ඉතාලියේ පසු ගිය ඡන්දයෙන් දිනු පී ඩී එල් පක්ෂය ශ්‍රි ලංකාවට පිළිකා රෝහලක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ බව ඉතාලියේ පදිංචි ශමීන් පණ්ඩිතරත්න මහතා කියයි.
තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් දැක් වු සහයෝගයට කළගුණ සැලැකීමක් වශයෙන් මෙම පරිත්‍යාග කරන බව එම ඉතාලි නියෝජිතයන් පණ්ඩිතරත්න මහතාට පවසා ඇත.
මේ අතර මිලානෝ නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයින් ලබන සැප්තැම්බරයේ හමුවී සාකච්ඡා කිරීමටද පී ඩී එල් පක්ෂය අදහස් කරන බවද පණ්ඩිතරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තවමත් ප්‍රාථමික යෝජනාවක් පමණි. මෙය සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලාංකික සියලු සමිති සමාගම් එකතු වී ශ්‍රී ලංකික බලය මිලානෝ වල පෙනෙන ආකාරයට මෙම දේශපාලඥයන් හමුවිය යුතුය. නැත්නම් මෙයත් නිකන්ම තවත් 'ඡන්ද පොරොන්දුවක්' විය හැකිය.(නදී)
කුමන පක්ෂය දිනුවත් අපිට මොකද ජයමාන්න ඉස්පිරිතාලය හැදෙනවානම්. ඔයා ඇමතිවරු පස්සේ ගිහින් තනතුරු හිගා කෑවාට මෙහෙම දෙයක් වත් කරන්නේ නැහැනේ නේද මෙයා. ඔයා උත්සහ කරන්නේ ඔයාට මොනවා හරි කොරගන්න නේද මෙයා. (නදී)
පිලිකා රෝහලක් ආරම්භ කලාට වැඩක් නැහැ, ලංකාවේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ,පිළිකා රෝගීන්ට සලකන විදිය ඉගැන්නුවොත් හොදයි.(නදී)
මුසාවාදා වේරමණී ... රකින්න අපේ සමන්ත මහත්තයෝ ... අපි නොදන්නා බෙර්ලුස්කොනිගේ පක්ෂය .. ඉස්පිරිතාලේ කොහොම උනත් අර රුදිගේ ගේම් එක නිසා එතුමා අද වසර 6 කට හිරේ ගියා සාදු සාදු සාදු.(නදී)
පි.ඩී එල්. පක්ෂය ඡන්දෙ දිනා ගත්තේ නැ. ඡන්දෙ දිනුවේ පි.ඩී. පක්ෂය. පි.ඩී එල්. පක්ෂය ආණ්ඩු පක්ෂය වන පි.ඩී. පක්ෂය සමග එකගතාවයකින් ආණ්ඩුවට සහය දෙන පක්ෂයක් පමණි. (නදී)
ඔය රෝහල අපිට දෙනවා කියු පී.ඩී.එල් පක්ෂේ නායක සිල්විඕ බෙර්ලුස්කොනි 24/06/2013 ඉතාලි වේලාවෙන් හවස 05.45 ට පමණ බාලවයස් කාර ගණිකාවක් ඇසුරු කිරීමට වරද කරු වී වසර 07 කට සිර දඩුවම් නියම විය. අපිට රෝහලක් දෙයිද ?(නදී)
මෙහෙ ඡන්දෙ දින්නේ මූවිමෙන්ටෝ 5 ස්ටෙලේ MS 5 කියන පක්ෂයයි. පී.ඩී.එල් සහ පී.ඩී කියන ලෝක හොර පක්ෂ 2 එකතුවෙලා සභාග ආණ්ඩුවක් තමයි තිබ්බේ. මෙහෙ ගහන ටැක්ස් අඩුකරනවා අලුතෙන් ගහපු ටැක්ස් ගෙවපුවා ආපහු මිනිස්සුන්ට ගෙවනවා කියල තමා මේ පක්ෂ දෙක මැතිවරණෙ කලේ. දැන් මුන් දෙගොල්ලෝ එකතුවෙලා ඡන්ද දායකයන්ට කියනවා අපි එහෙම කීවට අපිට ටැක්ස් කපන්න බැ කියලා. ඔන්න පී.ඩී.එල් වැඩ. මේවගේ අය අපිට රෝහල් දෙයිද?(නදී)
