IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විතීවි ක‍්‍රමවේදයට ඉන්දියාවේ සහයෝගයක් නෑ

මේ මස 23 වැනිදා එංගලන්තයේදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සැසිවාරයේදී ඉන්දීය නියෝජිතයා කවුරුන් වුවද විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ඉන්දියාව සිය සුපුරුදු විරෝධයම දක්වනු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා සිය තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වූ අතර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කටයුතු සොයා බැලිම සඳහා සභාපති තනතුර තාවකාලිකව හිටපු සභාපතිවරයකු වන ජග්මෝහන් දල්මියා මහතාට බාරවී තිබේ.

එසේ වුවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව තමන්ට හිමිවිය යුතු යයි සිය ඉල්ලා අස්වීමට පෙර ශී‍්‍රනිවාසන් මහතා කොන්දේසියක් පනවා තිබිණ. එබැවින් මෙවර අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සැසිවාරයට සහභාගි වන්නේ දල්මියා මහතාද නැතහොත් ශී‍්‍රනිවාසන් මහතාද යන්න සෙනසුරාදා (15 වැනිදා) වන තුරුත් ස්ථිර වී නොතිබිණ.

අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලදී විනිසුරු තීරණ ක‍්‍රමවේදය යොදාගැනීම සම්බන්ධයෙන් 2008 වසරේදී ශී‍්‍ර ලංකාවේදී පැවති ටෙස්ට් තරගාවලියකදී අත්හදා බැලූණු අතර එම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව 2 - 1 ක තරගාවලි ජයක් ලබාගත්තේය. ඉන් දෙවසරකට පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ටෙස්ට් තරගාවලි සඳහා විනිසුරු තීරණ විමසීමේ (විතීවි) ක‍්‍රමවේදය අනිවාර්ය කරන ලද නමුත් ඉන්දියාව දිගින් දිගටම ඊට විරෝධය දැක්වීය. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයන් අතුරින් විතීවි ක‍්‍රමවේදය සඳහා විරෝධය දක්වන එකම සාමාජිකයා වන්නේද ඉන්දියාවයි.

විතීවි ක‍්‍රමවේදය අන්තර්ජාතික තරගාවලි සඳහා භාවිතා කළ යුතුයයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නීතියක් පනවා තිබියදීත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීතිරීති පැනවීමේ හිදැසක් සොයාගත් ඉන්දියාව එය භාවිතා නොකරයි. මේ වන විට කිසියම් තරගාවලියක් සඳහා එය යොදාගනු ලබන්නේ තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායම් දෙකම ඊට කැමැත්ත ප‍්‍රකාශ කරන්නේ නම් පමණි.


 



අදහස් (0)

විතීවි ක‍්‍රමවේදයට ඉන්දියාවේ සහයෝගයක් නෑ

සුදේශ් Saturday, 15 June 2013 07:08 PM

මෙම ක්‍රමය ක්‍රියාත්මක වුනොත් ඉන්දියාවට තමන්ට ඕනෑ විදියට ක්‍රිකට් පාලනය කරන්න බැරි වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 104 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 306 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 150 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4035 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2125 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site