ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකිරීමට හා නීති ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රවීණයෙකු මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් යෙදවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
මේ අනුව දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් කාලයක් අධිකරණ සේවයේ සිටි පුද්ගලයෙකු යෙදවීමට කැමත්ත පළකර ඇති බවද වාර්තා වේ.
කලක පටන් උතුරු මහ ඇමති සී.වී විග්නේස්වරන්ගේ ක්‍රියාකලාපයත් දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ පිළිනොගැනීමත් පක්ෂයේ සමගිය බිද වැටෙන ආකාරයෙන් කටයුතු කිරීම හා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරේ දේශපාලන පක‍්ෂ සමගින් කටයුතු කිරීම වැනි චෝදනාවන් පක්ෂ අභ්‍යන්තරයෙන් හා පරිබාහිරින් එල්ල වීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.
දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‍ෂේප කර තිබියදී “එළුඟ තමිල්“ විරෝධතාවයට සහභාගී වී ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය අවුල් කිරීමත් ජනතාව අතර බේද වන ආකාරයෙන් දේශපාලනය කිරීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ
ඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර විග්නේෂ්වරන් මහ ඇමති ධූරයෙන් ඉවත් නොකෙරෙනු ඇති බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දන්නේ නැහැ අධිකරණ විනිසුරුවරයෙක් විදිහට වැඩ කලේ මේ තරම් ජාතිවාදී හැගිම් තියාගෙන. (ර)
ලැබිල තිබුණු කාලේ කරපු දේවල් හොඳටම ඇති. (ර)
විග්නේෂ්වරන්ට මැරුණ ප්‍රභාකරන්ගේ අවතාරය වැහිල වගේ... (ර)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
එහෙම වුණොත් අපිට සතුටුයි (නි)
අනිවාර්යයෙන්ම මෙයා කරන්නේ දකුණේ යම්කිසි සංවිධානයකට අවශ්‍ය ආකාරයට වැඩකිරීමක් වෙන්නත් පුලුවන්. (නි)
මට හිතෙන්නෙ විග්නේෂ්වරන් කරන්නෙ රඟපෑමක් කියලා (නි)
මෙම උදාර තීරණයට සාමකාමී, එක්සත්, නොකැඩුන ශ්‍රී ලංකාවක් දෙස බලාසිටින සියලු ශ්‍රී ලාංකිකයන් සතුටු වෙනවා ඇත. උතුරේ මෙන්ම දකුණේ ප්‍රවීණ, නැණවත් දේශපාලන නායකයන්ද මෙවැනි වැදගත් තීන්දු තීරණ ගැනීමට පෙළඹුනොත්, ශ්‍රී ලංකාව මුළු ලෝකයේ කෙසේවෙතත්, මුළු ආසියාවේ සාමකාමිම රට බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණක් වෙනවාමයි. එමෙන්ම, බලකාමයෙන් මත්වී ජාතිවාදී අදහස් රට තුළ වපුරන කෙස්, රැවුල් පැහුණ උගත් යැයි සම්මත අයට, ඔවුන්ගේ දේශපාලන පක්ෂ මඟින් නිසි විනය දඬුවම් දියයුතු වෙනවා (නි)
මේවා අපිට විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
උතුරේ ජාතිවාදී නායකයෝ මෙන්ම දකුණේ ජාතිවාදී නායකයොත් ඉවත් කරන්න ඕනේ . දෙගොල්ලොම යැපෙන්නේ මේ ජාතිවාදයෙන් තමයි (බ)
අළුයට ගිනිපුපුරු තියෙන කොට ඕනෑම වෙලාවක ගින්නක් ඇවිලෙන්න පුළුවන්,(හේ)
විග්නේශ්වරන් කොච්චර හොඳද පිස්සු නැත්නම් (හේ)
ඒක හොදයි.(හේ)
ආටක නාටක (හේ)