වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටියදී උතුරේ පැත්ත පළාතක නොගිය විග්නේෂ්වරම් මහ ඇමති දැන් ජාතිවාදය පතුරවමින් සිටින අතර දෙමළජාතික සන්ධානය ඊට විරුද්ධ බව කියා බොරු රඟපෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.
විග්නේෂ්වරම් හදන්නේ දකුණෙද සිංහල විග්නේෂ්වරම්ලා ඇතිකරන්නයි උතුරේ පදිංචිව සිටි සිංහලයන්ට එහි යෑමේ අයිතියක් නැද්ද?
ශේෂඨාධිකරණ විනිසුරුවරයෙක් වන විග්නේෂ්වරම්ට මානව අයිතිවාසිකම් අමතක වෙලාද?
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ එම් .ඒ සුමන්දිරම් මහතා විග්නේශ්වරම්ගේ හර්තාලය හෙළා දකී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකටද මගේ කට! (නි)
ජාතිවාදය ආගම්වාදය තහනම් කළයුතුයි. ඊටපස්සේ ඒකාබද්ධ විපක්ෂය සහ කැරලිකාරයන් අත්අඩංගුවට ගැනීමට ඉතාමත් පහසු වෙයි (නි)
නිමල්, කොහෙද එහෙම සිංහල සංවිධාන තිබුනේ? (නි)
අන්තවාදී සියල්ලන්ගේම දරු මුණුබුරන්ට අද වපුරන බීජවල සාර්ථක අස්වැන්න නියම කාලයට යුද්ධයකදී නෙළාගැනීමට හැකිවෙයි (නි)
අපි සමගියෙන් ඉන්න ඕනෑ. අපි තවත් ඉවසනවා. අපි මෝඩයෝ වගේ ඉන්නවා නෙමෙයි. එ්ත් රටේ නායකයොත් මේක තේරුම් ගන්න ඕනෑ. මිනිස්සු නීතිය අතට ගන්න කලින් රජය විසින් තීරණ අරගෙන ක්‍රියාත්මක කළයුතුයි (නි)
විග්නේශ්වරන් කියන්නේ වාසුදේව නානායක්කාරගේ මස්සිනා. වාසුදේව ඉන්නේ මහින්ද රාජපක්ෂ පෙරමුණේ. කාටත් තේරෙන්නේ නැද්ද රටේ ජාතිවාදය අවුස්සන්නේ කවුද මොකක්ද උවමනාව කියලා. (නි)
"එක්සත් ජාතික පක්ෂ සිංහල අපි" සමන්ත, මේ අය ඉන්නේ කොහෙද? (නි)
විග්නේෂ්වරන් මහ ඇමති ජාතිවාදිත් නෙමයි අමු කොටියෙක් ,මොහු වහාම අත්අඩංගුවට ගන්න. අද කොටියෝ වෙනුවෙන් පෙනී හිටින්න දකුණේ දේශපාලුවෝ ඕන තරම් ඉන්නවා,රට රකින්න කැපවූ අසරණ අාබාධිත රණවිරුවන්වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.(බ)
අහිංසක මිනිසුන් ජාතිවාදයකට පොළඹවන්න දතකන දේශපාලකයින් රටෙන් පන්නා දැමිය යුතුය. (නි)
පසුගිය ටිකේ ආණ්ඩුවට විරුද්ධව මහින්ද ඇතුළු කට්ටිය හැමදේටම කතරගම ගිහින් පොල් ගහුව්වා ,මේ වගේ උන්ට තමයි පොල්ගහන්න ඕන කවුරුත් නැතිද . අබ අඹරන්න මු වෙනුවෙන් රටේ නැවත යුද්ධයක් ඇති කරන එකට ,මග වියදම් දෙන්නම් මුව අැඹරිලම යන්න දෙවියන්ගෙන් ඉල්ලන්න (බ)
මේ ප්‍රශ්න දුරදිග නොයවා විසඳාගන්න එකයි ඇඟට ගුණ (නි)
සමන්ත, ඕකට පාරට බැහැල අරගල කරන්න අවශ්‍ය නැහැ. ඔයාලගෙ නායකයට කියන්න විග්නේෂ්වරම්ව නීතිය හමුවට ගේන්න කියලා. (නි)
ප්‍රශ්නය තියෙන්නේ දකුණේදී එහෙම ප්‍රතික්ෂේප වුණත් උතුරේදී එහෙම නොවෙන එකයි! (නි)
