IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වික්ටෝරියා වේල්ලේ මහා වතුර මලක් පිපේ

පංච මහා ජලාශයන්හි ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත විය.

මෙම ජලාශය වාන් දමනුයේ කලාතුරකිනි. මෙම වසරේ ජලාශය වාන් දමන දෙවැනි අවස්ථාව මෙය වන අතර තිස් වසරක ඉතිහාසයේ වසරකට දෙවතාවක් වාන් දැමූ පළමු අවස්ථාව ද මෙයයි.

ජලාශය ද්විත්ව ආරුක්කු වේල්ලක් ලෙස ඉදි කර ඇති අතර වතුර පිටාර මට්ටමට ලං වූ විට ගේටුව ඉබේම ඇරේ.

මෙම බැම්ම ඉංජිනේරුවන්ගේ අද්විතීය නිර්මාණය ලෙස සැලකේ.



අදහස් (0)

වික්ටෝරියා වේල්ලේ මහා වතුර මලක් පිපේ

ජ.හේරත් Wednesday, 19 June 2013 05:28 AM

ජේ . ආර්.ජනාධිපතිතුමා ඕක හදන්න ගන්නකොට එදා විපක්ෂය කිවුවේ, මොන මෝඩ වැඩක්ද රටේ උසම තැන් වල ජලාශ හදන එක කියලා(නි)

:       0       0

ලුම්බිණි Wednesday, 19 June 2013 05:47 AM

කෙනෙක් උදව්වක් කළහම ඒකෙ අගය දකිනවට වඩා 'ඔයිට වඩා දේවල් අපි ඒ අයට කරලා තියෙනවා' කියන එක හොඳ මිනිස් ගතියක් නොවෙයි. (නි)

:       0       0

අජන්ත Wednesday, 19 June 2013 12:30 PM

අජිත් මහතා කියන දේ මේ කතාවට කිසිම අදාල කමක් නැහැ වගේ පේන්නේ. එතුමා යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)

:       0       0

මම Wednesday, 19 June 2013 04:40 PM

මහේෂ්,අපි අද නැතුව එදා රජවරු මෙහෙම කළා කියලා නිකන් විහිලු සපයන්න ඕනෑ නැහැ නේද,මේ මෑතක අපි කළ දෙයක් නැතුව.ලොකේ ඉස්සරහට යනකොට අපි පිටිපස්සට නේද යන්නේ. (නි)

:       0       0

මහේෂ් Thursday, 20 June 2013 12:09 PM

කොහොම කිව්වත් අපේ රජවරු කරපු ශිල්ප පරපුරෙන් පරපුරට ආවානම් අපි අද දියුනු රටක්. 1505 පසුව යුරෝපයෙන් ඇවිත් අපේ සමාජය සෑම අතින්ම වෙනස් කළා (නි)

:       0       0

කුසුම් Wednesday, 19 June 2013 07:41 AM

එජාපය කරපු වැඩ අමතක වුන අය‍ට ජේ අර් , සහ ගාමිණී සිහිවේවා!(නදී)

:       0       0

මහේෂ් Thursday, 20 June 2013 12:13 PM

සිරා මහත්තයෝ, සුද්දා තව ටික කලක් හිටියා නම් ඔහේවත් අරගෙනයි යන්නේ (නි)

:       0       0

සෑම් Wednesday, 19 June 2013 01:14 PM

මේ ජලාශය විවෘත කරන්න රැජින ආවා. නමුත් විවෘත කලේ ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහත්තයා. (නි)

:       0       0

තිලක් Wednesday, 19 June 2013 01:22 PM

නීල් රණා, දවල්ද දන්නෙ නැහැ නේද? (නදී)

:       0       0

අංජන Wednesday, 19 June 2013 08:41 AM

මහවැලි ව්‍යාපාරය ආරම්බ කළේ 1971 ආණ්ඩුවේ මැතිනිය විසිනි. එය කඩිනම් මහවැලි ව්‍යාපාරය ලෙස ඉදිරියට ගෙනාවේ 1980 දී ජේ ආර් මහතා විසිනි. නමුත් කව්රු කරත් ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 70% ක් තවමත් නිපදවන්නේ ඉන්ධන වලිනි. මේවා කාගේ වැරදි ද යන්න නොතේරේ.(නදී)

:       0       0

කාලිංග ලක්ෂමන් Wednesday, 19 June 2013 08:44 AM

හේරත් මහත්තයෝ, මතක තියාගන්නවා සුද්දා වැද්දා කාලෙ තමයි අපේ රාවනා රජ්ජුරුවෝ දඩු මොනරෙන් උඩින් ගියේ.(නදී)

:       0       0

අජිත් Wednesday, 19 June 2013 08:48 AM

අංජන,1971 කාලේ දී කළු ගඟේ සහ කැළණි ගඟේ තරුණ මල සිරුරුත් පා උනා, දන්නවද?(අ)

