‘උතුර රකින රට සුරකින වන්නි බලවේගය‘ අද (30) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ගේ ප්‍රකාශ කිහිපයක් හෙළා දුටුවේය.
උතුරේ සිටි සිංහලයන් යළි පදිංචි නොකරන ලෙසත් උතුරේ ඉපැරැණි බෞද්ධ වෙහෙර විහාර ඉදිනොකරන ලෙසත් කියන ඔහු මහ ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු වරදක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කර ඇති බවත් දහසකට වැඩි උද්ඝෝෂකයෝ වව්නියාව වැව අසලින් පෙළපාළි යමින් කියා සිටිති.
වව්නියා දිසාපති කාර්යාලයට ගොස් දිසාපතිට සංදේශයක් බාර දීමටද ඔවුහු සැරසෙති.
වව්නියාවේ දමිළ ජනයා ද මෙම සාමකාමී උද්ඝෝෂණය බැලීමට පැමිණ සිටිති.
රාවණා බලය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර යන හිමිවරුන්ගේ සංවිධානද මේ උද්ඝෝෂණයට ක්‍රියාකාරී ලෙස සහාය වෙති.
ඡායාරූප - සිතුම් චතුරංග
(ජායාරූප - රොමේෂ් මධුෂංක)
විඩියෝ රොමේෂ් මධුෂංක







![DSC_0567[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_05671.png)
![DSC_0622[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_06221.png)
![DSC_0685[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_06851.png)
![DSC_0707[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_07071.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරගැත්තන්ගේ නෙත් දැන්වත් ඇරේවා! සිංහලයන්ගේ රට සිංහලේ රැකගන්න කොන්දක් ඇති අය නැද්ද? (නි)
මේ ප්‍රශ්හ මම ඉන්න කාලයේ ඉදිරිපත් කළා නම් ඔය ස්ථානයේදීම විසදුම් ලබා දෙන්න තිබුණා (බ)
තිස්ස හෙළි කළ ගිවිසුමට අනුව සියලු දේ සිදුවෙනවා කව්රු මොනවා කීවත් යහපාලනයට කඩේ යන අය සුදු හුණු ගාන්න දැගලුවත් වැඩක් නැහැ (බ)
කවුරු මොනවා කිව්වත් යහපාලනයෙන් පොරොන්දු වූ සියල්ල නොඅඩුව උතුරටනම් ලැබෙනවා.(අ)
විනේශ්වරන් එහෙන් කුලප්පු කරනවා ඒ අනුව පහුගිය කාලේ හිටපු ජනාධිපති තුමාට කඩේගිය අය මෙහෙ කුලප්පු කරනවා.මේක කුමන්ත්‍රණයක්. (අ)
මෝඩයින්ට මේවා හරිම මැජික් තමයි.... (ර)
පෙරුමාල්, සිංහල මිනිස්සු එළවන්න හොඳයි. අපි කතාකරන්න නරකයි. (නි)
ඒ කාලේ මහින්දගේ එඩිතර නායකත්වයක් තිබුනේ නැත්නම් අදත් අපි මරාගන්නවා. (නි)
පැවති බොහෝ ආණ්ඩු වල අමනෝඥ පහත් ක්‍රියාකාරිත්වයන් නිසා නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරොවෙන් ගසනතුරු ඔඩුදිවුවා. මේ සියලු පිරිස් දුරතියාම කරුණු වටහාගෙන අනාගතයේ අනවශ්‍ය කරදර මැඩපවත්වන්නට උත්සාහ ගැනීම පැසසුමට ලක්කළ යුතුයි (නි)
උතුරේ අන්තවාදී විග්නේශ්වරන් දකුණේ අන්තවාදීන්ට ලොකු උත්තේජනයක් සපයලා තියනවා. විග්නේශ්වරන්මේ පහරන දේ සමහරුන්ට සුවඳ විලවුමක් වෙලා තියනවා. මෙතන විග්නේශ්වරන්ට විරුද්ධ බවක් නම් අපිට පෙනෙන්නේ නැහැ. හුදු ආණ්ඩු විරෝධී පෙළපාලියක්. නමුත් සිංහලයින් ලෙස අපි. වාසුදේවගේ මස්සිනා වන විග්නේශ්වරන්ට කියන්නේ, ගෙයි ඇතුලේ දමාගෙන ඉන්න දෙන්නාවත් අරගෙන වහාම මේ රටෙන් චුත වෙන්න කියලයි! (අ)
කරුණාපාල, එතකොට විග්නේශ්වරන්ලගේ වැඩ කොහොමද. විග්නේශ්වරන්ට උතුරට සිංහලයින් එපා කියලා පෙළපාලි යන්න හොඳයි. අපේ අය පෙළපාලි ගියොත් මෝඩයින්ට මේවා හරිම මැජික් නේද? අනේ ඔබ වගේ මිනිස්සු තව කොපමණ අපි අතර ඉන්නවද, නේද? (නි)
ඌරෝ කැකුණ තළනකොට හබන් කුකුළන්ට රජ මඟුල්ලු (නි)
පාලකයෝ මේවට ඉඩදෙන්නේ ඇයි? (නි)
