යුරෝපා සංගමයට අයත් නොවන රටවල සංචාරකයින්ගේ හදිසි අසනීප සඳහා පිළියම් ප්‍රතිකාර කිරීමේදී වැය වන වියදමට වඩා 150% ක මුදලක් අයකිරීමට අවශ්‍ය නීති පැනවීමට බ්‍රිතාන්‍ය රජය සැරසෙයි.
දැනට ඇති ප්‍රතිපත්තිය වන්නේ බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම කෙනෙකුට නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමයි.
මෙම සම්ප්‍රදාය දඩමීමා කර ගනිමින් බොහෝ දෙනා සියලු නවීන පහසුකම් ඇති බ්‍රිතාන්‍යයේ රෝහල්වලදී හදවත් සැත්කම්, පිළිකා රෝග සහ දරු ප්‍රසුති ඇතුළු බොහෝ අසනීප සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබාගැනීමට බ්‍රිතාන්‍යයට පැමිණෙති.
විශේෂයෙන් අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග රටවලින් මේ අන්දමට අසාධ්‍ය රෝගීන් නොමිලයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට යැවීමේ කුට ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බව හෙලිවුයේ මීට වසර බොහෝ ගණනකට පෙරාතුවය.
මෙම ජාවාරම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවයට වසරකට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 500 ක් (රුපියල් ලක්ෂ 510) කට වඩා වැයකිරීමට සිදුව ඇත.
මේ මුදල අයකරනුයේ එරට රැකියා කරන අයගේ බදු මුදලින් වීම හේතුවෙන් මේ ගැන රට පුරාම විශාල විරෝධ තාවයක් පැන නැඟුණි.
මේ හේතුවෙන් කලක සිට බ්‍රිතාන්‍යයෙදී උපදින දරුවන් සඳහා පුරවැසි භාවය හිමිවීමේ නීතිය අවලංගු කරනු ලැබීය.
දැන් ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇති නීතියට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන්ගෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා යන වියදම අයකර ගැනීමට කටයුතු යොදනු ඇත.
මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකුලව රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන් හටද සෞඛ්‍ය පහසුකම් සඳහා මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීමට සිදුවනු ඇත.
මෙම මුදල් අදාළ රෝගීන්ගෙන් අයකර ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කර නැතත් එම වගකීම අදාළ රෝහල් බාරකාර මණ්ඩල වලට පැවරීමට යන බවට යෝජනා වී ඇත.
එහෙත් නව යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වරුන් පවසා ඇත්තේ " ඔවුන්ගේ රාජකාරිය රෝගීන් ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම මිස සංක්‍රමණ නීති ක්‍රියාවට නැංවීම නොවන" බවය.
පසිගිය වසරේ ලන්ඩන් නුවර දරු උපත් සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩිම දරු උපත් සිදුව ඇත්තේ පෝලන්ත ජාතික දෙමාපියන්ටය. දෙවන ස්ථානය සෝමාලියානු දෙමාපියන්ටත්, තුන්වන ස්ථානය ඇෆ්ගනිස්තානු දෙමාපියන්ටත්, හතරවන ස්ථානය පකිස්තානු දෙමාපියන්ටත් පස්වන ස්ථානය ඉංග්‍රීසි දෙමාපියන්ටත් ලැබී ඇත. මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලීමේදී ලන්ඩන් නුවර අනාගත ජන වාර්ගික තුලිනතාවය ඉංග්‍රීසි ජාතිකයින්ගෙන් ගිලිහීයාමට හොඳටම ඉඩ ඇති බව නිරීක්ෂකයින් පෙන්වා දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පෝ, කව්ද වලාමේ අර හැඩකාර කෙලි පැටියා (අ)
