(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම ලබන 19 වැනිදා දක්වා වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්‍ෂ මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්විය යුතු ක‍්‍රමවේදය පිළිබ`දව සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට පනතේ ස`දහන් කොට ඇති නමුත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් එම ක‍්‍රමවේදය මෙතෙක් ගැසට් නිවේදනයකින් ප‍්‍රසිද්ධියට පත් කොට නොමැති බව ස`දහන් කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස වාරණ නියෝගයක් නිකුත් කළේය.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සභිකයින් වගඋත්තරකරුවන් කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක්
Weerwwarna Friday, 16 April 2021 04:03 AM
ඔයගොල්ලෝ නඩු කියන්න. රට පුරා හොර දොස්තරලා පුරුදු කරනවා... ඒවාට ක්‍රියාමාර්ග ගන්න