ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
නිදන කාමරයේ ඇඳේ කොට්ටය තුළට දමා පරිස්සමට තබා තිබූ රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම මුදල් අයිතිකාර කාන්තාව වේයන්ගොඩ පොලීසියට පෙරේදා (4) පැමිණිල්ලක් කර ඇත.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පැමිණිලිකාර කාන්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන තැනැත්තියකි.
ඉඩමක් විකුණා ලබාගත් මුදලකින් කොටසක් වූ මෙම මුදල ඇය බැංකුවක කලින් තැන්පත් කර ඇත.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකු කඩා වැටීමට ලක්වී මුදල් ලබා ගැනීමට නොහැකි වේ යැයි ඇති වූ සැකය මත ගිණුමේ තිබූ මෙම මුදල් පසුගිය ජනවාරි මාසයේ දිනක ඇය නිවෙසට රැගෙන පැමිණ ඇතැයි පොලීසිය කියයි.
මෙසේ රැගෙන පැමිණි මුදල් නෝට්ටු කොට්ටය තුළට දමා වැඩි පරිස්සමට සැඟවූ බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය පවසයි.
තමා නිදාගන්නේ මුදල් දමා ඇති මෙම කොට්ටය හිසට තබාගෙන බවත්, කොට්ටය ඇතුළේ මුදල් දමා ඇති බව සැමියා හෝ වෙන කිසිවකු හෝ නොදන්නා බවත්, ඇය පොලීසියට පවසා ඇති බව කියති.
කොට්ටය තුළ සඟවා තබන ලද මෙම මුදල් හොරා ගත්තේ කවුද කියා සිතා ගැනීමටවත් නොහැකි බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය සඳහන් කරයි.
රාජකාරි නිමා කර පෙරේදා නිවෙසට පැමිණ නිදන කාමරයට ගිය අවස්ථාවේ මුදල් සඟවා තිබූ කොට්ටය ඉරා දමා, පුළුන් විසිරී තිබෙන අයුරු ඇය දැක ඇත.
කොට්ටය තුළ දමා තිබූ මුදල් නොමැති බව දැක, ඒ බව ඇය පොලීසියට පැමිණිලි කර තිබේ.
ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත, ගම්පහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එන්. රංගන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම මුදල් සොරාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැඩි ආරක්ෂාවට කොට්ටේ යට හැංගූ ලක්ෂ 15 හොරු අරන්
fairoos Thursday, 06 April 2023 02:14 PM
ගෙදර වෙන අය නැද්ද?