අනුරාධපුරයේ අති දුෂ්කර ගමක් වන පළුගස්වැව,වෙහෙරගල පවුල් එකසිය අසුවෙන් පවුල් අසූවකටම පමණ වකුගඩු රෝග ලක්ෂණ ඇතැයි වෙහෙරගල විහාරාධිපති මහරබෑවේ පාලිත හිමියෝ කියති.
ඇතැම් පවුල්වල එවැනි රෝග ලක්ෂණ ඇති දෙතුන් දෙනා ඇතැයි ඒ හිමියෝ කියති.එහෙත් ආර්ථික හා වෙනත් දුෂ්කරතා නිසා බෙහෙත් ගැනීමට පොළොන්නරුවට හෝ අනුරාධපුරයට යෑම බරපතල ගැටළුවකියි ඒ හිමියෝ පවසති.
මේ ගමේ ගොවියන්ගේ වකුගඩු රෝග ගැන හෝ ඔවුන්ට සුදුසු පානීය ජලය සැපයීම ගැන කිසිවකුගේ අවධානය යොමු වී නැතැයි ද තමාට කළ හැකි එකම කාර්ය වනුයේ පිරිත් නූලක් බැඳ ඔවුන්ගේ සිත සතුට කිරීම පමණක් බව පාලිත හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කාලයට නම් දේශපාලකයන්ගේ සර්වාංගයම උණු වෙනවා. (නි)
ජනතා සේවකයින් ඉන්නේ චන්දේ කාලෙට විතරද (දී)
පාලකයෝ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ , ප්‍රශ්නය විසදුනාම බොරුවට ඇවිල්ලා මමයි මේක විසදුවේ කියලා ලකුණු දාගන්නවා (දී)
අයවැයෙන් මුදල් වෙන් කරන්න වුවමනා අත්‍යාවශ්‍ය දේවල් පසෙක ලා පාලකයෝ තමන්ගේ වාසිය ගැන පමණක් සිතමින් කටයුතු කරනවා.මෙහෙම කරමින් රටේ සංවර්ධනය පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන වෙනස් කරමින් ව්‍යාජ සංවර්ධනයක් මවා පානවා. ජනතාව සා පිපාසාවෙන්,ලෙඩ රෝග වලින් අග හිග කමින් මිය යනවා.ජනතාවගේ දැවෙන ප්‍රශ්න ඔවුන්ට විහිළුවකි. (දී)
තව කෘමිනාශක ගෙනත් ගහන්න (දී)
පිට බද්දර ජයා ජයා මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමේ. ලාංකික යන්ගේ ප්‍රශ්නයක් ලෙස බලන්න. පිටරටින් පරීක්ෂා කරන්න මේ බෙහෙත් අඩු ගානට ගොවියාට සපයන්නේ. අපේ රටේ ප්‍රමිතියක් නැතිව ඕන දෙයක් දේශපාලකයින්ගේ උවමනාවට ගෙන්න ගන්න පුළුවන් නිසා. අහිංසක ගොවියෝ මේක දන්නේ නැහැ. අනික මේ බර ලෝහ පසට මිශ්‍ර උනාම අයෙත් ඉවත් වෙන්නේ නැහැ. වතුරට මිශ්‍ර වෙලා පෙවෙනවා. සමහර ප්‍රදේශ මිනිස් වාසයට පවා නුසුදුසු ලෙස ධුෂණය වෙලා යනවා (දී)
පවු! ඔවුන් කොපමණ අසරණද? (නි)
රටේ වෙන දේ ඇහුවම තව ටික දවසකින් මුළු රටටම මහා ව්‍යසනයක් වේවි කියලා හිතෙනවා. මම නම් කීයටවත් ලංකාවට යන්නේ නැහැ. වහලෙක් හැටියට වුණත් මේ ඉන්න රටේ ඉන්න එක සැපයි (නි)
