IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෙඩුන් සූරා කෑ පෞද්ගලික රෝහලට දඩයක්

(මනෝප්‍රිය ගුණසේකර)

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කළාය.

රුපියල් 25000/-ක දඩ මුදල නොගෙවුව හොත් මාස 06ක සිරදඬුමක්ද නියම කළාය.

චෝදනාවන්ට වරද පිළගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ගේ බලයලත් නියෝජිතවරයකුටය.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණී.

එම නඩුවේ සාක්කිකරුවන් වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මිය ඇගේ පුත්‍රයා වන සනත් කුමාර අතුකෝරල” ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා ඇතුලු 06 දෙනෙකු නම් කොට ඇති අතර නඩු භාන්ඩ වශයෙන් මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට රෝහලෙන් නිකුත් කළ බිල්පත ඇතුලු ලේඛණ 06ක් නම් කර තිබිණී.

උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖධෂ වර්ග අතුරින් ඖධෂ වර්ග 11ක් එම ඖධෂ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වු වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව ඖධෂ නියාමන අධිකාරිය වගුවක අකාරයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණී.

 



අදහස් (10)

ලෙඩුන් සූරා කෑ පෞද්ගලික රෝහලට දඩයක්

නිහාල් Tuesday, 30 January 2024 03:19 AM

අධිකරණයකින් වරදකරු වෙලා තියන ආයතනයක නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැරි ද මාධ්‍යයකට. නිකං කැලෑපත්තරයක් වගේ එහෙන් මෙහෙන් හින්ට් ගහනවා. පොල් ගෙඩියක් හොරකම් කල කෙනෙක්ගෙ උනානම් නම් ගම්, ඇඳගෙන හිටියේ මොකක්ද, රෑට කෑව දේවල් එහෙමත් පළ කරනවා.

:       0       11

Gayan Ambawatta Tuesday, 30 January 2024 04:01 AM

සිල්ලර කඩේක හාල්,පිටි ,බිත්තර වැඩි මිලට විකා නම් 100,000/ දඩයක් ගහන්වානේ .ඇයි මේවට අඩුවෙන් ගහන්නේ ,එතනත් ගැහිල්ල තමයි ඉතින්

:       0       12

ලසන්ත Tuesday, 30 January 2024 04:41 AM

සමහරක් පුද්ගලික අධ්‍යාපන ආයතන පාඨමාලා සදහා මුදල් අයකිරීම කර පාඨමාලා කාලය අවසන් කියලා පාඨමාලාව කකරන්නෙ නැහැ ලබාගත් මුදල් ආපසු දෙන්නෙත් නැහැ බම්බලපිටිය ආසන්නයේ එහෙම ආයතනයක් තියෙනවා එහෙම ගෙවූ මුදල් ආපසු ගන්න මොකක්ද කරන්න ඕන

:       0       7

Dr.D Tuesday, 30 January 2024 06:21 AM

ඇයි කොන්දක් නැත්තේ ඔය ඉස්පිරිතාලේ නම දාන්න ? හූරගෙන කද්දී ගේම ඉල්ලුව පුතාට ජය !

:       0       7

Bamunuarachchi 2500 Tuesday, 30 January 2024 06:24 AM

රුපියල් 25000 දඩයක්ද? 2500000 වත් නියම කරන්න ඕනේ.

:       0       7

ලක්ෂ්මන් බොළොඤ්ඤ Tuesday, 30 January 2024 06:40 AM

රෝහලේ නම කියන්ඩ බයද?

:       0       6

janith priyantha Tuesday, 30 January 2024 08:46 AM

මේ රෝහලට නමක් නැතිද

:       0       7

Pradeep Kumara Tuesday, 30 January 2024 09:25 AM

මේ වගේ වරදකට රු. 25000ක දඩ මුදලක් කිසිසේත් සෑහෙන්නේ නැත. අනිත් කාරණාව නම් අදාල රෝහලේ නම සඳහන් නොකරන්නේ ඇයි? එය අනෙකුත් අයගේ දැන ගැනීම පිණිස වැදගත් නොවන්නේද?

:       0       7

Senarath Tuesday, 30 January 2024 10:14 AM

මේ වගේ ලෙඩ්ඩු හූරා ගෙන කන එවුන්ට දඩය රුපියල් 25,000/=.ඒ උනාට බිත්තරයක් රුපියල් 5 ක් 10 ක් වැඩියෙන් විකුනන්න පොඩි කඩ කාරයටා දඩය රුපියල් 50,000

:       0       7

Malan Tuesday, 30 January 2024 10:51 AM

ගොඩක් පුද්ගලික බෙහෙත් ශාලා තියෙනවා එතනට ගියොත් බෙහෙත් එතනින්ම ගන්න ඕන, ලෙඩාට පිටින් බෙහෙත් ගන්න දෙන්නේ නෑ. දොස්තරගෙ බිලයි බෙහෙත් බිලයි එකටම ගෙවන්න ඕන එම ස්ථානයටම. කිසිම බිලක් දෙන්නේ නෑ. බෙහෙත්වල මිල ගනන් බලන්න විදියක් නෑ. හැබැයි ලොකු බිලක් දානවා. "sample not for sale" එවත් බෙහෙත්වල තියෙනවා. මේවා කාටද දැනුම් දෙන්න ඕන.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1020 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 676 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1834 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1575 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site