උතුරේ සංහිඳියාව ඇති කරන බව කියමින් බලයට ආ ආණ්ඩුව උතුරේ සංහිඳියාව නැති කරමින් ඉන්නේ රට ලේ විලක් කරා යාමේ අවදානම පවා නොතකමින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
රජයේ හා විග්නේෂ්වරන් ගේ ක‍්‍රියා දාමය නිසා විනාශ වන්නේ යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.
ගණ දෙවි රුවක් ද රැගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලන්නට ආ විග්නේෂ්වරන් රුදුරු කොටියකු බවට පත් කලේ මේ බියගුලු ආණ්ඩුව යැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. තාම කවුද එයාගේ කතා ගැන කතා කළේ? එක එක්කෙනා දැන් බෝලය පාස් කරනවා. ඒ වුණාට එයාලට ජනමතයක් හදන්න බැහැ. මොකද අපි දන්නවා මේක ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලා. (නි)
ආරියරත්නගේ කතාවට මමත් එකඟයි. පක්ෂ, පාට බේද අත්හැරලා අපි අපේ එකම රට බේරාගන්න එක්වෙමු. (නි)
මේවට කතානොකර ඉන්න එක තමයි ඇඟට ගුණ (නි)
මනෝජ් කියන විදියට කරන්න නම් දකුණේ කෝවිල් ඉවත්කරන්න වෙයි (නි)
නුඹලාටත් අවශ්‍ය වුණේ එ්කම නොවේද? (නි)
තමුන්නාසේලාත් ඕවට වගකියන්න ඕනෑ (නි)
රත්නායක මහත්තයා, මම මේවා ඇස් දෙකෙන් දැකපු ඒවා. මම උතුරු පළාතේ පාරක් තොටක්, කැලයක් ගානේ 1988, 1996 - 1999, 2010 කරක්ගහපු අයෙක්. දමිළ බෞද්ධ චින්තනය හුඟක් සමීපයි. අපි ගැටීම් වලට යා යුතු නැහැ. මේවා දේසපාලන ගැට. යුද්ධයකින් පස්සේ මිනිසුන්ට ඇතිවන අවශ්‍යතා දකුණේ අපේ අවශ්‍යතා වගේ නොවෙයි. මේවා තේරුම්ගෙන අපි කටයුතු කළොත් තිරසාර සාමයකට ගිය හැකියි. (නි)
සිංහල අපට ඇති එකම රට ශ්‍රී ලංකාව. දිවිහිමියෙන් අපි රට රකිමු. කිසිම දේශපාලන පක්ෂයක් අපට එපා. සිංහල නායකයෙක් පෙරමුණට ගෙන රට ගෙනයමු. පක්ෂ නායකයන් එපා. (නි)
බලාගෙන ගියාම උතුරේ විග්නේශ්වරන්ලයි, දකුණේ ගම්මන්පිලලයි එකම වර්ගයේ බෝට්ටු වලින්ම අය තමයි. වෙනස තියෙන්නේ, ඒගොල්ලෝ උතුරෙන් බෝට්ටුව මුහුදට දානවා. මේ ගොල්ලෝ දකුණෙන් දානවා. හැබැයි දෙගොල්ලොම යන්නේ එකම ඉලක්කයට. ඒ ඉලක්කයට ළඟාවුණ දාට දෙගොල්ලොම කරට අත දා ගනියි. අනේ! මෙහෙමත් මිනිස්සු? (නි)
ගම්මන්පිලලාගේ සැබෑ ස්වරූපය දන්නේ දැන්නේ (නි)
මනෝජ් කියන කතාව මෝඩ එකක්. සංහිඳියාවේ උපාය මාර්ගය මොකද්ද? මහා ජාතියට කෙනෙහිලිකම් කරලාද සංහිඳියාව ඇති කරන්නේ? අපි හැම ජාතියක්ම අපේ පළාත්වලට වැද්දගන්නවා, ඒක අනික් පැත්තට වෙන්නේ නැති නිසයි සංහිඳියාව නැතිවෙන්නේ. මේ රටේ ඕනෑම තැනක කැණීමක් කරලා බලන්න, පන්සල් තමයි තියෙන්නේ. තව ටිකක් හොඳට බලන්න. එම පන්සල් වලම හින්දු දෙවිවරුත් ඉන්නවා. අන්න සංහිඳියාව. (නි)
නුඹලාටත් අවශ්‍ය එ්කම නොවේද ? (හේ)
මනෝජ්, 1956 ට එහා අතීතය දන්නේ නැද්ද? අනුරාධපුර යුගය අමතකම කරමු. ඒත් යුද්ධයට කලින් යාපනයේ පදිංචිවෙලා හිටි 25000 සිංහලයො මුහුදෙද හිටියෙ? ආණ්ඩුව සහජීවනේ මතුරන්නේ ඇයි කියලා තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. (නි)
විග්නේශ්වරන්ලාගේ වලිගයේ එල්ලිලා ගොඩයන මඟක් වගෙයි ගම්මන්පිල දැන් මේ හොයන්නේ. අපි මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැනේ උතුරේ විග්නේශ්වරන් මෙතුමාගේ අඹ යාලුවෙක් කියලා? (නි)
බුදු පිළිම වලට මෙච්චර බය මොකද? (බ)
ඒ කියන්නේ විග්නේශ්වරන් කියන ජාතිවාදී කොටි පැටියා ගැන මුන්නහෙට පුදුම අමාරුවක්නේ තියෙන්නේ? අනේ යනවා මහත්තයෝ යන්න. අපට පව් නොදී?? නමට දේශප්‍රේමී පුස්සෝ? (බ)
මනෝජ්..බුදුපිළිම ඉදිකරල තියෙන්නෙ අනුන්ගෙ ඉඩම් වල නෙවෙයි. කොටි ඉවත් කළ හා විනාශ කළ බුදුපිලිම තිබූ ස්ථාන හදුනගෙන ඒ ස්ථාන වල තමයි මේ බුදු පිලිම ඉදිකළේ. ඒහමුදාවට වැඳපුදා ගන්නත් එක්ක. ඉතිහාසය හොඳට හදාරන්න. (බ)
මනෝජ් කියන කතාවට මමත් එකඟයි. (බ)
විග්නේෂ්වරන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කවුද කැමති බෞද්ධයකුගේ ඉඩමේ වෙනත් ආගමක සංකේත හදනවට. සංහිදියාව ඇති කළ හැක්කේ උපාය මාර්ග අනුවය. එය දිගුකාලීනයි. 1956 ට එහා කාලයේ සමාජ පැවැත්ම හොයල බලන්න.උත්තරය එතන තියේවි. (බ)
කියන්න දෙයක් නැහැ. ගම්මන්පිල ගැන කියනවනම් සදාචාරාත්මක කම පැත්තක තියල අදහස් දක්වන්න ඕනේ. එක හින්දා හොදම දේ තමයි නිශ්ශබ්දව සිටීම. (ර)
විග්නේශ්වරන්ව මහා ඇමැතිකමට පත්කළේ කවුද, ඔයවගේ වැඩ කරන බවක් දන්නවනම් දෙනවද මහා ඇමතිකම්? හැරෙන හැරෙන පැත්තට කතා කරන දේශපාලකයෝ මුලින්ම ඉවත්කලොත් යහපතක් වේවි රටට.(හේ)
ඒ අය යාලුවෝ කියලද මේ නොකියා කියලා තියෙන්නේ?(හේ)