රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා තුනී රත්තරන් පතුරු දෙකක් ලැප් ටොප් පරිගණකයක අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් පතුරු වල බර ග්‍රෑම් 250 කි.
සැකකරු ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන්යානයෙන් බැංගලෝරය බලා යාමට පැමිණි බවත් ගුවන් යානයට ගොඩවීමට යන අවසන් සීමාවේදී ඔහු අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය පැවැත්වු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතා විසින් සැකකරුට රුපියල් තිස් දහසක දඩයක් නියම කොට එම රත්තරන් පතුරු දෙක රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාත්තන්කුඩි පැත්තේ මරු කට්ටියනේ ඉන්නේ. (අ)
මේක නවතම සොයා ගැනිමක් , පසු ගිය කාලයේ රන් ගෙන ගියේ ශරීරයේ වෙනත් ස්ථාන වල හිර කරන් සහ සපත්තු වල ගමන් මලු වල , දැන පරිගණකයට ඇතුල්වෙලා (අ)
නැනෝ තාක්ෂණයේදී රත්‍රන් පැහැදිලි දියරයක් බවට පත්කළ හැකි ක්‍රමයක් තියෙනවා. මේ දියරය වතුරට සමානයි. මේකෙන් නැවතත් රත්‍රන් නිපදවන්න පුළුවන්.හොඳ වෙලාවට මේ අය නැනෝ නොදන්නේ. (නි)
දැන් ඉතින් අපිටත් බඩුමුට්ටුවක් රේගුව හරහා ගෙනියන්න පහසු වෙන්නේ නැහැ.(අ)
කරුණාකරලා කව්රුහරි දන්නවනම් කියන්නකෝ ඇයි මෙතරම් අවදානමක් අරගෙන ඉන්දියාවට රත්තරන් ගෙනියන්නේ කියල. මොකද ඉන්දියන් අය පිටරටවල වැඩකරලා ඕනෑතරම් රත්තරන් ගෙනියනවා. එයාලට තියෙන්නේ රත්තරන් කිලෝගණන් අපිටවගේ නෙවෙයි . (දී)