IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලූම්බිණි - හමීඞ් අල් හුසේනියා විදුහල් අවසන් තරගයට

හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ලූම්බිණි විදුහල සහ හමීඞ් අල් හුසේනියා විදුහල සමත් වූහ. සෙනසුරාදා පැවැති අවසන් පූර්ව වටයේ තරග වලදී ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ හින්දු විදුහල පරාජය වූහ.

පළමු අවසන් පූර්ව තරගයේදී ශාන්ත බෙනඩික් විදුහල පරදවා ලූම්බිණී විදුහල ගෝල 3-2 ක ජයක් ලැබීය. තරගයේ පළමු භාගය අවසන් වන විට කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකියාවක් නොලැබුණ නමුත් දෙවැනි භාගයේදී 35 වැනි සහ 40 වැනි මිනිත්තු වලදී ගෝල වාර්තා කරමින් ශාන්ත බෙනඩික් විදුහල තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරමක් ප‍්‍රමාද වී තරගයට අවතීර්ණවූ ලූම්බිණී විදුහල 42 වැනි, 45 වැනි සහ 53 වැනි මිනිත්තු වලදී ගෝල රැස් කරමින් තරගයේ ජයග‍්‍රහණය තමන් වෙත නතු කරගත්හ.
දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කොළඹ හින්දු විදුහල පරදවා හමීඞ් අල් හුසේනියා විදුහල ගෝල  5-0 ක පහසු ජයක් ලබාගත් අතර ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ සමත් වූහ.

පළමු භාගය අවසන් වන විට ගෝල 4-0 ක් ලෙස ඉදිරියෙන් සිටි ඔවුහු දෙවන භාගයේදී තවත් ගෝලයක් එක්කරමින් තරගය ජයගත්හ. පිට පිටම ලබාගත් ගෝල ති‍්‍රත්වයක්ද සමගින් ගෝල 4 ක් රැස්කළ එන්. සී. මොහොමඞ් රහුමාන් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

මෙම තරගාවලියට සමගාමීව පැවති වයස අවුරුදු 40 ට වැඩි ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගද සෙනසුරාදාම පැවත්විණ.

එම තරග වලින් මාලිගාවත්ත ප‍්‍රවීණයන්ගේ පිල හමුවේ කොළඹ ප‍්‍රවීණයන්ගේ පිල ගෝල 2-0 ක ජයක් වාර්තා කරද්දී කොම්පඤ්ඤ වීදිය ප‍්‍රවීණයන්ගේ පිල පරදවා දඩුවම් පහර මගින් ගෝල 3-0 ක ජයක් ලබාගැනීමට ජාවා ලේන් ප‍්‍රවීණයන්ගේ පිල සමත් විය.

තරගාවලියේ අවසන් මහ තරග පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක්ද පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.


1 - ජාවාලේන් ප‍්‍රවීණයන්ගේ පිලේ දැල රකින්නා විසින් දඩුවම් පහර අවස්තාවකදී පන්දුව රැකගන්නා අයුරු

 

 

 

 

 

 

 

 

 

 

 

 

2 - කොම්පඤ්ඤ වීදිය ප‍්‍රවීණයන්ගේ පිලේ දැල රකින්නාට කිසිදු දඩුවම් පහරක් වලක්වා ගැනීමට නොහැකි විය. (ඉන් එක් අවස්තාවක්)


 

 

 

 

 

 

 

 

 

 

 

3 - හින්දු විදුහලේ කී‍්‍රඩයාගෙන් හමීඞ් අල් හුසේනියා විදුහලේ කී‍්‍රඩකයාට වෙට්ටුවක්

 

 

 

 

 

 

 

 

 

 

4 - හමීඞ් අල් හුසේනියා විදුහලේ කී‍්‍රඩකයා ඉදිරියට ඇදෙමින්

 

 

 

 

 

 

 

 

 

 

 

5 - තරගය නැඹීමට පැමිණ සිටි පේ‍්‍රක්ෂකයෝ

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡයාරූප : ශානුක අරවින්ද

 



අදහස් (0)

ලූම්බිණි - හමීඞ් අල් හුසේනියා විදුහල් අවසන් තරගයට

ඇන්ටන් Sunday, 03 February 2013 04:41 PM

ලුමිබිනියට ජය වේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1343 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 821 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2075 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 708 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1758 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site