මෙම දකුණේ සංවිධානය කියන්නේ මොකක්ද? උතුරේ සමහරු කොටි අවතාර වලට නැවත නැවතත් පණදෙන්න ජනතාව එක්රැස් කරනවිට යහපාලන ආණ්ඩුව මුනිවත රැකීම කනස්සල්ලට කරුණක්. මේ රටේ ආයෙත් යුද්ධයක් ඇති නොවීමට සියලුදෙනා එක්වී කටයුතු කරන ලෙස කරන ඉල්ලමි. (නි)
සුජීව, සිංහලයන්ගේ රට සිංහලේ රැකගන්න කොන්දක් ඇති අය ඉන්නවද නැද්ද කියලා මෙතන අදහස් කියෙවුවම පෙනෙනවා නේද? විග්නේශ්වරන් හොඳයි කියන්න සිංහල කියා ගන්න කීදෙනෙක් ඉදිරියට ඇවිත්ද. (නි)
රටේ අනෙකුත් ප්‍රදේශවල සිංහල මිනිසුන් අතරේ දෙමළ ජනයා මොනතරම් හොඳට සහෝදරත්වයෙන් සිටිනවාද? සිංහල මිනිස්සුත් ඔය වීදිහට කිවුවොත් අනෙකුත් ප්‍රදේශවල සිටිනා දෙමළ මිනිසුන්ට මොකද වෙන්නේ..? ඔහු මේ කරතිබෙන වැඩේට ඉල්ලා අස්විය යුතුයි. පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංගනය කීරීමක්. රජය මේ පිළිබඳව සුළුවෙන් නොතැකිය යුතුයි (නි)
අර මෝටර් සයිකලේ විග්නේශ්වරන් පැදගෙන ගියේ නැත්තේ ඇයි..? (බ)
නිදන් ඉන්න පාලකයන්ට දැන් වත් ඇස් ඇරේවා කියා ප්‍රර්ථනා කරනවා.අපේ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ලැබේවා!!!!! (ම)
අන්තිමට මේවායින් වෙන්නේ අහිංසක දෙමල සිංහල මිනිස්සු කුලප්පු වෙනවා (අ)
මට පෙනෙන විදියට නම් මේ ඔක්කොම දේවල්, ස්වෛරී ජනතාවක් බිහි කරන්න දේශපාලනයෙන් දැන පොඩි තල්ලුවක්. (අ)
විග්නේශ්වරම් කියන විදියට මේ රටේ වැඩ ටික කරන්න මේක එයාගේ අම්මගේ අප්පාගේ බූදලයක් නෙවේ. (අ)
අපි අවස්ථා කිහිපයකදී කොටි ත්‍රස්තවාදීන්ව පහසුවෙන් විනාශ කිරීමේ අවස්ථා මගහැරිය. ආයිත් ඒ හා සමාන ක්‍රියාව තමයි දැන් සිදුවෙන්නේ. මේ විග්නේශ්වරන්, ශිවාජිලිංගම්, ආනන්දිලාව දැන් මට්ටු කළ යුතුයි.(බ)
ඔය පෙළපාලියේ රැගෙන යන පුවරු දෙමළ බසිනුත් ලියලා තිබුනානම් තමයි හොද. කොහොම වෙතත් මේවා කාලයේ හැටියට සිදු විය යුතු දේවල් අපේ උපහාරය. (බ)
පෙරුමාල්, අපි දන්නවා ඔයාලා කොහොමත් විග්නේශ්වරන්ලාට උපහාර පුදන බව. (ර)
සිංහලයගේ වළ කපන්නෙ සිංහලයමයි. (බ)
විග්නේශ්වරන්ට මේ විරෝධතාවය පවත්වන්න රජයෙන් අවසර නොදෙන්න තිබුණා. ඇයි රජය ඔය තරමට නිවට වෙන්නේ? යහපාලනයට ජයවේවා!!! කොහොමහරි හොරුටික පැන්නුවනේ.(බ)
අපිත් ඔබ සමඟයි (නි)
ඇත්තටම, රටේ ආරක්ෂාව,පැවැත්ම වෙනුවෙන් අතීතයේ සිට රට රැකපු රටේ නියම හිමිකරුන් වන සිහල ජාතියට තම පැවැත්ම සදහා වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන කෙනහිලිකම් දිනෙන් දින වැඩි වෙමින් තිබීම සිංහල අපට ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් වීම වැළක්විය නොහැක !! (බ)
අපේ හාමුදුරුවෝ නැත්නම් බුදු දහම ඉවරයි. විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්න කොන්ද පණ තියෙන අය නෑ (බ)
අනිවාර්යයෙන්ම... අපි සැමදා ඔබ සමගයි..සිංහලයන් වෙනුවෙන් කතාකරන්න සිංහල දේශපාලකයෝ නැහැ ..... සිවිල් සංවිධාන විතරයි හැමදාම ඉන්නේ (බ)
ගලගොඩඅත්තේ හිමියන්ට අායිත් එලියට බහින්න පාර කපා දුන් විග්නේශ්වරන්ට අපේ උපහාරය! (බ)
දැන් සිංහලයෝ නමට විතරයි. ඔලුව උඩින් වතුර ගියත් හොඳටම නිදි. මෙන්න රට ගැන කැක්කුමක් තියෙන හිමිවරු සහ මිනිස්සු. (නි)
කියන දේ කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකෙ නැහැ. එනිසා විග්නේශ්වරන්ගේ ප්‍රකාශ වලට උද්ඝෝෂණ පැවැත්වුවහම එයා තවත් ලොකුවෙන්න හදනවා. මම හිතනවා නැවත වරක් නම් උතුරේ ජනතාව මෙයාව මහා ඇමති කරන එකක් නැහැ. (නි)