ඩුබායි නුවර අරාබි ගොවිපොළ ප්‍රදේශයේ ලන්දේසි ජාතිකයකුගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඇගේ සැමියා විසින් මරා දමන ලදැයි ඩුබායි පොලීසිය කියයි.
අවුරුදු විස්සක් පමණ වයස වු ඇය මරා දමන්නට ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් පැවැත්වියැයි සැක කිරීමෙන් බවද ඇගේ දරු දෙදෙනා ශ්‍රී ලංකාවේ සිටින බව ද පොලීසිය සඳහන් කරයි.
වසරකට පමණ පෙර ඇය ලන්දේසි හාම්පුතාගේ නිවසේ රැකියාවට ගොස් ඇත්තේ ඔහුගේ සුරතල් බල්ලා ව්‍යායාම් සඳහා රැගෙන යාමට බවත් ඇගේ සැමියා මීට පෙරද සංචාරක වීසා මගින් එහි පැමිණ ඇති බවත් සොයාගෙන ඇත.
සංචාරක වීසා මගින් එහි ගිය සැමියා ඇය පිහියකින් ඇන මරා දමන්නට ඇති බවත් ඔහු ඩුබායි වලින් පැන යාමට ඕන්න මෙන්න කියා තිබියදී අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කාන්තාවන් රට ගිය ගනම් ලංකාවේ සංස්කෘතිය අමතක කරනවා (දී)
මට හම්බ උනා ලංකාවේ අක්ක කෙනෙක්./ නංගි කෙනෙක්. පොඩි උවමනාවක් වෙලා තානාපති කාර්යාලෙට ඇවිත්. පව් අනේ ඒ ළමයට සිංහලත් බැහැ. ඉංග්‍රීසියෙන් කතා කලාම ඉංග්‍රීසිත් බැහැ. ඒ උනාට සිංහල ලු. ගම රන්න කිව්වා. රන්න කියන්නේ මේ කතරගම පැත්තේ නේද? බලන්නකෝ එකෙත් හැටි. (දී)
ප්‍රියංකා ඔයා හරි. අපේ කට්ටිය එහෙ කරන දේවල් දන්නේ එහෙ ඉන්න කට්ටිය තමා. සිකුරාදාට පොඩ්ඩක් එලියට ගියාම දකින්න පුළුවන් අපේ නැන්දලගේ වැඩ . (දී)
ලංකාවේ අයියලාගේ, අක්කලාගේ හොර වැඩ බලාගන්න මේ රටවල් වලට එන්න ඕනා. ලංකාවේ දරුවෝ ඉන්න අම්මලා බංගලි ,පකිස්තාන් කාරයොත් එක්ක සිකුරාදා හවසට අලුත බැදපු ජෝඩු වගේ මුකුළු කර කර ෂොපින් යනවා. ලංකාවේ ළමයි ඉන්න තාත්තල ලංකාවේ හරි පිලිපීන් හරි කෙල්ලෙක් අල්ල ගන්නවා. හම්බ කරන හැම සතේම අර ගැනිට වියදම් කරනවා . හැමෝම නෙමෙයි බොහෝ අයයි.(නදී)
ඩුබායි වලට එන කාන්තාවන් කොහොමත් ලංකාව අමතක කරනවා. සල්ලි ලැබෙන නිසා නරක වැඩ කරනවා. ලංකාවේ කාන්තාවන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. සමහර විට මෙම කාන්තාවත් එහෙම සල්ලි නිසා ජනප්‍රිය වෙන්න්න ඇති. පකිස්ටන් සහ ඉන්දිඅන් මිනිස්සු එක්ක හෝටල් කාමරවල ඉන්නවා අම්මේ තත්තේ ඔයාලගේ කාන්තාවන් මෙහෙට එවන්න එපා. එයාල දරුවෝ අමතක කරලා බිසිනේස් කරන්නේ මෙහෙ. මම ඉන්නේ ඩුබායි වල. අපි දන්නවා මෙහෙට අවම ලංකාවේ කාන්තාවන් සල්ලි වලට ඕනෙම කෙනෙක් එක්ක හෝටල් වලට රිංගනවා. අනේ මෙහෙමත් ලෝකයක්. (දී)
