IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලක්ෂ 15 ක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී

සෞදි අරාබි රජය විසින්  අනවසරික විදේශිකයිනට   ලබා දී ඇති පොදු සමා කාලය  යටතේ  මේ වන විට  ලක්ෂ 15 කට අධික පිරිසක්  තම ලියකියැවිලි  නිත්‍යනුකූල කැරගෙන  ඇතැයි සෞදි අරාබි  කම්කරු අමාත්‍යංශය කියයි.

ඒ අනුව  පසුගිය සති අටේදී  මෙම සහන කාලයෙන් ප්‍රතිලාභ  ලබා ඇති විදේශිකයින්ගේ ප්‍රමාණය  පහළොස් ලක්ෂ අසු එක් දහස් දෙසිය විසි හතක්  වන අතර  අලුත් වැඩියා කිරිමේ බලපත්‍ර  ලබා ගත් සංඛ්‍යාව  නව ලක්ෂ විසි හයදහස් තුන්සිය එකක් බවද සදහන් වෙයි.

මෙම කාලයේදි   තම සේවා යෝජකයන් වෙත මාරු  කළ අයගේ ගණන තුන් ලක්ෂ  ලක්ෂ විසි නව දහස්  හාරසිය හැට අටක්  වන අතර  එය ප්‍රතිලාභ  සංඛ්‍යාව සියයට විසි එකක් බවද කම්කරු අමාත්‍යංශය  සදහන් කරයි.

අතර  සියයට විසි එකේ සිට   සියයට පනස් නවයක ප්‍රමාණයක්  තම රැකියා ව මාරු කැර ගනිමින්  වැඩ කිරීමේ බලපත්‍රයක්  දීර්ඝ කැර  ගෙන ඇති බවද  සෞදි අරාබි කම්කරු අමාත්‍යංශය පවසයි.

මේ අතර රියාද් හි  පිහිටි ඉන්දියා තානාපති කාර්යාලයයේ  නියෝජ්‍ය තානාපති  සිබී ජෝර්ජ්  මහතා ඇරැබි නිව්ස්  වෙත පවසා ඇත්තේ  හතලිස් දහසක් පමණ ඉන්දියානුවන්   මේ වන විටත්  තම ලියැකියැවිලි නිත්‍යනුකූල කැර ගෙන ඇති බවත්   හතලිස් දහසක පමණ ඉන්දියානුවන් සදහා සදහා විවිධ ආයතන හා   කර්මාන්ත ශාලාවන් හි රැකියා ලබා දීමට  ඉන්දියා තානාපති කාර්යාලය හා කොන්සියුලර් කාර්යාලය   කටයුතු කැර ඇති බවද ඔහු පවසයි.

කෙසේ වුවද ඉන්දියා ජාතිකයන් යම් ප්‍රමාණයක් සෞදියෙන් පිට විම සදහා  තාවකාලික බලපත්‍ර  ලබා ගත් බවයි.

පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලැබු  ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණයන් තාවකාලික  ගමන් ලියැවිලි ලබාගෙ ඇති අතර  මේ දින වල ආගමන විගමන  කාර්යාල තුළ  ශ්‍රී ලාංකිකයින්  ඇතුළු විදේශිකයින්  විශාල වශයෙන්  පෝලිම් ගැසී  සිට්නු දැක ගත හැක.

 මේ අතරම ජුලී 03 වැනි දිනට  පොදු සමා කාලය අවසන් කරන බව  ප්‍රකාශ කරන සෞදි කම්කරු අමාත්‍යංශය  නීතීය තදින් ක්‍රියාත්මක කරන බව  දේශිය ජනමාධ්‍ය  මගින් ප්‍රකාශ කර සිටී.

 පසුගියදා සෞදි අරාබියේ  නිළ සංචාරයක නිරත වු  බංගලිදේශ  විදේශ කටයුතු ඇමති  සෞදි අරාබියේ දෙවැනි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හමුවි සාකච්ඡා කිරීමෙන්  ඉල්ලා සිටියේ  තම රටේ පුරවැසියන්ගේ ලියැකියැවිලි  නිත්‍යනුකූල කැර ගැනීම සදහා  සහන කාලය දිර්ඝ කැර ගැනීම  උදෙසා  සෞදි අරාබියේ රජතුමාගෙන් ඉල්ලා  සිටින ලෙසයි.