පාලිත හිමියනි ඔබ වහන්සේ මේ මිනිසුන්ට මානසික සහනයක් හෝ ගෙනදීමට සද් භාවයෙන් කරන දෙය අගය කරන අතර මේ මිනිසුන් වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු මුළු මහත් සඟ රුවනම එකතු වුනොත් මිට වඩා දැනෙන දෙයක් කරන්නට හැකිවේවි යයි මම සිතමි. (දී)
මේකට කියන්න තියෙන්නේ ඉතින් ආසියාවේ ආශ්චර්යය කියලා (දී)
අනුරාධපුර පොලොන්නරුව අම්පාර හම්බන්තොට යන දිස්තික්කවලට පමණක් නොවේ මුළු ලංකාවටම වකුගඩු රෝගය ඉතාම ලෙස තියනවා .රසායන නොගහපු එකම පලතුරක් වත් වෙලදපොලේ නැහැ .පලතුරු වෙළෙන්දෝ හැම පලතුරකටම ඉදෙන්න කහ රතු පාටගන්න රසායන බෙහෙත් දානවා ..ලංකාවේ මිනිස්සුනේ වෙලදපොලේ පලතුරු ගන්නේ පරෙස්සමෙන් ....... (දී)
තව පොහොර සහනාධාර දෙමු.අපි වවමු ,රට නඟමු කිවුවට වවලත් නැහැ, රට නැඟිලත් නැහැ වගෙයි.රටෙන් භාගයක්ම වකුගඩු රෝගීන් නම් වෙලා ඉවරයි (නි)
අපිට පුලුවන් ජල පෙරන පද්ධතියක් එයාලට ලබාදෙන්න. උදවු කරන්න පුලුවන් අය ඉන්නවා නම් මේ ඊමේල් ලිපිනය මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. ([email protected]) (නි)
ඔක්කොමලා පාලකයන්ට බැන්නට නැවත නැවතත් පත්කර ගන්නවා.(නදී)
සමහර ලෙඩුන්ට ලෙඩ සුව වීමට මානසික සුවයත් බලපානවා. මෙම හිමියන්ගේ සේවයට බොහෝ ස්තුතියි . නමුත් රටේ බලදරින් මෙම ලෙඩුන් සඳහා අවශ්‍ය කටයුතු නොකළ හොත් ජීවිතය අවදානම්.(නදී)
මේවට ප්‍රතිචාර දක්වන හැමෝම එකතු වෙලා ආණ්ඩුවට බනින වෙලාවේ ඒ අහිංසක ගම්වල අයට උදවූ කලොත් නරකද? වතුර ෆිල්ටරයක්වත්. අපි දුන්න වතුර ෆිල්ටරයක්. කටින් බතල හිටෙව්වට තේරුමක් තියෙනවද. (ස)
මහාචාර්යවරු දොස්තරවරු හොයා ගත්ත මේ බැර ලෝහ ප්‍රශ්නෙට විසදුමක් දුන්නේ නැහැ. මොකද ඊට වඩා වෑදගත්නෙ කොමිස් කුට්ට්ය බහුජාතික සමාගම් දෙන, ඔය විතරක්ද දැන් ආයෙත් විකුණන්නේ කිරි පිටි යස අගේට!!! මේක තමා ආශ්චර්යය! (ස)
නදීරා,දැන් යන වියදමේ හැටියට අපි ගන්න පඩිය අපිට හරියට කන්නවත් මදි (නි)
අනේ! මේ මිනිසුන් කොච්චර අසරණද? (නි)
මම දැන් නිදාගෙන අවරුදු ගානක් වෙනවා එක පැත්තකින් ගංවතුර , තව පැත්තකින් වකුගඩු රෝග පානිය ජාල ප්‍රශ්න , මත්කුඩු අන්තාවදී ප්‍රශ්න, කොහමද නිදාගන්නේ.. උදව් කරන්ඩ අතේ සතපහක් නැහැ ....ආණ්ඩුව ගෙනියන්නෙත් නය වෙලා.. (දී)
