(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
එළැඹෙන 21 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණ කාල සීමාවේදී සහ ඉන් පසු ඕනෑම මොහොතක විරෝධතා ඇති වීමට ඉඩක් තිබෙන බවත් යාවත්කාලීන කළ සංචාරක උපදේශනයේ දැක්වේ.
විරෝධතා විසුරුවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා තිබෙන බවත් ඒ හේතුවෙන් සාමාකාමී ජනතාව එක්රැස් වන අවස්ථා ඇතුළුව සියලුම එක්රැස්වීම් මගහැර සිටින ලෙස ඇමෙරිකානු ජනතාවට උපදෙස් දෙන බවත් එහි සඳහන් වේ.
සාමකාමී එක්රැස්වීමක් වුවත් ඕනෑම අවස්ථාවක ප්‍රචණ්ඩකාරී එකක් විය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.
ඒ හේතුවෙන් සංචාරක ස්ථානවලට සහ මහජනතාව එක්රැස්වන ස්‌ථානවලට යාමේදී තම වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගම්බද ප්‍රදේශවල සිටින ඇමෙරිකානු ජාතිකයන්ට හදිසි අවස්ථාවල සහාය විය හැකි අවස්ථා සීමිත බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
Nishan Tuesday, 17 September 2024 04:07 AM
මාලිමාව ආණ්ඩු ගන්න කලින් තත්වය මෙහෙම නම් ගත්තට පස්සේ ඇතිවෙන තත්වය ගැන හිතා ගන්නවත් බෑ. අරහෙන් ආයෝජකයෝ රට හැර යනවා. කොටස් වෙළඳපොල කඩා වැටෙනවා. රටින් පිටවෙන්න හදන මිනිස්සුන්ගෙන් පාස්පොට් කන්තෝරුවේ පෝලිම්. දවස ගානේ ප්‍රචන්ඩ ක්‍රියා ඉහල යනවා. පොලීසියට තර්ජනය කරනවා ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න එපා එහෙම නොවුනොත් අපි ආවම බලාගන්නම් කියලා. මොකද්ද මාලිමාව මේ රටට කරපු මේ අපරාදේ?
donTuesday, 17 September 2024 04:24 PM
මේ අනතුරු ඇඟවීමේ කිසිම වරදක් නැහැ. සහතික ඇත්ත කියලා තියෙන්නේ. එහෙම තමයි දියුණු රටවල් තම රටේ ජනතාව ගැන හිතන්නේ සහ හිතන්න ඕනෑ...
chandaniTuesday, 17 September 2024 05:04 PM
Nishan , රනිල්ගේ අසුචි ඉස්මුරුත්තාවටයයි බලාගෙන. ඔබ වැනි උපන්ගෙයි මෝඩයන් නිසා තමයි අවුරුදු 76 කම මේ රට විනාශකරන දේශකාපාලුවන් පත්වුණේ. 21 වෙනිදායින් පස්සේ ඒවා ඉවරයි.
විජිත් Tuesday, 17 September 2024 05:28 AM
ඔව් ඔව් අපි දන්නවා ඒ වගේ අවස්ථාවල රට අරාජික කරන්න රනිල් වැනි ඒගොල්ලන්ගේ ලෝකල් අම්බ්‍රෂ්ටයෝ යොදාගෙන ප්‍රශ්න ඇතිකරන්න ඇමෙරිකාව හරි දක්ෂ බව. ඒ යුගය අවසානයි. දැන් අපේ රටේ තීරණ ගන්නේ අපේ රටේ මිනිස්සු මිසක්, පාහර , හැම තැනින්ම ගුටිකන ඇමෙරිකාව නොවෙයි.
Asanga thiththagalla gamage Tuesday, 17 September 2024 10:30 AM
මුන් තමා සේරම රටවල් කොටවන්නෙ.
Duminda Udayakumara Tuesday, 17 September 2024 11:56 AM
ඕක ඕනම රටක නිකුත් කරන නිවේදනයක්. විශේෂයෙන් ආසියා රටවල ඡන්දයක් තියෙන වෙලාවට ඇමරිකිවෙන් ඔය නිවේදනය නිකුත් කරනවා.
ගමේ එකාලා Tuesday, 17 September 2024 01:53 PM
එන අය කැමැත්තෙන් ඒවී. බොරු ප්‍රචාර කරලා ජනතාවගේ නැගීටීම කාටවත් නවත්වන්ඩ බැහැ.