:       0       0

නීල් රනා Wednesday, 19 June 2013 09:00 AM

ජලාශ ඉදිකිරීම, ගොවි ජනපද පිහිටුවීම වැනි දේ දැක්කහම පැහැදිලියි ඩී එස් ගේ කාලයේ ඉඳන්ම යු එන් පී එක කලේ වැරදි පාරේ රට අරන්ගිය එක බව. ඒ නිසයි විශාල වැඩකොටසක් කරලතියෙද්දීත් ඔවුන්ට ගෞරවයක් නොලැබෙන්නේ. අපේ රට යායුතු තාක්ෂණ මාවතේ මිස ගොවි මාවතේ නොවෙයි. වික්ටෝරිය ජලාශය ඉදිකරද්දී ඒ පතුලේ තිබු ගස් මුල් වැනිදේ පවා ඉවත්කලා අනාගතයේදී ජලාශය බොහෝ පිහිනුම්, කිමිදුම්, ඔරුපැදීම වැනි ක්‍රීඩා හා සංචාරක කටයුතුවලට භාවිතා කරන්න. එහෙත් මේ රටේ ළිං මැඩියන්ට ඒ සංකල්ප නිකන්ම දවල් හීන පමණක් නිසා, වසර 30 ක්ම ඒ වෙනුවට සිදු වුනේ ත්‍රස්තවාදයට බයේ ජලාශය වසා තබන්න.(අ)

:       0       0

සමන් කුමාර Wednesday, 19 June 2013 09:18 AM

වතුරවල වටිනාකම දැන්වත් තේරුම්ගන්න (නි)

:       0       0

ඉන්දික Wednesday, 19 June 2013 09:22 AM

නීල් රනා, වික්ටෝරිය ජලාශයේ පිහිනන්න? පිස්සුද? ඔය ජලාශ ඔක්කොම ගොඩක් ගැඹුරුයි. ඒවා වෙන වැඩ වලට ගන්න බැහැ. (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 19 June 2013 09:34 AM

සුරංග ලක්මාල් මහත්ත්යාගෙ මොලේ තමයි මොලේ. සුද්දා ලංකාවට නාව නම් කියයි අද ඉන්න අය ගෙම්බො වගේ ඉන්නෙ සුද්දා ආවෙ නැති නිසා කියලා. සුද්දා ආපු නිසා කියනවා, වැරදිලාවත් සුද්දා ආවේ නැත්තම් මීට වඩා ගෙම්බො ඉන්න තිබුණා කියලා. ඈ මහත්තයො ඔබතුමා කබරගොයාවත් තලගොයා කරගෙන කනවා වගේ නේද? (නි)

:       0       0

roshan Wednesday, 19 June 2013 09:38 AM

මම නම් දකින්නේ මෙම ව්‍යාපෘතියේ තිබෙන වටිනාම කොටස පොල්ගොල්ල වේල්ල සහ උමගෙයි. එය එදා සිට අද දක්වාම සේම මොහොතකම ක්‍රියාත්මකයි. එහි ප්‍රතිලාබ අපි හැමාදාම තුන් වේලෙහිම ලැබුවත් මර්කෙට් නොවන නිසා කිසිවෙක් දන්නේ නෙත (අ)

:       0       0

අබා Wednesday, 19 June 2013 09:41 AM

කරන්ට් බිල නම් ‍එහෙමමයි. වැහැලා ජලාශ ඉතුරුවත් අපි දුවන්නේ ඩීසල් වලින් තමයි (නි)

:       0       0

අනූ Tuesday, 18 June 2013 08:50 PM

එංගලන්තෙන් අපට දීපු තෑග්ගක්. සුද්දා අපට නරක වගේම හොද දේවලුත් කරලා තියෙනවා. අගය කල යුතු දෙයක්.(නදී)

:       0       0

ශෂික Wednesday, 19 June 2013 09:47 AM

ලුම්බිණි ඔය ඔහොම දැන් කිව්වට මමං නම හැමදාම ඔයගෙනුත් දැක්කේ එකම තමා ,,, ඔයා හැම දාම කලේ ලංකාවේ කුරු හරි හොදවැඩක් කලොත් එක අගය කරන එක වෙනුවට මොකක් හරි මෝඩ කතාවක් කියල එක උපහාසෙට පත් කරපු එක.. දැන් හිතා ගන්න බැරි මෙතැනදී විතරක් ඔයා ඔහොම කියල... කොහොම උනත් ඔය ඔය කියපු එක මුලින්ම ඔයාම කලානම් තම හරි. (අ)

:       0       0

රනිදු Wednesday, 19 June 2013 07:10 PM

වික්ටෝරියා ජලාශය අසල කොහිල වළවල් නැතිනිසා...?ගෑනුලමයි පීනන්න එන්නෙත් නැතිනිසා සරත් මල්ලිට පාළු ඇති .....? (අ)

:       0       0

කැනඩා දිසා Wednesday, 19 June 2013 10:03 AM

හොදට මතක තියා ගන්න මෙය කළේ ජේ .ආර්. ගේ කාලේ බව. හැබැයි චීන්නු නෙමෙයි හැදුවේ සුද්දෝ. (නි)

