IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට

(ජයන්ත සමරකෝන්)

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.

ඔවුන් දෙදෙනාටම ඇති දියවැඩියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරුණු බව බන්ධනාගාර ආරංචි පවසයි.

ඒ අනුව ඔවුන් අද දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළු කරනු ලැබූ අතර මීට පෙර සිර දඬුවම් නියම වූ දුමින්ද සිල්වා, වාස් ගුණවර්ධන, රිමාන්ඩ් භාරයේ සිටින සරණ ගුණවර්ධන ආදී ප්‍රබලයන් කිහිප දෙනෙක් ද එම වාට්ටුවේ ප්‍රතිකාර ලබති.



අදහස් (32)

ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට

asanka Friday, 08 September 2017 08:57 AM

අනේ මොකට කියනවද? මහ ලොකු පරිපාලන සේවකයෝ කියාගෙන මෙච්චර කල් තෝරමාලු කාලා දැන් සීනි වැඩි වෙලාද? ලංකාවට අබ සරණයි. දේශපාලනය සමග පරිපාලන සේවයද කුජීත වූ මොහොත. පරිපාලන සේවය මහ මෙරක් වගේ ඔටුනු දාගෙන පොඩි මිනිහට ගෙම්බර් එක දීලා හැමෝගෙන්ම මැඩම් සර් කියවාගෙන දේශපාලකයන්ගේ පස්සෙන් යන අයට හොඳ පාඩම්...

:       5       625

raveendraFriday, 08 September 2017 09:55 AM

අසංක මයාවෙත, ඔබ විසින් දක්වන ලද අදහස් ඉතා නිවැරදි

:       5       131

Nuwan Friday, 08 September 2017 09:04 AM

බන්ධනාගාර රෝහලේ දොස්තරවරියකට මසකට රු. දස ලක්ෂයක අල්ලසක් දෙන බවට පුවත් පලවෙලා තියෙනවා. මොවුන් රෝහල් ගතකිරීමට වාර්තා සැපයීම වෙනුවෙන්...

:       6       444

siri Friday, 08 September 2017 09:04 AM

අපි හිතුවා... බෙදපු සිල්රෙදි එකතුකරලා පොට්ටනියම ආපහු එවනවා කියලා නේද දැන් කියන්නේ? එ්කේ මැතිවරණය ගැන තිබුණු කොළ කෑල්ලත් එකතුකරලා එව්වොත් තමා වැඩිය හොඳ....

:       2       110

[email protected] Friday, 08 September 2017 09:05 AM

රන්ජන් කිව්ව්ට මේ රට විනාශ කරන්නේ කලු කෝට් කාරයෝ කියලා ... දැන් බැලුවම සුදු කෝට් කාරයො ඊට හපන් නේ...

:       2       272

asiri Friday, 08 September 2017 09:07 AM

බරපතල වැඩ කරන්නේ අපිද එතකොට ?

:       0       157

KamalFriday, 08 September 2017 10:05 AM

අපි බරපතල වැඩ කරලා එයාලව නඩත්තු කරනවා. දාල තියෙන නම් ටික බැලුවාම ඒකට නම දාන්න ඕනෑ හොර වාට්ටුව කියලා තමයි.

:       0       96

buddika Friday, 08 September 2017 09:08 AM

මහින්ද මහත්තයා පස්සේ ගිහින් නතර උණු තැන. මේ ගොල්ලෝ ඉත්තෝ විතරයි. මහමිනිස්සු තාමත් නිදැල්ලේ ඉන්නවා විතරක් නෙවෙයි. රට පෙරළන්නත් දඟලනවා.

:       6       202

deva Friday, 08 September 2017 09:10 AM

අනේ පව් අසරණයෝ... ඔක්කොටම එකම ලෙඩේ බෝවෙලා.. මොනවා කරන්නද?

