(විමුක්ති එස් රුද්‍රිගු)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 3065 ක් මෙරටට පිටුවහල් කිරීමේ අවදානමක් මතුව ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකාවේ නීති විරෝධීව සිටින සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කරන බවට ලබාදුන් මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් ජනපති ට්‍රම්ප් සංක්‍රමණිකයන්ට අදාළ විධායක නියෝග කීපයක් පසුගියදා නිකුත් කළ අතර ඒ සමග නීති විරෝධීව ඇමෙරිකාවේ සිටින සංක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියට තිබූ බොහෝ බාධාවන් ඉවත්ව ඇත.
එලෙස බාධා ඉවත් වීමත් සමග එම ඒජන්සියේ බලාත්මක කිරීමේ සහ ඉවත් කිරීමේ මෙහෙයුමේ නීති විරෝධී සංක්‍රමණිකයන් ලැයිස්තුවේ සිටින අයවලුන් ඇමෙරිකාවෙන් පිටුවහල් කරනු ඇතැයි පැවැසෙයි. එම ලැයිස්තුව, පිටුවහල් කිරීමට අවසන් නිවේදන නිකුත්ව ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ අත් අඩංගුවේ සිටින සහ නොසිටින ලෙස කොටස් දෙකකින් සමන්විතය.
ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ අත් අඩංගුවේ නොසිටින පිටුවහල් කිරීමේ අවසන් නිවේදන නිකත් වූ ලැයිස්තුවේ පසුගිය නොවැම්බර් 24 වැනිදා වනවිට සංක්‍රමණිකයන් 1,445,549 සිටින අතර ඉන් 3065 ශ්‍රී ලාංකිකයන්ය. ශ්‍රී ලංකාවේ පමණක් නොව පාකිස්තානයේ 7760 ක්, ඉන්දියාවේ 17,940 ක් සහ බංග්ලාදේශයේ 4837 ක් එම ලැයිස්තුවේ සිටී.
කෙසේ නමුත් ලැයිස්තුවේ සිටින සියලු දෙනා නීතිමය සහ ප්‍රවාහන අභියෝග හේතුවෙන් එකවර වහාම පිටුහල් කිරීම සිදුකළ නොහැකි බවද ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාවේ සරණාගතභාවය ඉල්ලමින් නඩු පවරා ඇති සංක්‍රමණිකයන් එම නඩු කටයුතු අවසන් වන තෙක් පිටුවහල් කළ නොහැකි බවද එම ඒජන්සිය සඳහන් කර තිබිණි.
ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමත් සමග ඇමෙරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ ප්‍රධාන අරමුණ නිසි ලියකියවිලි නොමැතිව සංක්‍රමණිකයන් අත් අඩංගුවට ගැනීම බවට පත්ව තිබෙන බවත් දිනකට එලෙස සිටින සංක්‍රමණිකයන් 1500 ක් පමණ අත් අඩංගුවට ගැනීම එම ඒජන්සියේ ඉලක්කය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