IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය අස්කරගනී

සිරාජ් හසීම්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත අද(19)  දැනුම් දී තිබේ.

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙන ඒමට හැකි වූ බවද සම්බන්ධන් මහතා සඳහන් කර ඇත.

මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන බවත් සම්බන්ධන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දූෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු  මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට තීරණය කිරීමත් සමග මහ ඇමතිවරයාට එරෙහි විහ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පලකිරීම මත මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට තිරණය කර තිබේ



අදහස් (3)

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය අස්කරගනී

hewawitharana Monday, 19 June 2017 05:45 PM

ස්මාර්ට් බ්‍රෛන්

:       0       0

pushpakumata Monday, 19 June 2017 09:16 PM

සිංහල කාන්තාවක් කසාද බැන්ද මෙතුමාට සිංහල ජාතිය අරහන් වෙන එක අහන්නත් දෙයක්ද?

:       1       1

නුමා Tuesday, 20 June 2017 04:31 AM

මම හිතන්නේ කට්ටිය කතා බහ කරන්න ඇති, - 'බලපල්ලා සිංහල මන්ත්‍රීවරු, හොරකම් කල කියල මන්ත්‍රීකමෙන් අයින් කරනවද? නැහැනේ. මහා ඇමතිලාටත් එක්ක තම හොරකම් කරන්නේ. මින් පස්සේ අපිත් එහෙම කරන්නම්. එතකොට ඔය දෝශාභියෝග ගෙන්න දෙයකුත් නැහැ' - කියල. ඉතින් ඉන්පසු සභා තොමෝ සතුටින් විසිර ගියහ. ඔය අපිට පෙන්නලා තියෙන්නේ ප්‍රතිඵල තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site