(රංජන් කස්තුරි)
ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැති අතර එහිදී අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ජනපති සමග සාකච්ඡා කර විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගන්නා බවයි.
ඇමැතිධූරයෙන් ඉවත්වීමට රාජපක්ෂ මහතාට සඳුදා(21) දක්වා කල් ලබාදී තිබුණද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ. අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විජයදාස රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවද වාර්තාවේ.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විජයදාස ගැන තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී
chamal Monday, 21 August 2017 03:36 PM
හොරු නම් විජේදාස මහත්තයව මාරු කරනවට අකමැති වෙයි. ඒ ගොල්ලෝ කැමති පරීක්ෂණ රබර් වගේ අැදෙනවට තමයි.
nishanath domabagoda Monday, 21 August 2017 04:59 PM
හොරා කවුද හොර නැති වුන් කවුරුන්ද සොයාගන්නෙ කොයිලෙස කෙලෙසින්ද මෙහෙම හිතෙන්නේ මේ මට පමණක්ද
සෙනෙවි Monday, 21 August 2017 04:38 PM
මොනවද තව ? වහාම ඉවත්කරන්න
යෝෂිත තජුදීන් Monday, 21 August 2017 04:52 PM
පිළිතුර සරලයි. විජේදාසට පරීක්ෂණ වලට අවුරුදු 10 ක් ඕනේ. අජිත් පි පෙරේරා ඇමතිතුමා කියනවා පරීක්ෂණ කඩිනමින් කරන්න පුළුවන් කියල. මුළු රටටම ඕනේ මේ පරීක්ෂණ ඉක්මනින් ඉවර කරලා ඇත්ත දැන ගන්න.
අර්ජුන් බැඳුම්කරTuesday, 22 August 2017 01:09 AM
අධිකරණයේ ස්වාදීන පරීක්ශණ ඇමති කොහොමද කෙටි කාලෙකින් කරවන්නේ. වෙන කෙනෙක් දැම්මත් අධිකරණ ඇමතිට එහෙම අධිකරණයට බලපෑම් කරන්න බෑ. අජිත් සී පෙරේරා ඇතුලු ෆුට් නෝට් කල්ලිය දන්නව විජේදාස යැව්වේ නැත්තන් රවී ලඟට පත්තු වෙන්නේ එයාලට කියල. ඒකයි පොටක් පෑදෙනකන් හිටියෙ.
lalith Monday, 21 August 2017 06:07 PM
අපට ඉතිරිවෙන්නේ මෙව්වගෙ වැඩකරන්න විතරයි, හැබැයි බ්‍රේස්ලට් අතේ බැඳගෙන.
jayampathi Monday, 21 August 2017 06:08 PM
විජේදාස අයින්කරාට අපිට කමක් නැත . නමුත් අලුතින් පත්වන අධිකරණ ඇමති වහාම පරීක්ෂණ අවසන් කර නඩු ගොනුනොකර ගොඩ ගැසී ඇති සියලු නඩු විභාග කිරීමට කටයුතු කල යුතුයි. රටේ සියලු මහජනතාවට අවශ්‍ය එයයි . අපිට තවත් ඩීල් කාරයන් අවශ්‍ය නැත .
siri Monday, 21 August 2017 08:06 PM
අපි බලාගෙන ඉන්නවා,ජනාධිපති තුමාගේ ප්‍රතිචාරය මොකක්ද කියල.විජේදාස ඇමති තුමාව ඉවත් කිරීමට ජනාධිපති හවුල් වුනොත් එය" තමුන්ගේ වල තමුන්ම කපා ගැනීමක්"වැනිය.
බණ්ඩාර(කැකිරාව) Tuesday, 22 August 2017 03:37 AM
මේ මොනවා කලත් එජාපෙ. ඉන්න සුපිරි හොරුන්ට බේරුමක් නැහැ,අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා රජෙයේ නෙරුපුවත් ,රජයේ තියාගත්තත්, ඒ මොනවකලත් යහපාලනයට සොරිම තමයි.