රුපියල් 26 ලක්ෂයක් වටිනා කාරයක් කොළඹ සුප්‍රසිද්ධ සමාගමක ලොතරැයි දිණුමක ප්‍රථම ත්‍යාගය ලෙස දිනා ඇතැයි ගලේවෙල බුලන වැව ගොවියකුගෙන් රුපියල් 140000ක් වංචා කළ බව කියන පුද්ගලයකු සොයා ගලේවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ලියාපදිංචි ගාස්තු වශයෙන් මේ මුදල බැංකුවකට යැවූ පසු දුරකතන ඇමතුම දුන් අංකය ද අක්‍රීය වී ඇතැයි ඔහු පොලීසියට කියා ඇත.
පසුගිය කාලයේ මෙවැනි වංචා රැසකටම කිහිපදෙනක් ගොදුරු වූහ.
මෙවැනි වංචාවලට හසු නොවන්නැයි පොලීසිය මහජනයාට උපදෙස් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිනිස්සු මෙච්චර මෝඩ .පොඩ්ඩක් හොයලා බලන්න තිබුණනේ . වෙන මුකුත් නෙමෙයි තන්හාව (ස)
අසරණ මිනිහම තමයි අසරණ වෙන්නේ (දී)
තණ්හාය ජායතී සෝකෝ....කියලා බුදුන් වහන්සේ දේශනා කළේ දැනට අවුරුදු 2,500 කලින් නේද ?? (ස)
ලංකාවට මේවා අලුත් දේවල් නෙවෙයි. (ත)
මෝඩ කමට බෙහෙත් නෑනේ (ස)
මේ අය අල්ලලා නිසි දඩුවම් දෙන්න. (ත)
මෙවැනි වැඩ බොහෝ දුරකතන සමාගම් වල නමිනුත් කෙරෙනවා. අහුවෙන්න එපා. (නි)
මේ වගේ දේවල් ඊ-මේල් හරහාත් එනවා. පරිස්සමින්... (නි)
නිකන් දෙන දේට ලොබ බදින්නේ නැතුව මහන්සියෙන් ජීවත් වීම තමයි හොඳ (ස)
ඡන්ද කාලේ ඔයිට වඩා ගුන්ඩුවලට මිනිස්සු අහුවෙන්නේ ..............(ස)
අයියෝ සල්ලී (ස)
සුළුපටු මුදලක් නෙමෙයිනේ. සල්ලි දෙන්න ඉස්සෙල්ලා හිතන්න ගොඩක් දේවල් තිබුණා නේද? (ත)
මෝඩකමට බෙහෙතක් සොයා ගන්නා තුරු ඔහොම යමුකෝ. (නි)