IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ලලිත් ජයසිංහ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජනපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ මැතිවරණ වේදිකාවක් අසල වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන්නැයි ඉහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම යන චෝදනාවට සැකපිට ඔහු එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටී.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ සිදු කෙරිණි.



අදහස් (12)

ලලිත් ජයසිංහ අත්අඩංගුවට

mahee Monday, 25 September 2017 05:29 AM

බලාගෙන යනකොට පොලිසියේ ලොකු ලොක්කෝ මොනතරම් අපරාධ කරලා තියෙනවද? ඔය විදිහට එළිවෙන්නේ කීයෙන් කීයද? දේශපාලුවන්ට වැඳගෙන ඉඳල සේරම අපරාධ වහගන්නවා. දැනුත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතියෙක් පුවත්පත් සාකච්ඡා තියපු හැටි අපට මතකයි.

:       8       51

RaveendraMonday, 25 September 2017 06:30 AM

මහී මයා වෙත, ඔබගේ අදහස නිවැරදි වන අතර වැඩිදෙනෙකු කුම්බලා මාලු කුරියා පිටින්ම ගිලදමා ඇතිබව නම් පැහැදිලිය.

:       0       110

Jayampathi Monday, 25 September 2017 05:38 AM

දැන් මෙවැනි පුද්ගලයන් කල යුත්තේ තමන්හට අණදුන් අයව හෙළිකර තමන්ගේ ජාම බේරාගැනීමයි.

:       19       111

kumar (galf)Monday, 25 September 2017 07:27 AM

එහෙම කළොත් පවුල් පිටින් අතුරුදහන් වෙලා මෝරු සමග පිනාවී.

:       10       26

Nishard Preena Monday, 25 September 2017 06:45 AM

ඕනෑම පොලිස් නිලධාරියෙක් තවත් පහළ නිලයකට ඕනෑම කරුණක් සම්බන්ධව නියෝගයක් නිකුත් කරනවා නම් එය ලිඛිතව කලයුතු බවට නීතියක් ගෙන ආ යුතුයි. ලිඛිතව නොදෙන කිසිම නියෝගයක් පිළිපැදීම තහනම් කල යුතුයි. එසේනම් පොලිසි වලින් සිදුවන නීතිය කණපිට පෙරලීම සහ අසාධාරණකම් බොහෝ දුරට වළක්වා විනිවිද භාවයකින් යුක්ත පොලිස් සේවයක් ගෙන ආ හැකිය. දේශපාලකයින් සහ අනෙකුත් බලවත් පුද්ගලයින්ගේ අනවශ්‍ය මැදිහත්වීම් වලින් තොරව හිතට එකඟව රැකියාව බොහොම සුරක්ෂිතව හෘද සාක්ෂියට එකඟව අවංක පොලිස් නිලධාරීන්ට කරගෙන යාමට හැකිවේවි. පොලිස්පති තුමා, සාගල ඇමති සහ පොලිස් කොමිසම මෙම කරුණ සම්බන්ධව අවධානය යොමු කරත්වා!!!

:       0       57

parakkrama Monday, 25 September 2017 07:04 AM

එන පොට හොඳ නැහැ මල්ලි. සිල්රෙදි බෙදිල්ලට නියෝග දුන් හැටි හෙළි වෙනකොට බෙදපු අය හිරේ ගිහින් නේද? හොඳ මල්ලි වගේ මතක නැහැ කියන්නේ නැතිව, ඔයාටත් වාචිකව නියෝග දීපු කෙනා කවුද කියන්නකෝ, එතකොට ඔයා ගොඩ. නැතිනම් ඉතින් ඔයාටත් වෙන්නේ ජොබ් එකටයි, පැන්ෂන් එකටයි කෙලවාගෙන, පවුලත් අනාථ කරගෙන මහ උළු ගෙදර ජනෙල් කූරු ගැන ගැන ඉන්න එක තමයි.

:       26       38

GuneMonday, 25 September 2017 08:31 AM

පිස්සුද පරාක්‍රම මහත්තයෝ. එහෙම හෙළි කළොත් අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතුව යනවනේ. ඒ හින්ද නිශ්ශබ්දව ඉඳල උළු ගෙදර රෝහලේ දවසක් දෙකක් ඉඳල වීරත්වය විදහා පාමින් එළියට එන එකනේ හොඳ. එතකොට කලින් අල්ල ගත්ත අත්තෙම එල්ලිලා ඉන්න පුළුවන්.

:       0       6

රනවි Monday, 25 September 2017 07:13 AM

රජ්ජුරුවන්ගෙන් ලකුණු දාගන්න කරපු වැඩ. නැතිනම් අර වගෙ කෙනෙක් බේරගන්න වැඩ කරයිද?

:       0       16

LapayaMonday, 25 September 2017 09:35 AM

මහ බැංකු කේස් එක වගේ “මම දන්නේ නෑ.. මට මතක නෑ ... “ කිව්වා නම් හරිනේ...

:       0       2

parakkrama Monday, 25 September 2017 07:43 AM

මේ සෑම නිලධාරියෙක්ම කොහොමටත් බොහෝ සේවාවන් සපයාගත හැකි ජංගම දුරකතන පාවිච්චි කරන සහ කළ උදවියයි. ලිඛිතව නියෝග දෙන්න කල් මදි බව හෝ ඉහළින්, පහළට වාචිකව නියෝගදීම සම්ප්‍රදායයක් බව හෝ නිදහසට කරුණු වශයෙන් දැක්වෙන අවස්ථා ඇත. වාචිකව දෙන නියෝග කෙලින්ම මුහුණට හෝ දුරකථන මගින් දෙන ඒවාය. එවැනි නියෝග තමන්ගේ ගැලවිල්ලට ලොග් සටහනක් වශයෙන් තැබීම හෝ තම ජංගම දුරකතනයේ වොයිස් රෙකෝඩින් හැටියට තබාගන්නවා නම් මෙවැනි අවස්ථාවලදී ගැලවිල්ලක් තිබෙනවා නේද? දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න ගියාම ඔහොම කොටුවෙන බව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි...

:       0       5

jayath Monday, 25 September 2017 08:04 AM

පොලීසිය විතරක් නෙමෙයි, මුළු රාජ්‍ය සේවයම දේශපාලනීකරණය වෙලා හුඟක් කල්. ඔය කියන තැන ඔබ හිටියත් සමහරවිට ඔබ වුණත් ඔය ඉහළ නියෝග පිළිපදින්න ඉඩ තිබුණා... මොකද මේ සිස්ටම් එකම දැන් කුණුවෙලා ඉවරයි. මේක මේ කපේදී හැදෙන පාටක් නැහැ. හදන කෙනෙකුත් නැහැ. අපේ දූ දරුවෝ නම් මෙහෙ තියන්න හිතන්නේ වත් නැහැ... ඒක මගේ පුද්ගලික අදහස...

:       0       2

Padmini Tuesday, 26 September 2017 05:43 AM

සකල සිරින් පිරි සිරි ලංකාවේ මේ කපේදී නිතිය, යුක්තිය ඉටු වෙයි කියල හිතන්නවත් බැහැ. මේ පරීක්ෂණ වලින් සිදු වෙන්නෙත් එම වියදම් අහිංසක ජනතාවගෙන් අය වීම පමණයි. තවත් එකම බලාපොරොත්තුවේ බින්දුවක් ඉතිරියි. ජනතා විමුක්ති පෙරමුණ. මගේ අදහස.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 86 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 86 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 182 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 95 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 213 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site