රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා තුනී රත්තරන් පතුරු දෙකක් ලැප් ටොප් පරිගණකයක අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් පතුරු වල බර ග්‍රෑම් 250 කි.
සැකකරු ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන්යානයෙන් බැංගලෝරය බලා යාමට පැමිණි බවත් ගුවන් යානයට ගොඩවීමට යන අවසන් සීමාවේදී ඔහු අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය පැවැත්වු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතා විසින් සැකකරුට රුපියල් තිස් දහසක දඩයක් නියම කොට එම රත්තරන් පතුරු දෙක රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදුකරති.
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ 12 ක රන් පුංචි පරිගණකයේ අලවලා
සෙනෙරත් Thursday, 07 August 2014 07:57 AM
කරුණාකරලා කව්රුහරි දන්නවනම් කියන්නකෝ ඇයි මෙතරම් අවදානමක් අරගෙන ඉන්දියාවට රත්තරන් ගෙනියන්නේ කියල. මොකද ඉන්දියන් අය පිටරටවල වැඩකරලා ඕනෑතරම් රත්තරන් ගෙනියනවා. එයාලට තියෙන්නේ රත්තරන් කිලෝගණන් අපිටවගේ නෙවෙයි . (දී)
නුවන් Wednesday, 06 August 2014 02:47 PM
කාත්තන්කුඩි පැත්තේ මරු කට්ටියනේ ඉන්නේ. (අ)
පුෂ්පසිරි අල්විස් Wednesday, 06 August 2014 03:51 PM
මේක නවතම සොයා ගැනිමක් , පසු ගිය කාලයේ රන් ගෙන ගියේ ශරීරයේ වෙනත් ස්ථාන වල හිර කරන් සහ සපත්තු වල ගමන් මලු වල , දැන පරිගණකයට ඇතුල්වෙලා (අ)
ඉසුරන්දි Thursday, 07 August 2014 05:09 AM
දැන් ඉතින් අපිටත් බඩුමුට්ටුවක් රේගුව හරහා ගෙනියන්න පහසු වෙන්නේ නැහැ.(අ)
බණ්ඩාර Wednesday, 06 August 2014 07:52 PM
නැනෝ තාක්ෂණයේදී රත්‍රන් පැහැදිලි දියරයක් බවට පත්කළ හැකි ක්‍රමයක් තියෙනවා. මේ දියරය වතුරට සමානයි. මේකෙන් නැවතත් රත්‍රන් නිපදවන්න පුළුවන්.හොඳ වෙලාවට මේ අය නැනෝ නොදන්නේ. (නි)