IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි

2016-05-20-ENT-51

 

ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, ලබන ජුලි මස අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පවත්වන ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා නිල වශයෙන් තේරී පත් වී ඇත. ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් මෙම ලෝක ශූරතාවයට සහභාගි වන පළමුවන අවස්ථාවද මෙය වීම සුවිශේෂී කාරණයකි. මෙම සුභ පණිවිඩය හෙළිදරව් කළ සචිනි කියා සිටියේ මේ ගැන ඇය අතිශයින් ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටිනා බවය.

"මේ සඳහා මම ඉල්ලුම් පත්‍රයක් යොමු කළාට, මම හීනෙකින්වත් හිතුවෙ නැහැ ඔවුන් මාව තරගය සඳහා තෝරා ගනීවි කියලා. මේ තේරීම කරන්නෙ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් තේරීම් මණ්ඩලයක් මගින්. මෙවර ප්‍රාසාංගික කලා ලෝක ශූරතාවයට රටවල් 60ක කලාකරුවන්, කලාකාරියන් නියෝජනය කරනවා," සචිනි අපට කීය. 2002 වසරේ මහනුවර හොඳම මෝස්තර නිරූපිකාව ලෙස කිරුලු පලන් සචිනි අයෙන්ද්‍රා කන්ද උඩරට හිල්වුඩ් විදුහලේ ඉගෙනුම ලබන කාලයේ සිට රූපවාහිනී දැන්වීම්වල පෙනී සිටියාය.2003දී ශ්‍රී ලංකා රූ රැජන ලෙස අභිෂේක ලද සචිනි ලෝක රූ රැජන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

 

"ආදරණීය වස්සානය" චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි සචිනි සංකාරා, හාට් එෆ් එම්, අඟර දඟර, ස්වර වැනි චිත්‍රපටවල කැපී පෙනෙන චරිත නිරූපණය කළාය.

 

ඔබට කොහොමද මේ සඳහා දොරගුළු විවර වුණේ?

2016-05-20-ENT-49ඇත්තෙන්ම මේ ලෝක ශූරතාවය පටන් අරන් මේ අවුරුද්දට වසර 20ක් වෙනවා. ක්‍රීඩාව සඳහා ලෝක ඔලිම්පික් ශූරතාවයක් තියෙනවා වගේ තමයි මේක කලාව වෙනුවෙන් තියෙන්නෙ. ලෝක ප්‍රාසාංගික කලා ඔලිම්පික් තරගාවලිය ලෙසත් මේක හඳුන්වනවා. මට මේ ගැන දැනගන්නට ලැබුණට පස්සෙ ඒ සඳහා ඉල්ලුම්පතක් සහ ඊට අදාළ මගේ ලියකියවිලි ඇතුළු මගේ කලා නිර්මාණ පිළිබඳ තොරතුරු ඒ සංවිධානයට යැව්වා. එහෙම කළාට ඒ සඳහා අවස්ථාව ලැබෙයි කියලා මට මහ ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.

 

ඒත් ඔබ තේරී පත්වුණා?

ඔව්. ඒ සංවිධානය විසින් මට නිල වශයෙන් සහභාගි වීමට වරම් ලද බව සහතිකයක් එවා තිබුණා. ඒ අවස්ථාව ලැබීම ගැන මට තියෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි සතුටක්.

 

ලංකාවෙන් සහභාගි වෙන්නෙ ඔබ පමණද?

ඔව්. ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි.මම සහභාගි වෙන්නෙ රංගන අංශයෙන් තිබෙන අංග සඳහායි.

 

මේ රටේ වෙනත් කලා ශිල්පීන් ශිල්පිනියන්ට මේ සඳහා සහභාගි විය නොහැකිද?

