේ කොහොමද? ඔහු සමඟ තමයි මම වැඩිපුරම චරිත රඟපාලා තියෙන්නෙ. ඇත්තටම ඔහු ඉතා දක්‍ෂයෙක්. ඒ සියල්ලටත් වඩා ඔහු හොඳ මනුස්සයෙක්. හැමෝටම ගරු කරන කෙනෙක්. නෙහාරා චරිත රඟපාන නාට්‍ය සහ ඒවට දායක වන ප‍්‍රධාන නළු චරිතය ගැන සඳහන් කළොත්? සිටුමැදුර (මේනක සමඟ), සිහින පියාපත් (මේනක සමඟ), භාර්යාවෝ (මේනක සමඟ), අරුන්දතී (පෙම්වතෙක් නැති චරිතයක්), රුවන් මාලිගා (නිනෝ සමඟ), භාර්යාවෝ සහ රුවන් මාලිගා රූගත කිරීම් ඉවරයි. මේනක සමඟ රඟපෑ තරු පිරි අහසක් විකාශයට නියමිතයි. නෙහාරා ඔබ හිතට එකඟවම ජීවත්වන චරිතයක්ද? සහතිකෙන්ම ඔව්. ජීවිතේ ඔබ සතුටුවෙනවා නම් ඇයි සතුටු වෙන්නෙ? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කලාවෙන් මට ලැබුනු දේ බොහෝයි. මුළු රටක් මට ආදරය කිරීම තරම් දෙයක් තව තියෙනවද? ඒ ගැන මට තියෙන්නෙ අප‍්‍රමාණ සතුටක්. පේ‍්‍රක්‍ෂක ආදරය තමයි ඉහළම දේ. එයාලට මගේ ගෞරවනීය ප‍්‍රනාමය.

සටහන ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

‘‘ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා’’

සන්ජීව Friday, 08 June 2012 09:55 PM

ඔයා නිසයි **රුවන් මාළිඟා** බැලුවේ. ඒත් කර වැඩේ හරි නෑ නේද ?

:       0       0

සුදු මාටින් Monday, 11 June 2012 03:04 PM

මම ආසම මංජුලා කුමාරිට..

:       0       0

ශාන් Friday, 08 June 2012 01:04 PM

හරිම හොදයි නෙහරා මම කැමතිම නිළිය ඔයා .

:       0       0

රවින්ද Thursday, 21 June 2012 12:23 PM

ලොකකම තිබිබට ටිකක් මෝඩ පාටයි.

:       0       0

ගම Wednesday, 06 June 2012 05:16 PM

බොරු

:       0       0

ඩී Monday, 04 June 2012 09:52 AM

කොට වාහන ළඟ පිකප්..

:       0       0

අතුල Thursday, 14 June 2012 08:02 AM

අනුන්ගේ පුද්ගලිකත්වය නොසොයා ලස්සන දේ අගය කළ යුතුයි

:       0       0

අතුල Thursday, 14 June 2012 08:42 AM

ලස්සන දේ අගය කරන්න..අනුන්ගේ පුද්ගලික දේ ගැන හිතන්න එපා...වැඩක් නෑනේ ඇත්තටම.. මටනම් නෙහාරා ලස්සනයි..

:       0       0

කමල් Tuesday, 12 June 2012 08:10 AM

සිසිර , උඹට මොකටද බන් අනුන්ගේ පවුල් ජීවිත උඹේ පවුලේ වැඩක් බලාගෙන උඹ ඉඳපන් පිරිමියෙක් වගේ

:       0       0

කමල් Tuesday, 12 June 2012 08:50 AM

සිසිර , ඔයාට මොකටද අනුන්ගේ පවුල් ජීවිත තමන්ගේ පවුලේ වැඩක් බලාගෙන ඉන්නකෝ පිරිමියෙක් වගේ.

:       0       0

කිරිබර්ටියා Thursday, 14 June 2012 06:58 PM

වෙන වැඩක් නැද්ද මේ කාටවත්,අනුන්ගේ දේවල්මයි හොයන්නේ.ඔහොම ගියොත් මේ හැමෝටම බුදු සරණයි!

:       0       0

කිරිමාටින් Monday, 11 June 2012 03:07 PM

ඔයා ආස උනාට .... එයා ආස නැහැනේ....

:       0       0

රම්සි Wednesday, 06 June 2012 07:47 PM

අනේ මගේ කට....

:       0       0

මධු Saturday, 07 July 2012 12:26 PM

මට පෙන්නම බැරි මෙනකගේ පව්ල් ජීවිතෙත් විනාස කරේ මෙයා තමයි .මෙයට දැන් කව්රුවත් කැමති නැ.මේපාර නම් ඔයාට ජනප්‍රිය නිළිය වෙන්න බැ.

:       0       0

උදාර Thursday, 14 June 2012 06:35 PM

මරු නේද?

:       0       0

ජගත් Tuesday, 05 June 2012 11:10 AM

මොකක්ද මේ අමුතු යාළුකම?

