IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලන්ඩන් ගිහින් ලෙඩ වුණොත් ලෙඩ ගොඩයි

යුරෝපා සංගමයට අයත් නොවන රටවල සංචාරකයින්ගේ හදිසි අසනීප සඳහා පිළියම් ප්‍රතිකාර කිරීමේදී වැය වන  වියදමට වඩා 150% ක මුදලක් අයකිරීමට අවශ්‍ය නීති පැනවීමට බ්‍රිතාන්‍ය රජය සැරසෙයි.

දැනට ඇති ප්‍රතිපත්තිය වන්නේ බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම කෙනෙකුට නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමයි.

මෙම සම්ප්‍රදාය දඩමීමා කර ගනිමින් බොහෝ දෙනා සියලු නවීන පහසුකම් ඇති බ්‍රිතාන්‍යයේ රෝහල්වලදී හදවත් සැත්කම්, පිළිකා රෝග සහ දරු ප්‍රසුති ඇතුළු බොහෝ අසනීප සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබාගැනීමට බ්‍රිතාන්‍යයට පැමිණෙති.

විශේෂයෙන් අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග රටවලින් මේ අන්දමට අසාධ්‍ය රෝගීන් නොමිලයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට යැවීමේ කුට ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බව හෙලිවුයේ මීට වසර බොහෝ ගණනකට පෙරාතුවය.

මෙම ජාවාරම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවයට වසරකට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 500 ක්  (රුපියල් ලක්ෂ 510) කට වඩා වැයකිරීමට සිදුව ඇත.

මේ මුදල අයකරනුයේ එරට රැකියා කරන  අයගේ බදු මුදලින්  වීම හේතුවෙන් මේ ගැන රට පුරාම විශාල විරෝධ තාවයක් පැන නැඟුණි.

මේ හේතුවෙන් කලක සිට බ්‍රිතාන්‍යයෙදී උපදින දරුවන් සඳහා පුරවැසි භාවය හිමිවීමේ නීතිය අවලංගු කරනු ලැබීය.

දැන් ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇති නීතියට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන්ගෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා යන වියදම අයකර ගැනීමට කටයුතු යොදනු ඇත.

මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකුලව රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන් හටද සෞඛ්‍ය පහසුකම් සඳහා මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීමට සිදුවනු ඇත.

මෙම මුදල් අදාළ රෝගීන්ගෙන් අයකර ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කර නැතත් එම වගකීම අදාළ රෝහල් බාරකාර මණ්ඩල වලට පැවරීමට යන බවට යෝජනා වී ඇත.

එහෙත් නව යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වරුන් පවසා ඇත්තේ " ඔවුන්ගේ රාජකාරිය රෝගීන් ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම මිස  සංක්‍රමණ නීති ක්‍රියාවට නැංවීම නොවන" බවය.

පසිගිය වසරේ ලන්ඩන් නුවර දරු උපත් සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩිම දරු උපත් සිදුව ඇත්තේ පෝලන්ත ජාතික දෙමාපියන්ටය. දෙවන ස්ථානය සෝමාලියානු දෙමාපියන්ටත්, තුන්වන ස්ථානය ඇෆ්ගනිස්තානු දෙමාපියන්ටත්, හතරවන ස්ථානය පකිස්තානු දෙමාපියන්ටත් පස්වන ස්ථානය ඉංග්‍රීසි දෙමාපියන්ටත් ලැබී ඇත. මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලීමේදී ලන්ඩන් නුවර අනාගත ජන වාර්ගික තුලිනතාවය ඉංග්‍රීසි ජාතිකයින්ගෙන් ගිලිහීයාමට හොඳටම ඉඩ ඇති බව නිරීක්ෂකයින් පෙන්වා දී ඇත.

 71 72

 

 

 

 



අදහස් (0)

ලන්ඩන් ගිහින් ලෙඩ වුණොත් ලෙඩ ගොඩයි

ජයන්ත Wednesday, 16 July 2014 08:48 PM

වීසා නොමැති නිසා නිව්මෝනියාවෙන් පෙලුණ අවුරුදු 28ක මී‍ගමුවේ තරුණයෙකුත් ලිවර්ෆුල් වලදී මියගියා මීට මාස කීපයකට පෙර (නි)

:       0       0

ගයාන් Wednesday, 16 July 2014 09:41 AM

බොරු ලියන්න එපා (නදී)

:       0       0

ගයාන් Wednesday, 16 July 2014 10:11 PM

පුෂ්පා, සෞඛ්‍ය රක්ෂණ පවුම් දෙතුන්සියක් දීලා ලබාගන්න බැහැ.ඊටවඩා වියදම් යනවා. අසනීප වෙන වෙන සැරේට රක්ෂණ මුදල් ලබාගන්න පුළුවන්කමක් නැහැනේ. (නි)

:       0       0

රවී Wednesday, 16 July 2014 09:54 AM

එහෙමයි කියලා හදිසියේවත් ලෙඩ වුණොත් මොකද කරන්නේ? (නි)

:       0       0

සනත් Wednesday, 16 July 2014 10:31 AM

පහළ ඡායාරූපයේ ඉන්නේ කවුද කියලා කියන්න පුලුවන්ද? (නි)

:       0       0

ජයන්ත කින්ස්බරි Thursday, 17 July 2014 09:03 AM

වීරේ ඔයත් ඉතින් හොඳම පින් පඩි කාරයෙක් කියල අපි දන්නවා. දැන් වත් බොරු නොකියා රස්සාවක් කරන්න බලන්න. (අ)