ඇයි බැරි. මේ වසරේ මම තරගයට ගිහින් කපන මාර්ගය ඔස්සේ ලබන වසරේ සිට අවශ්‍යනම් අපේ රටේ ශිල්පීන්ට සහභාගි වෙන්න පුළුවන්. මම හිතන්නෙ ඉල්ලුම්පත් සීමාකරලා නැහැ. ඒත් තේරීම් මඬුල්ල විසිනුයි ඒ සඳහා සහභාගිවීමට වරම් ලබා දෙන්නෙ. මේ සඳහා තිබෙන ලියකියවිලි ඉතාම සංකීර්ණයි. හැමදෙයක්ම ඉංග්‍රීසියෙන් වගේම මේ තරගාවලිය පවත්වන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

 

මේ අභියෝගයට ඔබ කොහොමද මූණ දෙන්නේ?

මාව නිල වශයෙන් මේ තරගාවලියට සහභාගී කරගත් බව ආරංචි වුණාම මම මේ සඳහා අනුග්‍රාහකයින් සෙවීමට උනන්දු වුණා. මෙවැනි සුවිශේෂී කාරණයකට මට අනුග්‍රාහකත්වය දැක්වූ සියලුම අයට මගේ අවංක ආදර ස්තූතිය පළ කළ යුතුයි. වියදම් අධික ප්‍රයත්නයක් වුවත්, මේක අපේ රටට කීර්තියක් ලබාදීමට ලැබෙන මහඟු අවස්ථාවක්. මගේ අරමුණ මේ තරගාවලියෙන් කුමන හෝ අංගයකින් පදක්කමක් මගේ මව්බිමට හිමිකර දීමයි.

 

මේ දිනවල තරගාවලිය සඳහා ලැහැස්ති වෙනවත් ඇති?

ඔව්. දැඩි මහන්සියකින් හා කැපවීමකින් මම මේ සඳහා පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. රංගන ශිල්පිනියක් හැටියට මම විශ්වාස කරන දෙයක් තමයි අපි දිනපතා පුහුණුවීම්වල නිරත විය යුතුයි කියන එක. ගායනයට කටහඬ පුහුණුවීම් අවශ්‍ය වගේම රංගනයටත් පුහුණුවීම් අත්‍යවශ්‍යයි.

 

මෙවැනි තරගාවලියකින් කලා ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලැබෙන වෙනත් වරප්‍රසාද මොනවාද?

ලෝකයේ සිටින දක්ෂතා සපිරි තරැ සමඟ තරග වැදීමට ලැබෙන අවකාශයම කොතරම් වටිනවද? ඒ වගේම මේ සංවිධානය විසින් අපට හොලිවුඩ් හා අනෙකුත් සිනමාවේදියා, ලෝප්‍රකට ශිල්පීන් මුණගස්වා, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුලු පවත්වනවා. ඒ හරහා අපට ලැබෙන අනාවරණය විශාල පිටුවහලක් වෙනවා.

 

ඔබ "සිරි පැරකුම්" චිත්‍රපටයෙන් පස්සෙ නැවත රංගනයට ආවෙ වසර දෙකකට පසුවයි නේද?

ඔව්. මගේ දෙවෙනි බබා ටිකක් ලොකු වෙනකං ඒ කාලය තුළ විවේකීව හිටියා. ඊට පසු ආරාධනයක් ලැබුණෙ රෝයිද සිල්වා මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයේ රඟපාන්න. ඒකෙ ජගත් චමිල සහ සාරංග දිසාසේකර එක්ක මම රඟපාන්නෙ. අමෙරිකාවේ පදිංචි නිෂ්පාදක කීත් රංග මේකෙ ප්‍රධාන චරිතයක් රඟපානවා. මේ චිත්‍රපටය රූගත කළේ අමෙරිකාවෙ. රෝයිද සිල්වා ප්‍රවීණ සිනමාකරුවා සමඟ මම වැඩකළේ පළවෙනි වතාවට. ඒක සුන්දර අත්දැකීමක්. ඉන් පස්සෙ නලින් මාපිටියගෙ අලුත් චිත්‍රපටයෙත් වැඩ නිම කළා.

 

රමේෂ් උවයිස් 

 

DESHAYA

 

2016-05-24-ent-51

2016-05-20-ENT-50
2016-05-20-ENT-52
2016-05-20-ENT-53
2016-05-20-ENT-54
2016-05-20-ENT-55
 



අදහස් (0)

ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 19 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 360 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1261 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 423 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1241 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 222 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site