:       0       0

අනුර ශාන්ත Thursday, 14 June 2012 02:19 PM

ඒක තමයි අනුර ශාන්ත...

:       0       0

නිළි බට්ටී Monday, 04 June 2012 12:19 PM

කිසිම ලස්සනක් නැති නිළියක්...

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 09:42 AM

කවුරු හරි ගැනියෙක්ට හරි පිරිමියෙක්ට හරි ලස්සනයි කියන්න ඕන මේකප් දාල ඉන්නකොට නෙමෙයි ... වතුරක බැහැල නාල ගොඩට ඇවිත් ඉන්න වෙලාවකයි ...එතකොට තමයි ඔය ලස්සනයි කියන කාගේ කාගේත් ඇඟේ උලාගෙන තියෙන ලට්ට ලොට්ට දියවෙලා ගිහින් තියෙන්නේ ...

:       0       0

සිසිර Thursday, 07 June 2012 03:46 PM

දැනගන්නම ඕන පවුල් ජීවිතය.. කතාවනම් දහස් ගණනින් වැඩ ශත වලින්...

:       0       0

අසින්ත Thursday, 14 June 2012 06:49 PM

මේ සම්මානේ ගැළපෙන්නේ සුමනා ගෝමස්ට.එයා එළිපිට රගපාන කෙනෙක්

:       0       0

Thursday, 07 June 2012 10:34 AM

නංගී ඔය කොන්ඩෙයි, ඇහිබැමයි ඔයාගෙමද හැබෑටම...

:       0       0

ජෝන් සීනා Friday, 15 June 2012 11:59 AM

ඔයා සාරියටනම් හරිම කැතයි.කොට ගවුමට තමයි ලස්සන

:       0       0

පුසන්න Thursday, 14 June 2012 02:43 PM

මරු ආ..........

:       0       0

අනුත්තරා Tuesday, 12 June 2012 03:19 PM

මෙයාගේ ආඩම්බරකම ...ඇති ලස්සනකුත් නෑ..

:       0       0

ආර්.එම්.එස්.කේ. Monday, 04 June 2012 05:21 PM

කවුද කියන්නේ අපි ඔය ටෙලිඩ්‍රාමා ආසාවෙන් බලනව කියලා..

:       0       0

කලු මාටින් Tuesday, 12 June 2012 10:32 AM

මෙයා පිස්සු හටනක්

:       0       0

කමල් ජයසිජහ Saturday, 09 June 2012 10:58 AM

ඉන්ටර්නෙට් එකෙත් නෙහාර කෙනෙක් ඉන්නවා....

:       0       0

ජගත් Sunday, 03 June 2012 04:23 PM

මේනක එක්ක තියෙන යාලු කම මොකක්ද ???

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 03:35 PM

මොකක් උණත් මම ආසයි ඔයා අර පඩි පෙළක් උඩ ඉදන් ගත්ත ෆොටෝ වලට

:       0       0

Wednesday, 06 June 2012 10:42 PM

ඔහොම යන් නංගි, ඔහොම යන් ..දුම් දාල දාල දවසක පත්තුවෙයි...ඔයාල කොහොමත් යන්නේ රිවස් එකටනේ....

:       0       0

කොර මාටින් Thursday, 14 June 2012 11:23 AM

අපිත් ආසයි නාලා ගොඩට ඇවිත් ඉන්න වෙලාවක ලස්සන බලන්න.ඒත් මේගොල්ලෝ නාන්නේ බාත්රූම් වලනේ.ඉතිං කොහොමද ලස්සන බලන්නේ?

:       0       0

දොන් Monday, 11 June 2012 01:36 PM

පන්ඩිත ගැහැණියක්..

:       0       0

අසංක Monday, 11 June 2012 01:39 PM

ලොකුකම තියෙන පණ්ඩිත ගෑනු අපිට එපා....

:       0       0

රජිත් මංජුල Tuesday, 05 June 2012 03:26 PM

නළුවෙක් නි‍ළියෙක් උනාම එකපාරක්වත් දික්කසාද උනේ නැත්නම් වැඩක් නෑ නිකං පරිප්පු නැති හෝටලේ වගේ

:       0       0

ඉන්දික Monday, 11 June 2012 01:01 PM

මෙයාගේ පණ්ඩිත කමයි ලොකු කමයි තමයි තියෙන්නේ......

:       0       0

මාතර මල්ලි Thursday, 07 June 2012 12:14 AM

කෘන්තක, රදනක දත් හොදට මැදගෙන එන්න.අතට මාලෙකුත් ගන්න

:       0       0

ඇලඩින් Tuesday, 05 June 2012 12:52 AM

හරිම ලස්සනයි නෙහාරා

:       0       0

ජන්තු Friday, 08 June 2012 08:33 PM

මට නම් පේන්නනම බැරි නිළියක් මෙයා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 531 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 506 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1496 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1131 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site