IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


වෛද්‍ය වර්ජනය අඛණ්ඩවම

පස්වරු 2.45

(රංජන් කස්තුරි)

සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි.

අද දහවල් රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව වර්ජනය අඛණ්ඩවම සිදුවන බවත් එය නතර කිරීම පිළිබඳව පවතින තත්වය සලකා බලා පසුව තීරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.


පෙරවරු 11.50

(රංජන් කස්තුරි)

සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(23) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි.

පෙරදින රාත්‍රියේ සිය සංගමය රැස්වී ගත් තීරණයක් මත අද පෙරවරු 8 සිට සියලු බාහිර ප්‍රතිකාර හා සායනික කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බවත් එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

කෙසේ නමුත් ඩෙංගු ප්‍රතිකාර ඒකක, වකුගඩු හා හදිසි අනතුරු ඒකක, පිළිකා අංශ, මාතෘ හා ළමා රෝහල්වල කටයුතු වර්ජනය හේතුවෙන් නවතා නැති බවත් එම ඒකකයන්හි සුපුරුදු පරිදි ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.



අදහස් (15)

වෛද්‍ය වර්ජනය අඛණ්ඩවම

wimal Thursday, 22 June 2017 07:05 AM

අද සවස චැනලින් තියෙනවද?

:       0       0

hettige Thursday, 22 June 2017 07:15 AM

මුන්වත් ගහල පන්නන්න ඕනේ

:       0       0

Upali Thursday, 22 June 2017 07:25 AM

හරියන්න නැහැ, මේක මෙහෙම නවත්වන්න බැහැ..පහුගිය ආණ්ඩුව ආදර්ශයට ගන්න.. නලවන්න එපා.. සෙල්ලම් කරන්නේ මනුෂ්‍ය ජිවිතත් එක්ක..!!!..බුද්ධි අංශ අකර්මන්‍ය කරන්න එපා.. ඔවුන් මේවට සම්බන්ද කරගන්න..සමස්ත ජනතාවම ඇපයට ගන්න දෙන්න එපා.. ගන්න තීරණ කියකිය ඉන්න එපා...පොඩ්ඩක් රිදවන්න වෙයි...!! නැතිව හරියන්නේ නැහැ....

:       0       0

Nandaka Thursday, 22 June 2017 07:48 AM

ජනාධිපතිතුමනි, බුදුරදුන් දුන් අවවාදය සිහියට ගෙන කරුණාකර එඩිතර තීරණ අරගෙන රට පාලනය කරන්න. ඔබ මුලසිටම නිවැරදිව දැඩි තීරණ අරගෙන රටවැසියාට පාලන ආයතන වලට ආදර්ශයක් නොදීම මේ හැම අව්ලකටම මුල බව තේරුම් ගන්න. යහපාලනය වෙනුවෙන් නියපොත්තෙන් කඩන්න තිබුණු රටේ බොහෝ ගැටළු දැන් පොරවෙන් කපන්න වෙලා තියෙන්නේ ...

:       0       0

victor Thursday, 22 June 2017 07:52 AM

වෛද්‍යවරුන්ට වර්ජනය කිරීමේ අයිතියක් නැහැ. මේ මානව විරෝධී දිවුරුමට විරෝධීව කටයුතු කරන්නේ ලංකාවේ රජයේ වෛද්‍ය සංගමය පමණයි. මේකට නම් පාඩමක් ඉගැන්විය යුතුයි. ඔවුන් රජයේ වියදමින් අධ්‍යාපනය ලැබූවන් බව එම දොස්තර මහත්වරුන්ට මතක් කරදිය යුතුයි. වෙන රටක නම් එතුමන්ලාට දැනටමත් පාඩමක් උගන්වලා...

:       0       0

sg Thursday, 22 June 2017 07:53 AM

මෙම සේවාව වහාම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතුය.

:       0       0

lanka Thursday, 22 June 2017 08:45 AM

මේ දොස්තරලා හරිම හොදයි.මේ අය සයිටම් වහන්න කියනවා මිස පුද්ගලික රෝහල් වහන්න ඉල්ලන්නේ නැහැනේ.දැන් රජයේ රෝහල් වල වර්ජන නිසා අපිට පුද්ගලික රෝහල් වලට යන්න පුළුවන්.

:       0       0

mahinda Thursday, 22 June 2017 09:20 AM

නරකදා අලුගොසු වෛද්‍ය සංගමය රටතුල අවදානම් ලෙස පැති රයන ඩෙංගු රෝගීන් සදහා පුද්ගලීක රොහල් තුල නිදහස් සායනයක් හා ප්‍රතිකාර ක්‍රමයක් ස්තාපනය කරන ලෙසට ඉල්ලා වර්ජනයක් කලොත්

:       0       0

priya Thursday, 22 June 2017 09:34 AM

මේගොල්ලන්ට ගිය රට

:       0       0

සෙන්දේ Thursday, 22 June 2017 10:14 AM

බැරිද මේගොල්ලන්ටත් ඊයේ දුන්නා වගේම බෙහෙතක් දෙන්න හමුදාවේ අයට කියල --සෙන්දේ--

:       0       0

mangala welarathna Thursday, 22 June 2017 10:18 AM

දොස්තර වර්ජනය වහාම තහනම් කරමු මේක රට පාලනය කරන්නේ නීතියට ගරුනොකරන දොස්තරලද ජනාදිපති ද ආණ්ඩුවද වර්ජනයකරන දොස්තරලා වැඩ තහනම් කරනු

:       0       0

wedage Thursday, 22 June 2017 10:20 AM

කුළු පොලු දරා සිසුන්ගේ ඔලු පලා මේ යන ගමන කොයිබටද ?

:       2       0

ජේමිස් බන්ඩා Thursday, 22 June 2017 10:45 AM

ලෙඩ්ඩු මරල හරි මහින්ද බලයට ගේමු.!

:       0       30

Pro masses Thursday, 22 June 2017 11:12 AM

ඩෙංගු වසංගතය උච්ච වී ඇති අවස්ථාවක වැඩ වර්ජනය කලවිට පාඩමක් ඉගෙන ගන්නේ ආණ්ඩුව නොව මහජනයාය..

:       0       0

සාරානන්ද Thursday, 22 June 2017 11:49 AM

දැන් ආණ්ඩුව මොකක් ද කරන්න ඕන? මහින්ද ට බලය දෙන්න ද ඕන එතකොට? සයිටම් වහලා කොතලාවල එකත් වහන්න ඕනද ?රට කරවන්නේ අන්තරයද .... දොස්තරලාද ? ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 1 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 95 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 132 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 508 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 541 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1239 7

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1125 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site