දකණු කොරියාවේ ඩෙචෝන් නුවර පැවති ‘‘කොරියන් අන්තර්ජාතික ගණිත තරගාවලිය 2014‘‘ දී ලෝකඩ පදක්කම් 16ක්, ශූරතා කුසලානයක්, අනුශූරතා කුසලාන 03 ක් සමගින් ගෞරව සම්මාන 07 ක් හිමිකරගැනීමට ශ්‍රී ලාංකික සිසුහු පිරිසක් සමත් වුහ. ඔවුහු පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
තරගාවලිය ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්‍රෑනෙයි, බල්ගේරියාව, කැනඩාව, චීනය, සයිප්‍රස්, ගානාව, හොංකොං, ඉන්දියාව,ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කසකස්ථානය, කොරියාව, කිර්ගිස්, මැකාවු, මැලේසියාව, මෙක්සිකෝ, මොංගෝලියාව, නේපාලය, නෙදර්ලන්තය, නයිජීරියාව, පිලිපීනය, රොමේනියාව, රුසියාව, සිංගප්පූරුව, සර්බියාව, දකණු අප්‍රිකාව, සිරියාව, තායිලන්තය, තායිවානය, යුක්රේනය, උස්ඛෙකිස්ථානය, ඇමරිකාව, වියට්නාමය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 31 ක සිසුහු හත්සීයකට අධික පිරිසක් සහභාගත්වයෙන් පසුගිය ජුලි 21 සිට 26 දක්වා දකුණු කොරියාවේදී පැවැත්විණි.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ අංශයෙන් කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කෙරිණි. කණිෂ්ඨ කණ්ඩායම් දෙකම හා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශය විසින් ඉදිරිපත් කළ අතර අනෙක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනම මගින් ඉදිරිපත් කෙරිණි.
මෙහිදී ජ්‍යෙෂ්ඨ අංශයේ කේවල හා කණ්ඩායම් අංශ යටතේ පැවති තරගාවලියේදී කේවල් අංශයෙන් ලෝකඩ පදක්කම් 04 දිනාගැනීමට ෂෙනාල් සංතුස් කොටුවේවත්ත, රුවිමල් යසින්ත පතිරාජ, සමිත යොහාන් අබේසිංහ සහ කේ.එච් චංග් යන සිසුහු සමත් වුහ.
ගෞරව සම්මාන හිමිකරගත් සිසුන් අතර තිසංක අලහාකෝන්, සමිත කරුණාතිලක, සිවනේෂන් ජතුරසන් සහ උදිත සඳරුවන් විෙජ්රත්න, සදිල් සංදීප රණසිංහ, මොහොමඩ් අෆ්ලාල්, අරුල් මොලිවර්මන් ත්‍රිිෂාන්තන් යන සිසහු වෙති.
කණ්ඩායම් තරගාවලියේදී කණිෂ්ඨ අංශයේ කණ්ඩායම් දෙකම අනු ශූරතාවය දිනාගනිමින් කුසලාන දෙකක් හා ලෝකඩ පදක්කම් 8 ක් හිමි කරගැනීමට සමත් වු අතර ජ්‍යෙෂ්ඨ අංශයේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියඩ් පදනම මගින් ඉදිරිපත් කළ කණ්ඩායම අනුශූරතා කුසලානයක් හා ලෝකඩ පදක්කම් 04 ක් ද සාමුහික තරගාවලියේ ශූරතාවය ද හිමිකරගත්හ.
ශ්‍රී ලංකාව පුරා සිසුන් නියෝජනය වන පරිදි අදියර ගණනාවකින් පැවති තියුණු තරගාවලි කිහිපයකින් පසු තෝරාගත් පාසැල් සිසුන් 16 දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් විය.
ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට රුවිමල් යසන්ත පතිරාජ(කොළඹ රාජකීය විදුහල), ආයුෂ ශාස්ත්‍රික ෆොන්සේකා(රාජකීය විදුහල කොළඹ), මොහොමඩ් අෆ්ලාල් (ශාන්ත ජෝෂප් විදුහල ත්‍රිකුණාමලය), ෂෙනාල් සංතුස් කොටුවේවත්ත (රාජකීය විද්‍යාලය කොළඹ), සමිත යොහාන් අබේසිංහ (මලියදේව විදුහල කුරුණෑගල) , කේ.එච් වංග් (ජාත්‍යන්තර ් පාසැල කොළඹ), අරුල් මොලිවර්මන් තිිශේන්තන්(හයිලන්ඩ් විදුහල හැට්න්), සදිල් සංදීප රණසිංහ(රාජකීය විදුහල කොළඹ) යන සිසුහු ඇතුලත් වුහ.
කණිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරමින් නෙත්මින පුජන සිල්වා (බදුල්ල මධ්‍ය මහා විදුහල), තිසංක අලහාකෝන් (ධර්මරාජ විදුහල මහනුවර), සමිත කවිෂ්ක කරුණාතිලක (බදුල්ල මධ්‍ය මහා විදුහල), සිවනේෂන් ජතුරසන් (හාඩිලි විද්‍යාලය යාපනය), උදිත සඳරුවන් විෙජ්රත්න (ධර්මරාජ විදුහල මහනුවර), වසන්ත තාරක කොඩිතුවක්කු (මහනාම විදුහල කොළඹ), තිසර කොඩිතුවක්කු (රිච්මන්ඩ් විදුහල ගාල්ල), ශර්මිකා සර්ව නන්දනී (රම්බකුලම් කාන්තා විද්‍යාලය වව්නියාව) සිසු සිසුවියෝ සංචාරය සඳහා එක් වුහ.