මනෝජ්,ඔය හරි මෙහෙ වෙන සෙල්ලම් දැක්කම සසර කලකිරෙනවා.හැබයි මේ සිද්දිය මම දැනුයි දෙන ගත්තේ.ස්තුත්යි ලංකාදීප.(දී)
එතකොට සුජානි එහෙම නැහැ නේද? (දී)
පවු අර දරුවන්... දැන් කාගේ පිහිටක්ද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
යමක් වෙන්න තිබෙනවා නම් කොහේ හිටියත් වෙනවා (නි)
බොහෝ ප්‍රශ්න වලට මුල ආදර ගැටලුයි (නි)
එක්තාරා ආකාරයක වැඩකාරියක් සහ වැඩකරුවෙක්. (නි)
කරුමේ තමයි ඉතින් වෙන මොකද්ද (දී)
විමල් ඔයා හරි, මමත් කියෙව්වා, නමුත් හිතුවේ ඉන්දියාව කියලා,, අප්පේ බලනකොට,, මේ අපේ කෙනෙක්... දැන් කන්න කෝ ඩුබායි බිරියානි.. (ස)
සෙන වසන්ති ඔබලාගේ කතාව හරියට හරි (දී)
අවරුදු විස්සයි.. ළමය දෙන්නයි...(ස)
ඇයි තමන්ගේ තරුණ බිරිඳව සල්ලි උපයන්න පිටරට යවන්නේ? ආර්ථිකය දුර්වල නම් ලංකාවේ ඉඳගෙන ස්වයං රැකියාවක් හරි කරන්න කියලා බිරිඳට කියන්න පුළුවන්. (නි)
ඉදිරියේදී මීට වඩා අපරාධ විය හැකිය (නි)
අපි නිතර හිතන්න ඕනෑ අපේ දරුවන්ගේ සතුට ගැන. (නි)
අනේ පව් අහිංසක දරු දෙන්නා . (දී)
මම දන්න බැදපු පිරිමි කෙනෙක් ඒ ලග ඉන්න ලංකාවේම බැදපු ගැහැණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල දැනගත්තා ලගදී. එයාලාට මෙහෙ ළමුන් පවා ඉන්නවා. හරියට ගෙදරට සල්ලි එවන්නේ නැහැ. පවු අසරණ ළමයි. (නදී)
දැන් ඒ මනුස්සයාට මොකක්ද දෙන දඩුවම???ඩුබායි පොලිසියෙන් (දී)
ලංකවේ අපරාධ කරල ටිකකලක් හිරේ ගිහින් ඇපපිට එනව වගේ නමෙයි එහෙදි දී අහු උනාම ඉතින් බෙල්ල නැතුව තමයි එන්න වෙන්නේ (දී)
අපි ඉන්නෙ ඩුබායි වල. මේක දැනගත්තේ මේ දැන් මෙහි පළවුණාට පසුයි (නි)
ලංකාවේ මිනීමරනවා මදිවට දැන් රට ගිහිල්ලත් මරනවා. දැන් ඉතින් එහෙන් බේරිලා එනවා බොරු. පවු අහිංසක දරු දෙදෙනා. (නි)
අයියෝ! අපේ රටේ නමත් කනවා. (නි)
ගැණු දැනගන්න ඕන රැකියාවට ගියානම් එක කරලා එන්න. මමත් එහෙ හිටිය. අපේ ගැණු විතරක් නෙවෙයි පිරිමිත් හැසිරෙන විදිය කියන්න ලජ්ජයි . ඒවා දැක්කම අපිට කලකිරෙනවා. කරපුදේ සාධාරණය කරනවා නෙවෙයි . (දී)
