එංගලන්තයේ ලන්ඩන් නුවරදී අද (21) පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 14 වැනි ස්ථානය ලැබීය. අනුරාධ පැය 2.17:53 කින් තරගය නිම කළේය. අනුරාධ, ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වූ පස්වැනි අවස්ථාව මෙය වේ.
දැඩි ආරක්‍ෂක රැකවරණ මැද ලන්ඩන් නුවරදී පැවැති මෙම මැරතන් තරගය සඳහා ධාවකයෝ 35,000 ක් පමණ සහභාගි වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
35000කින් 14 වැනිය හොදටම ඇති.(නදී)
මම දුටුවා ඔබ නමුත් හිතුවේ නැහැ ලංකාවේ කියලා. එංගලන්තේ ඉන්න අපි ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබට අපෙන් උණුසම් සුබ පැතුම් අනුරාධ!(නදී)
අනුරාධ, ඔබ අපේ රටට ආඩම්බරයකි. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! (නදී)
ඔබ අප රටට ආඩම්බරයක් තිස්පන්දහසකින් දහා හතරවෙනිය වුන එක ඔබට සුබ පැතුම්!(නදී)
අනුරාධ සොයුර, ලාංකීය අපගේ උණුසුම් සුභාශිංශන ඔබට. කිසිවක්ගේ සහයෝගයක් නැතිව ඔබේම උත්සාහයෙන් කීඩා කරන නුඹ වීරයෙක් (නි)
ඔබ අපට ආඩම්බරයක් . ආසියානු ලෝක තරගවලදී ලංකාවට ජය ලබාදෙන්න . අපගේ උණුසුම් සුබ පැතුම්. (ස)
ගොඩක් ආඩම්බර වෙනවා ඔබ ගැන (නි)
නියමයි පුතා.... නියමයි. (නි)
විශිෂ්ටයි සොයුර, විශිෂ්ටයි! තෙරුවන්සරණයි ! (නි)
සුබ පැතුම්! (නි)
ඉපල් එකේ තරම් නම් වාසි නැහැ අනුරාධ පුතේ. (නි)
පැමිණි දුක් පැණි රසයි. ඔබට ධෛර්යය, ශක්තිය ,නොඅඩුව ලබේවා! (නි)
ඔබ ගැන අපට දැනෙන්නේ විශාල ආඩම්බරයකි. සොයුර ඔබට සුභ අනාගතයක් ! (නි)
දිවුලපිටිය ඥානෝදය පාසලේ අපේ කොල්ලෙක් (නි)