ශ්රී ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ සී.වී.විග්නේෂ්වරන් මහතා යැයි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති,හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කොළඹ දී අද (30) ප්‍රකාශ කළේ ය.
සී.වී.විග්නේෂ්වරන් මහතා පසුගියදා කළ ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ඔහු බුද්ධිමත් දෙමළ ජනතාවගෙන් පවා ප්‍රතික්ෂේප වී ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.ඔහු මෙසේ පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
විග්නේශ්වරන්ගේ බාල මෝඩ වැඩ නිසා ඉදිරියට දෙමළ නායකයෙකුට ඉදිරියට ඒමට ඇති දොර වැසෙනවා. (නි)
මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කෙනෙක් ලංකාවේ නැති එක තමයි අපේ අවාසනාව! (නි)
ඒ කතාව නම් සහතික ඇත්ත (නි)
ගගන, ප්‍රතික්ෂේප කරන එක වෙනම දෙයක්. එයාලට වෙනම බලතල ඉල්ලා අරගල කරන කෙනෙක් ප්‍රතික්ෂේප කරන එක වෙනම දෙයක්. තවම නම් වෙන්න තියා වෙන්න වගේවත් නොපෙනෙන දෙයක්! (නි)
හිටපු සෙනඟෙන් සහ අන්තර්ජාලය තුළ තිබුන පිළිගැනීමෙන් පේනවා එහෙනම් තාම කිසිසේත්ම එපාවෙලා නැති බව! (නි)
අපි නම් මෙයා ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
ඡන්දෙ දවස් වල සුදුසු නැති දේශපාලඥයන්ට ඡන්දෙ දෙන්න එපා කියපු සංවිධාන දැන් කතා නැහැ. දැන් ඉන්නේ ජනතාව පත්කළ අයද? මේවා කාට කියන්නද? (නි)
විග්නේශ්වරන් කාට තිත්ත වුණත් දෙමළ ජනතාවට වීරයෙක්! (නි)
වාසුදේව කෝ මේ දවස්වල? පේන්නවත් නැහැනේ. (නි)
අපිට නම් යහපාලනය තිත්තයි (නි)
විග්නේශ්වරන්ලා රාජ්‍ය සේවයේදී මොනවා කරන්න ඇද්ද? ජනතා සේවයෙන් පඩිලබා ජනතාවටත් රටටත් විනකරන තැනැත්තන් ගැන අපිට ඇත්තේ කණගාටුවකි (නි)
ශාන්තට තිත්ත වෙලා වැඩක් නැහැ. ඔහෙට තිත්ත වුණාට අපට? දෙමල ජනතාවට තිත්ත වෙලාද කියල පොඩ්ඩක් බලන්න නේ? (අ)
මෙයාල ඔක්කොම අපිට තිත්තයි. (නි)
ජාතිවාදය අවුස්සන කාටත් ජනතාව කැමති නැහැ. (ර)
ලයනල්, රිචි වෙත. දෙමල ජනතාව මෝඩ චූන් දැන් ප්‍රතික්ෂේප කරනවා කියලා ඔබ දන්නවද. අර කිලිනොච්චියේ ට්‍රැට්ටරයක නැගල පොලීසියට බැණ වැදුණු මිනිසාට විරුද්ධව වටපිට හිටිය දෙමල ජනයා නීතිය සාමය වෙනුවෙන් එතන හිටපු පොලීසි මහතුන් දෙදෙනාට සහාය දුන්නහැටි දුටුවාද? (ර)
දමිල නිජ බිම් අපේක්ෂා කරනා දමිළයන්ට ඔහු වීරයෙක් , ගෙලවුම් කරුවෙක් , ඉන්දියාවේ ජයලලිතා වගේ ඔහුත් දමිළයන් අතර ජනප්‍රිය චරිතයක් දැන්. (ර)
මොනවද මේ බයිලා. (ර)
ඡන්දෙ පැරදිලා ඉන්න මෙතුමා දැන් මාර කතානේ කියන්නේ. (ර)
අපිට නම් තමුන්නන්සේලා ඔක්කොම තිත්ත වෙලා ඉන්නේ වෙන ආණ්ඩුවක් අවම එතනටත් රෙදි නැතිව හරි මුක්කු ගැහයි (අ)
යහපාලන කට්ටියත් එයට කඩේ යන අයත් ඔක්කම තිත්තම තිත්ත තමා. (අ)
ඔබතුමා අපිව මොකාට හරි අන්දන්න හදනවාද? කාටවත් කවුරුවත් තිත්තවීම ගැන නෙවෙයි ඔබ කතාකරන්න ඕන. මේ ජාතිවාදියා ගැන ඔබේ නායකයන් පියවරක් ගන්නේ නැති එක ගැනයි කතාකරන්න ඕන. කටින් බතල හිටවන්න එපා. අපි ඕවට රැවටෙන්නේ නැහැ. (බ)
ශ්රී ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ ජනාදිපති වරයෙකුත් ඉන්නවා ඒ තමයි ඔබලාගේ පක්ෂේ සභාපති තුමා හා නැද්ද (අ)