:       0       0

චමින්ද Thursday, 17 July 2014 09:10 AM

ජයනි,මම දන්නා විදියට නම් දෙමව්පියන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය සදහා නිකුත් කල වීසා නැති නම්,ඔවුන්ගේ මෙහි උපදින දරුවන්ට පුරවැසිකම ලැබෙන්නේ නැහැ. (අ)

:       0       0

ඉනෝකා Wednesday, 16 July 2014 11:04 AM

එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)

:       0       0

හෂාන් Wednesday, 16 July 2014 11:12 AM

බුදු අම්ම‍ෝ! ඒක නිසයි කියන්නේ ආරෝග්‍යා පරමා ලාභා කියලා (නි)

:       0       0

අසෝකා Thursday, 17 July 2014 09:25 AM

එංගලන්තයේ රෝහලකට යනවාට වඩා හොඳයි ලංකාවේ රෝහල්. (නි)

:       0       0

ජයනි Thursday, 17 July 2014 02:13 AM

සමහර උදවිය කපටිකමට ගැබිණි බව හංගාගෙන පිටරට යනවා. පුරවැසි බව ඉපදෙන ළමයාට ලබා දෙන්න. අපේ ගමේ කාන්තාවක් ඇගේ සහෝදරයා බලන්න කියල සංචාරක වීසා මත ඔස්ට්‍ර්ලියාවට ගිහින් එහෙම කපටිකමක් කල බව ආරංචියි. (නදී)

:       0       0

චමිල් තුෂාර Thursday, 17 July 2014 02:34 AM

මේ වෙලාවට තමයි ලංකාවේ අගේ තේරෙන්නේ (නදී)

:       0       0

මහේෂ්‍ Wednesday, 16 July 2014 12:25 PM

අහනකොටත් බයයි (නි)

:       0       0

පුෂ්පා Thursday, 17 July 2014 03:21 AM

ගයාන්, ඔබ රක්ෂණ ගැන මෙලෝ හසරක් දන්නේ නැති බව පේනවා. මම මාස 3 කට පෙර සංචාරක රක්ෂණයක් කළා - සෞඛ්‍ය රක්ෂනයද ඇතුළුව - ඔස්ට්‍රලියානු ඩොලර් 520.19 කට. එය මගේ චාරිකාව අවසන් වන තුරු වලංගු වුණා. එය මට බොහෝ උපකාරී උනා විදේශ රටක දී මම අසනීප වුණා වෙලාවේ. රක්ෂණය තිබුනේ නැතිනම් ඇමෙරිකන් ඩොලර් 10,000ක් පමණ වියදම් වෙනවා. මට වියදම් වුනේ ඇමරිකන් ඩොලර් 127.00ක් පමණයි. (නදී)

:       0       0

කසුන් Wednesday, 16 July 2014 12:37 PM

එහෙනම් එහේ ගිහිනුත් ඉවරයි ‍වගේ (නි)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 16 July 2014 12:46 PM

ප්‍රංශයේදී අධික උණ නිසා දවස් දෙකක් රෝහල්ගත වුණා. ගාස්තුව ලංකා මුදලින් 95000 පමණ වුණා. එදයි ලංකාවේ අගය නියම විදියට වැටහුනේ (නි)

:       0       0

චමින්ද Wednesday, 16 July 2014 12:51 PM

දරු උපත් ගැන කියූ එක නම් හරියට හරි. මේ යන විදියට ලංකාවට අනාගතයේදී වෙන්නෙත් ඒ ටිකම තමයි. (නි)

:       0       0

සමින්ද Wednesday, 16 July 2014 01:26 PM

එහෙත් මේ රටේ ඉන්න සමහර අය වගේ පාරට බැහැලා මිනිසුන්ට අරියාදු කරන කට්ටිය එහෙ නැහැ. (නි)

:       0       0

පුෂ්පා Wednesday, 16 July 2014 01:46 PM

සෞඛ්‍ය රක්ෂණ තියෙනවානේ? ඉතින් එංගලන්තයට යන්න පුළුවන් අයෙකුට තව පවුම් දෙතුන්සීයක් දීලා රක්ෂණයක් ගන්න පුලුවන් නේද? (නි)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Wednesday, 16 July 2014 02:00 PM

මේ රටේ සෞඛ්‍ය මෙන්ම අනෙකුත් මහජන වැයකිරීම් අඩු කිරීමට නම් කළයුත්තේ මෙහෙ කිසිම රැකියාවක් නොකර ආණ්ඩුවේ පින්පඩිය ලබා ගන්නා අයට එය නොදීම මිස සුළු වශයෙන් පැමිණෙන යුරෝපීය නොවන සංචාරකයන් මත ඒ බර පටවන එක නොවෙයි. (නි)

:       0       0

සුගුනවති Wednesday, 16 July 2014 03:06 PM

අනේ අප්පෝ, කව්ද වලාමේ අර හැඩකාර කෙලි පැටියා (අ)

:       0       0

ෂානි ද සිල්වා Wednesday, 16 July 2014 03:37 PM

ෆොටෝ එකේ ඉන්නේ ඔය වාර්තාව ලියපු එක්කෙනාගේ දුව. (අ)

:       0       0

සමරතුංග Wednesday, 16 July 2014 05:41 PM

මේක පුදුම වැඩක්නේ! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 17 July 2014 08:29 AM

ඉහත ඡායාරුපයේ ඉන්නා රූමතිය කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 97 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1005 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 895 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3578 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2262 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site