IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විගණකාධිපතිවරයාගේ විශ්‍රාම දීමනාව ඉහළට

(සුජිත් හේවාජුලිගේ)

විශ්‍රාමික විගණකාධිපතිවරුන්ට  විශ්‍රාම වැටුප සමග  දෙන රුපියල් 25,000 ක දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්   කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇති  මෙම යෝජනාව  ඊළඟ රැස්වීමේදී සම්මත කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 28 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය. පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී
ඊට අනුමැතිය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2)  ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාට රජයේ ඒකාබද්ධ අරමුදලට වැය වරක් වන පරිදි ඉහත සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම සහිත දීමනාව ගෙවිය යුතු යැයි  එම යෝජනාවේ සඳහන් වේ.

 



අදහස් (3)

විගණකාධිපතිවරයාගේ විශ්‍රාම දීමනාව ඉහළට

පැරකුම් Sunday, 24 September 2023 02:41 PM

කිසිඳු වරදකරුවෙකුට දඬුවම් කිරීමට කටයුතු නොකිරීම වෙනුවෙන් මෙම දීමනාව තව ටිකක් වැඩි කළොත් නේද හොඳ?...

:       5       10

JJSunday, 24 September 2023 04:55 PM

විගණකාධිපතිට දඬුවම් කිරීමේ බලතල සහ නඩු දැමීමේ බලතල නැත. නඩු දැමීමේ බලතල ඇත්තේ නීතිපතිට සහ දඬුවම් කිරීමේ බලතල අධිකරණයට ඇත...

:       1       5

සත්‍යපාල Sunday, 24 September 2023 05:30 PM

ගරු අගමැතිතුමා ලබන වර්ෂයේ එනම් තවත් මාස එකොලහකුත්, දින ගණනකින් විශ්‍රාම ගැනීමට සිටින ඩයස් මහතා ඉන්පෙර එම දෙපාර්තමේන්තුවෙන් යවන්න ක්‍රමයක් නැද්ද? ඒ මිනිහා කිසිම හිතක්, පපුවක් නැති කෙනෙක් තමයි. අපිත් විශ්‍රාම වැටුප් පුහුණුවීම් ලබා තියෙනවා.. ඒ කාලයේ අපිට කිව්වේ විශ්‍රාමිකයින් කියන්නේ වැදගත් පිරිසක් කියලා.. නමුත් තිලකරත්න මැතිතුමා ගියාට පස්සේ පැමිණි කිසිවෙක් යහපත් අය කියලා කියන්න බැහැ. ඔබතුමා කැමැති නම් දැන් සිටින ඩයස් මහතා ගැන විශ්‍රාම වැටුප් ලබන අයගෙන් අදහස් විමසා බලන්න... ඔහුගේ ක්‍රියාවන් නිසාද මන්දා... දැන් කාලයේ අනෙක් නිලධාරීත් රජවරු වගේ වෙලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1521 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7559 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1365 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 396 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2204 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2216 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40067 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 246 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site