එංගලන්තයේ රෝහලකට යනවාට වඩා හොඳයි ලංකාවේ රෝහල්. (නි)
ජයනි,මම දන්නා විදියට නම් දෙමව්පියන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය සදහා නිකුත් කල වීසා නැති නම්,ඔවුන්ගේ මෙහි උපදින දරුවන්ට පුරවැසිකම ලැබෙන්නේ නැහැ. (අ)
වීරේ ඔයත් ඉතින් හොඳම පින් පඩි කාරයෙක් කියල අපි දන්නවා. දැන් වත් බොරු නොකියා රස්සාවක් කරන්න බලන්න. (අ)
ඉහත ඡායාරුපයේ ඉන්නා රූමතිය කවුද? (නි)
ගයාන්, ඔබ රක්ෂණ ගැන මෙලෝ හසරක් දන්නේ නැති බව පේනවා. මම මාස 3 කට පෙර සංචාරක රක්ෂණයක් කළා - සෞඛ්‍ය රක්ෂනයද ඇතුළුව - ඔස්ට්‍රලියානු ඩොලර් 520.19 කට. එය මගේ චාරිකාව අවසන් වන තුරු වලංගු වුණා. එය මට බොහෝ උපකාරී උනා විදේශ රටක දී මම අසනීප වුණා වෙලාවේ. රක්ෂණය තිබුනේ නැතිනම් ඇමෙරිකන් ඩොලර් 10,000ක් පමණ වියදම් වෙනවා. මට වියදම් වුනේ ඇමරිකන් ඩොලර් 127.00ක් පමණයි. (නදී)
මේ වෙලාවට තමයි ලංකාවේ අගේ තේරෙන්නේ (නදී)
සමහර උදවිය කපටිකමට ගැබිණි බව හංගාගෙන පිටරට යනවා. පුරවැසි බව ඉපදෙන ළමයාට ලබා දෙන්න. අපේ ගමේ කාන්තාවක් ඇගේ සහෝදරයා බලන්න කියල සංචාරක වීසා මත ඔස්ට්‍ර්ලියාවට ගිහින් එහෙම කපටිකමක් කල බව ආරංචියි. (නදී)
පුෂ්පා, සෞඛ්‍ය රක්ෂණ පවුම් දෙතුන්සියක් දීලා ලබාගන්න බැහැ.ඊටවඩා වියදම් යනවා. අසනීප වෙන වෙන සැරේට රක්ෂණ මුදල් ලබාගන්න පුළුවන්කමක් නැහැනේ. (නි)
වීසා නොමැති නිසා නිව්මෝනියාවෙන් පෙලුණ අවුරුදු 28ක මීගමුවේ තරුණයෙකුත් ලිවර්ෆුල් වලදී මියගියා මීට මාස කීපයකට පෙර (නි)
මේක පුදුම වැඩක්නේ! (නි)
ෆොටෝ එකේ ඉන්නේ ඔය වාර්තාව ලියපු එක්කෙනාගේ දුව. (අ)
බොරු ලියන්න එපා (නදී)
මේ රටේ සෞඛ්‍ය මෙන්ම අනෙකුත් මහජන වැයකිරීම් අඩු කිරීමට නම් කළයුත්තේ මෙහෙ කිසිම රැකියාවක් නොකර ආණ්ඩුවේ පින්පඩිය ලබා ගන්නා අයට එය නොදීම මිස සුළු වශයෙන් පැමිණෙන යුරෝපීය නොවන සංචාරකයන් මත ඒ බර පටවන එක නොවෙයි. (නි)
සෞඛ්‍ය රක්ෂණ තියෙනවානේ? ඉතින් එංගලන්තයට යන්න පුළුවන් අයෙකුට තව පවුම් දෙතුන්සීයක් දීලා රක්ෂණයක් ගන්න පුලුවන් නේද? (නි)
එහෙත් මේ රටේ ඉන්න සමහර අය වගේ පාරට බැහැලා මිනිසුන්ට අරියාදු කරන කට්ටිය එහෙ නැහැ. (නි)
දරු උපත් ගැන කියූ එක නම් හරියට හරි. මේ යන විදියට ලංකාවට අනාගතයේදී වෙන්නෙත් ඒ ටිකම තමයි. (නි)
ප්‍රංශයේදී අධික උණ නිසා දවස් දෙකක් රෝහල්ගත වුණා. ගාස්තුව ලංකා මුදලින් 95000 පමණ වුණා. එදයි ලංකාවේ අගය නියම විදියට වැටහුනේ (නි)
එහෙනම් එහේ ගිහිනුත් ඉවරයි වගේ (නි)
අහනකොටත් බයයි (නි)
බුදු අම්මෝ! ඒක නිසයි කියන්නේ ආරෝග්‍යා පරමා ලාභා කියලා (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
පහළ ඡායාරූපයේ ඉන්නේ කවුද කියලා කියන්න පුලුවන්ද? (නි)
එහෙමයි කියලා හදිසියේවත් ලෙඩ වුණොත් මොකද කරන්නේ? (නි)