රුපියල් දෙකෝටි විසි ලත්ෂයක් වටිනා රන්කැබැලි තුනක් ලේත් යන්ත‍්‍ර අච්චුවක් තුල සගවාගෙන චෙන්නායි බලා යාමට කටුනායකනට පැමිණි ශ‍්‍ර‍්‍රී ලාංකික රෙදි පිළි ව්‍යාපාරිකයෙකු අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බම්බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර නිතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
රන් කැබැලි තුනෙහි බර කිලෝ ග‍්‍රෑම් හතර හමාරකි.
අද අළුයම චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරුගේ හැසිරීම පිලිබඳ ඇති වූ සැකයක් මත සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතා විසින් ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුල තබු කිසියම් යන්ත‍්‍ර කොටසක් දැක ඇත.
පසුව රේගු අධයක්ෂක විපුල සේනානයක මහතාගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ද ගෙන්වා එය ගලවා බැලීමේදී කාබන් කොළ වලින් ඔතා තිබූ රන් කැබලි සොයාගෙන ඇත.
එක්ස්රේ යන්ත‍්‍රයට අහු නොවන පරිදි රන් කැබලි කාබන් කොළ වලින් ඔතා තිබුනද එහි ඝනත්වයේ වෙනසක් සලකුණු වු බව රේගුව කියයි.
එමෙන්ම මෙම යන්ත‍්‍ර උපකරණ කොටස මෙලෙස රන් ගෙනයාම සඳහාම සැකසු එකක් බවට රේගුව සැක කරයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධ්‍යක්ෂක විපුල සේනානායක මහතාගේ මග පෙන්වීම මත රේගු අධිකාරී එල්. පෙරිම්බනාදන්, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, ඞී.ඞී අමරසිංහ, අයි.එම්.එල් දුෂ්‍යන්ත, වයි. කුලසේකර, එච්.ආර්.ඞී කරුණාතිලක, සොනාලි ලොකුබාලසුරිය යන නිලධාරීහු විසින් සිදු කරති.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ලේත් අච්චුවෙන් දෙකෝටියක රන් පනී
සරත් Thursday, 02 January 2014 04:31 PM
ලංකාවෙන් මෙපමණ රත්තරන් ඉන්දියාවට ගෙනියන්නේ අපේ රටේ රත්රන් මිල ගොඩක් අඩු නිසාද, නැති නම් එල් ටි ටි ඊ එකෙන් ගත්තු රත්තරන් පිට කරනවද. ලංකාවේ රත්තරන් ඉන්දියාවට වඩා ගණන්. මහත්වරුනි ඔය ලංකාවේ හොර රන් ආකාරය ගැන සොයා බලන්න.(නදී)
කුමාරි Thursday, 02 January 2014 09:59 AM
ජය වේවා! රේගු මහත්වරුනි, නව වසරේ තව ක්‍රම ඒවි. තව තවත් සුපරික්ෂාකාරී වන්න. (නදී)
පුබදු Thursday, 02 January 2014 11:04 AM
ගුද මාර්ගයත් ඉවරයි දැන්.(නදී)
අල්විස් Thursday, 02 January 2014 11:53 AM
මේ වගේ වැරදි වැඩ වලට දඬුවම් දෙනකොටත් විරුද්ද වන කට්ටියක් ලංකාවේ ඉන්නවනේ. ඔක්කොම මානව හිමිකම් කොමිසමට යවනවනේ.(නදී)
සමන්ත ප්‍රදීප් Friday, 03 January 2014 08:26 AM
නිතරම ඉන්දියාවට ගිහින් වකුගඩු,වගේ වැදගත් අවයව නැති උනාම තමයි වැටහෙන්නේ රත්තරන් ඇදපු එකේ විපාකය.(නදී)