:       1       113

සෝමාලියා Friday, 08 September 2017 09:10 AM

ලංකාවේ නීති හදලා තියෙන්නේ පොඩි මිනිස්සුන්ට දඬුවම් කරන්න විතරයි.. ලංකාව දියුණු කරන්න බැහැ.. රට පාලනය කරන සියලු දෙනාම ලෙඩ්ඩු.. හැබැයි ලෙඩ එලියට එන්නේ උසාවි යන්න වුණොත් විතරයි.. නැත්නම් හොරෙන් බේත් කර කර රට කනවා .. මෙහෙම ලෙඩ්ඩු පාලනය කරන රටක් කවදා දියුණු කරන්නද? පොඩි මිනිස්සුන්ට එක එක බදු ගගහ ලොකු අය ඒ සල්ලි වලින් ජීවත් වෙනවා .. සැප ගන්නවා .. යාන වාහන හිතේ හැටියට ගන්නවා.. පොඩි මිනිහා හැමදාම දුක් විඳිනවා.. රටක් දියුණුයි කියන්නේ හොඳ අධ්‍යාපන ක්‍රමයක්... හොඳ ආහාර පාන, හොඳ මාර්ග පද්ධතියක්, නොනවත්වා ජලය විදුලිය, වැටුප හැටියට අඩු බදු, පිරිසුදු වටපිටාවක්, කාර්යක්ෂම සහ ඉක්මන් රාජ්‍ය සේවයක්, හොඳ ගමනාගමන පද්ධතියක්, හොඳ වැටුප් පරිමාවක්, වගේ සරල දේවල් තියෙනවා නම් පමණයි.. ලංකාවේ එහෙම සියල්ලම බලාගන්න පුළුවන් එකම තැන තමයි කොළඹ 07 කුරුඳුවත්ත .. ඔය සියල්ලම තියෙන්නේ ඒ හරියේ විතරයි.. මුළු රටේම අනිත් සියලුම තැන් වල තියෙන්නේ 3 වන ලෝකේ නොදියුණු රටක ලක්ෂණ තමයි..

:       1       261

සාතන්Friday, 08 September 2017 10:31 AM

කතාව ඇත්ත. ජනතා බදු මුදලින් ලොක්කෙක්ට නොමිලේ කෝටි 6 ක වාහනයක් දෙනවා කිසි අවුලක් නැතුව. ඒ කෝටි 6ම සමෘද්ධි ලාභී පවුල් 60,000 කට දෙනවා රුපියල් 1000 ගානේ දීලා කියනවා අපි සමෘද්ධි දීමනාව පවුල් 60,000 කට දෙනවා.... රටේ මොනතරම් අමාරු ආර්ථික තත්වයක් තිබුණත් කියලා.

:       0       46

Ruwan Friday, 08 September 2017 09:12 AM

ඔවුන් බන්ධනාගාර රෝහලේ සිටියත්, ඔවුන් මානසිකව ඔවුන් කලදේ ගැන දුක් වෙනවා ඇති. අපට දුක රාජ්‍ය සේවයේ අංක එකේ පුද්ගලයත් එහෙයියෙක් වෙච්ච එක පමණි. අනික් සෙට් එකම නීලම්මාර හොරු බව දෙකේ පන්තියේ ඉන්න ළමයත් දන්නවා. මෙය මේ රටේ සිටින සියලුම රාජ්‍ය සේවකයන්ට හොඳ පුර්වාදර්ශයක් වනු දැක්ම අපගේ එකම ප්‍රාර්ථනයයි. යහපාලනය ගෙන එනු ලැබුවේ මෙසේ රට ඉදිරියට ගෙන යාමටයි. දැන් තමන්ට කඩේ ගිය සෙට් එක බලන්න එන අයගෙන් දැනගන්න පුළුවන් මොවුන්ට මේක කරන්න කිවුවේ කවුද කියලා. තව දවස් දෙක තුනක් ඉවසලා බලමු.

:       9       757

kumaraFriday, 08 September 2017 10:36 AM

ඔන්න ඔතන තමයි ඔයාට වැරදුණු තැන .. දැන් බලන් ඉන්නේ මෙයාලව බලන්න එන අයවයි. නැතුව ඊයේ හිනාවෙවී බන්ධනාගාරේට ගිය අය අද කොහොමද එකපාරම ලෙඩ උත්සන්න වෙලා රෝහල් ගත වුණේ කියල නෙමෙයි.. මේ ඔක්කොම ඔයා වගේ අයව අන්දන්න දාන සෙල්ලම් බව ඔයාට තේරෙන්නේ නැහැ. කවුරු පත්වුණත් එකයි.. ඔක්කොම හදන්නේ ඔයා වගේ බහුතරයකට මේ වගේ පොඩි පොඩි සෙල්ලම් පෙන්නලා ඡන්දෙ ගන්නයි.