විග්නේශ්වර උතුරට වී සිංහලයන් ජාතිවාදී බවත් දෙමල අයට වෙනම රටක් ඕනැයි කියද්දී ඔහුගේ පුතා කොළඹ නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම අවුලක් නැතිව සිංහලයන් මැද වැඩ කරයි. (බ)
එක්සත් ජාතික පක්ෂ සිංහල අපි සූදානම් පාරට බහින්නලු . ඈ කවදද බොලේ ඒගොල්ලෝ පාරට බැස්සේ. අපි දන්නා ඉතිහාසෙක එහෙම වුණේ නැහැ. (අ)
සිංහල අන්තවාදීන් කියල කොටසක් නැහැ හලෝ මේ සිංහල අපගේ රටයි (අ)
චතුරි නෝනේ මොකද මේ වලිගෙ පාගාගෙන.? (ර)
අතීතය අමතක කරන්න එපා. දකුණෙන් බිහිවෙන්නේ විග්නේශ්වරන්ලා කියලා, බඩගෝස්තරවාදී බලපෙරේත දේශපාලනයෙන් තොර දකුණේ නියම සිංහලයන්ට නිගරු කරන්න එපා. අද සිංහලයට වෙන විනාශයට ඔයාලත් වගකියන්න ඕනෑ. (නි)
ද්‍රවිඩ අන්තවාදීන් ද්‍රවිඩ ජනතාව විසින්ද සිංහල අන්තවාදීන් සිංහල ජනතාව විසින්ද ප්‍රතික්ෂේප කළ විට පටු අන්තවාදී දේශපාලකයන් සමාජයෙන් අතුගෑවී යනු ඇත (බ)
මිනිස්සු නීතිය අතට ගන්න කලින් රජය විසින් තීරණ අරගෙන ක්‍රියාත්මක කළයුතුයි (නි)
ජාතිවාදී කියන වචනෙ තේරුම පැහැදිලි නැහැ. නැත්නම් විග්නේශ්වරන් කොහොමද කොළඹ ජීචත් වෙන්නෙ. (නි)
සමන්ත, එක්සත් ජාතික පක්ෂයේ ඔයාලා රටින් බාගයක් එයාලට දීලා හරි මහින්දව පරද්දලා රටේ සල්ලි ටික ආරක්ෂා කළාද? (නි)
අපි දෙගොල්ලෝ ගහගන්න අතර මේගොල්ලන්ගේ ළමයි පිටරට යවලා උගන්නනවා (නි)
මේවා පහත් මට්ටමේ සිංහල දේශපාලකයන්ගේ වැඩ. උඩ ඉන්න දෙයියෝ දනී. (නි)
"එක්සත් ජාතික පක්ෂ සිංහල අපි" ගැන අවුරුදු 30, 35 විතර අතීතය දන්නා අයගෙන් අසා දැනගන්න (නි)
ඒ කියන දේ බොරු නොවෙයිනේ. ඔය කියන අය පාරට බහිනකම් තමයි ජනතාව බලාගෙන ඉන්නේ. (නි)
වැඩේ කරලා දැන් එක එක කතා. අපි රැවටෙයි ඕවට. (නි)
අනේ මොකටද මේවට උත්තර දීලා? (නි)
එයා මේ නටන්නේ කාගේ පදේටද? ලංකාව ගමන් කරන දිශාව මොන ක්‍රමයකින් හරි වෙනස් කරලා සැමදාමත් අස්ථාවර රටක් කරන්නට උත්සාහ කරන්නේ කාගේ අවශ්‍යතාවයටද? (නි)
සිංහලයා ගැන කතා කරන කෙනා සේරටම වගකියන්න ඕනෑ. එතකොට අනිත් ජාතින් ගැන කතා කරන අයට සේරම දීල අත පිහදාගෙන බලාගෙන ඉන්නද කියන්නේ. (නි)
අනේ සමන්, ඔය පක්ෂයට කොහොමත් පාරට බහින්න තමා වෙන්නේ. ඕක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි (නි)
ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා දිනාගන්න හැදුව දේ, අද විග්නේශ්වරන් යුද්ධයක් නැතුවම දිනාගෙන ඉවරයි. අපේ මිනිස්සු මරනිද්දේ, දේශපාලකයෝ තමන්ගේ වාසියට තම රට ජාතිය වුණත් පාවලා දෙන්න ලෑස්තියි. (ම)
එක්සත් ජාතික පක්ෂ සිංහල අපි සූදානම් පාරට බහින්න. ඒ බව විග්නේශ්වරන් දැනසිටියා නම් හොඳයි (නි)