IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගය කල්යයි

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය මාර්තු 03 සහ 10  වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද  (19) තීන්දු කළේය.

විත්තිකාර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් මේ දිනවල ස්වයං නිරෝධනයට යොමුව ඇති හෙයින් මෙම පෙත්සම් විභාගය සදහා කල් ලබා දෙන්නැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් මෙලෙස පෙත්සම් විභාගය කල් තබන ලදී.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති  අර්ජුන ඔබේසේකර  සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත  අභිචනාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු තිබිණි.

සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටියි.

මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට බාර දෙනු ලැබීය.අභියාචනාධිකරණයේ භාෂා පරිවර්තකවරිය විසින් චෝදනා පත‍්‍රය කියැවිමෙන් පසු එම චෝදනා වලට වරදකරුද , නිවැරදිකරුද වෛද්‍ය පාදෙණිය මහතාගෙන් විමසන ලදී.එහිදී වෛද්‍ය පාදෙනිය මහතා තමන් නිවැරදිකරු බව පවසන ලදී.ඒ අනුව මේ පිළිබඳව විභාගය ආරම්භ විණි.
එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.

ගොනු කරනු ලැබූ එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන ,එම ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් ජනවාරි 31 වැනිදා තීන්දුවක් ලබා දෙන ලදී. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉකුත් අපේ‍්‍රල් 07 වැනිදා දීපව්‍යාප්තව ඇබොලිෂ් සයිටම්   නැමැති සංකේත වැඩවර්ජනය පැවැත්වූ අතර  එම වර්ජන ක‍්‍රියාමාර්ගයෙන් පසුව එදිනම සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා  අපහාසාත්මක හා නිර්දය ලෙසින් විවේචනයට ලක් කර ඇත.

එලෙස විචේනය කිරීම අභියාචනාධිකරණයේ අධිකාරී බලය හෑල්ලූවට ලක් කිරීමක් බවත් ,එයාකාරයෙන්  අධිකරණ තීන්දුවක් විවේචනයට ලක් කිරීම  අධිකරණයට කරන  අපහාසයක් වේ.

එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය යටතේ වගඋත්තරකරුට එරෙහිව අධිකරණ අපහාස කිරීමේ චෝදනා යටතේ විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන්නැයි පෙත්සම්කාර මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.



අදහස් (7)

වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගය කල්යයි

ගාමිනී Tuesday, 19 January 2021 09:51 AM

නඩු කොච්චර ඇහුවත් තීන්දුව නම් වෙනස් වෙන එකක් නෑ...

:       0       15

Nandalal DE SILVA - France Tuesday, 19 January 2021 11:18 AM

මෙයාටත් රන්ජන් රාමනායක මැතිතුමාට ලැබුණා වගේ දඬුවමක් ලැබේවිද කියා ඡන්දේ දුන් 69 ලක්ෂයම බලා ඉන්නවා..!!!

:       0       18

Buddika Tuesday, 19 January 2021 12:12 PM

රංජන්ට දීපු දඬුවම මෙයාට නැහැ. හේතුව ආණ්ඩුව කඩේ යාම නිසයි. මේ අනුව පිළිගත හැකි සාක්ෂි නොමැති නිසා ඉදිරියේදී මෙම නඩුව මෙම නඩුව ඉවත් කරගනු ඇත. එක රටක් නීති ගොඩක්.

:       0       22

de silva Tuesday, 19 January 2021 04:38 PM

මෙතුමා දේශප්‍රේමී කණ්ඩායමේ කෙනෙකු නිසා ප්‍රශ්නයක් නැත..

:       0       0

Hafeel Tuesday, 19 January 2021 04:42 PM

ආණ්ඩුවට කඩේ යන නිසා, මෙයාටත් අර පිල්ලෙයාන්, ජොන්ස්ටන්, බැසිල්ලාට ලැබුණු සහන ලැබේවි...!!! 

:       0       0

Jay Wednesday, 20 January 2021 04:18 AM

අපි බලමු රන්ජන්ට ලැබුණු තීන්දුවම ලැබෙවිද කියලා. ඔට්ටුයි නැතුවට. මොකද මෙයා ආණ්ඩුවට කඩේ යන නිසා. අනේ ඉතින් හැමට එකම නීතියක් හොඳයි.

:       0       1

Hafeel Wednesday, 20 January 2021 04:24 AM

ආණ්ඩුවට කඩේ යන නිසා, මෙයාටත් අර පිල්ලෙයාන්, ජොන්ස්ටන්, බැසිල්ට ලැබුණු සහන ලැබේවි...!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 77 0

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 230 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 13 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 828 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 3551 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 89 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site