රුපියල් දස ලක්ෂයක ලොතරැයි දිනුමකට බිරිය හා සැමියා අයිතිවාසිකම් කියන නිසා අයිතිය තහවුරු කරනතුරු දිනුම අත්හිටුවා ඇත.
බිරියත්, සැමියාත් තම අයිතිවාසිකම් කියමින් ගම්පොල පොලිසියට පැමිණිලි ද කර ඇත.
පුතාගේ අකුරු කියවන නැකත අනුව ටිකට්පත ගත් බව බිරිය කියන්නීය.
තමා මිලට ගත් ටිකට්පත බිරිය විසින් ලොතරැයි මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි සැමියා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ දිනුම දෙන්න ඕනෑ බිරිදට.නැතුව මනුස්සයා සල්ලි ටික අරගෙන යාලුවෝ සමග ඇති තැබෑරුමේ. (නි)
දැන් ලක්ෂ දහය නිසා මේ දෙන්නගේ ඇස් අන්ධ වෙලා තියෙන්නේ (නි)
සල්ලි වටිනවා අද මිනිස්සුන්ට හැමදේටම වඩා. එනිසා තමයි අන්තවාදී සමහර සංවිධාන බිහිවෙලා තියෙන්නේ. (ත)
දැන් පොලිසියේ ලොකු මහත්තුරු ටික මේ නෝනට උදව් කරන්න සූදානම් වේවි. (ත)
හැමදේකටම ඇමරිකන් කුමන්ත්‍රණ කියන අය කෝ. (ත)
දරුවාගේ ගිණුමට 5000ක් තැන්පත් කරලා 2500 ගානේ මේ දෙන්නට බෙදලා දෙමුද? (නි)
මාටින් කිව්වා වගේ තුනට බෙදලා දෙද්දී රුපියලක් ඉතුරුවෙයි. ඒක මට එවන්න කියන්න. (නි)
මේ තොරතුරු අනුව නම් ලොතරැයි බෝර්ඩ් එක බිරිදගේ හිමිකම තහවුරු කර ලදු පතක් නිකුත් කර තිබේ නම් ස්වාමි පුරුෂයාට ඉතින් අතින් කෑම සහ පයිප්පයෙන් වතුර තමා. (නි)
අපිට හරියටම මේ දෙන්නා ගැන තොරතුරු දන්නේ නැතුව නිගමනවලට එන්න බැහැ. උදාහරණයක් වශයෙන් ස්වාමියා වුනත් අධික සුරාවට ( කසිප්පු ) සහ සුදුවට යොමු වුන ස්වාමියෙක් නම් බිරිද කැමති වෙන්නේ නැහැ ඒ මුදල අපරාදේ විනාශ කරනවට (නි)
පොලිස් ස්ථානාධිපතිට තිබුන කරුණු පහද දීමෙන් මෙය නිරාකරණය කරන්න. එයයි පොලිසියේ කාර්ය භාරය. මේ දෙමව්පියන් ඉගෙනීමක් නැති අයද කොහෙද? නැත්නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. ධර්මය නොදැනීම තමයි හේතුව. (ත)
මේක විවාහයක් නෙමෙයි මුදලට තරඟ පාවාදීමක් ? (ත)
සැකේ වාසිය පිතිකරුවාට !(ත)
දරුවාගේ අනාගතය ගැන හිතලා දෙමවුපියෝ වැඩ කරන්න ඕනෑනේ. දෙවියෝ දුන්න වාසනාව ගැන හිතලා බලන්න තිබුණා (නි)
විජේසිංහ කියන විදිහට තමෙල්නාඩුව සුරපුරයක් වෙන්න ඕන ,..... අනේ මෙහෙමත් මිනිස්සු...(ත)
මේ දෙදෙනා සැමියා සහ බිරිඳ නිසා දෙන්නටම එක බැංකු ගිණුමක් සදා එයට මුදල් දාන්න .. නැතිනම් රණ්ඩුව ඉවර වෙන්න දෙදෙනාටම බාගේ බාගේ බෙදල දෙන්න . පුදුම රටක් සැමියා සහ බිරිඳ මුදල් වලට වලි කන විදිය දැක්කම. (ත)
රෑට හොරෙන් ඇඳ යටින් ගෙනත් තියන්න. (නි)
ඕකනේ කියන්නේ සල්ලි දැක්කහම මළ මිනිත් දිව දික්කරනවා කියලා (නි)
