(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෝට්ටේ නගර සභා හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් මහතා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28) නියෝග කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පස්වැනි පටුමගේ පෞද්ගලික නිවසට’ පහර දීම සදහා පුද්ගලයින් 100 දෙනකු තමන් රැගෙන ගිය බව සඳහන් කරමින් මෙම සැකකරු ඉතාලියේ ජීවත් වන සුරංග ජයලත් යන තැනැත්තකුට ‘වට්ස්අප්’ පණීවිඩයක් යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරු මෙම සිද්ධයට සම්බන්ධ බවට කටවචනයෙන් කරුණු ඉදිරිපත් කිරීම පිලිගත නොහැකි බැවින් ඒ සදහා ඇති සාක්ෂි මොනවාදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.
එහිදී අදාළ හඩ පට ලැප්ටොප් පරිගණකයක් මගින් අධිකරණයට ඇසීමට සැලැස්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව
කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබූ නාගරික මන්ත්‍රී රිමාන්ඩ්
නිහාල් Tuesday, 28 March 2023 07:31 PM
අන්තිමට සැකකරු ජාතික ජන බලවේග සාමාජිකයෙක් වෙනවා