කණ්ඩායම් නායකත්වය දරමින් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් එස්.ඒ.බී.එම්.කේ භානු ගුප්ත( මලියදේව විදුහල කුරුණෑගල), සුනිල් ශාන්ත (මහින්ද රාජපක්ෂ විදුහල හෝමාගම) සහ උඩුගම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රියානි දාස් හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ රුසිරු රංගික ගාම්භීර යන මහත්ම මහත්මීහු එක්වුහ.
මාස තුනක් පමන කාලයක් තිස්සේ වරින් වර පැවති පුහුණු වැඩ සටහන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත ශාඛාවේ අධ්‍යක්ෂක චිත්තානන්ද බියන්විල මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුග්‍රහය යටතේ සිදු කළ අතර සම්පත් දායකත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශය මගින් හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චානක්‍ය විෙජ්රත්න මහතාගේ උපදෙස් මත රුසිරු ගාම්භීර මහතා විසින් සපයන ලදී.
මේම තරගාවලිය සඳහා සහභාගී වීමට තමන් දිරිමත් කරමින් අනුග්‍රහය දැක්වු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත අංශයේ අධ්‍යක්ෂක හා කාර්්‍ය මණ්ඩලයටද, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ අධ්‍යෂක ඇතුළු කාර්්‍ය මණ්ඩලයට ඛෙහෙවින් ස්තුතිවන්ත වන බව දිවයිනට පැමිණි සිසුහු පැවසුහ.
(තරඟාවලිය සඳහා සහභාගී වු සියළුම සිසුන් සංචාරය සඳහා එක්වු නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී)
ජ්‍යෙෂ්ඨ අංශයේ කේවල තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනාගත් සිසුන් ඡායාරූපයේ වමේ සිට සමිත යොහාන් අබේසිංහ, රුවිමල් යසන්ත පතිරාජ, ෂෙනාල් සංතුෂ් කොටුවේවත්ත යන සිසුහු පහත ඡායාරූපයේ සිටිති ) .
කණ්ඩායම් තරගාවලියේදී ජයග්‍රහණ හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපත් කළ කණ්ඩායම පුහුණුකරු රුසිරු ගාම්භීර සමග සදිල් සංදීප රණසිංහ, සමිත යොහාන් අබේසිංහ, අරුල් මොලිවර්මන් තිසේද්‍රන් යන සිසුහු පහත ඡායාරූපයේ සිටිති.)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කණ්ඩායමට ගැහැණු ළමයි නැත්තේ එයාලට ගණිතය බැරි නිසාද? (දී)
මගේ උණුසුම් සුභ පැතුම්. මෙවැනි ජයග්‍රහණ තව තවත් මවුබිමට ගෙන ඒමට ඔබසැමට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. (අ)
ගොඩක් ආඩම්බරයි අපේ පුංචි ගණන් කාරයෝ ටික ගැන. (නදී)
හැමෝටම සුභ පැතුම්! (අ)
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් වල සිසුවියන් නැත්තේ ඇයි? (නි)
මේ හොඳ බුද්ධිමත් දරුවන් ලංකාවේ නම ඉහළට ඔසවා තැබුවා. ලංකාවේ බොහෝ පළාත් වල නියෝජනයක් වීම මට හරි සතුටුයි. ජය වේවා! (නි)
ඔබ සැමට සුබ පැතුම්! (නි)
මේ දරුවෝ දිනක ලොකු මහත් වෙලා රටේ හොඳ උගතුන් උන දවසට පොඩ්ඩක් අපිට හදල දෙන්න රුපියල් 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල කියපු ගණිත සුත්‍රය. (දී)
මම හැමදාම කියන්නේ ඕකයි. එක එක රටවල් එක එක දේවලින් දක්ෂයි. ලංකාව ඉගෙනීම අතින් හොද නමක් දිනාගෙන ඉන්නවා. ඒක නැති කරන්න කාටවත් ඉඩ නොදිය යුතුයි. ගණිතය විෂය අනිවාර්ය විෂයක් කල යුතුයි එමෙන්ම මුලික අධ්‍යාපනයේදී ගණිතයට වැඩි ඉඩක් ලබා දෙන්නේ නම් ඒ දරුවන්ට අනෙක් විෂයන් පහසුවෙන්ම ධාරණය කරගත හැකියි. මේ බොරු නෙමෙයි කියන්නේ. (නදී)
ලංකාවේ කොල්ලෝ ඔහොම තමයි (දී)
දරුවන්ට වාසනාවන්ත අනාගතයක් වේවා. (දී)
කෝ මේ අනිත් පැත්තේ කට්ටිය (දී)
ඔබලාට ජය (දී)
මේ දිනවල කතාබහට ලක්වන ගණිත විෂයට පිරිමි දරුවන්ගේ විශේෂ හැකියාවක් සහ බැඳීමක් මෙයින් පෙනෙනවා. (දී)
මේ දිනවල කතාබහට ලක්වන ගණිත විෂයට පිරිමි දරුවන්ගේ විශේෂ හැකියාවක් සහ බැඳීමක් මෙයින් පෙනෙනවා.(දී)
ලංකාවේ අධ්‍යාපනය හොඳ මට්ටමක පවතිනවා...ඒක අපිට ලොකු ආඩම්බරයක්. මෙය රැකගැනීම අප කාගේත් යුතුකමයි . ඔබ සැමට සුබපැතුම්. (දී)
ඉතා සතුටුයි. මේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් පතනවා. ගණිතය විෂය පළමු වතාවෙන්ම විශිෂ්ඨ ලෙස සමත් වීම ට සිසුන් උනන්දු කල යුතුයි. තව වාර දෙකක් තිබෙනවා කියමින් කල් දැමීම ප්‍රායෝගික නැහැ. (දී)
සුබ පැතුම් (දී)