 කෙසේ වුවද සෞදි අරාබියේ වෙසෙන  දහස් ගණනක්  ශ්‍රී ලාංකියින් පිළිබදව  සහන සැලැසීම උදෙසා  කිසිදු ශ්‍රී ලාංකික රාජ්‍ය  නිලධාරියකු   සෞදියට පමිණ සොයා  බැලීමක් සිදු නොකරන බවද  කියති.



අදහස් (0)

ලක්ෂ 15 ක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී

විජේසිංහ Monday, 24 June 2013 04:05 PM

යකා කියන තරම් යකා කළු නැහැ නෑ නේ. වැඩේ තියෙන්නේ යකාට තේරෙන භාෂාවෙන් කතා කරන්නට තරම් අපේ උදවිය දක්ෂ මදි වගේ.(නදී)

:       0       0

මංජුල රියාද් Monday, 24 June 2013 04:16 PM

සහන සැලැසීම උදෙසා කිසිදු ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරියකු සෞදියට පමිණ සොයා බැලීමක් සිදු නොකරත් අපේ රටට වෙදේශ විනිමය එන්නේ මේ දුක් විදින අහිංසක මිනිස්සු නිසා බව ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරින් දන්නවා ........... අනිත් හැම රටකින්ම රාජ්‍ය නිලධාරින ඇවිල්ල අවතැන් වෙලා ඉන්න අය තම රටට ඉක්මනින් යවන්න කටයුතු කල අපේ ශ්‍රී ලාංකිකයන් තවමත් රියාද් තානාපති කාරියාලය එදිරිපිට තියන මුස්ස්ලිම් දේවස්ථානයේ දුක් විදිනවා ..... ස්තුතියි ලංකාදීප (අ)

:       0       0

ගාමිණී-සිරි Monday, 24 June 2013 04:26 PM

මේ වැඩේට ලොකු ලොක්කෝ ගිහිනුත් නැහැ. පිරිවරත් සමග යන්න උවමනාවකුත් නැහැ. රජයේ මුදල් කාබාසීනියා නොකර, විදේශ අමාත්යාන්සයේ අධයක්ෂක ජනරාල් කරුණාතිලක අමුණුගම මහතාට රාජකාරිය පැවරුවා නම් හරියට කරයි. අදාල ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ඇති පුද්ගලයෙක් නිසා.(නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 25 June 2013 12:34 AM

සෞදි ඇවිත් සැප විදින්න බැරි නිසා අපේ ඇමතිලා එන්න කැමති නැතුව ඇති. අපේ තානාපති කාර්යාලයත් සුපිරියි කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

නසීර් Tuesday, 25 June 2013 11:10 AM

ලංකාවේ ඇමතිවරුන්ට ක්ලබ් නැති නිසාද දන්නේ නැහැ සෞදි යන්නේ නැත්තේ.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 25 June 2013 11:11 AM

ඇමතිට ඔය රටට එන්න විදියක් නැත්තේ සේනාව එපා කිවලු.(නදී)

:       0       0

ෂරීක් Monday, 24 June 2013 05:18 PM

ඇත්තෙන්ම පුදුමයි උපුල් (අ)

:       0       0

ලාල් Monday, 24 June 2013 05:37 PM

අනිත් රටවල් එහෙම කලාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ `````ඕකට ඇමති මොක්කක් හරි කියල ඇඟ බේරාගනී (අ)

:       0       0

ඉම්රාන් Monday, 24 June 2013 06:05 PM

විදේෂ විනිමය නිසා තමයි තියෙන රජයත් යැපෙන්නේ. එහෙත් විදේශ ගත වූවන්ට යමක් කරලා දෙන කව්රුත් නැහැ. ලංකාවෙන් එනකොට විදේශ සේවා කර්‍ර්යන්ශයට මුදල් ගෙව්වද කියල බලන්න නම් කට්ටිය ගුවන් තොටුපලේ ඉන්නවා.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 24 June 2013 03:38 PM

ජේ.ආර්. ජනාධිපති තුමා ආවට පස්සේ අපේ රටේ කිසිම නායකයෙක් සවුදි ඇවිත් නැහැ. ඒත් ඒ මිනිස්සු තවමත් අපට උදව් කරනවා.(අ)

:       0       0

ටිරොන් Monday, 24 June 2013 03:45 PM

රටට එන සල්ලි ගැන කතාකරන්න ඇමතිලා ඕනා තරම් ඉන්නවා. සුභ අනාගතයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 585 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 532 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 154 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1522 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1154 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 447 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37844 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site