:       0       13

Hafeel Friday, 08 September 2017 09:19 AM

මේවා ඉතින් කවුරුත් දැනගෙනයි හිටියේ. රන්ජන් රාමනායක කියන දේත් ඇත්ත, අනුර දිසානායක කියන්නෙත් ඇත්ත. රටේ එක්තරා පන්තියට නීතිය සහ දඬුවම් ලිහිල් වෙලා...

:       3       274

Prasa Friday, 08 September 2017 09:19 AM

ඕක නම් බොරු... පුදුම නීතියක් තමයි... නීතිය නැවත ක්‍රියාත්මක විය යුතුයි. නැතිනම් හොරකම් වල සීමාවක් නම් නැතිවෙයි.

:       1       74

පිටිගල මිලානෝ Friday, 08 September 2017 09:21 AM

දැන් ඉතින් අපිටත් බලන්න වෙනවා ඉස්පිරිතාලෙකට ගිහිල්ලා මැහුම් දාගන්න අවශ්‍යද කියලා.?

:       1       2

ජයන්ත මිලානෝ Friday, 08 September 2017 09:27 AM

ඇත්තෙන්ම මේ මහත්වරු හොරකම් කළ සල්ලි දන්දී ඇති බවට සැකයක් නෑ. නැතිනම් මෙහෙම ලෙඩ්ඩු වෙන්න විදියක් නෑ. එහෙමත් නැතිනම් ලෙඩ්ඩු කවුද නිරෝගි කෙනා කවුද කියලා තේරුම් ගන්න බැරි හොර දොස්තරලා තමයි රටේ ඉන්නේ...

:       2       36

RuwanFriday, 08 September 2017 10:15 AM

ලංකාවේ ඉන්න බක පණ්ඩිත සයිටම් එකට විරුද්ධ මෙන්න මේ නිසයි. ඔවුන්ට විරුද්ධ මතයක් හදන පිරිස නැති කිරීමට තමයි මොවුන්ට වුවමනා වෙන්නේ. පොඩ්ඩක් චෙක් කරලා නයි විස තියෙනවද කියලා බලන්න දන්නේ නැති දොස්තරලානේ ඉන්නේ...

:       1       293

maal Friday, 08 September 2017 09:27 AM

මේ සිර දඬුවමේ ඇති පලය කුමක්ද?. ඔක්කොම සල්ලි කාරයන්ට ලොකු ලොකු උදවියට විතරද යහපාලන නීතිය තියෙන්නේ? අපේ රටේ ජනතාව ජනවාරි 8 බලාපොරොත්තු වුනේ නම් මේක නොවෙයි.

:       0       53

srimala Friday, 08 September 2017 09:39 AM

ඊයේ හිනාවෙවී මහා උජාරුවෙන්, වීර කමක් කලාවගේ බන්ධනාගාර රථයට නැගපු දෙන්නා අද කෙලින් ඉන්න බැරි ලෙඩ්ඩු වුනේ කොහොමද? ලංකා අධිකරණයට මෙවැනි අපහාස කරන දොස්තරවරුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       1       222

Sarath Friday, 08 September 2017 09:40 AM

කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන්....

:       2       236

ධම්ම Friday, 08 September 2017 10:12 AM

බන්ධනාගාර රෝහල වසා දමන්න. සිරකරුවෝත් අප වාගේම මනුෂ්‍යයෝ නිසා ඒ ලෙඩ්ඩුත් ආණ්ඩුවේ රෝහල්වලට ඇතුලත් කරන්න.

:       0       119

බුද්ධික Friday, 08 September 2017 10:58 AM

හොඳ යෝජනාවක්. ඒක තමා දැන් කළ යුත්තේ. හැමදාම සාමාන්‍ය රෝහලක ලෙඩ වෙලා ඉන්න බෑ නේ...

:       0       3

K Perera Friday, 08 September 2017 10:21 AM

සේරටම කලින් මෙයාලව බලපු දොස්තරව සෝදිසි කරන්න කරන්න ඕනේ! සීනි කීයට නැගලද? සීනි තිබෙන සැවොම රෝහල් ගත කරනවද? වගකිව යුත්තන් ජනතාව ගොනාට අන්දන්න නම් හදන්න එපා.

:       0       109

aravinda Friday, 08 September 2017 10:22 AM

මේ හන්දා තමයි, මේ අය ඊයේ මහජනයාට හිනා වෙවී බන්ධනාගාරයට ගියේ. අන්තිමට ඡන්දෙ දීලා ආණ්ඩුව පත් කරපු මහජනයායි මෝඩ වෙලා තියෙන්නේ...