පිස්සු තමා , පී ඩී එල් පක්ෂය ඡන්දෙ දිනාගත්ත කීවට ඕක හෙලවෙන ආණ්ඩුවක්. ඡන්දෙ දිනලා මෙහෙ ආණ්ඩුව තියාගන්න දවස් 63ක් ගියා. එහෙම අයට රෝහල් හදනවා නෙමේ ආණ්ඩුව කරගන්න බැරිව ඉන්නේ පිස්සු කතා මේවා.(නදී)
ඔව් දැන් දැන් ලංකාව් සමහරු ඉතාලියටම පිළිකාවක් වෙලානේ. මෙහෙම වැඩක් හරි කරලා ජාමේ බේරාගන්ට.(නදී)
ගැමුණු අපිත් වෙන්නප්පුවේ තමා කොහෙට ගියත් කමක් නැ මොකද අපි ඉතාලියට බදු ගෙවනවා මෙහේ නිකන් අපි වැඩ කරන් නැ නමුත් වෙන්නප්පුවට බනින්ඩ එපා එක ලැබෙන්නේ ලංකාවට නේද මෙහේ ගොඩක් ඉන්නේ වෙන්නප්පුවේ අය.(නදී)
අපේ අය රවටන්න කියන දේවල්. මේ මෝඩයෝ ඕව විශ්වාස කරනවා.(නදී)
කතෝලික රටකින් ලෑබෙන දෙයක් හින්දා මේක විජාතික කුමන්ත්‍රනයක් විය හෑකියි.(නදී)
ඉතාලි ජනතාවෙනි ඔබ සැමට පින් මක් නිසාද මේ ඔබේ බදු මුදල් නිසාවෙනි (අ)
ඉතා ශ්‍රේෂ්ට ක්‍රියාවක් පළමුව ඉතාලි පි ඩී එල් පක්ෂය සියලු සාමාජිකයින්ට ස්තුතියි. මෙයට සහයෝගය දක්වපු පණ්ඩිතරත්න මහතා සමග සිටින ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් පින්. මාත් ගොඩක් උත්සහ ගනිමින් සිටිනවා මෙවන් අවස්ථාවක් මගේ රටට ලබා දෙන්න. ( පිළිකා රෝගෙන් දුක් විදින ළමුන් සදහා ) මෙම අවස්ථාව ලබාගත් ඔබ සැමට නිරෝගී සුවය සමග ජය හා සතුට.(නදී)
වෙන්නප්පුවේ ඉන්නේ හිත හොද මිනිස්සු. එම උදවිය මෙය වෙන්නප්පුවට ගන්න තරම් කුහක නැහැ ගැමුණු.(නදී)
මේ ඇමතිලා කොමිස් ඉල්ලපු හැටියේ ඒ මිනිස්සුන්ට ඕක දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා.(නදී)
බොහොම හොද වැඩක්. ඕකට මුදලාලිලා දේශපාලුවෝ ගාව ගන්න එපා. ජර්මනියෙන් ගාල්ලට දෙන්න හදපු රෝහලට උනුදේ දන්නවනේ. සමහරක්ගේ කබ ඇදිල්ලෙන් ඒක නැතුව ගියා.(නදී)
සාකච්ඡාවේදී පොදු අවශ්‍යයතා වලට මුල් තැන දෙන්න.(නදී)
මේක වෙන්නපුවට දෙන්න. (ස)
ලංකාවේ හොඳ වැඩක් කරන්න ගියත් විවේචන කරමින් පම්පෝරි ගහන විදේශ වල පදිංචි ඇතැම් කලුසුද්දන්ට,මේ සත් ක්‍රියාව ආධර්ශයක් වෙනවා! මෙවැනි උතුම් වැඩකට ඉතාලි රජය අනුග්‍රහය දැක්වීමට එකඟ කරගැනීම ,පණ්ඩිතරත්න මහතාගේත් ,නියෝජිත මහතුන්ගේත් උත්සාහයේ ප්‍රතිපලයක්! (ස)
හොද වැඩක්, ඉතාලියේ අයට ජය සතුට හා නිරෝගී බව ලැබේවා (අ)
කරුණාකර අපේ අය බෙදෙන්නේ නැතිව ඉන්න (ස)