දැන් කවුද ගම්පොල ? කවුද රයිගම ? (නි)
මේ වලිය සල්ලි හින්දම නොවේ. මේ විවාහය කොට උඩ ගිය එකක් වගේ මට නම පේන්නේ.(නදී)
ලක්ෂ දහයට මෙච්චර නම් ලක්ෂ විස්සකට කොච්චරද. (නි)
ඔහොම එකක් එංගලන්තේ වුනා.විශාල මුදලක් ඉන්දියන්කාරයෙකුට ඇදුනේ. අන්තිමට දික්කසාදෙන් තමා අවසන් වුනේ.මේකත් එහෙම වුනොත් පව් දරුවට. (නි)
ලක්ෂ 10 කට මෙහෙම නම්, ඊට වැඩි ගානක් දිනුවොත් මෙයාලා මොනවා කර ගනීද? (නි)
අනේ ඕකට මොකට රන්ඩු වෙනවද? හෙටත් නැකතක් බලලා ලොතරැයි ගන්නකෝ. (නි)
මන් දන්නා දෙයක් කියන්නම්...පව්ල රට ගිහින් සැමියාට සල්ලි එවලා ඉඩමක් ගන්න.මේ මනුස්සය ෂෝක් එකට එයාගේම නමට (සැමියාගේ) ඉඩමක් අරන් හෙන කදු ගැටයක්. ඉතින් මේ කාන්තාව ලංකාවට ඇවිත් ගේ හදන්න හිතාගෙන .ඇවිත් බලන කොට කන්ද නිසා එපාවෙලා .සැමියාට කිවුවලු මේ ඉඩම විකුණලා මට සල්ලි දෙන්න කියලා. නැවත රට ගිහින් කෝල් කරලා අහලා තියෙනවා ඉඩම විකුණුවද කියලා. කොහොමහරි අවරුදු 3ක් 4ක් ගිහින් ඉඩම විකුණා සල්ලි බාගයක් බිරිදගේ පොතට දාලා.ඇය ඇහුවලු ඒ මොකද එහෙම බාගයක් දුන්නේ කියලා. ඔය ඉඩම ගන්න දුන්නේ එච්චරයිනේ කිව්වලු. ඉතින් ඇගේ පොතේ ඒ සල්ලි ටික තිබුනා නම් කියක් පොලිය වෙනවද? පුදුමේ කියන්නේ අනෙක් සල්ලි බාගෙට කරපු දෙයක් නැති එකයි. ඉතින් මේවා මොනවද ? (නි)
අනේ ඔය දෙන්නා දරුවාගේ නාමයෙන් ඔය මුදල සමගියෙන් බෙදාගන්න. ඔය මුදල පොඩි දරුවාගේ වාසනාවට ලැබුන එකක්. එනිසා ඒ දරුවාගේ අධ්‍යාපනය සදහා ගිනුමකට බැර කරන්න. ඔයාලා ඔය හිටිය විදියටම ඉන්න. ලොතැරැයියක් නොඇදුන ගානට.(නදී)
මේ දරුවත් මේ දෙන්නගේද කියලා දැන්නම් මට සැකයි (නි)
මෝඩ මිනිස්සු. දෙන්නම භාගෙට භාගේ බෙදාගත්තා නම් හරිනේ (නි)
මෝඩකම සහ අතට ලැබිච්ච දේ කටේ දාගන්න බැරි අවාසනාව. ඔය සල්ලි ළමයාගේ ගිණුමකට දාලා දෙන්නට උඩ බලන් ඉන්න කියන්න.(නදී)
තන්හාය ජායතී සෝකෝ, තන්හාය ජායතී භයං! දරුවට දෙවියන්ගේම පිහිටයි! (ත)
..ඔන්න ලංකාවේ පවුල් සංස්ථාව, තුනට බෙදල තාත්තටයි, අම්මටයි, පුතාටයි දුන්නනම් ඉවරයි.....නැත්නම් ඕක ඇදුන වගේ නෙවෙයි පවුල කඩා ඉහිරෙන්න ඉඩ තියෙනවා මේ කෙහෙල්මල් ලොතරැයියක් හින්ද (ත)
දරුව දෙන්නගේම නිසා. දරුවට දෙන්න. මේ දෙන්න දිග කන්නේ කොහොමද මන්ද. කොහොම හරි වාසනාව අවාසනාව වෙලා වගේ.(ත)
මෙහෙමත් මිනිස්සු. බිරිදට ලැබුනම මොකෝ සැමියාට ලැබුනම මොකෝ? දෙන්නට ලක්ස පහ බැගින් දුන්නනම් ඔක්කොම සල්ලි එක ගෙදරට (ත)
පෙනෙන විදියට මේ දෙන්නා අඹුසැමියෝ වෙන්න බැහැ. අපිටනං කාට අදුනත් අපේ කියලා හිතන්න පුළුවන්..(ත)
රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.. හිස් අතින් සිනා සිසි පැමිණේවා....එද්දී ස්වීප් එකක් ගෙනේවා.. (ත)
එදා වෙලා පිරිමහගෙන දුක,සැප බෙදාගෙන නිතරම දරුවන්ගේ අනාගතය ගැන කතාකරමින් ,සතුටින් ජීවත් වූ පවුලක් ,හදිසි වාසියක් ලැබුණු අවස්ථාවක ,දෙදෙනාම සතුවීමට වඩා , පුදුමේ කියන්නේ වෙනස් උන වෙනස්විල්ල .තණ්හාය ... ජායතී... ශෝකෝ! (ත)
දෙයියෝ සාක්කි. (ත)
ලක්ෂ දහයකින් දැන් කාලේ මොනවා කරන්නද ? අවරුදු ගණනක් කරගෙන හිටපු කසාදෙ ලක්ෂ දහයකට නැති කර ගන්නේ මොන මෝඩයද.... අනේ කාලේ වනේ වාසේ කිව්වලු (ත)
මෙහෙමත් මෝඩයො දෙන්නෙක් (නි)
මෝඩ කමට බේත් නැ කියන්නේ බොරුවට කට කහනවට නෙමේ (ත)
දෙන්නට ලක්ස 5 ගැනේ දීල ඩිවෝස් වෙන්න කියමු එතකොට අවුල විසදේවි? (ත)
මට හිතෙන විදියට නම් මේ දෙන්නා අතර නියම බැඳීමක් තිබිල නැහැ. නිකම් නමට පොතේ කුරුටුගාලා තියෙන විවාහයක්. 'ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ' (ත)
ලොතරය් යනු එක්තරා ආකාරයකට සූදුවකි. සුරාවෙන් සූදුවෙන් සමාජය පිරිහීම පුදුමයක් නොවේ. තමිල් නාඩු රජයෙන් ලොතරයි තහනම් කර ඇත . නමුත් මේ රටේ එහෙම නැත. අපි කෑ ගහන්නේ ගවයන් වෙනුවෙන් මිස මිනිසුන් වෙනුවෙන් නොවේ. (ත)
මෙයාලට දෙවියන්ගේ පිහිටයි. (ත)
මගේ ගමේ , දැන් ඉතින් පොලිසියට තමයි වාසනාව. (ත)
අනේ මන්දා? මම නම් මගේ නෝනට ලක්ස 10 දීලා ෂේප් වෙනවා (නි)
අය්යෝ ඉතින් කාට ලැබුනම මොකද, එකම සක්කුවටම නේද? (ත)
ළමයගෙ අනාගතේට දෙවියන්ගෙම පිහිටයි මේ වගේ දෙමාපියො හින්ද (ත)
දෙන්නට කුද ගහගන්න කියල ලොතරැයි දිනුම රාජසන්තක කරන්න තියෙන්නේ. (ත)
තන්හාව (ත)
කාන්තාවන්ට මුල් තැන දෙනන් එපා. සල්ලි වගේ ද පවුල් ජීවිතේ. (ත)
ගම්පොල දැන් වැඩියෙන් ඉන්නේ සේනාවට විරුද්ධ කට්ටිය නේද?(නදී)
මේ ගෙදර ජීවත් වෙන්නේ ගෙවල් දෙකක අඹුසැමියෝ දෙන්නෙක්ද දන්නේ නැහැ. මොකද නැත්නම් කාට ලැබුනත් එක ගෙදරටනේ ළමයා තවකාගේවත්ද දන්නෙත් නැහැ. පොලිසියට තිබුනේ මෙයාලට ගහලා එලවන්නයි.(නදී)
ඔන්න බලාගන්න ආදර වන්ත අඹු සැමියන්, අද කාලේ කොතනද ආදරය තියෙන්නේ සල්ලි පමණයි මනුස්සකම වල් වැදිලා රටකට ගියකලක් මේ එකක් නොවේ වෙඩි දෙනෙක් මෙහෙම තමා.(නදී)
ලක්ෂ 10 බෙදාගන්න බැරි මිනිස්සු කොහොම එකට ජීවිතේ බෙදගත්තද මන්දා? දැන ඉතින් විවාහයත් මෙතැනින්ම ඉවර වෙයි. පස්සේ මිනිහත් මරා ගනීද දන්නේ නැහැ.(නදී)
බලන්නකෝ ඒකෙත් හැටි දරුවට අකුරු කියවන වෙලාවටම ස්වීප් වෙලෙන්දෙකුත් ඇවිත්නේ. කලින් එන්න කියල තිබුනද?(නදී)