IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාවට පදක්කම් පිට පදක්කම්

දකණු කොරියාවේ ඩෙචෝන්  නුවර පැවති  ‘‘කොරියන්  අන්තර්ජාතික ගණිත තරගාවලිය 2014‘‘  දී    ලෝකඩ පදක්කම් 16ක්, ශූරතා කුසලානයක්,  අනුශූරතා කුසලාන 03 ක් සමගින් ගෞරව සම්මාන 07 ක් හිමිකරගැනීමට ශ්‍රී ලාංකික සිසුහු පිරිසක් සමත් වුහ. ඔවුහු පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

තරගාවලිය  ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්‍රෑනෙයි, බල්ගේරියාව, කැනඩාව, චීනය, සයිප්‍රස්, ගානාව, හොංකොං,  ඉන්දියාව,ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කසකස්ථානය, කොරියාව, කිර්ගිස්, මැකාවු, මැලේසියාව, මෙක්සිකෝ, මොංගෝලියාව, නේපාලය,  නෙදර්ලන්තය, නයිජීරියාව, පිලිපීනය, රොමේනියාව, රුසියාව, සිංගප්පූරුව, සර්බියාව, දකණු අප්‍රිකාව, සිරියාව, තායිලන්තය, තායිවානය, යුක්රේනය, උස්ඛෙකිස්ථානය, ඇමරිකාව, වියට්නාමය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 31 ක සිසුහු හත්සීයකට අධික පිරිසක් සහභාගත්වයෙන්  පසුගිය ජුලි 21 සිට 26 දක්වා දකුණු කොරියාවේදී පැවැත්විණි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ අංශයෙන් කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කෙරිණි. කණිෂ්ඨ කණ්ඩායම් දෙකම හා  ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශය විසින් ඉදිරිපත්  කළ අතර අනෙක් ජ්‍යෙෂ්ඨ  කණ්ඩායම කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනම මගින් ඉදිරිපත් කෙරිණි.

මෙහිදී  ජ්‍යෙෂ්ඨ අංශයේ කේවල හා කණ්ඩායම් අංශ යටතේ  පැවති තරගාවලියේදී කේවල් අංශයෙන් ලෝකඩ පදක්කම් 04 දිනාගැනීමට  ෂෙනාල් සංතුස් කොටුවේවත්ත, රුවිමල් යසින්ත පතිරාජ, සමිත යොහාන් අබේසිංහ සහ කේ.එච් චංග් යන සිසුහු සමත් වුහ.

ගෞරව සම්මාන හිමිකරගත් සිසුන් අතර තිසංක අලහාකෝන්, සමිත කරුණාතිලක, සිවනේෂන් ජතුරසන් සහ උදිත සඳරුවන් විෙජ්රත්න, සදිල් සංදීප රණසිංහ, මොහොමඩ් අෆ්ලාල්, අරුල් මොලිවර්මන් ත්‍රිිෂාන්තන් යන සිසහු වෙති.

කණ්ඩායම් තරගාවලියේදී කණිෂ්ඨ අංශයේ කණ්ඩායම් දෙකම අනු ශූරතාවය දිනාගනිමින්  කුසලාන දෙකක් හා ලෝකඩ පදක්කම් 8 ක් හිමි කරගැනීමට  සමත් වු අතර ජ්‍යෙෂ්ඨ  අංශයේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියඩ් පදනම මගින් ඉදිරිපත් කළ  කණ්ඩායම  අනුශූරතා කුසලානයක් හා ලෝකඩ පදක්කම් 04 ක් ද සාමුහික තරගාවලියේ  ශූරතාවය ද හිමිකරගත්හ.

 ශ්‍රී ලංකාව පුරා සිසුන් නියෝජනය වන පරිදි අදියර ගණනාවකින් පැවති තියුණු තරගාවලි කිහිපයකින් පසු තෝරාගත් පාසැල් සිසුන් 16 දෙනෙක්  ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් විය.

ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට  රුවිමල් යසන්ත පතිරාජ(කොළඹ රාජකීය විදුහල), ආයුෂ ශාස්ත්‍රික ෆොන්සේකා(රාජකීය විදුහල කොළඹ), මොහොමඩ් අෆ්ලාල් (ශාන්ත ජෝෂප් විදුහල ත්‍රිකුණාමලය), ෂෙනාල් සංතුස් කොටුවේවත්ත (රාජකීය විද්‍යාලය කොළඹ), සමිත යොහාන් අබේසිංහ (මලියදේව විදුහල කුරුණෑගල) , කේ.එච් වංග් (ජාත්‍යන්තර ් පාසැල කොළඹ), අරුල් මොලිවර්මන් තිිශේන්තන්(හයිලන්ඩ් විදුහල  හැට්න්), සදිල් සංදීප රණසිංහ(රාජකීය විදුහල කොළඹ) යන සිසුහු ඇතුලත් වුහ.

කණිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරමින් නෙත්මින පුජන සිල්වා (බදුල්ල මධ්‍ය මහා විදුහල), තිසංක අලහාකෝන් (ධර්මරාජ විදුහල මහනුවර), සමිත කවිෂ්ක කරුණාතිලක (බදුල්ල මධ්‍ය මහා විදුහල), සිවනේෂන් ජතුරසන් (හාඩිලි විද්‍යාලය යාපනය), උදිත සඳරුවන් විෙජ්රත්න (ධර්මරාජ විදුහල මහනුවර), වසන්ත තාරක කොඩිතුවක්කු (මහනාම විදුහල කොළඹ), තිසර කොඩිතුවක්කු (රිච්මන්ඩ් විදුහල ගාල්ල), ශර්මිකා සර්ව නන්දනී (රම්බකුලම් කාන්තා විද්‍යාලය වව්නියාව) සිසු සිසුවියෝ සංචාරය සඳහා එක් වුහ.
කණ්ඩායම් නායකත්වය දරමින් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් එස්.ඒ.බී.එම්.කේ භානු ගුප්ත(  මලියදේව  විදුහල කුරුණෑගල), සුනිල් ශාන්ත (මහින්ද රාජපක්ෂ විදුහල හෝමාගම) සහ උඩුගම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක   ප්‍රියානි දාස් හා කොළඹ විශ්ව විද්‍යාලයේ  ගණිත අංශයේ  රුසිරු  රංගික ගාම්භීර යන මහත්ම මහත්මීහු එක්වුහ.

මාස තුනක් පමන කාලයක්  තිස්සේ වරින් වර පැවති පුහුණු වැඩ සටහන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත ශාඛාවේ අධ්‍යක්ෂක චිත්තානන්ද බියන්විල මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුග්‍රහය යටතේ සිදු කළ අතර සම්පත් දායකත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශය මගින් හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චානක්‍ය විෙජ්රත්න මහතාගේ උපදෙස් මත රුසිරු ගාම්භීර  මහතා විසින් සපයන ලදී.

මේම තරගාවලිය සඳහා සහභාගී වීමට තමන් දිරිමත් කරමින් අනුග්‍රහය දැක්වු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශයේ අධ්‍යක්ෂක හා කාර්්‍ය මණ්ඩලයටද, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ අධ්‍යෂක ඇතුළු කාර්්‍ය මණ්ඩලයට ඛෙහෙවින් ස්තුතිවන්ත වන බව දිවයිනට පැමිණි සිසුහු පැවසුහ.

(තරඟාවලිය සඳහා සහභාගී වු සියළුම සිසුන් සංචාරය සඳහා එක්වු නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන්  සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී) 

 1

2

ජ්‍යෙෂ්ඨ අංශයේ කේවල තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනාගත් සිසුන් ඡායාරූපයේ වමේ සිට සමිත යොහාන් අබේසිංහ, රුවිමල් යසන්ත පතිරාජ, ෂෙනාල් සංතුෂ් කොටුවේවත්ත යන සිසුහු පහත ඡායාරූපයේ සිටිති ) .

3

 කණ්ඩායම්  තරගාවලියේදී ජයග්‍රහණ හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපත් කළ කණ්ඩායම පුහුණුකරු රුසිරු ගාම්භීර සමග සදිල් සංදීප රණසිංහ, සමිත යොහාන් අබේසිංහ, අරුල් මොලිවර්මන් තිසේද්‍රන්  යන සිසුහු පහත ඡායාරූපයේ  සිටිති.)

