පොලිසියෙන් බව කියමින් ලග්ගල හත්තොටඅමුණේ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී රුපියල් කෝටී එකහමාරක මැණික්, රන් හා මුදල් කොල්ලය සිදු කළ බවට සැක පිට යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු (ආමි ජිනේ) ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර මංකොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වූ කිහිප දෙනකු ද සිටින බවත්, මේ කොල්ලය බන්ධනාගාරයේ සිටියදීම සැළසුම් කර ඇති බවත් පොලිසිය පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා (24) රාත්‍රී ලග්ගල හත්තොට අමුණ මැණික් ව්‍යාපාරික යූ ජී මුතුබණ්ඩා මහතාගේ නිවසට වලාන දුෂණ මර්දන ඒකකයෙන් බව පවසමින් ඇතුළු වි රුපියල් කෝටියක මුදල් , රන් බඩු හා ලක්ෂ පනහක් වටිනා මැණික් ගල් පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි ලැබිණි.
මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සදහා යෙදවීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පෞද්ගලික ඔත්තුකරුවකු හරහා ලැබුණු තොරතුරක් මත සීගීරිය ප්‍රදේශයේ පදිංචි ‘ ආමි ජිනේ‘ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.
ඒ අනුව ගම්පහ ,වේයන්ගොඩ, මිනුවන්ගොඩ ප්‍රදේශවලින් සැකකරුවන් තිදෙනකු සහ කණ්ඩලම හා සීගීරීයෙන් තවත් සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගත් පොලිසිය සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ කොල්ලය සඳහා වෑන් රියක් හා ත්‍රීරෝද රථයක් භාවිත කර ඇතතැයි ද, එම වාහන දෙක වේයන්ගොඩින් හා සීගිරියෙන් සොයා ගත් බව ද පොලිසිය කියයි.
සොරා ගත් මැණික් විකුණූ මුදල් වලින් මිලදී ගත් බව කියන යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සීගිරියෙන් අත්අඩංගුවට ගත් හිටපු සෙබළා සතුව තිබී අත්මාංචු කුට්ටමක්, ඇත් දළවලින් නිපයූ බවට සැක කරන මුදු දෙකක් හා පතුරොම් උණ්ඩ 44ක් ද සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් සොරා ගත් බවට සැකකර රන් මාල දෙකක් සහ රුපියල් අට ලක්ෂයක් ද සොයා ගත් පොලිසිය සොරා ගන්නා ලද සෙසු භාණ්ඩ සොයා පරීක්ෂණ පවත්වයි.
මාතලේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ කොල්ලය සිදු කර පැය විසි හතරක් යන්නට මත්තෙන් මුල්ම තොරතුරු ලැබුණු බවත්, සතියක් ඇතුළත සැකරකුවන් අත්අඩංගුවට ගෙන සුළ මුළ හෙළි කර ගැනීමට ලැබීම විශේෂත්වයක් බවයි.
මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් රාජපක්ෂ, කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ඒකනායක , කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් සිරිවර්ධන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිසුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය හොඳයි, යම් යම් බලපෑම් නිසා ජරා ජීර්ණ වුණු ආයතනයක්. (ස)
දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය ! (ස)
දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය! (නි)
අපේ පොලිසිය වැඩ පෙන්නනකොට ඉහලම වැඩ පෙන්නනවා. අනා ගන්නකොට උපරිමට අනා ගන්නවා. හොදට වැඩ කරගෙන ඉදලා එක පාරටම අසූචි බාල්දියක් ඔලුවේ ඉදලා හලා ගන්නවා . (නි)
ප්‍රධානියා ඇල්ලුවා කියන්නේ හොරකමේ සුල මුල ඔක්කොම හොයාගන්න පුළුවන්. මෙයාව ඇල්ලු පොලිස් නිලදාරීන් සියලු දෙනාට අපේ ස්තුතිය සමග ඔබලාට තව තවත් දිරිය ලැබෙවා . මෙවැනි හොරුන් දාමරිකයන් ඇල්ලීමට. (ස)
මේ වගේ දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය. හැබැයි ඔක්කොම අය මේ වගේ නෙවේ. (ස)
පියල්, කුමාරි, සහතික ඇත්ත. අවංකව වැඩ කරන, වැඩ කරන්න උවමනාව තියෙන ඒ වගේම ඉතා දක්ෂ හොඳ නිලධාරීන් පිරිසක් අපට ඉන්නවා. අවාසනාව තමයි ඒ පිරිස කරන හොඳත් නිල ඇඳුමට මුවා වුනු, දේශපාලකයින්ගේ පස්සෙන් යන අපරාධකරුවන් කිහිප දෙනෙක් නිසා වැනසෙන එක. (අ)
අමි ජිනේ කියන්නේ දරුණු පාතාල සාමාජිකයක් නේද පිටිගල මිලානෝ ඔබලාගේ සමකාලීනයෝ නේද? (අ)
පොලීසිය කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ. ආයෙත් මෙයාලා එලියට ඇවිල්ලා කරන්නේ මේ රස්සාවමනේ. දැන් මෙයාලා නිදහස් කරන්න දවස් කීයක් විතර යාවිද? (නි)
හොඳ ක්‍රියාවක්. (ස)
හොද වෙලාවට ඕකට දේශපාලුවෙක් හෝ ආරක්ෂක අංශයේ කෙනෙක් සම්බන්ද නැතුව ඇති.(නදී)
අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම ගැන මාතලේ පොලිසියට මගේ ප්‍රණාමය.. එත් මේ සොරකමට පොලිසියේ මහත්තුරුන්ගේ සම්බන්ධයක් නැහැ කියල හරියටම විශ්වාසද (අ)
ගේමක් නම් ඉතින් පොලිසියෙ හරි හමුදාවෙ හරි නම ඉදිරියෙන්ම ඈති. අනේ අපේ රට වෙනුවෙන් දිවි දුන් ආබාදිත වූ විරුවන්ගෙ අභිමානෙ කනවා.(නදී)
කළකම් පලදෙන බව බොරුවක් නොවේ. (ස)
කොච්චර වුනත් අපේ පොලසිය ගොඩක් දක්ෂයි. හැබැයි හොද දේ කරනකම් කව්රුත් හොදයි. යහගුකයෙනක් පිරි සමාජයක් බිහිවේවා!(නදී)
අපි තාම තරයේ විශ්වාස කරනවා ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවට නිසි ලෙස ක්‍රියා කරන්ක දෙනවා නම් මසකට අඩු කාලයකින් අපරාද 90% ඉවරයි.(නදී)
හමුදාවෙන් පැනපු අය නිදැල්ලේ හැසිරීම රටටම ප්‍රශ්නයක්.(ස)