:       0       107

athula Friday, 08 September 2017 10:25 AM

මේ වගේ දේවල් දකින කොට ඇති වන්නේ මහත් පිළිකුලක්... අපේ රටේ නීතිය පාලනය අතිශය පිළිකුල්.. මම දැක්කා පසුගිය දිනක බන්ධනාගාර බස් එකකින් වයෝවෘද්ධ සිරකරුවෙක් අරගෙන එනවා උසාවියට රෝද පුටුවක එම රෝගියා මුත්‍රා බෑග් එකකුත් එල්ලගෙන බොහොම අමාරුවෙන් තමයි බස් එකෙන් එළියට ගන්නෙත්, නැවත බස් එකට නග්ගවන්නෙත් එහෙත් මිනියක් මරපු එක්තරා ඇමති හොරෙක් එනවා ඇම්බියුලන්ස් එකකින් ඇවිත් බොහොම හොඳට ඇවිදගෙන උසාවියට යනවා දැන් පසු ගිය කාලේ ඔය දින කීපයකට රිමාන්ඩ් කරපු අය උසාවියෙන් කෙලින්ම යන්නේ බන්ධනාගර රෝහලට... මේක මහා නරක පුර්වාදර්ශයක්... කොහොමත් අපේ රටේ ජනතාව ඔය දෙපැත්තට බෙදිලා මරාගත්තට මේ දෙගොල්ලොම හරියට අර එකට ඉන්න රෙස්ට්ලින් කණ්ඩායම් 2 ක් ලෝකෙට පෙනෙන්න ගහගන්නේ සමහර වෙලාවට ලේ එනකම් ගහ ගන්නවා. ඉඳල හිටලා එහෙම නොවෙනවා නම් මිනිස්සු ඔය බොරුවට ගහ ගන්න එක තේරුම් ගන්නවානේ... කොහොම වුණත් මෙම වැරදි වලට නියම වග උත්තර කරුවන් නිදැල්ලේ....

:       0       233

Ronnie Friday, 08 September 2017 11:11 AM

අනේ මෙහෙමත් ජෝක්... ඉහළ පැලැන්තියේ හොරුන්ට සැප... අනිත් අයට කිසි සරණක් නැහැ. මීට කලින් යස අගේට, සනීපෙන් හිටියේ.... බන්ධනාගාර දොස්තරත් හොඳ කුට්ටියක් කඩා ගන්නවත් ඇති නේද?

:       0       63

සමන් Friday, 08 September 2017 11:15 AM

මෙය රාජ්‍ය සේවකයන් ආදර්ශයට ගත යුතුය. දේශපාලකයෝ කෙටි කාලීනව බලවත් වුවද, තමන්ගේ සීමාව කුමක්දැයි හඳුනාගැනීමට රාජ්‍ය සේවකයාට හැකි විය යුතුය. තාවකාලික ලාභ වෙනුවෙන් තමන්ගේ ගරුත්වය පාවා නොදිය යුතුය. මහින්ද යුගයේ පමණක් නොව මේ යුගයේත් මෙවන් දෑ සිදුවෙමින් පවතී. ඉතාම ආදර්ශමත් තීන්දුවකි.

:       0       52

somapala Friday, 08 September 2017 11:54 AM

දෙන්නට සීනි වැඩිනම් කන්තලේ සංස්ථාවට යවන්නයි තියෙන්නේ ... එතැන බර වැඩ ඇති බොහොමයට..

:       0       30

banda Friday, 08 September 2017 12:01 PM

මේ විදියට ගියොත් ඉදිරියේ බන්ධනාගාර හොටෙල් පවා ඉදිවෙන්න ඉඩ තියෙනවා

:       0       41

rohana Sunday, 10 September 2017 05:13 AM

මහින්ද, රනිල් ඩීල් එකෙන් තමයි කෙලින්ම බන්ධනාගර රෝහල් ගත වුනේ... දැන් ඔබට සතුටුද?

:       0       0

Padmini Sunday, 10 September 2017 05:25 AM

රන්ජන් කියන්නේ සම්පුර්ණ ඇත්ත. පුළුවන් නම් ඔහු හිරේ දමන්න. මොකද වෙන්නේ කියලා. ජනතා බලය පෙනේවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 104 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 95 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 199 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 102 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 215 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site