4 20140727_005422 DSC02864 DSC03235 DSC03353

 

 
 
 
 

 



අදහස් (0)

ලංකාවට පදක්කම් පිට පදක්කම්

සමීර Thursday, 07 August 2014 03:40 PM

හැමෝටම සුභ පැතුම්! (අ)

:       0       0

මාටින් Thursday, 07 August 2014 08:02 AM

මේ කණ්ඩායමට ගැහැණු ළමයි නැත්තේ එයාලට ගණිතය බැරි නිසාද? (දී)

:       0       0

රජින්ද Thursday, 07 August 2014 08:43 AM

මම හැමදාම කියන්නේ ඕකයි. එක එක රටවල් එක එක දේවලින් දක්ෂයි. ලංකාව ඉගෙනීම අතින් හොද නමක් දිනාගෙන ඉන්නවා. ඒක නැති කරන්න කාටවත් ඉඩ නොදිය යුතුයි. ගණිතය විෂය අනිවාර්ය විෂයක් කල යුතුයි එමෙන්ම මුලික අධ්‍යාපනයේදී ගණිතයට වැඩි ඉඩක් ලබා දෙන්නේ නම් ඒ දරුවන්ට අනෙක් විෂයන් පහසුවෙන්ම ධාරණය කරගත හැකියි. මේ බොරු නෙමෙයි කියන්නේ. (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 07 August 2014 09:05 AM

මේ දරුවෝ දිනක ලොකු මහත් වෙලා රටේ හොඳ උගතුන් උන දවසට පොඩ්ඩක් අපිට හදල දෙන්න රුපියල් 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල කියපු ගණිත සුත්‍රය. (දී)

:       0       0

ඉන්දු - මෙල්බර්න් Friday, 08 August 2014 01:51 AM

ගොඩක් ආඩම්බරයි අපේ පුංචි ගණන් කාරයෝ ටික ගැන. (නදී)

:       0       0

ටියුඩර් Thursday, 07 August 2014 12:59 PM

ඔබ සැමට සුබ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Thursday, 07 August 2014 01:38 PM

මේ හොඳ බුද්ධිමත් දරුවන් ලංකාවේ නම ඉහළට ඔසවා තැබුවා. ලංකාවේ බොහෝ පළාත් වල නියෝජනයක් වීම මට හරි සතුටුයි. ජය වේවා! (නි)

:       0       0

තිලක් Thursday, 07 August 2014 06:56 AM

ලංකාවේ කොල්ලෝ ඔහොම තමයි (දී)

:       0       0

අනු Thursday, 07 August 2014 07:03 AM

සුබ පැතුම් (දී)

:       0       0

භානු Thursday, 07 August 2014 07:08 AM

ඉතා සතුටුයි. මේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් පතනවා. ගණිතය විෂය පළමු වතාවෙන්ම විශිෂ්ඨ ලෙස සමත් වීම ට සිසුන් උනන්දු කල යුතුයි. තව වාර දෙකක් තිබෙනවා කියමින් කල් දැමීම ප්‍රායෝගික නැහැ. (දී)

:       0       0

නිෂාර්ඩ් Friday, 08 August 2014 04:10 AM

මගේ උණුසුම් සුභ පැතුම්. මෙවැනි ජයග්‍රහණ තව තවත් මවුබිමට ගෙන ඒමට ඔබසැමට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. (අ)

:       0       0

සුගත් Thursday, 07 August 2014 07:13 AM

ලංකාවේ අධ්‍යාපනය හොඳ මට්ටමක පවතිනවා...ඒක අපිට ලොකු ආඩම්බරයක්. මෙය රැකගැනීම අප කාගේත් යුතුකමයි . ඔබ සැමට සුබපැතුම්. (දී)

:       0       0

පීටර් Thursday, 07 August 2014 01:59 PM

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් වල සිසුවියන් නැත්තේ ඇයි? (නි)

:       0       0

ජයදුන් ඩි මෙල් Thursday, 07 August 2014 07:30 AM

මේ දිනවල කතාබහට ලක්වන ගණිත විෂයට පිරිමි දරුවන්ගේ විශේෂ හැකියාවක් සහ බැඳීමක් මෙයින් පෙනෙනවා.(දී)

:       0       0

ජයදුන් දී මේල් Thursday, 07 August 2014 07:31 AM

මේ දිනවල කතාබහට ලක්වන ගණිත විෂයට පිරිමි දරුවන්ගේ විශේෂ හැකියාවක් සහ බැඳීමක් මෙයින් පෙනෙනවා. (දී)

:       0       0

සල්ස් Thursday, 07 August 2014 07:38 AM

ඔබලාට ජය (දී)

:       0       0

සුනිල් විතානගේ Thursday, 07 August 2014 07:42 AM

කෝ මේ අනිත් පැත්තේ කට්ටිය (දී)

:       0       0

චාන්දනී Thursday, 07 August 2014 07:41 AM

දරුවන්ට වාසනාවන්ත අනාගතයක් වේවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 476 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 490 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 150 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1463 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1109 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 437 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site