දෙවෙනි පින්තූරේ ඉන්න ගැමියෝ දෙන්නගේ මූණු කියවන්න පුලුවන්ද ඇයි මේ දුක මේ රටේ පාලකයන්ට පෙනන්නේ නැත්තේ (දී)
මේවා දිහා ඇස් පියාගෙන වගේ ඉන්න එපා, පන දෙන්නම් කියපු මිනිස්සු පොඩ්ඩක් විමාන වලින් බැහැල බලන්න මේ මිනිස්සුන්ගේ අවනඩුව (දී)
කණගාටුදායක පුවතක්. (ස)
ජගත්ට, මේ රටේ පාලකයෝ නැහැ උඩ ඉදලම ඉන්නේ කාබාසිනියෝ විතරයි (දී)
පාලකයන්ට හිතක් පපුවක් නෑ. ඒ අයට දුප්පතාගේ දුක පෙනෙන්නේ නෑ. (දී)
බහුජාතික සමාගමට ජයවීවා! (දී)
ඇමතිතුමන්ලා තවම මේ ගැන දන්නේ නැතිව ඇති , නැත්නම් වතුර බෝතල් ගෙනත් දෙයි. (දී)
පාලකයන්ට උවමනා තෙල් සමාගම්වලින් ජරාව කකා ඉන්න විතරයි මුළු ලංකාවේම ඉන්න මිනිස්සු වෙළද භාණ්ඩ වගෙයි පෙන්නේ. (දී)
ලංකාවේ මිනිසුන් කරදරේ වැටුනම පාලකයන්ට නින්ද යන්නේ නැති රටක් මේක මොනවද කියවන්නේ ? (දී)
නරකද ඔය ලම්බෝගිනි කාර් එකකින් දාගෙන ගිහින් බැලුවනම්??? (දී)
බෙහෙත් නැහැ නේන්නම් ඔක්කොම කල් ඉකුත් වෙලා..පොඩ්ඩක් හදිස්සි නොවී ඉන්න පැක් කරලා එවනකම් (දී)
මෙහෙමත් පාලකයෝ (දී)
නොමිලයේ සහ අඩු මුදලට සීමාවක් නැතුව ගහන වල්නාශක රසායන ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන්නට කටයුතු කළොත් හොඳයි නේද? (නි)
කොච්චර නම් රටේ දුෂ්කර පළාත් වල මිනිසුන් මේ වගේ අකරතැබ්බයන්ට මුහුණපානවා ඇද්ද? (නි)
මේ රටේ සිංහලය ඉවර කරන්න කි පැත්තකින් ගහනවද ඒ මදිවට වකුගඩු රෝග , අනිත් අතට දිනපතා මාර්ග අනතුරු වලින් මැරෙන ප්‍රමාණය , ඉතුරු වෙන ටික කොහොම හරි රට පනින්න බලනවා අද මිනිසුන්ව එතනට තල්ලු කරලා .දැන්වත් අපි ඇස ඇරලා බලමුද නැත්නම් තවත් ටිකක් ඇස තද කරගෙන නිදා ගමුද ? (දී)
මොනතරම් අවාසනාවන්ත තත්වයකටද අපේ රට පත්වෙලා තියෙන්නේ. (දී)
දේශීය වේද වරු කියනවා හොඳ කරන්න පුළුවන් කියලා අයි ඒ අයට පහසුකම් සලසන්නේ නැත්තේ ඒත් පිරිසිදු වතුර දෙන්න ඕනේ අඩුගානේ වැවකින්වත්. මේක මිනී මැරීමට සමානයි. (දී)
බෙහෙත් ලැබෙන කල් කෝමාරිකා වවාගන බොන්න, උයාගන කන්න, මේවා ඒ මිනිස්සුන්ට කියලදෙන්න, පැල ලබාදෙන්න හැම දෙනාම උත්සාහ ගන්නවා නම් හරකුන් බේරනවාට වඩා පිනක්. මිනිස් ජීවිතනේ? (දී)