උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් දෙමළ ජනතාව යළි නන්දිකඩාල් කලපුව දෙසට තල්ලූ කරමින් සිටිතියි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
දෙමළ ජනතාව යළි කාලකන්නි යුද්ධයකට ඇද දැමීමට විග්නේෂ්වරන් උත්සාහ කරතත් යළි යුද්ධයකට ඇදී යන්නට දෙමළ ජනතාවට කිසිසේත්ම වුවමනාවක් නැතැයි ඔහු කීවේය.
‘දෙමළ ජනතාවගේ සිහිනය උතුරේ සංවර්ධනයයි. මහ ඇමැති කළ යුත්තේ ඊට දායක වීමයි. උගතකු බුද්ධිමතකු වූ විග්නේෂ්වරන් කටයුතු කරන අන්දම නම් කනගාටුදායකයි. අපි විග්නේෂ්වරන් ගේ ක‍්‍රියා කලාපය හෙළා දකිනවා. දමිළයන් නැගිටිව් කියා ගෝත‍්‍රවාදය මතු කරමින් ඔහු මේ දෙමළ ජනතාව අරගෙන යන්නේ කවර තැනකටද?‘
‘උතුරේ සිටි විසිඑක්දහසක් සිංහල ජනතාවට මොකද වුණේ? රජයට මේ ගැන සෙවීමේ වගකීමක් තියෙනවා. උතුරේ කෙතරම් සිංහල ජනතාවක් සිටියාද යන්නත් අද කීදෙනෙක් සිටිනවා ද යන්නත් සොයා බැලිය යුතුයි. පළමුවෙන් උතුරේ සිටි සිංහල ජනතාව පළවා හැරියා. ඊළඟට එහි සිටි මුස්ලිම් ජනතාව පළවා හැරියා. සිංහල දෙමළ ජනතාව අතරේ බෙදීමක් ඇති කළා‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ඉක්මනින් උතුරේ ජනාධිපති පාලනය ප්‍රභල කළයුතු වෙනවා. උගත්යැයි කියාගන්නා මේ අය තවමත් කොටි ත්‍රස්තවාදීන්ට එහෙයි කියා සිහිනමවන්නන් (නි)
මේ ජාතිවාදී ප්‍රශ්න වලට අමුද්‍රව්‍ය සපයන්නේ දකුණේ පරාජිත සමහර දේශපාලකයන් කියලා අපි දන්නවා (නි)
නිශාන්ත මහත්තයෝ, ඔයාල එකතුවෙලා හොරු ටික පැන්නුව. ඒක ලොකු ජයග්‍රහණයක් නේ. දැන් කළගුණ සලකන්නත් එක්ක උතුරෙන් ටිකන් පහලට ඇවිත් ඉමු. ඒක සුළු දෙයක්. (බ)
උතුරු පළාත් සභාවත් ලංකාවේ මධ්‍යම රජය යටතේ පාර්ලිමේන්තුවේ ස්වෛරී පාලනයට යටත් ආයතනයක් එසේනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වැරද්දක්. එයට විරුද්ධව රජය කටයුතු නොකරන්නේ ඇයි? (බ)
මම විග්නෙශ්වරම්ට වෛර නොකරමි . ඔහු බාලයෙක් ලෙස දකිමි (බ)
ඔයාලත් ඔය දේට වගකියන්න ඕනේ නේද? (බ)
විග්නශ්වරන් අද කාට කියලා බයවෙන්නද? මහින්දට පින්සිද්ධ වෙන්න නිදහසේ යාපනයට ගිහිල්ල පිස්සු නටන්න පුළුවන්නේ දැන් (බ)
ඒවට පහසුකමුත් ඉබේම ලැබෙද්දී එහෙම නොකර බැහැනේ (නි)
ඔහොම වෙන බව ජනවාරි 8 ට කලින් වේදිකාවල කිවුවා. මොනවද පැටලිලා කිවුවේ ගිරිය පුප්පගෙන? ආයේ කවදාවත් බෙදුම්වාදී යුද්ධයක් එන්නේ නැහැ කිවුවා. එතකොට මේ හදන්නේ විග්නේශ්වරන් සහ ඩයස්පෝරා නඩයේ ඉල්ලිම් වලට නිකම්ම රට ලියලා දෙන්නද ? (නි)
විග්නේශ්වරන්ට අපි නොරැවටෙමු.
සිංහල දෙමළ සංහිඳියාවට විග්නේශ්වරම් හරස්වන බව එක්සත් ජනපදයට මෙයින් තහවුරු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)
ඔබ තුමලගේ පාර්ශව කරුවන්ට ඔහොම කියන එක හරිද මන්දා.(අ)
අපිට නම් විග්නේශ්වරන් ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේම සමහරු ගැන (නි)
විග්නේෂ්වරන්ලා කරන්නේ යුද්ධය වවාගෙන කන එක. සිංහල දේශපාලනයේත් ඔය වගේ අය ඉන්නවා (නි)
ජාතික හෙළ උරුමය පහුගිය කාලේ දාගෙන සිටි පාට කණ්ණාඩිය වෙනස් කරන්නද හදන්නේ. (නි)
කෝ මේ භද්‍රානි? (නි)
මෙයාලගේ වැඩක් ප්‍රභාකරන්ගේ වගේම තමයි (නි)
දැන් තමයි මහින්දගේ අගය වැඩියෙන් දැනෙන්නේ (නි)
කට,කට, දේශපාලනයේ පරිනත බවක් ස්පර්ශ කර නොමැති මන්ද මානසික තත්වයෙන් පෙලෙන මෙවැනි දේශපාලන අපතයන් ගෙන් රජය ආරක්ෂා කර ගැනීමේ හෝරාව අබියසට පැමිණ ඇත. මහින්දගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරලා දැන් මේ රජයේ ප්‍රතිරුපයත් හුදු පෞද්ගලික වාසි බලාගෙන විනාශ කරන්න පිඹුරු පත් සකසනවා වගේ. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න වගේ. (බ)
කොයි මේ මෛත්‍රී මහත්තය සහ රනිල් මහත්තය.අපි බලාගෙන ඉන්නේ එයාලගේ අදහස දැනගන්න (බ)
එහෙනම් ඔබතුමාලගේ වත්මන් මහනායක තුමා කියන්නේ නැවත යුද්ධයක් ඇතිවෙන්න දෙන්නේ නෑ කියල? (බ)