රුපියල් දෙකෝටි විසි ලත්ෂයක් වටිනා රන්කැබැලි තුනක් ලේත් යන්ත‍්‍ර අච්චුවක් තුල සගවාගෙන චෙන්නායි බලා යාමට කටුනායකනට පැමිණි ශ‍්‍ර‍්‍රී ලාංකික රෙදි පිළි ව්‍යාපාරිකයෙකු අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බම්බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර නිතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
රන් කැබැලි තුනෙහි බර කිලෝ ග‍්‍රෑම් හතර හමාරකි.
අද අළුයම චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරුගේ හැසිරීම පිලිබඳ ඇති වූ සැකයක් මත සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතා විසින් ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුල තබු කිසියම් යන්ත‍්‍ර කොටසක් දැක ඇත.
පසුව රේගු අධයක්ෂක විපුල සේනානයක මහතාගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ද ගෙන්වා එය ගලවා බැලීමේදී කාබන් කොළ වලින් ඔතා තිබූ රන් කැබලි සොයාගෙන ඇත.
එක්ස්රේ යන්ත‍්‍රයට අහු නොවන පරිදි රන් කැබලි කාබන් කොළ වලින් ඔතා තිබුනද එහි ඝනත්වයේ වෙනසක් සලකුණු වු බව රේගුව කියයි.
එමෙන්ම මෙම යන්ත‍්‍ර උපකරණ කොටස මෙලෙස රන් ගෙනයාම සඳහාම සැකසු එකක් බවට රේගුව සැක කරයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධ්‍යක්ෂක විපුල සේනානායක මහතාගේ මග පෙන්වීම මත රේගු අධිකාරී එල්. පෙරිම්බනාදන්, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, ඞී.ඞී අමරසිංහ, අයි.එම්.එල් දුෂ්‍යන්ත, වයි. කුලසේකර, එච්.ආර්.ඞී කරුණාතිලක, සොනාලි ලොකුබාලසුරිය යන නිලධාරීහු විසින් සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! රේගු මහත්වරුනි, නව වසරේ තව ක්‍රම ඒවි. තව තවත් සුපරික්ෂාකාරී වන්න. (නදී)
ගුද මාර්ගයත් ඉවරයි දැන්.(නදී)
මේ වගේ වැරදි වැඩ වලට දඬුවම් දෙනකොටත් විරුද්ද වන කට්ටියක් ලංකාවේ ඉන්නවනේ. ඔක්කොම මානව හිමිකම් කොමිසමට යවනවනේ.(නදී)
ලංකාවෙන් මෙපමණ රත්තරන් ඉන්දියාවට ගෙනියන්නේ අපේ රටේ රත්රන් මිල ගොඩක් අඩු නිසාද, නැති නම් එල් ටි ටි ඊ එකෙන් ගත්තු රත්තරන් පිට කරනවද. ලංකාවේ රත්තරන් ඉන්දියාවට වඩා ගණන්. මහත්වරුනි ඔය ලංකාවේ හොර රන් ආකාරය ගැන සොයා බලන්න.(නදී)
නිතරම ඉන්දියාවට ගිහින් වකුගඩු,වගේ වැදගත් අවයව නැති උනාම තමයි වැටහෙන්නේ රත්තරන් ඇදපු එකේ විපාකය.(නදී)