මොකට මිනී මරනවාද එපා නම් අත්හෙරලා දැම්මා නම් ඉවරනේ. අසරණ දරුවන්න්ට අම්මාත් නැහැ තාත්තාත් නැහැ (දී)
ඉස්සරවෙලා අපි කල්පනා කරන්න ඕන අපි අහිංසක දරුවා අතහැරලා දුරකතරකට එන්නේ ඇයි කියල,අහින්හක දරුවන්ගේ දුක් ගිනි නිවන්න ,එහෙම නැතිව තම ස්වාමියා අමතක කර වෙන කාගෙවත් සෙනෙහස ලබන්නට නොව,එහෙම උනොත් මේ දෙය බලාපොරොත්තු වෙන්න වෙනවා දැන් මොනවා උනත් අර කිරි සප්පයෝ දෙන්නට දෙමුපියන් නැතිඋනා,අපේ සිංහල ගැහැණු උදවිය පිටරටවල වාසය කරන්නේ බ්‍රිටිෂ්,මිනිස්සු වාසය කරන විදිහට.ලංකාවේද කියලවත් මතක නැහැ එයාලට. (දී)
වෙන මිනිහෙක් එක්ක ගියානම් මිනිහටත් තිබ්බේ ඊට වැඩ හොඳ ගැහැණියෙක් හොයා ගන්න එකයි .(දී)
තමන්ගේ ස්වාමියාට වඩා පෙම්වතා ලොකු වෙලා ..පවි දරු දෙදෙනා .. (දී)
ළමයි දෙන්නයි අවුරුදු 20 යි. රට ගිහින් තියෙන්නේ අවුරුදු 19 න්. පොඩි කාලෙකෙට මේ තරම් අත්දැකීම්.. ගොඩක් දෙනා මේ වයසේ තාමත් ඉගෙන ගන්නවා. අවසානයේ ජීවිතයත් නැති වෙලා... ඔබට නිවන් සුව.. !!! (දී)
සමාජ පරිහානියට පත් වෙනවා ලෝකේ සමාජ ක්‍රමය බලපානවා මෙහෙම වෙන්න (දී)
පුදුමාකාර මිනිසුන් තමයි දැන් ලංකාවේ ඉන්නේ. (නි)
ජගත්, මේ පුවත එමිරටෙස් 24/7 එකේ දාලා තිබ්බ. නමුත් රට දල තිබ්බේ නැහැ. තිබ්බේ ආසියාතික කියල. නිකමට හිතුනා ආසියාතික කිව්වම අපේ අය්යා කෙනෙක්ගෙ වැඩක් වෙන්න ඇති කියලා. ලංකාදීප බැලුවහම සකේ තහවුරු වුනා (දී)
අපේ කම මේකද (දී)
අපේ රටේ නීතිය වගේ නෙමේ එහෙ බේරිලා එනවා බොරු...... (දී)
ඒ රටේ නිතිය ගොඩක් දරුණුයි (දී)
මේ අපේ ශ්‍රී ලංකික කමද?(දී)
අනේ පව් අර අහිංසක ළමයි දෙන්නට දැන් කව්රුත් නැහැ (දී)
තරුණ බිරිඳව රට නොයවා හිටියා නම් හරිනේ. මෙහෙ එන බහුතරය ඔය තත්ත්වයට පත්වෙනවා. අපේ ඇස පනාපිට පෙනෙනවා. අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි (නි)
මේ පැත්ත පොහොසත් මිනිසුන්ගේ ගෙවල් තිබෙන පැත්තක්. වැඩියෙන් ඉන්නේ සුද්දන්. බැහැයි ලංකාවේ අයටත් ගෙවල් තිබෙනවා. (නි)
අඩු අධ්‍යාපනය, ලාබාල වයස, ලිංගික ඊර්ෂ්‍යාව හා සමාජ අසාධාරනය බොහෝවිට මෙවැනි මරණ වලට හේතූන් වේ (නි)