:       0       0

සරත් ඩු Tuesday, 18 June 2013 09:17 PM

මිනිසුනේ බලපල්ලා අපේ රටේ තියන සුන්දරත්වය වචන වලින් කියන්න බැහැ එක හොදටම තේරෙන්නේ පිටරටකට අවාම මිනිස් ජිවිත වල එක කොටසක් සොබාදර්මය? ඉතින් සොබදර්මය විනාස කරන සමහර දේශපාලන මිනිස්සුනට විරුද්දව මොනාහරි කිව්වහම සමහර දේශපාලන මිනිස්සුන්ට මුට්ටි අල්ලන මිනිස්සුන්ට හිතේ අමාරුව වැඩිකමටද මන්ද මටලු ඔලුවේ අමාරු? (අ)

:       0       0

සිරා Wednesday, 19 June 2013 10:15 AM

සුද්දා තව ටිකකාලයක් හිටියා නම් හොදයි. අපේ කට්ටිය එයාලව පැන්නුවානේ (නි)

:       0       0

සුනිල් Wednesday, 19 June 2013 10:16 AM

මහවැලියේ මුල්ම වේල්ල විවෘත කළේ සිරිමාවෝ අගමැතිනිය කියලාවත් මේ අදහස් දාන කට්ටිය දන්නෙ නැහැ වගේ (නි)

:       0       0

උදය Wednesday, 19 June 2013 10:18 AM

දැන්වත් කරන්ට් බිල අඩු කරන්න (නි)

:       0       0

සරත් Wednesday, 19 June 2013 10:24 AM

හාමුදුරුවෝ ගිනිතියා ගත්ත එකත් ඉවරයි. ඔන්න ඊට පස්සේ මහසෙන් හරහා ධීවරයෝ මුහුදුබත් වුනා. ඒකත් ඉවරයි. ගුරුතුමිය දණ ගහපු එකත් ඉවරවීගෙන යනවා. දැන් ඉතින් මොකක්ද ඊළගට? (නි)

:       0       0

නීල්-රානා Tuesday, 18 June 2013 10:12 PM

ඕක හදන්න පටන්ගන්න කාලෙත් වේල්ලේ ඉදිකිරීම් සිදුවෙද්දීත් මමත් එය අධ්‍යනය කළා. ලංකාවේ ජලාශ බොහෝ ගණනක් හැදුවේ ජේ ආර් ජයවර්ධන. වික්ටෝරියා රැජිනගේ කාලේ අපෙන් ගත්තු ඒවාට හරියන්න මෙහෙමවත් ජලාශයක් නොදුන්නනම් එංගලන්තෙට ලැජ්ජාවක්.(නදී)

:       0       0

නීල් රණා Wednesday, 19 June 2013 10:33 AM

පිහිනන්න කියනකොටත් බයවෙන සාගරයෙන් වටවූ දිවයින් වාසීන්ට මොන මැඩියෝ කියන්නද මම නොදන්නා නමුත් මීට වඩා ගැඹුරු ජලාශ හා මුහුදු පිහිනීම ඔරුපැදීම හා සංචාරක කටයුතු සඳහා ලෝකයේ වෙනත් රටවල භාවිතා වෙනවා පමණක් නොව මාත් එවැනි ස්ථාන කීපයක පිහිනා සහ ඔරුපැද තිබෙනවා. (නි)

:       0       0

චානුක රණවීර Wednesday, 19 June 2013 10:35 AM

සුද්ද අපේ රට කෑවා වගේම මෙවැනි හොද ක්‍රියාත් කර තිබෙනවා (නි)

:       0       0

ලහිරු Wednesday, 19 June 2013 10:45 AM

ඇයි මිට කලින් ඔයාලා වේල්ල උතුරනවා දැකලා නැද්ද? (නි)

:       0       0

මහේෂ් Wednesday, 19 June 2013 10:51 AM

අපේ රජවරු වැව් හැදුවේ සුද්දට කියලද? (නි)

:       0       0

අරුණ Wednesday, 19 June 2013 10:52 AM

දවස් දෙකේ වැස්සට පිටාර දාන්න කඩිනම් ජලාශ හැදුවට වැඩක් නැහැනේ. අපේ මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙන්න හදපුවා තාමත් සදාකාලිකයි. (නි)

:       0       0

සරත් Tuesday, 18 June 2013 11:55 PM

රූපවතී අක්කා එහෙම මේක දැක්කා නම් සතුට වැඩිකමට ජලාශයට පනියි! (නි)

:       0       0

සුරංග ලක්මාල් Wednesday, 19 June 2013 12:28 AM

සුද්දාගෙන් ලැබුන / නොලැබුන දේ කෙසේවෙතත් , සුද්දා ලංකාවට නොපැමිනියා නම් මොන වගේ ලිං මැඩියෝ ඉදීද කියලා හිතෙනවා, අද ඉන්න ගෙම්බෝ දැක්කම. (නි)

:       0       0

ෆාතිමා Wednesday, 19 June 2013 12:31 AM

ඒ දවස්වල කියපු විදිහට මම නම් හිතුවේ ඒ ජලාශ 5 හැදුවම ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරවෙයි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 188 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1077 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3784 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2907 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3377 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site